IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


රැ නටන කෙල්ලෝ

     3

අවුරුදු කාලෙට, නත්තලට, දෙසැම්බර් තිස්එක්4 වැනිදා ?ට එහෙමත් නැත්නම් විශේෂ සැණකෙළි උත්සව පැවැත්වෙද්දී සංගීත ප‍්‍රසංගයක් සංවිධානය වීම අද වෙද්දී අනිවාර්ය අංගයක්. සංගීතය සපයන මියුසික් ගෲප් එකේ අවශ්‍යතාවයට එහෙමත් නැත්නම් සංගීත ප‍්‍රසංගය සංවිධානය කරන අයගේ අවශ්‍යතාවයට සමහර අවස්ථාවක ගායක ගායිකාවන් වුවමනාවට සඳහා කාන්තා නර්තන කණ්ඩායම් එකතු කර ගැනීම සංගීත ප‍්‍රසංගවල අනිවාර්ය අංගයක් බවට පත්වෙලා.
රාත‍්‍රී සංගීත සංදර්ශන සඳහා සහභාගි වන තරුණ කාන්තාවන්ට ගැටලූ ඇති වෙනවාද? එසේ ඇතිවන ගැටලූ මොනවාද? වෘත්තිය වෙනුවෙන් කරන කැපකිරීම්වල දී කවුරුහරි ලිංගික අල්ලස් එහෙමත්, දෙන්න සිදුවෙනවාද? සමාජය කතා වෙන මේ දේවල්වල ඇත්තම කතාව මොකක්ද?
සරස්වතියගේ ආශිර්වාදයෙන් සුවඳ කොකුමින් දෝවනයවී පූජෝපහාර පිණිස නර්තනයේ යෙදුනු අතීත පෙරදිග ළඳුන්   සාහිත්‍යකරුවන්ගේ වර්ණනාවට ලක්වුණේ -ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන” යනුවෙනි.


නර්තන පුහුණු කිරීමේ ඇකඩමි මගින් සහ පිරිස් එකතු වී සංවිධානය කරගන්නා නර්තන සංචිත රංගකලා ආයතන නමින් ලංකාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙනවා. ඒවායින් බොහෝමයක් නර්තන කලාව හදාරන රංගකලා ආයතන නොවෙයි. එහෙත් නම ලියාපදිංචි වෙන්නේ ඒ විදිහට. ලංකාවේ බොහෝ ඈත ප‍්‍රදේශවල ඉඳලා නර්2තන කණ්ඩායම් සඳහා එකතුවෙන තරුණියෝ නර්තන කණ්ඩායමට ඇතුළත් කිරීමේ දී යම් කොන්දේසි මාලාවකට යටත්වීම සාමාන්‍ය කරුණක්. නර්තන සංචිතයට ඇතුළත්ව සිටින කාලසීමාවේ දී විවාහ නොවීම, දරුවන් බිහි කිරීමට අවස්ථාව ලබානොදීම ප‍්‍රධාන කොන්දේසි බවට පත්වෙනවා. විවාහ වීම හෝ දරුවකු කුස පිළිසිඳ ගැනීමක් සිදුවේ නම් කොන්දේසි කඩ කිරීම හේතුවෙන් යම් ඇප මුදලක් ගෙවීමට සිදුවෙනවා. සමහර සංගීත කණ්ඩායම්වල ඇප මුදල ලක්ෂ එක හමාරක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක්.


සංගීත ප‍්‍රසංගයක දී නර්තනයේ යෙදීම සඳහා ඇනවුමක් ලැබුණු විට ඔවුන් පළමුව අත්තිකාරම් මුදලක් ගෙවනවා. ඒ අවස්ථාවේ දී ඔවුන්ව ලබාගන්නා පාරිභෝගිකයා සිදුකරන ඉල්ලීම් කිහිපයක් තිබෙනවා.


‘‘සංගීත කණ්ඩායමට  ඕනෑ ටිකක් අඩුවෙන් ඇඳුම් එහෙම අඳින අයලූ. අපිට නම් අවුලක් නැහැ එයාලා තමයි එහෙම කියන්නේ නංගී”.
-නංගි ඔයාලාට නවතින්න කෑම බීම ඔක්කොම අපි ලැහැස්ති කරන්නම්. ඔයාලා හය හත්දෙනා විතරක් ආවම ඇති. ට‍්‍රාන්ස්පෝට් එකත් අපි දෙන්නම්”.
-වැඩිය හිතන්න එපා, ? මෙහෙ ඉඳලා උදේම අපි ඔයාලාව ගිහින් ගෙවල්වලට ඇරලවන්නම්.”

5
සංවිධායකයින්ගේ කතාව එහෙමයි සිදුවෙන්නේ.
සමහර අවස්ථාවල සංගීත ප‍්‍රසංග සඳහා යන නර්තන සංචිතවලට ඒ ඒ නර්තනයන් සඳහා ඇඳුම් ආයිත්තම් මාරුවෙන් මාරුවට ඇඳීම සඳහා නිශ්්චිත ආරක්ෂිත ස්ථානයක් නැහැ. ගොඩක් වෙලාවට ඇඳුම් මාරුකරන්නේ ඔවුන් එන වාහනය ඇතුළෙමයි. පිටතට නිරාවරණය වෙන වීදුරු සහිත බස් රථවල නැටුම් කණ්ඩායම්වල තරුණියෝ ඇඳුම් මාරුකරන අවස්ථා වීඩියෝ ගතකරපු අවස්ථා කිහිපයකුත් මෑතකදී හමුවෙලා තියෙනවා.


‘‘මේ ළඟදි මට ඇමතුමක් ආවා අපේ නර්තන කණ්ඩායම ඉල්ලලා. අපි එකඟ වුණා. අත්තිකාරම් මුදලකුත් බෑන්ක් එකවුන්ට් එකට දාලා තිබුණා. පස්සෙ මගෙන් ඇහුවා ෂෝ එක දවසට කට්ටිය එන්නේ කොහොමද? ට‍්‍රාන්ස්පෝට්  ඕනද? කියලා. මම කිව්වා නෑ, මම එන්නේ මමයි මහත්තයයි අපේ මල්ලිලා දෙන්නෙකුයි එක්ක කියලා. හා එහෙනම් ඉතින් වැඩක් නෑනෙ. අපි ඞීල් එක Close කරමු. අපි හිතුවේ ඔයාලා විතරක් එනවා කියලා.


මාතර ප‍්‍රදේශයේ නර්තන කණ්ඩායමක පුහුණුකාරිණිය අප සමග පැවසූ කතාව ඒ වගෙයි.
අපිට අවශ්‍ය ආරක්ෂාව සැලසෙන්නේ නැත්නම් අපි ඒ සංගීත ප‍්‍රසංගවලට යන්නේ නැහැ. මගෙත් එක්ක ඉන්නේ මම හොඳින් අඳුනන මගේ යහළු යෙහෙළියෝ ටිකක්. අපේ ගෲප් එකට ළඟකදී ඉඳන් වැඩ අඩුයි. මොකද අපි කට්ටියගේ අවශ්‍යතා අනුව වැඩ කරන්න යන්නෙ නැති නිසා. අපි කවදාවත් අඩු ඇඳුම් අඳින්නේ නැහැ. උදරය නිරාවරණය වෙන්න අඳින්නේ නැහැ. වැදි නැටුමක් වගේ අවස්ථාවක කළු පාට හරි කොළ පාට හරි ජින්ස් අඳිනවා.
ඇඟ නිරාවරණය වෙන අවස්ථා වළක්වා ගන්න ද උපරිමයෙන් උත්සාහ කරනවා. හමේ පාටට ස්ටො1කිනට් මේස් දානවා. මම මගේ නැටුම් කණ්ඩායමේ යුවතියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වග කියනවා සියයට සීයක්ම. අපි හිතන විදියට නැටුම් කියන්නේ ශාස්ත‍්‍රයක්. ව්‍යාපාරයක් නොවෙයි. ශාස්ත‍්‍රීය වටිනාකම ආරක්ෂා වෙන විදිහට නර්තනයේ යෙදීමයි අවශ්‍ය වෙන්නේ.


මෑතකදී ආරම්භ වුණු නර්තන කණ්ඩායම් පටන් අරගෙන තියෙනවා අඩු ගාණට වැඩවලට යන්න. සමහරු හත් අට දාහටත් යනවලූ. ඊට පස්සෙ ගෲප් එකේ කොල්ලෝ එක්ක නැත්නම් ගමේ කට්ටිය එක්ක තැන තැන නවතිනවා. මහ සෙනඟ අස්සේ කවුරුත්  ඕව දකින්නේ නැහැ. එහෙම ප‍්‍රශ්න නම් අනන්තයි. වයස 18ට වැඩි කාන්තාවක් විය යුතුයි කියලා කිව්වට සමහර තරුණියෝ ඉන්නවා. 15x16 අයත්. සල්ලි වුවමනාව නිසාම තමයි ගොඩක් වෙලාවට එන්නේ.


 කොළඹ ආශ‍්‍රිත නර්තන සංචිතයක සාමාජිකාවක්.
‘‘මම මගේ කණ්ඩායමට පිට ගම්වල තරුණියෝ ගන්නේ නැහැ. මොකද නවාතැන් පහසුකම් සලසා දෙන්න අමාරුයි. කලින් ළමයෙක් ඇවිත් හිටියා නුවරඑළිය පැත්තේ. එයා ලොකු අම්මාගේ ද කොහේද ගෙදර ඉඳන් තමයි දර්ශනවලට ආවේ. පස්සෙ එයා නැවතුණා. වෙන රැුකියාවකට යනවා කියලා තමයි කිව්වේ.”

6
මුලින් මුලින් නටන්න ආස හිතුණත් පස්සෙදි ඇතිවෙන ගැටලූ නිසා දාලා යන්න උත්සාහ කරනවා. මම කාවවත් බලෙන් තියාගන්නෙ නැහැ. අවශ්‍ය නම් යන්න කියනවා. අපි වෙඩින් ඩාන්ස්වලට, වෙල්කම් ඩාන්ස්වලට තමයි වැඩිපුර යන්නේ. මාසෙට හතරක් පහක් විතර සෙට් වෙනවා. අපි නම් වැඩිපුර මේක කරන්නේ විනෝදෙට වගේ. ඒත් බීච් පාටිවලට එහෙම යන්නේ නැහැ. ඒවාට ගියාම මාර අවුල්. සමහරු බීලා එනවා. අම්මෝ මාර අවුල්.
ගම්පහ ප‍්‍රදේශයේ නර්තන කණ්ඩායමක්,


අපේ කට්ටිය කවදාවත් අනවශ්‍ය දේවල්වලට යන්නේ නැහැ. සල්ලි වුවමනා තමයි. ඒත් අපි අපේ ගෞරවය රැුකගන්න  ඕනෑ. මේක වෘත්තියක් කරගෙන සල්ලි පස්සේ දුවන, ජනප‍්‍රිය වෙන්න  ඕනෑම දෙයක් කරන සමහරු නිසා අද මුළු නර්තන වෘත්තියම හෑල්ලූවට ලක්වෙලා. රටටම කියන්න  ඕන දෙයක් තියෙනවා මේ ලෝකේ ඉන්නෙ ගැහැණුයි, පිරිමියි විතරයි. රාත‍්‍රියේ සංගීත ප‍්‍රසංගවල ඉන්නේ මදුවිත පුරන මිනිස්සු. ඒ මිනිස්සු කාන්තාවෝ දකින්නේ තමන්ගේ අවශ්‍යතාවයක් විදිහට. ඒක එහෙම නොවෙයි කියන්න අපිට බැහැ. අපි අපේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන රැුකියාවේ නියුතු වීමයි වැදගත් වෙන්නේ.


ගාල්ල ප‍්‍රදේශයේ නර්තන කණ්ඩායමක කළමනාකාරිණියක්.
නෙළුම් ලී කෙළි ඔළිඳ කෙළි මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ ඒත් ඒවා වෙනස් කර කර අලූත් අයිටම් හදනවා උත්සවත් දැන් වැඩි නිසා ෂෝෂ් දිගටම තියෙනවා නින්ද නෑ ? පුරා නටනවා උදේ ප‍්‍රැක්ට්රිස් කරනවා අම්මගෙ විටමින් ටිකයි තාත්තගෙ දානෙට බඩුයි ගන්න සල්ලිත්  ඕන්න අම්මේ මේව එක්කම එවනවා.

 

හිරුත් හිම පියල්ලක කාව්‍ය ග‍්‍රන්ථයේ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල ලියූ කවි පන්තියක කොටසක එසේ දැක්වේ. ආර්ථික ගැටලූ නිසා ජීවිතයේ බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවන තරුණියෝ කොතෙක් නම් සිටීද? වඩාත් වැදගත් වෙන්නේ ඔවුන් පිළිබඳ යථාර්ථය අවබෝධයෙන් දැකීමයි. එවිට සමාජය සැමට සාධාරණ වනු ඇත.


m



අදහස් (0)

රැ නටන කෙල්ලෝ

ප්‍රනාන්දු Tuesday, 23 September 2014 09:48 AM

අද කාලේ සංවිධායකයෝ නැටුම් වලට වැඩ බලාපොරොත්තු වෙන්නේ වෙන වෙන දේවල් තමයි ක්ෂණික මුදල් සොයන්න ගිහින් අමාරුවේ වැටෙන තරුණියන් තමුන්ගේ මෝඩකම තේරුම් ගන්නකොට ප්‍රමාද වැඩි.(දිල්)

:       0       0

බණ්ඩාර Tuesday, 23 September 2014 04:44 AM

මහේෂි මනමාලිය වූ වගයි වගේ ලිපියකට නම් අපේ අය අදහස් ලියයි. එ්ත් මේ වගේ එකකට කවුරුත් අදහස් දෙන්නේ නෑ. මේ ලිපිය හොඳයි මේ ලිපියට මට නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා කෙටියෙන් කියන්නම් ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site