මහජනයාගේ මුදල් අවභාවිත කිරීම, සොරකම් කිරීම, නාස්ති කිරීම තරම් බරපතළ සාපරාධයක් තවත් නොමැත. එහෙත් අනාදිමත් කාලයක සිට මේ රට තුළ ඒ සියල්ල බරපතළ ලෙස සිදුවෙමින් පවතී. ‘රට බංකොලොත්’ යැයි ලෝකයා හමුවේ ප්‍රකාශකර පුරවැසියාට අවමානයට ලක්වීමට සිදුව තිබෙන්නෙත් එහෙයිනි.
අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ නව හැටන් දුම්රිය ස්ථානය ඉදිකිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීමක් හේතුවෙන් වසර දෙක හමාරයක් තිස්සේ නැවතීමෙන් රුපියල් කෝටි 40 ක පමණ නාස්තියක් සිදුවී ඇතැයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණය වූ බවය.
පළමුව අවධාරණය කළ යුතු කරුණක් තිබේ. රට විනාශවීමට හේතුව ජනතාවට දුක් විඳීමට හේතුව සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් බව පොදු පිළිගැනීම වේ. එය අර්ධ සත්‍යයකි. මේ විනාශයට එකම හේතුව දේශපාලනඥයෝ නොවෙති. නිලධාරී පැලැන්තිය ද බැහැර කළ නොහැකි ප්‍රධාන හේතුවකි.
ඇතැම් තැනක සොරකම් කරන්නේ, මහජන මුදල් ගසා කන්නේ දේශපාලනඥයන් හා නිලධාරින් ඒකාබද්ධවය. ඇතැම් තැනක නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව, වග නොවීම ආදි කාරණා නිසා මහජන මුදල් නාස්ති වේ. අප ප්‍රවෘත්තියෙන් කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීම නිසා රටට රුපියල් කෝටි හතළිහක නාස්තියක් සිදුව ඇති බවය.
පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබුණේ එම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට එම මුදල් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් බවය. ව්‍යාපෘතියට අදාළ කොටස් පමණක් දැනට නිමකර ඇති බවත් වසර දෙකහමාරක කාලය තුළ සිදුවී ඇත්තේ එම ව්‍යාපෘතිය විවෘත කිරීම සම්බන්ධයෙන් ලිපි හුවමාරුකර ගැනීම පමණක් බවය.
සංවර්ධන ව්‍යාපෘතියක් එකවර ආරම්භ කර ඊතළයක වේගයෙන් නිම කළ නොහැකිය. එම ව්‍යාපෘතියට අදාළ සියලු පාර්ශ්ව සමග විධිමත් සාකච්ඡා පවත්වා අවධානය යොමු කළ යුතු සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළ යුතුය. සංවර්ධන ව්‍යාපෘතිය අපේක්ෂිත ඉලක්කය සපුරා දෙන්නේ එවිටය. ඒ සඳහා යම් කාලයක් ගතවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් එම කාලය සාධාරණ විය යුතුය.
සංවර්ධන ව්‍යාපෘතියකට අදාළව එය විවෘත කිරීම සඳහා පමණක් වසර දෙක හමාරක් තිස්සේ ලිපි හුවමාරු කර ගැනීමක් පමණක් සිදුවී තිබේ නම් එය බරපතළ ප්‍රශ්නයකි. එමගින් පෙනෙන්නේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම නිලධාරීන්ගේ ඇති උද්‍යෝගය වේ.
නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ඉගෙන වගකිවයුතු රැකියා අවස්ථා ලබාගත් නිලධාරීන් රටට යුතුකම් ඉටු කළ යුතුය. මහජනයාට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එය මහජනයාට වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතුය. කඩිනම් කළ යුතුය. එය එසේ සිදු නොවන්නේ නම් එය බරපතළ තත්වයකි. දේශපාලන අධිකාරියේ වගකීම වන්නේ ඒ සම්බන්ධයෙන් පසු විපරම් කිරීමය.
(***)
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටට හානිකරවන නිලධාරි කඹ ඇදිලි