IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


විකාශන කොමිසම කොයිබටද?

ගුවන් දුවිලි සහ රූපවාහිනී විකාශන නියාමන කොමිෂන් සභාවක් ඇති කිරීමට නව නීතියක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. ඒ වෙනුවෙන් නව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ කථා බහකට භාජනවී ඇත. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය මෙම කෙටුම්පත දෙස බලන්නේ බරපතළ සැකයකින් බව ද මේ වනවිට පෙනී ගොස් හමාරය. ඒ බොහෝ අය කියන්නේ මේ විකාශන කොමිෂන් සභාව යනු රජයේ මාධ්‍ය මර්දන ක්‍රියදාමයේ මීළඟ පියවර විය හැකි බවයි.

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මේ යෝජිත විකාශන නියාමන කොමිෂන් සභා පනත පිළිබඳවය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බරපතළ ආකාරයෙන් බලපෑමක් විය හැකි මෙම ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.

විකාශන නීතියක අවශ්‍යතාව

මෙහිදී මුලින්ම අවධානය යොමුකළ යුතු  කාරණයක් වන්නේ අපේ රටට විකාශන කොමිෂන් අවශ්‍යය ද? යන කාරණයය. මගේ තේරුම් ගැනීම වන්නේ අපේ රටේ රූපවාහිනි/ ගුවන් විදුලි විකාශනය සඳහා නීතියක් තවමත් නොමැතිවීම ඉතාමත් බරපතළ ප්‍රශ්නයක් බවයි. ඒ කියන්නේ අපේ රටේ රූපවාහිනි/ ගුවන් විදුලි විකාශන බලපත්‍ර  ලබාදීම සඳහා නිශ්චිත නීතියක් මේ වනවිටත් සම්මත කරගෙන නොමැති බවයි. ඒ නිසාම රටට විකාශනය සම්බන්ධ නීතියක් අවශ්‍ය බව පිළිගැනීම ඉතාමත් අවශ්‍යය. එහෙත් ඒ අවශ්‍යතාව පෙන්වා වත්මන් ආණ්ඩුව කරන්නේ තමන්ට හිලෑ නැති මාධ්‍ය හිලෑ කර ගැනීමේ උත්සහයක්ය.

විකාශනය සඳහා නීතියක් අවශ්‍ය බව එකක්ය. ඒ අවශ්‍යතාව පෙන්වා පෞද්ගලික රූපවාහිනී/ ගුවන් විදුලි නාලිකා යටත් කර ගන්නට උත්සාහ කිරීම තවත් එකක්ය. රජය උත්සාහ කරන්නේ ඉහත සඳහන් කළ පළවැනි එක (කොමිෂන් සභාවක අවශ්‍යතාව) පෙන්වා  දෙවැනි එක කිරීමය.

ලයිසන්වල වත්මන් තත්ත්වය

මේ වනවිට රටේ  තිබෙන පෞද්ගලික ගුවන් විදුලි බලපත්‍ර ගණන 45කි. රටේ  තිබෙන පෞද්ගලික රූපවාහිනි බලපත්‍ර ගණන 33කි. මේ ලයිසන් වර්ග දෙකම දී ඇත්තේ ඒ සඳහාම වූ විකාශන අධිකාරි පනතින් නොව වෙනත් ආකාරයකින් ‘ගැට ගසා ගත් නෛතික ප්‍රතිපාදනයක්’ පාවිච්චි කරමින්ය.

මේ දක්වා පෞද්ගලික ගුවන් විදුලි නාලිකා සඳහා බලපත්‍ර නිකුත් කර ඇත්තේ 1966 අංක 37 දරන ගුවන් විදුලි සංස්ථා පනත යටතේ එහි 44(4) වගන්ති යටතේ විෂයභාර ඇමැතිවරයාට ලැබෙන බලයක් පාවිච්චි කිරීමෙන්ය. එසේම රූපවාහිනි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයට බලපත් ලබාදී ඇත්තේ 1982  අංක 6 දරන රූපවාහිනී සංස්ථා පනතේ 28 (1) වගන්තිය පාවිච්චි කරමින්ය. මේ වගන්ති දෙකින්ම විෂය භාර ඇමැතිවරයාට ලබාදී ඇති ඉඩක් පාවිච්චි කරමින් බලපත්‍ර ලබා දුන්නාට ඒ බලපත්‍ර සඳහා නිශ්චිත ක්‍රමවේදයක් හෝ නියාමන ආකෘතියක් හඳුන්වා දී නොමැති බව ඉතාමත් පැහැදිලිය. සමහර බලපත්‍ර ලියා ඇත්තේ එක හාෆ්ෂීට් පිටුවකය. ඒ ඒ කාලවල ජනමාධ්‍ය විෂය භාරව සිටින අමාත්‍යවරුන් විසින් ඒ ඒ ආණ්ඩුවල දේශපාලන හිතවත්භාවය සලකමින් සමහර බලපත්‍ර ලබාදී ඇතිබව ඉතාමත් පැහැදිලිය. එහෙත් ඒ වැරදී චර්යාවලට එරෙහිව නව නීතියක් සම්පාදානය කරන්නේ නම් ඒ උත්සාහයේ පළමු පියවර විය යුත්තේ අදාළ ව්‍යාපාරයේ නියුතු අයගෙන් යම් ආකාරයක උපදේශනාත්මක මැදිහත්වීමක් ගොඩ නැගීමය.

එහෙත් මේ සිදු කරන්නේ එවැනි පළල් විෂය මූලික මැදිහත්වීමක් හරහා විකාශන කොමිෂන් සභා පනතක් ගොඩ නැංවීම නොවේ. මේ කරන්නේ එවැනි කිසිදු විමර්ශනයකින් තොරව නීතිඥයන් කණ්ඩායමක් හරහා තමන් කැමති ආකාරයේ පාලනයක් ජනමාධ්‍ය වෙතට මුදා හැරීමය. මෙම පනත් කෙටුම්පත පුරා ඇත්තේ මෙම අපේක්ෂාව මුදුන්  පමුණුවා ගැනීමට රජය දරන උත්සාහයේ අවස්ථාවන්ය.

යෝජිත පනත් කෙටුම්පතේ ස්වභාවය

මෙම පනත් කෙටුම්පතට අනුව පිහිටුවන කොමිෂන් සභාවේ පරමාර්ථ කවරේද යන්න එහි 5 වැනි වගන්තියේ සඳහන්ව ඇත. එකී පරමාර්ථ තුළ වැඩි වශයෙන් දක්වා ඇත්තේ නිශ්චිත නිර්වචනවලට යටත් නොමැති තම තම නැණ පමණ තේරුම් ගත හැකි වර්ගයේ ඒවාය. එවැනි විසුරුණු ආකාරයේ සංකල්ප පනතක පරමාර්ථ ලෙසින් යෙදීමෙන් සිදුවන්නේ එම පනත නීතියක් බවට පත් වූ විටෙක එවැනි සංකල්ප කැමති පරිදි නිර්වචනය කර ගනිමින් බරපතළ තීරණ ගැනීමේ හැකියාවක් ඇති කිරීමය. නිදර්ශනයක් ලෙසින් ගතහොත් මෙහි එක් පරමාර්ථයක් වන්නේ රටේ මාධ්‍ය ජාතික ආරක්ෂාවට මහජන සාමය  සහ ජාතික ආර්ථකයට හානියක් නොවන පරිදි සිදුකළ යුතු බවය. මෙහි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය යන ක්ෂේත්‍ර 02 පිළිබඳව දක්වන අදහස පැහැදිලිය. එහෙත් ජාතික ආර්ථිකය වැනි වචනයක් ඒ තුළට ඇතුළත් කිරීමේ පරමාර්ථය වන්නේ කුමක්දැයි විමසීම ඉතාමත් වැදගත්ය.

රටේ ජාතික ආර්ථිකය යනු කුමක්දැයි නිශ්චිතව නිර්වචනය  නොකර එවැනි අදහසක් නීතියක් තුළට ඇතුළත් කිරීමෙන් සිදු වන්​නේ යම් ගුවන් විදුලියක් හෝ රූපවාහිනි නාලිකාවක්  ‘කොටුකර ගැනීමේ’ ඉඩක්  නිර්මාණය කර ගැනීමය. ඕනෑම විකාශනයක් මගින් ජාතික ආර්ථිකයට තර්ජනයක් කිරීමේ ඉඩක් සොයා ගැනීමේ තත්ත්වය දක්වා විසිරුණු අවකාශයක මෙවැනි නීතියක් අටවා තැබීම රටක මාධ්‍ය නිදහසට බරපතළ තර්ජනයක් මතුවීම වැළැක්විය නොහැකිය. සමහර විටෙක රටේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පවතින අවස්ථාවක  එම ක්‍රියාමාර්ගය සම්බන්ධ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීම විකාශන කොමිසමේ පරමාර්ථ උල්ලංඝනය කිරීමක් බවට ද පත් කරගත හැකිය.

මෙම පනතේ 3 වැනි වගන්තියේ දැක්වෙන පරිදි කොමිසමේ සාමාජිකයන් පස් දෙනෙකි. එයින් දෙදෙනකු පත්වන්නේ නිලබලයෙන්ය. එනම් ජනමාධ්‍ය අමාතාංශයේ ලේකම්වරයා සහ විදුලි සන්දේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය. මේ තනතුරු දෙකට අමතරව තවත් සාමාජිකයෝ තිදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබති.

මෙම සාමාජිකයන් පස්දෙනා අතරින් රැස්වීමක් සඳහා ඝණ පූර්ණය වන්නේ 03ක් බව 10 වැනි වගන්තියේ  දක්වා ඇත. එසේම යම් කාරණයක් සම්බන්ධ තීරණයක් ගැනීමට අවශ්‍ය වන්නේ සාමාජිකයන් 05 දෙනාගේම ඡන්දය නොව එදිනට පැමිණි අයගෙන් බහුතරය බවද 10 වැනි වගන්තියේ දක්වා ඇත.

මේ අනුව ඝණ පූර්ණයට අවශ්‍ය තුන් දෙනකු වන අතර තීරණයක් ගැනීමට අවශ්‍ය එයින් බහුතරය හෙවත් සාමාජිකයන් දෙදෙනකු​ගේ කැමැත්ත පමණි. නිලබලයෙන් පත්වන දෙදෙනාට පමණක් වුවත් රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් බරපතළ තීරණ ගැනීමේ ඉඩක් ඒ අනුව නිර්මාණය කර ඇති බව ඉතාමත් පැහැදිලිය. මෙම නිලධාරීන් දෙදෙනා ද (ජනමාධ්‍ය ලේකම් හා TRC අධ්‍යක්ෂ ජනරාල්) ජනාධිපතිවරයාගේ සෘජු පත් කිරීම් වන හෙයින් රටේ විද්‍යුත් ජනමාධ්‍ය සම්බන්ධයෙන් තනි තීරණ ගැනීමේ ඉඩක් ජනාධිපතිවරයා වෙත මේ මගින් ලැබෙන බව ඉතාමත් පැහැදිලිය.

මෙම පනතේ 19 වැනි වගන්තිය මගින් කියවෙන්නේ විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරීමේ විමර්ශන කමිටුව සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇත. එහි නිශ්චිතවම දක්වා ඇත්තේ ජාතික ආර්ථිකයට තර්ජනයක් වන ආකාරයේ මාධ්‍ය හැසිරීම් තිබේ නම් එවැනි විද්‍යුත් මාධ්‍ය තහනම් කිරීම දක්වා දඬුවම් ඒ හරහා සිදු කළ හැකි බවයි. (19 වගන්තියේ 3 වැනි අනු වගන්තිය)

ජාතික ආර්ථිකය ලෙසින් ඉතාමත් විසිරුණු ආකාරයෙන් මෙහි සඳහන් වන වචනයේ තේරුම කුමක් විය හැකිද? රටේ ජාතික ආර්ථිකය යනු එක පැත්තකින් මුදල් ඇමැතිවරයාගේ අයවැය ප්‍රකාශය, මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශය වැනි නිල ලේඛන මගින් ඉදිරිපත් කරන  දේවල් විය හැකිය. තවත් පැත්තකින් ගමේ කුඩාම ව්‍යාපාරයේ සිට ප්‍රවාහනය මහා මාර්ග, ගමනා ගමනය, වරාය  ආශ්‍රිත දේවල්, ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාවලිය විය හැකිය. මේ කුමක් මෙයින් අදහස් වන්නේ ද ක්‍රියා කිසිදු නිර්වචනයක් මේ පනතේ නිර්වචන වගන්තියේ (36 වැනි වගන්තියේ) දක්වා නැත. ජාතික ආර්ථිකයට තර්ජනයක්  වන කිසිදු ක්‍රියාවක් සිදු නොවන පරිදි විකාශනය නොකළත් එම නාලිකාවට දඬුවම් කිරීම අවස්ථාව කොමිසමට තිබේ යන ප්‍රකාශය නීතියක් බවට පත් කරන්නට යෝජනා කරන්නේ මෙවැනි තත්ත්වයකය. 

1997  පනතට සිදුවු දේ

මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ 1997 වර්ෂයේදී ද මෙවැනිම විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් ඉදිරිපත් කරන ලද බවයි. වත්මන් පනතේ යෝජනා කරන සමහර වගන්ති එම පනත් කෙටුම්පත තුළ අන්තර්ගතව පැවතිණි. එම පනතට විරුද්ධව එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය උසාවි ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය ස්වකීය නියෝගයෙන් කියා සිටියේ 1997 පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට නම් පර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් සහ ජනමත විචාරණයක් යන දෙකම අවශ්‍ය බවයි. එම නඩු තීන්දුව හේතුවෙන් 1997 පනත ඉදිරියට යාම වැළැක්විණි. දෛවයේ සරදම වන්නේ 1997 පනත රටට අහිතකර යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්ක කළ එජාප නායකත්වය විසින්ම එම පනතටත් වඩා බරපතළ ආකාරයෙන් මාධ්‍ය මර්දනයට ඉඩ සැලසෙන අලුත් පනතක් නැවත වතාවක් රැගෙන ඒමය.

මෙතැනින් එහාට යන්නේ කෙසේද?

මෙහිදී තේරුම් ගත යුතු එක් කාරණයක් වන්නේ රටේ විද්‍යුත් විකාශය සම්බන්ධයෙන් යම් නිශ්චිත නීතියක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවයි. එම අවශ්‍යතාව පාවිච්චි කරමින් ඒ ඒ ආණ්ඩු උත්සාහ දරන්නේ තමන්ට හිලෑ කරගත හැකි මාධ්‍ය ආකෘතියක් හදා ගැනීමය. කළ යුතු වන්නේ මාධ්‍ය වෘත්තිකයන්, ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් යන අංශ තුනම ඇතුළත් වන පරිදි වූ මැදිහත්වීමක් හරහා  මේ සඳහා අවශ්‍ය නීතියක් නිර්මාණය කිරීමය.

සිතීමේ නිදහස හෙවත් freedom of thoughts සියලු දෙනාට තිබෙන බව පැහැදිලිය. එහෙත් සිතෙන හැම දෙයක්ම සංඛ්‍යාත අවකාශයේ  හෙවත් පොදු අවකාශයේ ප්‍රකාශ කිරීමේ ඉඩක් නැත. එය සිදුවිය යුත්තේ නෛතික රාමුවකය. ඒ සඳහා ධනාත්මක මැදිහත්වීමක් ගොඩ නගනවා මිස ආණ්ඩු බලයෙන් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ දැරීම නැවැත්විය යුතුය.

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (0)

විකාශන කොමිසම කොයිබටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 313 1

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 203 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 776 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 2874 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 171 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 651 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1211 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 302 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site