IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රොල්ස් රොයිස් වාහනය ගෙන්නුවේ යකඩ ව්‍යාපාරිකයෙක්

 ROLES-CAR_P20

 

 

නවීන පහසුකම් සහිත සුඛෝපභෝගි වාහන දිනෙන් දින සමාජයට එක්වෙයි. එසේ නවීන මෙන්ම මිල අධික වාහනයක් පසුගියදා මෙරටට ගෙන්වා ඇත. වාහනයේ වටිනාකම කෝටි දහසයකි. වාහනයේ වර්ගය Rolls Royce wraith නම් වේ.


 මෙම වර්ෂය  තුළ මෙරටට ගෙන්වා ඇති වැඩිම වටිනාකම ඇති වාහනය මෙයයි. 


වානේ දඟර කම්බි ගෙන්වන ආයතනයක හිමිකරුවකු මෙම වාහනය ගෙන්වා ඇත්තේ එංගලන්තයෙන් වන අතර මුළුමනින්ම නීත්‍යානුකූලව සියලු කටයුතු  සිදුවී ඇති බව රේගුව සඳහන් කරයි.


රොල්ස් රොයිස් Rolls Royce wraith වර්ගයේ වාහන නිපදවීමේ පුරෝගාමියා වූයේ බි්‍රතාන්‍ය ජාතික   හෙන්රි රොයිස් මහතාය. ජංගම දුරකතන නිෂ්පාදනය දිනෙන් දිනම නවීන තාක්‍ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය වන ආකාරයට රොයිස් වර්ගයේ වාහනද නවීකරණය වෙමින් නිෂ්පාදනය වීම සිදුවේ. 
බදු ගෙවීමෙන් පසු වාහනයේ වටිනාකම රුපියල් 15,80,00,000කි .


(කෝටි 15.8කි) මෑත කාලය වනවිට සාමාන්‍යයෙන් මිල අධිකම වාහන ගෙන්වනු ලබන්නේ දේශපාලනඥයන්ය. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙකුත් සියලු පක්‍ෂවල දේශපාලනඥයන් ගමන් කරන්නේ ඉහළම මිල ගණන්වල වාහනවලය.


මෙම වාහනයේ විශේෂත්වය වී ඇත්තේ වේග 8 (ගියර් 8) ක් හා ස්වයංක්‍රීය ගියර් පැවැතීමයි. කූපර් මාදිලියේ වාහනයක් වන මෙහි බර ටොන් 2.4කි.


 මෙම වාහනයේ නිෂ්පාදන වටිනාකම රුපියල් 6,50,00,000කි. තීරු බදු ගාස්තුව වශයෙන්  රුපියල් 9,80,00,000ක මුදලක් ගෙවා ඇත.


බි්‍රතාන්‍යයේ මෙම වාහනයක මිල පවුම් 235416කි. ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් 4,45,79,437කි.


 පසුගිය බදාදා වනතුරුත් මෙම වාහනය ලියාපදිංචිය සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවට අදාල ලියකියවිලි ඉදිරිපත් කර නොතිබුණු බව වාර්තාවේ. වාහනයේ වටිනාකම කුමක් වුවත්  ලියාපදිංචි ගාස්තුවේ වෙනසක් නොවන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. අංක තහඩු ලබාදීම හා ලියාපදිංචිය වෙනුවෙන් අයකරන මුදල රුපියල් 25,000කි. වාහනය ගෙන්වන ලද  ආයතනය මගින් පුද්ගලයකුට පැවරීම වෙනුවෙන් අයකරන මුදල රුපියල් 2500කි.


 වාහනයක් මෙරටට ගෙන්වා දින 14ක් ඇතුළත ලියාපදිංචි කළයුතු වන අතර මාස 3ක  කාලයක්  පසුවුවහොත් රුපියල් 6000.00ක දඩ මුදලක්ද වසරක කාලයක් ගත වුවහොත් රුපියල් 10,000ක දඩ මුදලක්ද  ගෙවීමට සිදුවේ.


 වමෙන් පදවන වාහන මෙරට ලියාපදිංචි නොකරන අතර ලිමොසින් වර්ගයේ දිග වාහනයක් ලියාපදිංචි කිරීමට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත  යුතුව ඇත.


මෙරටට ගෙන්වා ඇතැයි කියනු ලබන Rolls Royce wraith වර්ගයේ වාහනය නීත්‍යානුකූලව ආනයනය කර ඇත්නම් කිසිදු බාධාවකින් තොරව ලියාපදිංචි කරනු ලබයි. 

m



අදහස් (0)

රොල්ස් රොයිස් වාහනය ගෙන්නුවේ යකඩ ව්‍යාපාරිකයෙක්

රූපවතී Thursday, 06 October 2016 04:12 AM

මානෙල්, පුළුවන්. මගේ යාලුවෙකුගේ හොදම යාලුවා ලංකාවට ගෙනාවා එයාගේ පාවිච්චියට මේ ඔයා කියන කැම්පින් හව්ස් එකක්. එයාගේ වාහනේ අමුණාගෙන යන තැනක ගෙදර එන්න බැරිවුණොත් ඒකෙයි එදාට රාත්‍රිය ගතකරන්නේ. ඒක ලංකාවට ගෙනෙන ක්‍රමය ඔයා අහලා දැනගන්න කාගෝ සමාගමකින්. එය ලංකාවට ගෙනවිත් ලයිසන් කරන්න ඕනෑ. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 04 October 2016 09:13 PM

බලනකොට අපේ රටෙත් ධන කුවේරයින් ඉන්නවනේ (නි)

:       0       0

සේනාධීර Saturday, 08 October 2016 02:54 AM

නුවරඑළියේ වැවට උඩින් පාර ළඟ ඕවා තියෙනවා මම දැකලා තියෙනවා (නි)

:       0       0

අබය Sunday, 09 October 2016 05:11 AM

අනේ මානෙල්, අපි ලංකාවේදීම කැරවැන් එකක් හදලා ලංකාව වටේ රවුමක් යමුකෝ. (නි)

:       0       0

රන්ජිත් සිල්වා Wednesday, 05 October 2016 04:33 PM

ගෙවල් හදන්න ලාබෙට යකඩ විකුණන්නේ නැත්තේ මේකට තමා. (නි)

:       0       0

රූපවතී Wednesday, 05 October 2016 06:00 PM

ඕක ගෙනා කෙනා දන්නවනේ. හොයලා බලන්න තව මාස තුනකින් ඔය වාහනය විකුණුවා කියලත්, එය මිලදීගත්තේ අහවල් දිස්ත්‍රික්කේ ඇමතිතුමාගේ පුතා කියලා අපිට ආරංචි නොවෙයිද කියලා. (නි)

:       0       0

මානෙල් Wednesday, 05 October 2016 07:51 PM

කවුරුහරි දන්නවද ලංකාවට යුරෝපයේ තියෙන කාර් එකේ පිටුපස කොක්කකින් ඇදගෙන යන කැම්පින් වැන් (එන්ජින් එකක් නැති) ගේන්න නීතියෙන් පුලුවන්ද කියලා

:       0       0

ලුසේන Saturday, 15 October 2016 03:48 PM

මෙවැනි අති සුඛොපබෝගී වාහන ලංකාව වැනි රටක මාර්ගවලට නොගැලපෙන බව මාගේ හැගීමයි. ගියර 8 ක්‍රියාත්මක කිරීමට තරම් මාර්ග සහ කාරයේ අති පහසුකම් වලට සරිලන මාර්ග වටපිටාවක් අපේ රටේ නැත (අ)

:       0       0

ලක්ෂි Tuesday, 04 October 2016 03:09 PM

මොකටද ඔය තරම් ගණන් වාහන.(හේ)

:       0       0

ලක්ෂි Tuesday, 04 October 2016 03:09 PM

මෙම ශ්‍රී ලාංකිකයා ගැන මටනම් සතුටක් දැනෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site