IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රූමත් බිරිඳ තරුණයින් සමඟ ප්‍රේම සම්බන්ධකම්වලට පටලවා මුදල් කොල්ලකාලා

මේකනම් හරිම පුදුම හිතෙන කතාවකි. කෙනෙක් ලෙහෙසියෙන් මේකතාව විශ්වාස කරයිද කියන එක ප්‍රශ්නයකි. එත් කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්තය.

15-rumath-birinda
මේ කතාව කියවා අවසානයේ මෙහෙමත් ගෑණු මිනිස්සු ඉන්නවද කියා ඔබට සිතනවා නොඅනුමානය.


සැබැවින්ම රූමතියක වූ ඇය විවාහක කාන්තාවක් බව බැලූ බැල්මට පෙනෙන්නේ නම් නැත.


විවාහක රූ රැජිණ තරගයට ඇය ඉදිරිපත් වූයේ නම් නිසැකයෙන්ම ජයග්‍රහණය කරනවා ඇත. ඒ තරමට ඇය සුන්දර දැකුම්කළු කාන්තාවක් වූවාය.


හැබැයි ඇයගේ මේ රූමත්කම යොදාගත්තේ තරුණයින් වසඟයට ගෙන ඔවුන් සතු මිල මුදල් සොරාගෙන යාමටය. ගමනක් බිමනක් යනවිටදී ඇදගෙන ගියේ ඇයගේ අඟපසඟ පෙනෙන ආකාරයටය. ඇඳුම් පැළඳුම් ඇන්දේ කොටට කොටේ කිටි කිටියේ ඇඟට හිර වෙන්නය.


සතියකට සැරයක් දෙකක් ඇය නොවරදවාම රුපලාවන්‍යාගාරයකට ගියේ ඇයගේ පැහැපත්කම තව තවත් ඔප මට්ටම්කර ගැනීමටය. මේ හැම දෙයක්ම ඇය කළේ වෙන කිසිම දෙයක් නිසා නොව තරුණයින් තම වසඟයට ගැනීමටය.


පාවිච්චි කළේ ඉස්තරම් වර්ගයේ ඉහළ මිලගණන්වල සුවඳ විලවුන්ය. තරුණයින් පමණක් නොව මහල්ලන්ද ඇයගේ අඟපසඟ ඇල්ම බැල්මට වශීවනුයේ නිතැතිනි. ඇයගේ අනුරාගී බැල්මට වසඟ නොවන කෙනෙක් නැති තරම්ය.


ඇයගේ ඒ අනුරාගී බැල්මට වසඟවූ කෙනෙකුට ලෙහෙසියෙන් ගැලවීමට නොහැකිය. තරුණයෙක් හෝ විවාහක පිරිමියෙක් ඇයගේ මායම් දැලේ පැටළුනොත් අවසානයෙ නවතින්නේ ඇයගේ තුරුල්ලේය. ඇය ඔවුන්ව තුරුලට ගන්නේ ඔවුන්ට ඇති ආදරය සෙනෙහස නිසා නොව ඔවුන් සතු මුදල්වලට ඇති ආශාව නිසාමය. බස් එකේ කෝච්චියේ ගමන්කරන එහෙමත් නැත්නම් බස් නැවතුම් පොළක හෝ දුම්රිය ස්ථානයක සිටින තරුණයෙක් හෝ විවාහක පිරිමියෙක් උකුළු මුකුළු පා කෙසේ හෝ දැපනේ දාගන්නා ඇය අවසානයේ පලා යන්නේ ඔහු සතු සේසතම අතපත ගා ගෙනය.


ඒ සඳහා මනා හැකියාවක් නිපුණත්වයක් ඇයට තිබෙන්නීය.


ඇයගේ මායම්වලට අඟපසඟට රූමත්කමට රැවටුණු ඇතැම් තරුණයින් හා විවාහක පිරිමින් ඇය සුපිරි රෙදි සාප්පුවලට කැඳවාගෙන ගොස් ඉස්තරම් වර්ගයේ රෙදි පිළි අරගෙනදී ඇතැයිද කියති. ඇයගේ සිතැගි පරිදි රෙදි පිළි තෝරාගත් පසු කීයක් හෝ වේවා බිල ගෙවන්නේ ඇය සුපිරි රෙදි සාප්පුවට කැඳවාගෙන ගිය කෙනායි.


කන් බොන්න යන්නේ නගරයක තියෙන හොඳම හෝටලයකටය. හොඳ ගොදුරක් ඩැහැගන්නා තෙක් උකුසු ඇස යොමා ගෙන ඇය බස්නැවතුම් පොළ හෝ දුම්රිය ස්ථානයක සැරිසරන්නීය. 


ජංගම දුරකථන අංකවලට මිස් කෝල්ගසා පිරිමින් යාළුකරගෙන කොතැන හෝ තැනකට එන්න කියා ඔවුන් සතු සේසතම සුද්දකර ගෙන පලායාමට තරම්ද ඇය දක්ෂය.


බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි තරමක කඩවසම් පෙනුමක් ඇති තරුණයකු ඇය බොහොම පහසුවෙන් දපනේ දාගත්තේ අනුරාගී බැල්මෙන් හා ඕනෑවට වඩා පෙනෙන්නට සලසා තිබූ අඟපසඟ පෙන්වීමෙනි.


යොවුන්වියේ පසුවූ තරුණයාද ඇයගේ වසඟයට පත්වීමට වැඩි වේලාවක් ගතවී තිබුණේ නැත. දිනක් මේ තරුණයාට ඇයගෙන් ආරාධනාවක් ලැබුණේ ඈගල්ඔය නගරයට එන්න කියාය.


තරුණයාද ඇයගේ ආදරණීය ආරාධනය පිළිගෙන ඇය සොයා ආවේ ජැන්ඩියට හැඳ පැළඳගෙනය. කොහේ හෝ හෝටලයකට ගොස් පැයක් දෙකක් ඇය සමඟ ගතකිරීමේ ආශාවක් හිතේ පුරෝගෙන ඔහු ඈගල්ඔය නගරයට ගොස් ඇත.


කලින් කියා තිබූ වේලාවටම ඇය ත්‍රිරෝද රථයකින් ඈගල්ඔය නගරයට පැමිණියේ සුපුරුදු ඇඳුමෙන් සැරසී හැඩ වැඩවී ගෙනය. තරුණයා ඈ පැමිණි ත්‍රිරෝද රථයට ගොඩවැදුනේ දෙවරක් නොසිතාය.


ත්‍රීවිල් එකට නගින මොහොතේම ඇයගේ සියුමැලි දෑතින්ම ඔහුගේ අත මිරිකා ඇත්තේ ඔහු දෙස ප්‍රේමණීය බැල්මක් හෙළමිනි.


එයින්ම තරුණයාගේ මුළු ගතම ප්‍රබෝධමත් වූවා සේය. රූමත් යුවතියගේ අත අල්ලා ගෙන තරුණයා ත්‍රිරෝද රථයේ ගමන්කරන අතරවාරයේ එක්වරම ත්‍රිරෝද රථය නතරකර ඇත්තේ පාළු තැනකදීය.


බුලත්සිංහල පොලිසිය වෙත මේ තරුණයා දිව ගියේ තමාට වූ මේ අකරතැබ්බය ගැන පැමිණිලි කිරීමටය.


ඔහුට පිහිටවීමට සිටියේ පොලිසියේ නිලධාරී මහත්වරුන් පමණකි. තරුණයා ලබාදුන් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වා රූමත් කාන්තාව සහ තවත් පිරිමියෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. රූමතිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙන කවුරුවත් නොව ඇයගේ විවාහක පුරුෂයාය. 


මේ සේරම දේවල් ඇය කරන්නේ සිය සැමියාගේ අනුදැනුම මතය.


ත්‍රිරෝද රථය පදවාගෙන බිරිඳවත් එහි දමාගෙන තරුණයා හමුවීමට පැමිණ ඇත්තේ කවුරුවත් නොව ඇයගේ සැමියාය.


බිරිඳ කරන කියන සේරම දේවල් ඔහු දන්නේය. මේ ඒක පුද්ගල නාටකයේ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය හා තිරපිටපතද සැමියාගේය. රඟපාන්නේ ඔහුගේ බිරිඳය. ත්‍රිරෝද රථය ද අවසානයේ පොලිස් බාරයට පත්විය.


මෙවැනි ආකාරයට ඇය තම රූමත් බව පෙන්වා තරුණයන් හා විවාහක පුද්ගලයන් දැලේ දමාගෙන අවසානයේ සිය සැමියාවත් හවුල්කරගෙන මුදල් කොල්ල කන්නට ඇති බවට පොලිසිය සැකකරයි. නමුත් ලැජ්ජාව නිසා මේ රූමතියගේ ගැටයට අසුවූ අය පැමිණිලි කිරීමට නොපැමිණ පාඩුව විදගෙන කරබාගෙන සිටින්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි.


සැකකාර අඹු-සැමි යුවළ මේ දේවල් කරඇතැයි කියන්නේ ජීවිත්වීමට ආදායමක් උපයා ගැනීමටය.


කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජී. සී. පෙරේරා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කළුතර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් මත කළුතර සහකාර පොලිස් අධිකාරී එස්. ඊ. තිලකරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.


සැකකාර යුවළ ඉදිරිපත් කෙරුණේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවටය.

m



අදහස් (0)

රූමත් බිරිඳ තරුණයින් සමඟ ප්‍රේම සම්බන්ධකම්වලට පටලවා මුදල් කොල්ලකාලා

සොපි Tuesday, 18 October 2016 12:12 PM

අනේ ....! මෙහෙමත් මෝඩ පිරිමි... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site