පසුගිය සතියෙන්... ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍යානයේ 1919 දී උපත ලබන්නට ඇතැයි විශ්වාස කරන අහමඞ් නැමති හස්තියාගේ දළ අඩි දහයකට වඩා දිගැති වන අතර එක් දළයක් කිලෝ ග‍්‍රෑම් 68 ක් පමණ බරැතිය. මේ හස්තියා කොටු කැර දළ ගැනීමට මාන බලන ඇත් දළ ජාවාරම්කරුවන්ගෙන් අලියා බේරා දෙන ලෙස ඉල්ලා එරට ජනාධිපතිවරයාට ලිපි 5000 ට වඩා ප‍්‍රමාණයක් යොමු කැර තිබේ. එහි ප‍්‍රතිඵලය වූයේ අහමඞ් රැුකගැනීමට අලියා සැරි සරණ ස්ථාන වලට හමුදා ආරක්ෂාව සැපයීමයි. මේ දැවැන්ත හස්ථියා 1974 ජනවාරි මස 17 වැනි දින මියගියේය. මියගිය හස්ථියාගේ අනුරුවක් ෆයිබර් ග්ලාස් වලින් සකස් කළ ‘‘සිමර්මාන්’’ නමැති චර්ම ශිල්පියා ඇතාගේ දළ යුවල ද එම අනුරුවට සවි කළේය. අනතුරුව අහමඞ් හස්ථියාගේ අස්ථි රැගෙන ඒවා එකිනෙක පුරුද්දා එම කෞතුකාගාරයේම තැන්පත් කරන ලද්දේ ජේ.සී. හිල්මන් මහතා විසිනි. කෙන්යාවට ගිය ජනාධිපති ජයවර්ධනගේ මතකයේ මෙය රැඳී තිබිණි. රාජා මියගිය බව දැනගත් විටම ඔහුගේ අදහස වූයේ රාජා ඇතා යළි ප‍්‍රතිනිර්මාණය කළ යුතු බවයි. එදා අහමඞ් නමැති හස්තියාගේ හම ලබාගැනීමට එරට විශේෂඥයන්ට හැකියාවක් නොලැබුණ ද ජයවර්ධන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ඉල්ලා සිටියේ රාජාගේ සජීවී හම යොදා අනුරුව තැනිය යුතු බවයි. ‘‘ගාමිණී මම ඔයාලා ගැන උපරිම විශ්වාසය තියනවා. ජනාධිපතිතුමාගේ අදහස රාජා සජීවී ආකාරයෙන්ම අනාගතයට දැක බලාගන්න සකස් කිරීම මේක අමාරු වැඩක් වුණත් අපි කොහොම හරි කරන්න ඕන. රාජා කියන්නේ ජාතික වස්තුවක් නේ.’’ ගුණවර්ධන මහත්මිය එසේ කීවාය. මේ භාරදූර කාර්යය පැවරුණේ එකළ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා වූ ගාමිණී කුමාර විතාන මහතාටත් දිවංගත පාලිත සමරප්පෙරුම මහතාටත්ය. ‘‘මම කොළඹ යනකොටත් පාලිත අයියා නුවර යන්න පිටත් වෙලා. අපි මීට ඉහත විවිධ සතුන් දිවියන්, මුවන්, ගෝනුන් වැනි සතුන් සජීවී හම සහිතව සංරක්ෂණය කැර තිබුණත් අලියෙක් වැනි විශාල සතකු සංරක්ෂණය කැර තිබුණේ නැහැ. ඒ නිසා මෙය ඉතාමත්ම අමාරු කාර්යයක් වුණා. ඒත් අපේ අධ්‍යක්ෂතුමියත් දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් අප දිගින් දිගටම ධෛර්යමත් කළා. ඒක අපිට විශාල ශක්තියක් වුණා. අද ජීවතුන් අතර නොමැති පාලිත අයියාත් කොහොම හරි මේ වැඬේ කරමු මල්ලී කියලා වැඬේ පටන් ගත්තා.’’ දහස් සංඛ්‍යාත පිරිස් මහනුවරට පැමිණෙමින් තිබිණි. මියගිය රාජාගේ සිරුර දැක බලා වන්දනාමාන කිරීමට වැළ නොකැඞී ජනතාව පැමිණෙද්දී ආගමික වතාවත් සිදුකැරුණි. ඇතා භූමදාන කරන බව පවසා සාමාන්‍ය ජනතාව ඉවත් කැරුණි. එය අතිශය බැරෑරුම් කාර්යයක් විය. අනතුරුව වූයේ ඇතාගේ නිවැරදි මිනුම් ලබාගැනීමයි. ඉදිරියේදී සාදන අනුරුවට අවශ්‍ය මිනුම් කටයුතු ගැනීමට පැය ගණනක් ගතවූ බව විතාන මහතා සිහිපත් කරයි. මිනුම් ගැනීමෙන් අනතුරුව හම කපා ඉවත්කැර ගැනීම ආරම්භ කැරුණි. සරල බසින් කියන්නේනම් කළ යුත්තේ මෙතෙක් මුළු මහත් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ එමෙන්ම සිරිලක ජාතික වස්තුවක් වූ රාජා හම ගැසීමයි. ‘‘රාජා හමගහනවා කියන එක ලෙහෙසි කාර්යයක් වුණේ නැහැ. මේක බෞද්ධ සංස්කෘතියට අනුව ඇතැම් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබුණා. ගතානුගතික අදහස් ඉස්මතුවුණා. ගොඩක් අය කියන්න පටන්ගත්තා මේ සතා හමගහන්න එපා කියලා. නමුත් මේ වෙලාවේ නෙරංජන් විජේරත්න මහත්මයා ඉතාමත්ම උපායශීලීව කටයුතු කරලා ඇතිවන්නට ගිය ගැටලූ රාශියක් මගහරවා ගත්තා.’’ අලියාගේ සමට යටින් ඝන මේද තට්ටුවක් පිහිටා තිබේ. මේ මේද තට්ටුවෙන් යම් ප‍්‍රමාණයක් ඉතිරිවන ආකාරයෙන් සම ඉවත් කැරුණි. මේ කාර්යය සඳහා පැය ගණනක් ගතවෙද්දී මහනුවර ප‍්‍රදේශයෙන් නැගෙන විරෝධතාව ද වැඩිවන්නට විය. ආචාර්ය ගුණවර්ධන මහත්මියත්, දියවඩන නිළමේතුමා එක්ව ඔවුහු සාකච්ඡා කළහ ඒ අනුව වෙනත් තීරණයක් ගන්නට සිදුවිය. පිට සහ උදර ප‍්‍රදේශයේ හම ඉවත්කිරීමෙන් අනතුරුව හම ඉවත් කිරීමට වඩාත් අපහසු හිස සහ පාද හතර ශරීරයෙන් වෙන් කැරුණි. හිසත් පාද හතරත් වෙන්කළ සම් කොටසුත් ලොරියක පටවාගෙන කෞතුකාගාරයෙන් පැමිණි පිරිස කොළඹ පැමිණියහ. රාජා ඇතාගේ මරණය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ද ප‍්‍රකාශයට පත්කැර තිබිණි. රාජ්‍ය ගෞරව සහිතව මෙරට මිහිදන් වූ එකම සත්ත්වයා වීමේ ගෞරවය හිමිකැරගත් රාජා හස්තියාගේ කඳ කොටස දළදා මාළිගය ආසන්නයේ මිහිදන් කැරුණි. ලබන සතියේ : රාජාගේ හිස කොළඹ කෞතුගාකාරයේ මිහිදන් කරයි.
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
රාජා දැකගන්න මහනුවරට මහ සෙනගක්
සුරංග Thursday, 26 January 2012 10:38 AM
ඉතා හොදයි