ඩොලරයත් රුපියලත් යළි ගැටෙමින් තිබේ. රුපියල අමාරුවේ දමමින් ඉහළ ගොස් තිබූ ඩොලරය මාස දෙක තුනකට පෙර පහළ ආවේ රුපියල ඔසවා තබමිනි. රුපියල් 370 ආසන්නයට ගිය ඩොලරයේ වටිනාකම රුපියල් 300 මට්ටමට දක්වා නොබෝදා පහත වැටිණි. එය ඩොලරයට සංවේදී බොහෝ පිරිස් තුළ දැඩි බලපැමක් ඇති කළ අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කිසියම් පිබිදීමක් ඇති කිරීමටද හේතු විය. එහෙත් මේ පිබිදීම වැඩිකල් නොපැවැතීම දැන් ගැටලුවක් බවට පත්වී තිබේ.
රුපියල යළිත් ඩොලර්ය හමුවේ පසුගිය දිනවල හැකිලී ගියේ බොහෝ දෙනාගේ දෙබෑම ඉහළ නංවමිනි. ඩොලරය සමග තම ව්‍යාපාර කටයුතු මෙහෙයවන බොහෝ දෙනකු තුළ යළිත් ඇතිවූයේ තරමක අවිනිශ්චිත බවකි.
මේ අවිනිශ්චිත බව විදෙස් රැකියා මගින් උපයන ඩොලර් මෙරටට එවන අපේ එතෙර සිටින පුරවැසියන්ද අමාරුවේ දමා තිබේ. පැය 24 කින් රුපියලේ අගය සෑහෙන ප්‍රමාණයකින් වෙනස්වීම්වලට ලක්වෙනවිට ඔවුන් මෙරටට මුදල් එවීම පමා කිරීම බලාපොරොත්තු විය යුතුය.
වෙනස සිදුවන්නේ සුළු පරිමාණයකින් නම් එහි බලපෑම අඩුය. එහෙත් අතට දැනෙන වෙනසක් සිදුවන විට ඔවුහු මුදල් එවීමට පැකිලීමක් දක්වති. නැතහොත් උණ්ඩියල් සහ හවාලා වැනි අනීතික සේවාවල පිහිට පතති. දැනට ඇතිව තිබෙන ඩොලරයේ අගය වරින්වර වෙනස්වීම එවැනි ව්‍යාපාර මෙහෙයවන පුද්ගලයන් විසින් ඇති කරන ලද කෘතිම තත්ත්වයක් බවද සඳහන් වෙයි. එය එසේ වී දැයි සොයාබැලීමට මහ බැංකුව වහාම ඉදිරිපත්ව විමර්ශනය කළ යුතුයයි අපි සිතමු. එහෙත් කෘත්‍ිම ලෙස ඩොලරය අල්ලාගෙන සිටීමද නොකළ යුතුය.
ඩොලරය කෘත්‍ිම ලෙස අල්ලාගෙන සිටීමේ ආදීනව සම්බන්ධයෙන් අප සියලු දෙනාටම ඇත්තේ ඉතාම අමිහිරි කටුක අත්දැකීමකි. අපේ රටේ ඩොලර් සංචිතයේ ලෙලි යනතුරුම රුපියල ශක්තිමත්ව තබාගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. මෙරට ආර්ථිකයේ මහා ගැලවුම්කරුවන් සේ පෙනීසිටි ඇතැම් ආර්ථික විශාරදයන්ගේ මතයවී තිබුණේ එයින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් සිදු නොවන බවය. එහෙත් මේ රටේ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් ගණනාවක්ම පෙන්වාදුන්නේ ඩොලර් දිය කරමින් රුපියල රැකගැනීමට යාම දෑත් බැඳගෙන දියට පැනීමක් හා සමාන වන බව ය. එයින් ගොඩඒමක් නැති බවය.
රට බංකොළොත් වීමේ පීඩනය එල්ලවූයේ මේ ආර්ථික බලවතුන්ගේ කර මත නොවේ. පොදු මහජනතාවගේ කර මතය. ඔවුහු දුක්පීඩා බර හේතුවෙන් බිමටම පාත්වූහ. මේ නිසා යළිත් ඩොලරය කෘතිමව අල්ලාගෙන සිටීමට කිසියම් හෝ වෑයමක් දරුවත් එය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹෙනු ඇත.
ව්‍යාපාරික ක්ෂේත්‍රය ද මෙසේ ඩොලරය අවිනිශ්චිත තැනකට තල්ලුවීම නිසා කැළැඹී සිටී. දැනට උද්ගතව තිබෙන තත්ත්වය තාවකාලික තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබිණි. ඒ පිළිබඳ බියක් ඇතිකර නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
එහෙත් දේශපාලනඥයන්ගේ මෙවැනි කතා බොහොමයක් පිළිගැනීමට අපහසු ‘සිත නිවන කතා’ බව රටේ ජනතාව දැන සිටිති. ගිනිපෙනෙල්ලෙන් බැට නෑ පුද්ගලයා කනාමැදිරි එළියටත් බය වෙන්නා සේ යළිත් වරක් ඩොලරය ඉහළට ගොස් රුපියල ‘චොර’ වෙන තත්ත්වයකට පත්වනු දැකීමට ඔවුන් කැමැති නැත. ඩොලරයේ අගය යළි වැඩිවෙනවිට ජනතාව තුළ තැතිගැන්මක් ඇතිවීම බලාපොරොත්තු විය යුත්තකි.
මේ ආර්ථික තත්ත්වය ඩොලරයේ අගය මත තීරණය වෙයි. ආර්ථිකය කඩාවැටී තිබියදී රටේ පාලනය බාර ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ පියවර ගණනාවක් හේතුවෙන් රුපියල දුර්වල කරමින් ඩොලර්ය දිගින් දිගටම ඉහළ යාම නැවතුණි.
ඒ සමග මහබැංකු අධිපතිවරයාත් ගෙන ගිය තද මුල්‍ය පාලනයත් රටේ පැවැති ආර්ථික තත්ත්වය යම් තරමකට ආපසු හරවා ගැනීමට හේතුවිය. ජනාධිපතිවරයා මූලික වී ලබාගත් අයි.එම්.එෆ්. ප්‍රථම ණය වාරිකයෙත් ඉන්දියාවෙන් ලද ඩොලර් බිලියන ගණනක ණය ආධාර පහසුකමත් හේතුවෙන් ඩොලරයේ අගය පහළ වැටී රුපියල ශක්තිමත් විය. රටේ ඩොලර් සංචිතය ද යම් තරමක ස්ථාවර විය. රටේ ඩොලර් සංචිතය ද යම් තරමක ස්ථාවරබවක් පෙන්නුම් කරන බවද රජයේ ස්ථාවරය වෙයි.
එසේ තිබියදී යළිත් රුපියල දුර්වලවීම රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ද පොදුවේ මහ ජනතාව තුළ ද ඇති කරවන්නේ අසහනකාරී හැඟීමකි. එය එසේ නොවිය යුතුය. රුපියල ශක්තිමත් වූ සැණින් පහළට යා නොදී රඳවාගෙන සිටීම රටේ ආර්ථිකය හසුරුවන සියලු දෙනාගේ වගකීමකි. රුපියලට එරෙහිව ඩොලරය මෙහෙයවා එහි අගය ඉහළ දැමීමට කිසියම් හෝ කඩාකප්පල්කාරි පිරිසක් කටයුතු කරන්නේ දැයි වහාම සොයා බැලිය යුතුය.
(***)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුපියල යළි වැටීමට ඉඩ නොදෙමු
සිල්වා Wednesday, 21 June 2023 11:40 AM
ණය අරගෙන රුපියල ශක්තිමත් කිරීම තුළින් ඇතිවන ආර්ථික වාසිය කුමක්ද? ආනයන වෙළඳාමට නම් ඉතා වාසිදායකයි. නමුත් ඉතා වැදගත් අපනයන කර්මාන්තවලට නම් බොහෝම භයානක ප්‍රතිඵල ඇති වෙනවා නියතයි...!
wedage Wednesday, 21 June 2023 12:39 PM
ලොසින්ජරයක් වත් ගන්න බැරි ඔය රුපියල මොනවා කරන්නද?
de silva Wednesday, 21 June 2023 03:57 PM
රුපියල ශක්තිමත් වෙන්න නම්, රටේ ආර්ථ්කය ශක්තිමත් කරන්න නම් රටේ නිෂ්පාදනය වැඩිකරන්න ඕනේ... පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.. එහෙම නොකර ණය පමණක් අරගෙන රුපියල ශක්තිමත් කරන්න ගියොත් ඩොලර් එක ඉදිරි වසරේදී 500 පනිනවා.
chandima Tuesday, 27 June 2023 06:34 AM
පස්සත් බිම ඇනිලා තියෙද්දී තවත් කොහේ වැටෙන්නද?