IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලංකා මුහුදේ ගිලී මැරුණු යුකේ‍්‍රන සුරූපිනිය

 

 

පිටියානා නෙකෝ යුකේ‍්‍රන් ජාතික සුරූපී ගුවන් සේවිකාවකි. සුරූපී ගුවන් සේවිකා නෙකෝ මෙරටට පැමිණියේ ඇයගේ හොඳම මිතුරියක් වන සිංහල ජාතික ගුවන් සේවිකාවකගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමටය.

විවාහ මංගල්‍යයෝත්සවය පැවැත්වුණේ කොළඹට නුදුරු ප‍්‍රදේශයක පිහිටි සුපිරි හෝටලයකය.

පිටියානා නෙකෝ

නෙකෝ ඇයගේ සිංහල ජාතික ගුවන් සේවිකාවගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමෙන් පසු දින දෙක තුනක් ශ්‍රී ලංකාවේ නැවතීමට තීරණය කළාය.
මම මේ රටට හරි ආදරෙයි. ලස්සන රටක්, හොඳ මිනිස්සු ඉන්නවා. ඒ හින්දා දවසක් දෙකක් මෙහේ නැවතිලා විනෝද වෙන්න  ඕනෑ.ගුවන් සේවිකා නෙකෝ විවාහ මංගල්‍යයට සහභාගිවූ ඇයගේ දෙස් විදෙස් මිතුරියන් කිහිප දෙනකු සමග පවසා ඇත.

සුන්දර යුවතියක්වූ ඇය සුන්දරත්වයට ප‍්‍රිය කළාය.

විවාහ මංගල්‍යයට සහභාගි වීමට පැමිණි විදෙස් මිතුරු මිතුරියෝ යළි ඔවුන්ගේ මව් රටවලට යද්දී නෙකෝ මෙරට නැවතුනේ ඒ සුන්දරත්වය විඳගෙන යාමේ බලාපොරොත්තුවෙනි.

කොළඹ සමාගමක් මීගමුව තලාහේන මුහුදු වෙරළ තීරයේ විදේශීය සංචාරකයන් සහ දේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම සාදය සංවිධාන කර තිබිණි.
නෙකෝ මේ සාදයට සහභාගි වීම සඳහා පිටත්ව ගියේ ඇය නවාතැන් ගෙන සිටි මීගමුව ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ සිටය.පසුගිය 14 වැනිදා සන්ධ්‍යාවේ ඇරැුඹි මේ සාදය පසුදා අලූයම් කාලය දක්වා ජයටම පැවැත්වූ අතර නෙකෝට එය අතිශය සුන්දර රාත‍්‍රියක් වන්නට ඇත.

පසු දින අලූයම වන තුරුත් සාදය පැවැති අතර නැටුමෙන් ගැයුමෙන් ඒ රාත‍්‍රිය තවත් සුන්දර විය.

ඉස්තරම්ම වර්ගයේ මත්පැන් හා බියර් ද නොඅඩුව සාදයට සහභාගි වූවන්ට සපයා තිබිණි.

මට මුහුදේ නාන්න හරිම ආසයි, නෙකෝ ඇයත් සමග සාදයේ දී මිතුරුවූ ගුවන් නියමුවෙක් සමග පවසා තිබේ.

නෙකෝ ගුවන් නියමුවාට මුහුදේ නාන්න යාමට යෝජනා කරන විට අලූයම 3.00 පමණ වී තිබිණි.

ගුවන් සේවිකා නෙකෝගෙන් මුහුදේ නෑමට යාම සඳහා ආරාධනය ලැබුණේ කරන් සිද්ධික් නමැති ගුවන් නියමුවාටය.

ඉන්දීය ජාතික ගුවන් නියමුවෙක් වන කරන් සිද්ධික් බි‍්‍රතාන්‍යයේ පුරවැසිකම ලබා ඇති අයෙකි. ඔහු සේවය කරන්නේ මෙරට ගුවන් සමාගමකය.මම ලංකාවේ මුහුදට හරි ආසයි. ඒකයි ඔයාට මුහුදේ නාන්න යන්න කතා කළේ. නෙකෝ ගුවන් නියමු සිද්ධික් සමග පැවසුවාය.

මේ වෙලාවේ මුහුදේ නාන්නේ කොහොම ද, නියමුවා ඇයගෙන් විමසුවත් ඇය තරයේම කියා ඇත්තේ මුහුදේ නා යුතු බවය.

ගුවන් නියමු සිද්ධික්ට ද සුන්දර යුවතියගෙන් මුහුදේ නෑමට කරන ඇරයුම ප‍්‍රතික්ෂේප කළ නොහැකි වන්නට ඇත. දෙදෙනා වෙරළට ගියහ.
ගුවන් සේවිකාව සහ ගුවන් නියමුවා මුහුදට බැස්සේ ගල් පර සහිත ඉතා අවදානම් තැනකිනි.

 

මේ දෙදෙනා මුහුදට බැස්ස ප‍්‍රදේශය නෑමට නුසුදුසු බවට අනතුරු ඇඟවීමේ පුවරු ද සවි කර ඇත.

නෙකෝ සහ සිද්ධික් නෑමට මුහුදට බැස්සේ ඒ අවවාද ද නොතකමින්ය.

මේ දෙදෙනා අවට රස විඳිමින් මුහුදට බැස්සා පමණි මහා රළ පහරකට අසුවී දෙදෙනාම දියඹට ගසාගෙන  යාමට පටන්ගෙන ඇත.
චණ්ඩ රළ පහර සමග පොර බදා කෙසේ හෝ වෙරළට පිහිනා ඒමට ගුවන් නියමු සිද්ධික්ට හැකියාව ලැබුණත් සුන්දර සියුමැලි යුවතියක්වූ නෙකෝට ඒ චණ්ඩ රළ සමග පොර බදා පිහිනා ගොඩබිමට ඒමට නොහැකි වූවාය.

තම හිතවතිය මුහුදට ගසාගෙන යන අයුරු ගොඩබිමට පිහිනා ආ සිද්ධික්ට දක්නට ලැබී ආධාර ඉල්ලා කෑ ගැසූ අතර ප‍්‍රදේශවාසීන් හා සාදයට සහභාගි වූවන් ද එහි දිව ආහ.

සියුමැලි දෑත් ගසමින් ගොඩබිමට පිහිනා ඒමට නෙකෝ කොතරම් උත්සහ ගත්තත් ඇයට ඒ චණ්ඩ රළ පහර සමග සටන් කිරීමට නොහැකි වූවාය.
අවසානයේ ඇයගේ හුස්ම පොද ඇය පෙම් කළ ආදරය කළ සිත්පිත් නොමැති මුහුදු පත්ලට මුසු කළාය.

ප‍්‍රාණය නිරුද්ධ ඒ සුන්දර යුවතියගේ සිරුර තලාහේන මුහුදු වෙරළට ගොඩ ගසා තිබුණේ පැය තුනකට පමණ කාලයකින් පසුවය.

නෙකෝගේ පියා යුකේ‍්‍රනයේ සිට දියණියගේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සඳහා සහභාගි වීමට පැමිණියේ පසුගිය 16 වැනිදාය.

නෙකෝගේ පියා නෙකෝ ඇන්ඩි‍්‍ර එරට ඉංජිනේරුවරයෙකි. හතළිස්හත් වැනි වියේ පමණ පසු වන ඔහුට සිටින්නේ තවත් දියණියක් පමණකි.
මගේ දුව එයාගේ මිතුරියගේ වෙඩිං එකට එන්න ලැබීම ගැන පුදුම සතුටකින් හිටියේ. එයා පුංචි කාලෙ ඉඳලම මුහුදේ නාන්න හරිම ආසයි. ලංකාවේ පරිසරයට ඇය බොහොම ඇලූම් කළා. වෙඩිං එක ඉවර වෙලා දවස් දෙක තුනක් ඉඳලා තමා එන්නේ කියා ඇය මා සමග පැවසුවා, යැයි නිකෝගේ පියා නිකෝ ඇන්ඩි‍්‍ර කීවේ හැඬුම් බරවය.

මීගමුව මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ඒ දයාපාල මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි.

දියේ ගිලී හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බවට මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේ දී තීන්දු විය.

මීගමුව තලාහේන මුහුදු වෙරළේ පැවති සාදය පැවැත්වූ ස්ථානය අවට බ‍්‍රැන්ඩි විස්කි ඇතුළු හිස් කළ විදේශීය මත්පැන්, බියර් බෝතල්, බීම බෝතල් සහ වතුර බෝතල් 2000කට වැඩි ප‍්‍රමාණයක් විසිරී තිබෙන අයුරු එහි ගිය පොලිස් නිලධාරීන්ට දක්නට ලැබී ඇත.

එය මේ සාදයේ තරම කියාපාන කදිම සාධකයකි.

පුංචි කාලයේ සිටම මුහුදට පෙම් බැන්ද නෙකෝගේ ජීවිතය ඩැහැ ගත්තේ ද ඇය පෙම් කළ ඒ මුහුදු රළ විසින්ම වීම දෛවෝපගත සිදු වීමක් නොවන්නේ ද?
කොළඹ බස්නාහිර උතුරු කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න සහ මීගමුව කොට්ඨාස බාර පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හල්ලව මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සජිත් රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත්තේ උප පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමකි.

පොලිස් සැරයන් සේනානායක (22181)  සහ කොස්තාපල් ඉන්දික (69761)  යන මහත්වරු ද මෙම පරීක්ෂණවලට හවුල්වී ඇත.

 

 

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

ලංකා මුහුදේ ගිලී මැරුණු යුකේ‍්‍රන සුරූපිනිය

කුමාර් Wednesday, 31 July 2013 08:23 AM

පව් නේද? (නි)

:       0       0

මහී Wednesday, 24 July 2013 11:23 AM

අර මෝඩ පෙම්වතා ඔය ළමයා ගිලෙන්න අරින්න ඇති.(නදී)

:       0       0

සෝමා Monday, 22 July 2013 02:31 AM

දැන් තේරෙනවද ගහැනුන්ට පිස්සු කියලා. පාන්දර 3.00 මුහුදට බහින්නෙ පිස්සුනේ.(නදී)

:       0       0

සිරී Monday, 22 July 2013 01:21 PM

සෝම මෝඩ කතා කියන්න එපා. එයා ඒ වෙලාවේ ඉන්න ඇත්තේ හොඳටෝම බීලා. බීල ඉන්න කිසිම කෙනෙකුට මනස පාලනය කිරීමේ හැකියාවක් නැහැ.(නදී)

:       0       0

මගලී Monday, 22 July 2013 03:03 AM

කියන්න බැහැ මොකද වුනේ කියලා ?(නදී)

:       0       0

නිරන්ජන් Thursday, 25 July 2013 02:25 PM

සිරිසෝම හරි. (නි)

:       0       0

දුමින්ද Monday, 22 July 2013 06:49 AM

හිත අනුවණයි, හිතුවක්කාරයි තමයි... නමුත්, අවසානය ශෝචනීයයි (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 23 July 2013 02:33 PM

අපේ රටට ආදරය කළත් බිමත්කම නිසා ඇතිවූ හදිසි මරණයක් . ඔබට දෙව් මව් තුරුලේ සැනසිම ලැබේවා! (නි)

:       0       0

සෙනරත් Sunday, 21 July 2013 07:54 PM

මුහුදේ ගිලිලා නේ මැරුණේ,අපචාරයක් නොවී (අ)

:       0       0

මනහර Tuesday, 23 July 2013 09:34 AM

කනගාටුදායක සිද්ධියක්.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 22 July 2013 09:41 PM

බේබදු කමේ අවසානය අකාලයේ ජීවිතය පුජා කිරිමයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site