පාඩු ලබන ආයතන තුනක් පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට රජය දැනටමත් පිඹුරුපත් සකසා අවසානය. ලංකා පිඟන් සංස්ථාව, කන්තලේ සීනි කර්මාන්තායතනය සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හල පෞද්ගලික ආයෝජකයන්ට පැවරීම මේ යටතේ සිදුවෙයි. එම ආයතන තුනේ සේවකයන්ට ලබන දෙසැම්බර් 1 වැනිදා දක්වා මාස 5ක වැටුප් හා වන්දි ගෙවා අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඇඹිළිපිටිය කඩදාසි කම්හලේ සේවකයන් 163 කට කන්තලේ සීනි කර්මාන්තායතනයේ සේවකයන් 64කට ලංකා පිඟන් සංස්ථාවේ සේවකයන් 630කට වසර ගණනාවක් කරගෙන ආ වෘත්තියෙන් සමුගැනීමට සිදුවනු ඇත. දැනට මෙම ආයතන දෙකක් බාර ගන්නා පෞද්ගලික ආයෝජකයන් සේවකයන් පිළිබඳව ගනු ලබන තීරණයන් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර ඇති බවක් වාර්තානොවේ. කන්තලේ සීනි මෙයින් කන්තලේ සීනි කර්මාන්තායතනය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ චෙකොස්ලෝවැකියානු රජයෙන් ලැබූ පරිත්‍යාගයකි. එවකට සේවක සංඛ්‍යාව 1100 ක් පමණ වූ බව වාර්තාවේ. අක්කර 21,000ක බිමක් කන්තලේ සීනි සමාගම සතුව පැවැති අතර එයින් අක්කර 6000ක ප‍්‍රදේශයක් කැලයෙන් යටවී තිබිණි. උක්වගාව පැවතියේ අක්කර 12,000ක ප‍්‍රමාණයකි. උක් ගොවීන්ගේ සංඛ්‍යාව 640 ක් විය. අති සාර්ථකව රටේ අවශ්‍යතාවට සීනි නිෂ්පාදනය කරනු ලැබූ මෙම ආයතනය හැත්තෑව දශකයේ දී ලක්‍ෂ 50ක ලාභ මුදලක් මහාභාණ්ඩාගාරයට යවා ඇත. රාජ්‍ය ආයතනයක් සේවක වැටුප් ගෙවා සියලූ වියහියදම් කර භාණ්ඩාගාරයටත් ලක්‍ෂ 50ක මුදලක් යැවීමට තරම් ආර්ථික ශක්තියක් ලබාතිබීම එදා ආර්ථිකයේ සාර්ථකත්වය මනාව පෙන්නුම් කරන්නකි. කන්තලේ හිඟුරාන හා සෙවනගල සීනි කර්මාන්තශාලා ඒකාබද්ධව ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය කි‍්‍රයාත්මක වූ අතර හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා විසින් මෙම ආයතනය ජනතාකරණය කරනු ලැබීය. ජලය හිඟවීම, දේශපාලන අත පෙවීම්, ත‍්‍රස්තවාදී බලපෑම් නිසා ආයතනයේ පිරිහීම උග‍්‍ර වූ බව ඇතැම් සේවකයෝ සඳහන් කරති. වර්ෂ 1992 මාර්තු මාසයේ දී කන්තලේ සීනි කර්මාන්තායතනය දේශීය ව්‍යාපාරිකයකුට පවරා තිබෙන අතර, එම පැවරීම කරනු ලැබ ඇත්තේ කොටස් වශයෙන් ගෙවීමේ පදනම මතය. ආයතනයේ වත්කම් පෙන්වා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබා ගෙන ඇති අතර ඔවුන්ට ආයතනය පවත්වා ගෙනයාම නොහැකි වූ බව සේවකයෝ පවසති. මේ අර්බුදකාරී තත්ත්වය නිසා ආයතනය යළි රජයට පවරා ගනු ලැබූ අතර, සේවකයන්ට ලක්‍ෂ දෙක, දෙක හමාර හා ඊට අඩු මට්ටමින් වන්දි ගෙවා ඇත. පසුගිය වසර ගණනාව පුරා විධිමත් පරිපාලනයක් නොවීම නිසා, ආයතනය සතු කෝටි ගණනක සම්පත් විනාශවී ඇත. වාහන 150කට අධික සංඛ්‍යාවක් පැවැති අතර ඒවායින් කීපයක් දේශපාලන බලධාරීන් විවිධ අවශ්‍යතා සඳහා ලබාගෙන ඇති බව වාර්තාවේ. කර්මාන්තශාලා 4ක කෝටි ගණනාවක් වටිනා යකඩ කුණුකොල්ලයට අලෙවි කර ඇත. පොදු වෙළෙඳපොළේ යකඩ කිලෝවක මිල රුපියල් 40ක් නම් මේ යකඩ විකුණා ඇත්තේ කිලෝවක් රුපියල් දොළහක (12ක) මිලකටය. මීට අමතරව ඇතැම් ප‍්‍රධානීන්ගේ ඳූෂිත කි‍්‍රයා නිසා ආයතනයට අලාභ හානි විඳීමට සිදුවී ඇත. උදාහරණයක් වශයෙන් කම්හලකට අඟල් 5ක 6ක යකඩ කැබැල්ලක් අවශ්‍ය නම් අඩි 10×4 ප‍්‍රමාණයක යකඩ තහඩුවක් ලබාගෙන ඇත. යකඩ තහඩුවේ ඉතිරිවන ප‍්‍රමාණයට සිදුවන දෙයක් කිසිදු තැනක වාර්තා වී නැත. ඇඹිලිපිටිය කඩදාසි ඇඹිලිපිටිය කඩදාසි කම්හල පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීමට ඇති තවත් ආයතනයකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ජර්මන් රජයේ ආධාර ඇතිව ආරම්භ කෙරුණු මෙම කම්හල ඵලදායීතා සම්මාන ලැබූ ආයතනයකි. ආරම්භක සේවක සංඛ්‍යාව 1800කි. භූමිය අක්කර 610කි. අද ඉතිරිව ඇත්තේ ඉන් අක්කර 360කට අඩු ප‍්‍රමාණයකි. ඇඹිලිපිටිය කඩදාසි කම්හල සතු භූමියෙන් අක්කර 75ක් බලාගාරයක් ඉදිකිරීම සඳහාද, අක්කර 35ක් බන්ධනාගාරයක් පිහිටුවීම සඳහාද ලබා දී ඇත. මීට අමතරව වගා කටයුතු සහ නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා කොළඹ දිස්ති‍්‍රක්කයට සම්බන්ධ දේශපාලනඥයෙක් අක්කර 50ක ප‍්‍රදේශයක් ලබාගෙන ඇත. රුපියල් කෝටි 3ක ස්ථාවර තැන්පතුවක් ආයතනය සතුව පැවැති අතර, එම මුදලට සිදුවූ දෙයක් වාර්තා නොවන බවද සඳහන් වේ. මෙම ආයතනය පාඩු ලැබීමට හේතු වූ කරුණු රාශියක් පිළිබඳ ‘ඉරිදා ලංකාදීප’යට තොරතුරු අනාවරණය විය. භීෂණ සමයේ දී මෙම ආයතනයට ගිනි තැබීම නිසා කෝටි 60කට අධික පාඩුවක් විඳීමට සිදු වී ඇත. වාහන 40ක පමණ ප‍්‍රමාණයක් ගොඩනැගිලි හා කඩදාසි තොගයක් ගින්නෙන් විනාශ වී ඇති අතර යන්ත‍්‍ර බේරාගැනීමට සේවකයන්ට හැකි වී ඇත. ඉන්පසුව මාස 8ක පමණ කාලයක් ආයතනය ප‍්‍රතිසංස්කරණය කිරීමට සිදු වූ අතර එම කාල සීමාව තුළ නිෂ්පාදන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබූ බවද වාර්තාවේ. ඉන්පසුව වසර 10ක පමණ කාලයක් නිෂ්පාදන වැඩිදියුණු කරනු ලැබූවත් ආයතනය පාඩු ලැබීම නොවැළැක්විය හැකි විය. විශේෂයෙන් දේශපාලන බලපෑම් පාරිපාලන දුර්වලතා යනාදී කරුණු හේතුවී ඇත. නිෂ්පාදිත කඩදාසි අලෙවිය පිළිබඳ විධිමත්ව ලේඛන පවත්වාගෙන යාමක් සිදුවී නැති බවද වාර්තාවේ. ඇතැම් පරිපාලන නිලධාරීන් කර්මාන්තශාලාවට අයත් භූමියේ ඉතා වටිනා ගස් කප්පවා විකුණා ඇත. තේක්ක, බුරුත ආදී ඉතා වටිනා ගස් 300ක පමණ සංඛ්‍යාවක් මෙසේ කපා විකුණා ඇත. වසරකට ආසන්න කාලයක් හමුදා කඳවුරක් ලෙසද ගොඩනැගිලි යොදාගෙන තිබිණි. දේශපාලනඥයන්ට රැුකියා නිධානයක් වූ මෙම ආයතනයේ අස්ථාන ගත වී ඇති උපකරණ හා භාණ්ඩ පිළිබඳව සංඛ්‍යාලේඛනයක් නැත. විදුලි පංකා, මෝටර්, තඹ කම්බි, යනාදී වශයෙන් විශාල භාණ්ඩ තොගයක් අස්ථාන ගත වී තිබිණි. සේවකයන්ට මාස 40ක කාලයක් අර්ථ සාධක ලබා දී නැත. ලංකා පිඟන් සංස්ථාව ලංකා පිඟන් සංස්ථාවේ ද සේවකයන්ට අර්ථ සාධක මුදල් ගෙවා නැති බව වාර්තාවේ. උළු, ගඩොල්, පිඟන්, කෝප්ප ටෙරාකොටා වැනි දෑ ලංකා පිඟන් සංස්ථාව නිෂ්පාදනය කරනු ලැබිණි. සිල්ලර අලෙවිසල් සෑම නගරයකම පාහේ පිහිටා තිබූ අතර නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමට රජයේ පාර්ශ්වයෙන් අත හිතදීමක් නොවීම ආයතනයේ පිරිහීමට එක් හේතුවක් වී තිබිණි. මැටි, වැලි හා දර පිඟන් සංස්ථාවට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වී ඇත. උදාහරණයක් වශයෙන් ආයතනයේ නිෂ්පාදන සඳහා මැටි ලබාගැනීමට ආයතන ගණනාවකින් අනුමැතිය ලැබිය යුතු වේ. ග‍්‍රාමසේවා නිලධාරී, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ප‍්‍රාදේශීය ලේකම්, භූවිද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය ආදී අංශවලින් අනුමැතිය ලබාගැනීමට සිදු වී ඇති අතර, ඒ සඳහා දීර්ඝ කාලයක් ගත කිරීමට ද සිදු වී ඇත. ඒ දීර්ඝ ගමනකින් පසු මැටි කියුබ් එකක මිල රුපියල් 750ක් පමණ වන අතර, මිල ඉහළ යාමද සිදු වේ. නිෂ්පාදන සඳහා දර සොයා ගැනීමටද රාජ්‍ය තන්ත‍්‍රයෙන් විධිමත් සහාය ලැබී නැතිබවද වාර්තාවේ. කැලෑවලින් දර සපයා ගැනීමටද බාධා සිදුවී ඇත. වැලි ප‍්‍රවාහනයට තිබූ නීති රීති පිඟන් සංස්ථාවටද වැලි ප‍්‍රවාහනයේ දී තදින්ම බලපා තිබිණි. රාජ්‍ය මට්ටමින් හෝ ආයතන ප‍්‍රධානීන්ගේ මට්ටමින් අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා සහනදායී වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක නොවූ බව වාර්තාවේ. පිඟන් නිෂ්පාදන අංශය විකුණා දැමීම ප‍්‍රථමයෙන් සිදු වී තිබෙන අතර අනෙකුත් පිඟන් නිෂ්පාදකයා සමග ඉහළ ප‍්‍රමිතියෙන් යුතු පිඟන් සමඟ තරගකාරී වෙළෙඳපොළට පිවිසීමට දුෂ්කර කරුණක් වී තිබූ බවද වාර්තාවේ. උළු නිෂ්පාදන ආයතන 8ක් පැවැති අතර, එයින් බංගදෙනිය හා කුරුණෑගල කර්මාන්තශාලා වසා දමා ඇත. මහියංගණය, අම්පාර, බිංගිරිය, යටියන, අනුරාධපුර, ඇඹිලිපිටිය යන ප‍්‍රදේශවල ද උළු කර්මාන්තශාලා පවතී. මෙයින් මහියංගණය කර්මාන්තශාලාවේ ටෙරාකොටා හා වටිනා උළු වර්ග නිෂ්පාදනය කෙරුණි. දේශපාලන බලපෑම්, නොසැලකිල්ල, ඇතැම් නිලධාරීන්ගේ ඳූෂණ වංචා හා ඒවා පිළිබඳව විනයානුකූල පියවර නොගැනීම පිඟන් සංස්ථාව පිරිහීමට හේතු වූ බව සේවකයන්ගේ අදහස වී ඇත. වර්ෂ 2007 සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 2ක් වීඇති අතර, 2008 දී එම පාඩුව රුපියල් කෝටි 4ක් වීඇති බව ලංකා පිඟන් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සඳහන් කරයි. මීට අමතරව සේවකයන් සඳහා අර්ථ සාධක අරමුදල් ගෙවා නැති බවද වාර්තාවේ. මෙම අර්ථ සාධක මුදල් සඳහා මිලියන 30ක පමණ මුදලක් ගෙවීමට හිඟ පවතී. මෙසේ වූයේ ඇයි? අපි රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමති දයාශ‍්‍රිත තිසේරා මහතාගෙන් විමසීමු. පාඩු ලබන ආයතන වසා නොදමා නැවත ආරම්භ කළයුතු බවට විපක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරු පවා ප‍්‍රසිද්ධියේ දැනුම්දීම කර තිබුණා. එසේම මෙම ආයතනවල දැනට රඳවා ගෙන සිටින සේවක කොටස් සඳහා භාණ්ඩාගාරය අතිවිශාල මුදලක් වැය කරනවා. ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවක වැටුප් සඳහා රුපියල් ලක්‍ෂ 40ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නවා. මෙම ආයතනවලින් රටට ලාභයක් ප‍්‍රයෝජනයක් ලබාගැනීම සඳහා ඒවා ආයෝජකයන්ට පැවරීමට තීරණය කළා. ඒ අනුව ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් ඉංජිනේරු සමාගමට වසර 30කට බදුදීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා රුපියල් ලක්‍ෂ 6000ක මුදලක් තක්සේරු කර තිබෙනවා. මීට අමතරව නිෂ්පාදන ආරම්භ කළ පසු බදු මුදලක් අය කිරීමටද, තීරණය කර තිබෙනවා. රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත රජය ඉදිරිපත් කරන ලංසුවට වඩා වැඩි මුදලකට මෙම ආයතන බදුදීමට තීරණය කළා. ඒ අනුව බලාපොරොත්තු බදු මුදල ලැබුණු නිසා ඇඹිලිපිටිය කඩදාසි කම්හල බදුදීමට තීරණය කළා. කන්තලේ සීනි කර්මාන්තායතනයට විදේශ ආයෝජකයන් 28ක් ඉදිරිපත් වී සිටිනවා. ඔවුන් තෝරාගැනීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. පිඟන් සංස්ථාව අලෙවි කිරීම සඳහා රජයේ ලංසුවට ගැළපෙන පරිදි ආයෝජකයන් මෙතෙක් ඉදිරිපත් වී නැහැ. රජයේ ලංසුවට අඩුවෙන් කිසිම රාජ්‍ය ආයතනයක් බදු දෙන්නේ නැහැ. රටට අවාසිදායක වන ආකාරයට කිසිදු ගනුදෙනුවක් සිදුවන්නේ නැහැ.
රතන් ටාටා මානව ගුණාංගවලින් පරිපූර්ණ අද්විතීය මිනිසෙකි. ඔහු අසීමිත ලෙස ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට ආදරේ කළ අයෙකි. ඉන්දියාව ද ඔහුට පෙරළා ආදරය කළේය. රතන්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බ
නොවැම්බර් 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) අවසන් විය.
ආසියාවේ උසම කුලුන වශයෙන්ද සලකනු ලබන නෙළුම් කුලුන දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා මෙම සංචාරක මධ්‍යස්ථානය මරණ මංචකයක් බ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ 24 වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මේ වනවිට ශ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රාජ්‍ය ආයතන තුනක් විනාශ වූ හැටි
නිත්‍යා Saturday, 12 January 2013 03:41 PM
මේවා මෙසේ විනාශවිමට ඉඩදීමෙන් රටේ ආර්ථික තවත් පිරිහෙනවා. මේවා නඟා සිටුවීමට ඉක්මනින් කටයුතු යෙදිය යුතුයි (ස)
සමරසිරි නානායක්කාර Saturday, 06 September 2014 01:29 PM
මෙවෙනි දේ කිරීම ඉතාමත් හොඳයි. මම මේ දේ අගේ කරනවා. මෙවෙනි දේ තවතවත් ප්‍රචාරය කරන්න (නදී)
ජේ.එච්.එම්.ජයතිලක Friday, 09 September 2011 10:33 AM
ජනපතිතුමනි, ඒම ආයතන ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම පිණිස දායක වූ ආයතන තුනකි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට උපෙදස් දී එම ආයතන තුනම නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.