IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොව අරුම පුදුම වීදි

1. ලොව කෙටිම වීදිය -

ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ස්කොට්ලන්තයේ එබනීසර් වීදියයි. මෙය මීටර් 2.06 (අඩි 6 අඟල් 9 ක්) ක් පමණි. එබනීසර් වීදිය ලොව කෙටිම වීදිය ලෙස නම් කෙරුණේ 2009 වසරේදීය. එබනීසර් වීදියේ ඇත්තේ එක ලිපිනයකි. එය බි‍්‍රස්ටෝ නමැති හෝටලයයි. 1883 වසරේදී එබනීසර් වීදිය සකස් කළේ බි‍්‍රස්ටෝ හෝටලයට දිවෙන මාර්ගය ලෙසින් වුවද පසුව  1887 දී එය නිල වශයෙන් වීදියක් ලෙස නම් කැරිණි. ඊට පෙර ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී තිබුණේ ලැන්කැෂයර්හි එල්ගින් වීදියයි. එය මීටර් 5.2 කි. (අඩි 17 කි).  

2. ලොව පටුම වීදිය -

ලොව පටුම වීදිය වන්නේ ජර්මනියේ රොටිලිංගන් නගරයේ පිහිටි ස්පෙයුරෝෆ් වීදියයි. එය සෙන්ටි මීටර් 31 ක් පමණි. (අගල් 12.2 කි) මෙම වීදිය සකස් කළේ 1727 රොටිලිංගන් නගරයේ මහා විනාශයක් සිදු කළ ගින්නෙන් පසුවය. ජර්මනියේ ඉඩම් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එය නිලවශයෙන් වීදියක් ලෙස නම් කරනු ලැබුණි.  

3. වඩාත් සංකීර්ණ හරස්වීදි සහිත මාර්ගය -

මෙය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ හැරී පෙගර්සන් මාර්ගයයි. මාර්ග රැසකට පිවිසීමටත් මාර්ග රැසකින් පිටවීමත් සිදුවන්නේ ‘ හැරී පෙගර්සන්’ හරස් මාර්ගය හරහාය. ප‍්‍රාන්ත හරහා දිවෙන අධිවේගී මාර්ග කිහිපයක් ද මෙම හරස් මාර්ගය මැදින් වැටී ඇත. මෙම මාර්ගය විවෘත කළේ 1993 දීය. මේ මාර්ගය හරහා මහල් හතරක් ලෙසින් ගුවන් පාලම් ද ඉදිකර තිබේ. ඒවායේ වාහන ගමනා ගමනය සීමා කර ඇති අතරම ඒවායේ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ උසින් වැඩි ට‍්‍රක් සහ බස් රථ වැනි වාහනවලටය.  

4. වඩාත් වංගු සහිත වීදිය -

මෙම වීදිය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර රුසියන් හිල් නමැති කඳු බෑවුම දිගේය. අංශක 27 ක ඇලවුණු බෑවුමක් ඇති නිසා මෙම වංගු සහිත මාර්ගය ඇතැම් වාහනවලට අනතුරුදායකය. 1922 සිට 1923 වසර තෙක් මෙම වීදිය ලොම්බාඞ් වීදියේ කොටසක් ලෙස සැලකිණි. ඉතා අසීරු වංගු 8 කින් මෙය සමන්විතය. වාහනවලට ගමන් කළ හැක්කේ පහළට පමණි. ඒ, නැගෙනහිර දෙසට විහිදෙන ලිවෙන්වෝත් වීදියටය. මාර්ගයේ යා හැකි වේගසීමාව පැයට කිලෝ මීටර් 8 කි. (පැයට සැතපුම් 5 කි).  

5. විශාලතම බෑවුම සහිත වීදිය -

නවසීලත්තයේ දකුණුදිග ඩුනේඩින් නගරයේ බොල්ඞ්වින් වීදිය ලොව වඩාත් බෑවුමක් සහිත වීදියයි. මීටර් 2.86 ක් තිරස් අතට පිහිටි මෙය නිවෙස්වලට දිවෙන වීදියකිත මුහුදු මට්ටමේ සිට අඩි 98 ක් ඉහළින්, මීටර් 350 ක් (අඩි 1,150) දිග බෝල්ඞ්වින් වීදිය, ලිඞ්න්සී කී‍්‍රක් නිම්නය හරහා වැටී තිබේ.  

6. ලෝකයේ පළල්ම මාර්ගය -

ආජන්ටිනාවේ බූවනෝස් අයර්සිහි පිහිටි අඩි 300 ක් පළල් ‘9 හූලියෝ වීදිය’ ලොව වඩාත් පළලතම මාර්ගය ලෙස සැළකෙයි. මං තීරූ 12 කින් සමන්විත මෙම මාර්ගය හරහා යෑමට පදිකයන්ට මාර්ග සංඥා තුනක් මෙන්ම සහ කහ ඉරි කිහිපයක් ද පසුකිරීමට සිදුවේ.  

7. ලෝකයේ දිගම වීදිය -

ලොව දිගම වීදිය ලෙස සැලකෙන්නේ කැනඩාවේ ‘යංග්’ නමැති වීදියයි. කැනඩාවේ ටොරෙන්ටෝ නුවර ඔන්ටේරියෝ විල අද්දරින් දිවෙන මෙම මාර්ගය සිම්කෝ විල තෙක් විහිදී පවතී. ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇති මෙම මාර්ගයේ දිග කිලෝ මීටර් 1,896 කි. (සැතැපුම් 1,178 කි.)  

8. ලෝකයේ විශාලතම වටරවුම පිහිටි මාර්ගය  -

ලොව විශාලතම වටරවුම පිහිටා ඇත්තේ මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර පුත්රජයාහිය. එම වට රවුම කිලෝ මීටර් 3.4 ක් දිගය. සුන්දර කඳු ගැටයක් සහ උද්‍යානවලින් අලංකාර වූ සොබා සෞන්දර්යයෙන් පිරුණු තැනක මෙම වට රවුම පිහිටියේය.  

9. ලෝකයේ වංකගිරි වට රවුම  -

එක්සත් රාජධානියේ ස්වින්ඩන් නුවර පිහිට වට රවුම රියදුරන්ගේ පමණක් නොව පදිකයන්ගේ ද ඔළුව අවුල් කරන වට රවුමක් ලෙස ගිනස් වාර්තා අතරට එක්වී තිබේ. මෙය මැජික් වට රවුම ලෙසින් ද හැඳින්වේ. 1972 වසරේ ඉදිකළ මෙහි කුඩා වට රවුම් පහක් ඇත. මෙයට මැජික් වට රවුම යන නම ලැබුණේ. ජනපි‍්‍රය ළමා වැඩසටහනක් නිසාය.   1. ලොව කෙටිම වීදිය 1. ලොව කෙටිම වීදිය 2. ලොව පටුම වීදිය 2. ලොව පටුම වීදිය 3. වඩාත් සංකීර්ණ හරස්වීදි සහිත මාර්ගය 4. වඩාත් වංගු සහිත වීදිය 5. විශාලතම බෑවුම සහිත වීදිය 5. විශාලතම බෑවුම සහිත වීදිය 6. ලෝකයේ පළල්ම මාර්ගය 7. ලෝකයේ දිගම වීදිය 8. ලෝකයේ විශාලතම වටරවුම පිහිටි මාර්ගය  9. ලෝකයේ වංකගිරි වට රවුම     



අදහස් (0)

ලොව අරුම පුදුම වීදි

ජයී Monday, 23 January 2012 02:27 PM

ලොව අරුම පුදුම වීදි වාර්තාවේ සඳහන් කරුණු සියල්ලක්ම ලස්සන පිංතූර වලින් අපට හොඳින් දැක බලා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති බව ස්තූතිය පළකරමින් විශේෂයෙන් සඳහන් කළ හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site