IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රට ගැන උදම් අනන අතරේ පිරිහුණු දුම්රියේ අමිහිර

කලකට පසුව ප්‍රීතිජනක පුවතක් අසන්නට ලැබිණි. අප පුවත්පතට අනුව එම ප්‍රීතිජනක ප්‍රවෘත්තිය වනුයේ මේ වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක්කර ඇති බවය. මෙම එක් කිරීම කර තිබෙන්නේ ජාත්‍යන්තර කීර්තිමත් ප්‍රසිද්ධ සඟරාවක් වන ෆෝබිස් සඟරාව මගිනි.

සංචාරක කේෂ්ත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙම රටවල් 23 නම්කර ඇති බවත් සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදිකාවක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ජුලියානා බ්‍රොස්ටේ පවසන්නේ ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය හා සංචාරක ගමනාන්තයක් වනු ඇති බවය.

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ ප්‍රධානම මාර්ගයක් ලෙස සංචාරක කාර්මාන්තය අවිවාදයෙන් නම්කර ඇතත් 2018 වසරේ සිට මෙම සංචාරක කර්මාන්තය බරපතළ ලෙස බිඳ වැටී ඇති පසුබිමක ඉහත ප්‍රවෘත්තිය බලාපොරොත්තු දල්වන ප්‍රීතිජනක ප්‍රවෘත්තියක් වීම අනිවාර්ය වේ.

ඉහත ප්‍රීතිජනක ප්‍රවෘත්තිය වාර්තා කළ අප පුවත්පතේ එම පිටුවේම එයට සමාන්තරව පළකළ ප්‍රවෘත්තිය ඉහත ප්‍රීතිය තුරන් කිරීමට පාදක වී තිබේ. එම ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘‘දුම්රිය ගමන්වාර 20 අවලංගු කරලා. පාසල් දරුවෝ රස්තියාදුවේ’’ යනුවෙනි. එම ප්‍රවෘත්තිය ඉකුත් 17 වැනිදා දිනට අදාළව වාර්තා කළ එකකි.

එම ප්‍රවෘත්තියට අනුව දුම්රිය ධාවන වාර 20කට අධික සංඛ්‍යාවක් ඉකුත් 17 වැනි දින අවලංගු කළ බව දුම්රිය මෙහෙයුම් මැදිරිය සඳහන් කළ බවය. පාසල් දුම්රිය වාර ගණන් 5ක් එම දිනයේ අවලංගු කිරීමෙන් පාසල් දරු දැරියන් දැඩි අපහසුතාවට පත්වූ බව එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය. පාසල නිමවී නැවත නිවෙස්වලට යාමට දරුවන්ට පැය ගණනක් දුම්රිය ස්ථානවල රැඳී සිටීමට සිදුවූ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරන බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

රටේ අනාගතය බාර ගැනීමට සිටින දුවා දරුවන් මෙසේ පැය ගණන් දුම්රිය ස්ථානවල රස්තියාදු කරනු දකින සංචාරකයන් මේ රට සංචාරයට හොඳම රටක් ලෙස වර්ගීකරණය කළේ කවර නිර්ණායකවලට යටත්වද යන්න අමුතුවෙන් සිතා බැලීමට පෙළඹෙනු ඇත.

පාසල් දරුවාට පාසල තුළට ජංගම දුරකතන රැගෙන යාමට අවසර නැත. ඒ අනුව පාසල් දරුවාට තම නිවෙසට යනතුරු දෙමාපියන් සමඟ සන්නිවේදන සම්බන්ධකම් පවත්වාගෙන යාමට අවකාශයක් නැත. පාසලට ගිය දරුවා යළි නිවෙසට පැමිණෙන තුරු දෙමාපියන් සිටින්නේ පපුවේ ගින්දරෙන් බව සත්‍යයකි. එබඳු පරිසරයක පාසල නිමවී දරුවාට නිවෙසට පැමිණීමට පැය ගණනක් ප්‍රමාවීම බලවත් නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතුවිය හැකිය. එමෙන්ම දරුවාට දුම්රියෙන් බැස බසයෙන් නිවෙසට යාමට සිදුවනු ඇත. පාසල නිමවීමෙන් පසුව බාහිර උපකාරක පංතිවලට සහභාගගි වීමට සිදුවනු ඇත.

පැය ගණනක් දුම්රිය ස්ථානයේ රස්තියාදුවීමට සිදුවීමෙන් මෙම සියලු කටයුතු අවුල්වී යාම වැළැක්විය නොහැක. දුම්රිය බලධාරීන් මෙම සමස්ත චිත්‍රය දෙසම වගකීමෙන් බැලිය යුතුව තිබුණත් දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරන ආකාරයට පාසල් දුම්රිය ධාවන වාර 5ක් ඇතුළුව දුම්රිය ධාවන වාර 20කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමෙන් පෙනී යන්නේ එම සමස්ත චිත්‍රය සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමුවී නැති බවය.

එංජිමෙන් ගැලවුණු දුම්රිය මැදිරි මගීන් සමඟ ‘ඔහේ පාවී ගිය’ බව වාර්තා වූයේ දෙතුන් සතියකට ඉහතදීය. රියැදුරකු නොමැතිව දුම්රියක් ධාවන වූ පුවත හාරපස් වසරක් පැරැණිය. එහෙව්  රටක දුම්රිය රියදුරන් වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කර තිබියදීත් එක් දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හැර වෙනත් විශේෂ ගැටලුවක් මතුවී නොතිබියදීත් පාසල් දුම්රිය ධාවන වාර පහක් ඇතුළුව දුම්රිය ධාවන වාර 20කට අධික සංඛ්‍යාවක් අවලංගු වීම විශේෂ බරකින් නොගත යුතු යැයි දුම්රිය බලධාරීන් සිතන්නේ දැයි අපි නොදනිමු.

සංචාරකයන්ට හොඳම රටක් වීමට නම් එම රට තුළ ඉතා දියුණු ප්‍රවාහන සේවයක් තිබිය යුතුය. එයිනුත් දුම්රිය සේවය ප්‍රධානය. රැකියාවල්වලට ජනයා කොළඹට කැඳවා හවසට වර්ජනයේ යෙදෙන සේවකයන් සිටින දුම්රිය දෙපාර්තමේන්තුවක් සහිත රටක්, උදයේ දරුවන් පාසලට පැමිණි පසු කලින් නොදන්වා දහවල් හදිසියේම දුම්රිය ධාවන වාර අවලංගු කරන දුම්රිය දෙපාර්තමේන්තුවක් සහිත රටක් සංචාරයට සුදුසුම රටවල් අතර තව කී දවසක් රැඳී සිටිනු ඇද්ද යන්න විමසිය යුතුය.

(***)



අදහස් (2)

රට ගැන උදම් අනන අතරේ පිරිහුණු දුම්රියේ අමිහිර

Anura Pathirana Monday, 24 April 2023 03:46 PM

මේක පුද්ගලීකරණය කරන්න කිව්වට එකෙක් අහන්නේ නැහැ... මේ හුචක්කු වසර 50ක් පිටිපස්සෙන් තියෙන්නේ...

:       2       29

ෆාහියන් Monday, 24 April 2023 04:41 PM

ලංකාව සංචාරයට හොඳයි කියලා 'ෆෝබ්ස්' සඟරාව කරන ලද ප්‍රකාශය 18දා තමයි ආවේ... 'බාලගිරි'ද? වෙන්න නම් බෑ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site