IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


රාජකාරියේදී දිවි පිදූ මුල්ම පොලිස් සුනඛයා බොබී

රාජකාරියේ නිරතව සිටියදී මියගිය මුල්ම පොලිස් නිලධාරියා ලෙස පොලිස් ඉතිහාසයේ ලියවී ඇත්තේ මැලේ ජාතික තුසිත් සභාන් නමැති පොලිස් කොස්තාපල්වරයාගේ නමය.

 

5
උතුවන් කන්දේ සරදියල් අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ සහාන් වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී මිය ගියේ 1864 වසරේ මාර්තු මාසයේ 21 වැනිදාය. 
රාජකාරියේ දී දිවි පිදූ පළමු පොලිස් නිලධාරිනිය ලෙස පොලිස් ඉතිහාසයේ සනිටුහන් වී තිබෙන්නේ කාන්තා කොස්තාපල් යසෝමැණිකේ ය.


මුහුණු ආවරණය කර පැමිණි සන්නද්ධ කණ්ඩායමක් නිවසේ සිටිය දී ඇය පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළේ 1982 වසරේ ජුලි මාසයේ 26 වැනිදාය.


යසෝමැණිකේ එතකොට රාජකාරිය කරමින් සිටියේ මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තවය.


බොබී පොලිස් නිල සුනඛයෙකි.


බොබී කියන්නේ එසේ මෙසේ පොලිස් නිල සුනඛයෙක් නොව ප්‍රභූ ආරක්ෂාව සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ සුනඛයෙක්ය.


රාජකාරියේ නිරතව සිටියදී එයට අදාළ පුහුණුවීම් කටයුතුවල නිරතව සිටි අතරවාරයේ මියගිය මුල්ම පොලිස් නිල සුනඛයා වන්නේ බොබීය.


පොලිස් නිල සුනඛ සේවය මෙරට මුලින්ම ආරම්භ කළේ 1948 වසරේ දෙසැම්බර් මාසයේ පළමුවැනිදාය. 


මීට වසර 68කට පමණ ඉහතදී පොලිස් නිල සුනඛ සේවාව ආරම්භ කළාට පස්සේ රාජකාරි පුහුණුවීම් ලබමින් සිටියදී බොබී මිය යන්නේ ගාලු කොටු පවුර මතින් බිමට ඇද වැටෙමිනි.


බොබී මිය යන්නේ 2014 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදාය.


මහනුවර අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත බොබී පරිත්‍යාග කර ඇත්තේ ඌගේ හාම්පුතා විසිනි. 


බොබී අපේ රටේ ජන්ම - ලාභය ලැබූ සුනඛයෙක් වීම ද විශේෂයි.


 පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකොන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මාස හයක පමණ කාලයක් බොබී පුහුණුවීම් ලබන්නේ ප්‍රභූ ආරක්ෂාව හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙනි. 


ජර්මනිය, ඕස්ටේ්‍රලියාව හා ඇමෙරිකාව යන රටවලින් නිල සුනඛ පුහුණුවීම්වලට අදාළව විශේෂ පුහුණු පාඨමාලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වීරකොන් මහතා හදාරා ඇත.


බොබී පොලිස් නිල සුනඛයෙක් ලෙස පුහුණුවීම් ලබා ගැනීමට පැමිණෙන්නේ 2009 වසරේදීය.


මාස හයක පමණ පුහුණුවීම්වලින් පසු බොබීගේ හාම්පුතා වන පොලිස් කොස්තාපල් එම්.ඒ. සුරංග (72872) සමග මුලින්ම රාජකාරියට යන්නේ හොරණ මූලස්ථාන පොලිසිය වෙතය.


හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්තව අවුරුද්දක පමණ කාලයක් සිය හාම්පුතා වන කොස්තාපල් සුරංග මහතා හා එක්ව රාජකාරි කරන බොබී ස්ථාන මාරුවීමක් ලබා ඊළඟට යන්නේ ගාල්ල මූලස්ථාන පොලිසිය වෙතය. 


ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හෝ වෙනත් ප්‍රභූවරයකු ප්‍රදේශයට පැමිණීමට කලින් ඒ ප්‍රභූවරයා පැමිණෙන ස්ථානය අවට බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය අටවා තිබෙන්නේ ද කියා සොයා බැලීම හා ප්‍රභූවරයාට ආරක්ෂාව සැපයීම බොබීට පැවරී තිබූ රාජකාරිය වන්නේය.


බොබීගේ ඒ රාජකාරිය හදිසි අනතුරකට ලක්ව මිය යන තෙක්ම නොපිරිහෙලා ඉටුකර ඇත්තේ දිවා රෑ නොබලාය.


පොලිස් නිල සුනඛ බොබීට අත්වූ ඉරණම ගැන සිය මතකය අවදිකරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකොන් මහතා මෙසේ කීය.


රාජකාරි කටයුතුවලට අදාළව සෑම පොලිස් නිල සුනඛයෙක්ම ඉරිදා දවස්වලට හැර අන් සෑම දිනකම උදේ හා සවස නියමිත අභ්‍යාස හා පුහුණුවීම්වල නිරත වෙනවා. බොබී ද ඔය කියන දවසේ කොස්තාපල්වරයා සමග නියමිත පුහුණුවීම්වල නිරතව සිටියා. මේ පුහුණුවීම් කරමින් සිටියේ ගාල්ලේ කොටු පවුර මත සිටයි. කොස්තාපල්වරයා ලබාදුන් අණකට අනුව බොබී දිව යද්දි කොටු පවුර මතින් බිමට ඇද වැටී තිබෙනවා. මේ බිම වැටීමෙන් පස්සේ බොබී මිය ගියේ. රාජකාරියේ නිරතව සිටියදී එයට අදාළ පුහුණුවීම් ලබා ගනිද්දී මිය ගිය මුල්ම නිල සුනඛයා ලෙස පොලිස් ඉතිහාසයට එක් වන්නේ ඔය විදිහටයි. 


ගාලු කොටුපවුරෙන් බිමට ඇද වැටුණු සැණින් බොබී මිය ගියේ නැත.


වේදනාවෙන් කෙඳිරි ගාමින් සිටි බොබීව කඩිනමින් ගාල්ලේ පිහිටි පශු වෛද්‍ය කාර්යාලයට ගෙන ගොස් ඇත්තේ ඌගේ හාම්පුතා වන සුරංග මහතාය. 
පශු වෛද්‍යවරුන් බොබීගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් ඇත.


 සිරුර කපා පරීක්ෂාකර බැලූ පශු වෛද්‍යවරයා පවසා ඇත්තේ අභ්‍යන්තර ලේ වහනය වීම නිසා බොබී මිය යාමට හේතුව බවය. 


බොබී වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කෙරුණේ ගාල්ල නිල සුනඛ කොට්ඨාසය තුළදීය.


ආගමික වතාවත්වලින් පසු ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී බොබීගේ අවසන් කටයුතු සිදු කළේ පොලිස් ගෞරවාචාර මැද ය. 


බොබීට රාජකාරි කිරීමට ඉඩකඩ ලැබුණේ වසර පහක පමණ කාලයකි. බොබී අකාලයේ මරු වැළඳගත්තේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි.

m



අදහස් (0)

රාජකාරියේදී දිවි පිදූ මුල්ම පොලිස් සුනඛයා බොබී

සාමා Wednesday, 11 May 2016 10:58 PM

ඔබට පින්වත් මිනිස් ආත්මයක් ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 36 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 338 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site