IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


රටේ පවතින බරපතළ ප්‍රශ්න ආණ්ඩුවට පේන්නේ නැද්ද?

දිනකට පැය හතහමාරක් විදුලිය කපන රටක් නිර්මාණයවී තිබේ. එමෙන්ම ඉන්ධන නැත. රට ගමන් කරමින් තිබෙන්නේ කෙබඳු දිශාවකට දැයි සිතාගත නොහැකි තරමට තත්ත්වය බරපතළය. කපිතාන් කෙනකු නැති නෞකාවක් මෙන් රට පාවෙමින් තිබේ. ප්‍රශ්නය වන්නේ රට කරවන ඇත්තන් කසාය බීපු ගොළුවන් මෙන් සිටීමය.

ඇමැතිවරු මාධ්‍ය ඉදිරිපිටට පැමිණ තම දුක කියති. ඉන්ධන තිබෙන්නේ මෙපමණ දවසකට යැයි බලශක්ති අමාත්‍යවරයා කියයි. විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුවී තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම් සභාපතිවරයා පවසයි. විදුලිබල ජනනය සඳහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් විදුලි බල මණ්ඩලයට ලබා දෙන්නැයි මහජන උපයෝගීකා කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නොලැබීම ගැටලුවට හේතුව බවද එම කොමිසමේ සභාපතිවරයා පැවසූ බව අප පුවත්පත වාර්තා කළේය.

මේවා ජනතාවට කීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න අනවශ්‍ය ප්‍රශ්නයක් නොවේ. මහජනයා මෙම ක්‍රියාදාමය තුළ වින්දිතයෝ වී සිටිති. ‘දවල්ට පෝලිමේ. රෑට කළුවරේ’ යැයි ජනතාව කියති. මේ සියල්ලම මැද ලෙය කුපිත කරවන කතා මැති ඇමැතිවරු කියති. ‘‘කවුද කියන්නේ ආණ්ඩුවට සල්ලි නෑ කියලා. ආණ්ඩුවට ඇති පදම් සල්ලි තියෙනවා යැයි’’ එක් ඇමැතිවරයෙක් කීවේය. ‘ජනතාවට දැනෙන්නත් එක්ක ඉන්ධන මිල ඉහළ දාන්න ඕනැ. එතකොට ගමන් බිමන් නතර වේවි.’ තවත් ඇමැතිවරයෙක් කීවේය. මෙම පුරාජේරු කතා අසමින් ‘දෙවියන්ගෙන් හෙණ ඉල්ලන’ තැනට ජනයා පත්ව සිටිති.

ගියොත් එන්නට විධියක් නැත. චාරිකා ගිය ජනයාට යළි ගමරට බලා ඒමට නොහැකිව මහරෑ මහමග අඹුදරුවන් සමඟ සිටීමට සිදුවිය. ඒ මිනිසුන්ගේ වේදනාබර ප්‍රකාශ රටේ ඇත්ත ඇතුළාන්තය පිළිබිඹු කරයි. මෙතරම්ම දස වද විඳ විඳ ජීවත්වීමේ අරුත කුමක් දැයි ඒ ජනයා ප්‍රශ්න කරති. එම ප්‍රශ්න කිරීම අසාධාරණද නැත.

දෙවසරකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ මෙරට ජනයා කොවිඩ් මාරක වසංගතය හමුවේ නොමැරී මැරෙමින් සිටිති. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ජීවත්වන්නේ වේලක් හැර වේලක් කමිනි. ඒ මදිවාට ගෑස් හිඟයක් ආවේය. ගෑස් මිලදී ගැනීමට වරු ගණන් පෝලිම්වල සිටීමට ජනතාවට සිදුවිය. ගෑස් යළි වෙළෙඳ පොළට ආවේ ජනතාවට ගෑස් පෙන්වමිනි. මිල බරපතළ ලෙස ඉහළ ගොස්  තිබිණි. රටේ අවාසනාව මේ යැයි කියාපාමින් ගෑස් අනතුරු වාර්තා වන්නට විය. පුරවැසියෝ කිහිප දෙනෙක් අකාලයේ මිය ගියහ. විශාල පිරිසක් තුවාල ලැබූහ. හාල් මිලද ඉහළ ගියේය. එළවළු හිඟයක්ද ඇතිවිය. ඒ අතරතුර එළවළු මිලද ඉහළ ගියේය. කිරිපිටි පැකට්ටුවක් සොයා ගැනීමට කඩවල් පීරා යාමට ජනතාවට සිදු විය.

නවතම ප්‍රශ්නය විදුලිය හා ඉන්ධන වේ. මුළු රටම අතරමග නතර වීමට තරම් තත්ත්වය බරපතළය. රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි නිවැරැදිව විග්‍රහකර ජනතාවට පැහැදිලි කරදීමට කිසිවකු නැත. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ එකිනෙකාට එරෙහිව ඇඟිලි දිගු කිරීම්ය. මෙම අභ්‍යන්තර කුළල් කා ගැනීම් දෙස ජනතාව බලා සිටින්නේ ඉමහත් වේදනාවෙනි. විපක්ෂයද මේ මොහොතේ අලුත් ආණ්ඩු හැදීමේ සිහින මවමින් සිටින්නේය. ජනතාව මෙතරම්ම පීඩාවට පත්ව සිටියදීත් තම ඉල්ලීම ඉටු කරගැනීමට වර්ජන ක්‍රියා මාර්ග තෝරන වෘත්තීය සමිතිද වේ.

හෙට කුමක් සිදුවේදැයි තේරුම්ගත නොහැකිව ජනතාව සංත්‍රාසයට පත්ව සිටිති. වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය සාතිශය බහුතරයක් ජනයා ඉදිරිපිට ඇති ප්‍රශ්නය වේ. ඇතැම් ජනයා පවසන්නේ යුද්ධය කාලයේදීත් මරණය දැක දැක වුවත් මෙතරම් අතෘප්තියෙන්, අසහනයෙන් කල්ගත නොකළ බවය. සැබැවින්ම මෙම අතෘප්තිය, අසහනය ඉතා භයානකය. ඉච්ඡාභංගත්වය තරම් නරක නපුරු අත්දැකීමක් තවත් නැත. එහි තාර්කික අන්තය විනාශයම වේ. මහත් වෙර වෑයමින් වළක්වා ගත යුත්තේ එම බියකරු ඉරණමම වේ.

ප්‍රශ්නවලට හේතු තිබේ. එය සත්‍යයකි. එහෙත් මේ මොහොතේ කරවටක් ගිලීසිටින ජනයාට හේතු අවශ්‍ය නොවේ. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ක්ෂණික විසඳුම්ය. වැටුණු වළෙන් ගොඩ ඒමක්ය. එබඳු කිසිදු අවස්ථාවක් නොපෙනීමෙන් ජනයා පසුවන්නේ කෝපයෙනි.

 



අදහස් (0)

රටේ පවතින බරපතළ ප්‍රශ්න ආණ්ඩුවට පේන්නේ නැද්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1115 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 423 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site