IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


මිහිදන් කර ටික දිනකින් යළි නිවසට පැමිණි මිනිසකුගේ අරුම පුදුම කතාව

මෙලොව උපදින කිසිවකු කිසි විටෙක අත්නොදකින අත්දැකීමක් විඳගන්නට කළුතර කිතුලාව මෙනේරිතැන්න බිහාරිමුල්ලේ පදිංචි 74 හැවිරිදි හේවාසූරියගේ ධර්මසිරි නොහොත් ධර්මසිරි බාස්උන්නැහේට පසුගියදා ”වාසනාව” උදාවිය. ඒ තමාගේම මරණ සහතිකයත්, ගස්වල හා තාප්පවල අලවා තිබූ තමාගේම මරණ දැන්වීමත්, තම අවසන් කටයුතු සිදු වූ ආකාරය දැක්වෙන සී.ඞී. තැටිය හා ඡායාරූප දැකබලා ගන්නට ලැබීමත්ය. කෙසේ වෙතත් මෙම සිද්ධිය රටේ ආන්දෝලනයට තුඩු දුන් එකක් විය.

 

දැන් ජීවත්වන්නේ මරණ සහතිකය අතේ තියාගෙන

මේ පසුගිය සැප්තැම්බර් මස 22 වැනි දිනයයි. කළුතර කටුකුරුන්ද පැටි‍්‍රක් පීරිස් මාවතේ කෙළවර දුම්රිය මාර්ගයට ද එහායින් පොල් ඉඩමේ පුද්ගලයෙකු වස පානය කොට වැටී සිටින බවට දකුණු කළුතර පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබුණි. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක පී.එල්. උඩවත්ත මහතා දුන් නියෝගය මත පොලිස් නිලධාරීන් එහි ගොස් වැටී සිටි පුද්ගලයා රැගෙන ගොස් කළුතර නාගොඩ මහා රෝහලට ඇතුළත් කළහ. එහෙත් ඔහු කාගේ කවුදැයි දැන ගැනීමට නොහැකි වූයේ ඔහු සිහිසුන්ව සිටි නිසාය. ඔහු වැටී සිටි තැන තිබී අඩක් හිස්වූ වස බෝතලයක් සහ අරක්කු කාලේ හිස් බෝතලයක් පොලිසිය මගින් සොයාගෙන තිබුණි. දින හතරක් තිස්සේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු 26 වැනිදා මිය ගියේය. එම සැප්තැම්බර් මස 26 වැනිදා අප පෙර සඳහන් කළ හේවාසූරිය ධර්මසිරි නොහොත් ”ධර්මසිරි බාස් උන්නැහේ” විසූ මෙනේරිතැන්නේ නිවසේ විශේෂ සිද්ධියක් විය. ”ඔය වයසට බොන්න හොඳද? සීයෙ බීලා නම්  එන්න එපා” යැයි මිනිපිරිය වූ උස්වත්ත ලියනගේ ලක්මිණි (අවු. 22) තම සීයාට කීවේ තරහට නොවේ. මත්පැන් පානය කොට මහ මග එනවිට කරදරයක් වේදෝයි ඇති වූ බිය නිසාය. එහෙත් ධර්මසිරි බාස් උන්නැහේට මිනිපිරියගේ කතාව එතරම් හිතට ඇල්ලූවේ නැත. ඔහු තම පෙදරේරු රැකියාවට උපයෝගී කර ගන්නා මේසන් හැන්දත්, ලඹ කැටයත්, මනිස් ලෑල්ලත්, ලෙවල් එකත් ආවුද මල්ලේ දමාගෙන ගෙදරින් පිටවිය. එසේ පැමිණි ඔහු කෙළින්ම ගියේ කළුතර කලමුල්ලේ පිහිටි තවත් දියණියකගේ ගෙදරටය. ”මෙන්න මේක පොඞ්ඩක් අරන් තියන්න” යැයි එම දුවට පැවසූ ධර්මසිරි බාස් උන්නැහේ එතැනින් පිටව ගියේය. මෙම ප‍්‍රශ්නය පටන් ගත්තේ එතැන් සිටය. පැය දින වී දින සති වී ඉක්ම ගියේය. ධර්මසිරි බාස් උන්නැහේ පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගන්නට කාහටත් නොහැකි විය. සැබැවින්ම ධර්මසිරි බාස්උන්නැහේ යනු අසාමාන්‍ය පුද්ගලයෙකි. අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු කළුතර ආවේ මීට වසර ගණනාවකට පෙරය. මැලැගම ගොඩගේ අනුලාවතී (අවු. 62) නම්වූ කාන්තාව ඔහුට මුණගැහුනේ ඒ ආ අවස්ථාවේදීය. තම ස්වාමියා අහිමිව දු දරුවන් 8 දෙනෙකු සමග ජීවත්වූ ඇයට ධර්මසිරි බාස් උන්නැහේ පිහිට විය. තමාට දරුවන් නොමැති වුව ද ඔහු සැබවින්ම එම දරුවනට පියෙක් විය. තමා දුක් මහන්සියෙන් ඉපැයූ දෙයින් ඔවුන් පෝෂණය කළේය. එම දරුවන්ට මෙන්ම දරුවන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඔහු සැබවින්ම ආදරය කළේය. එම දරු මුණුපුරන් ද ඔහුට පෙරළා ආදරය කළේ ඒ අයුරිනි. දන්නා හැම තැනම මෙම පියාව සොයා බැරිවූ තැන ඔක්තෝබර් මස 01 වැනිදා වැඩිහිටි දිනයේ දී දකුණු කළුතර පොලිසියට පැමිණි මිනිපිරිය වූ ලක්මිණි පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ”සීයේ මත්පැන් බොන්නට එපා” යැයි තමා කී පසු ඔහු නිවසින් පිටව ගිය බවය. කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ නාඳුනන අයෙකුගේ මළ සිරුරක් තැන්පත් කර ඇති බවට ඔවුනට දැනගන්නට ලැබුණේ ඉන් අනතුරුවය. ඔක්තෝබර් මස 03 වැනි දින කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගිය ඔවුහු දේහ ලක්ෂණ අනුව ඒ අතුරුදන්ව සිටි ”ධර්මසිරි බාස් උන්නැහේ” බව හඳුනාගත්හ. කළුතර බද්ද මරණ පරීක්ෂක ඩබ්ලිව්. රෝයි ඒ. ද සිල්වා මහතා ඉදිරියේ මේ පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වෙද්දී දකුණු කළුතර පොලිසියේ කොස්තාපල් (56984) ධර්මකීර්ති මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කුරුකුලසූරියගේ ලලනි පෙරේරා (අවු. 50) යන අය කියා සිටියේ මොහු තම මවගේ දෙවැනි විවාහයේ ස්වාමිපුරුෂයා බවයි. පෙදරේරුවකු වූ මොහු නිරෝගීව සිටි බවත් දිනපතා මත්පැන් පානය කළ බවත් සැප්තැම්බර් මස 26 වැනි දින සවස 5 පමණ නිවසින් පිටව ගිය පසු ආපසු නොපැමිණි බවත් ඇය කියා සිටියාය. ඉන්පසු කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ දී එම මළසිරුර හඳුනා ගත් බවත් මරණය ගැන සැකයක් නැති බවත් ඇය තවදුරටත් කියා සිටියාය. කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.එල්.එල්. ජයසිංහ මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද සලකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මෙම මරණය වස පානය කිරීමෙන් සිදුකරගත් සිය දිවි හානි කර ගැනීමක් බව නිගමනය කළේය. ඒ අනුව මළසිරුර නිවස වෙත ගෙන ගිය ඔවුහු ඉන් දින තුනකට පසු මහ සඟරුවන වඩමවා ආගමික වතාවත් කර ඉහළම ගෞරවය ලබා දී මළසිරුර භූමදාන කළහ. ඉන්පසු දානමය පිංකම් ද මහත් ඉහළින් සිදුකළ අතර ඔහුට පිං පිණිස විහාරස්ථානයට සිමෙන්ති කොට්ට දෙකක් ද පූජා කරන ලදී. ඔවුන් මළගම වෙනුවෙන් විශාල මුදලක් වැයකර තිබුණි. මළසිරුර ධර්මසිරි බාස් උන්නැහේගේමදැයි අසල්වාසීන් සැක කළ අතර එය ඔහුගේම බව දරුවන් කියා සිටියහ. කාලය ගෙවී ගොස් ඔක්තෝබර් 21 දිනට උදාවිය. අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ තම ඥාතියෙකුගේ නිවසට ගොස් සිටි ධර්මසිරි බාස් උන්නැහේ බස් රියෙන් බැස කළුතර කලමුල්ලේ පදිංචි දියණියගේ නිවසට ගොඩවෙත්ම එම නිවසේ සිටි පිරිස තුෂ්නිම්භූත වී බලා සිටියහ. ගස්වල තාප්පවල අලවා තිබූ තම ඡායාරූපය සහිත ”අනිච්ඡාවත සංඛාරා” පෝස්ටරය දුටු ධර්මසිරි බාස් උන්නැහේ ද තුෂ්නිම්භූත විය. මියගියේ ධර්මසිරි බාස් උන්නැහේ නොවන බව දැනගන්නා විට බොහෝ දේ සිදුව තිබුණි. මේ අතර සැප්තැම්බර් මස 21 වනිදා අඟුරුවාතොට ඌරුතුඩාව ප‍්‍රදේශයේ නිවසකින් ද පුද්ගලයෙකු අතුරුදන් වී තිබුණි. ඔහු 65 හැවිරිදි මොරඇඳගේ චනේරිස්ය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු හා බාල සහෝදරයන් දෙදෙනෙකු සිටින පවුලක එකම පිරිමි දරුවා වූ ඔහු අවිවාහකව මහගෙදර කාලය ගත කළේ තම සහෝදරියකගේ පවුලේ ඥාතීන් සමගය. කුලී වැඩ කරමින් ජීවත් වූ ඔහු පසුගිය කාලයේ සුළු අසනීප තත්ත්වයකින් පෙලූණේය. ”මම නම් උඹල කාටවත් කරදරයක් වන්නේ නැහැ..” යැයි ඔහු නිතරම කීවේ කාටවත් ආඩපාලි කීමට නොවේ. පසුගිය 21 වැනිදා සවස ඔහු නිවසේ බුදු පහන ද දල්වා තිබුණි. ඒ ඔහු ගෙදර සිටි අවසන් අවස්ථාවයි. ”චනේරිස් මාමා අපේ බස් එකෙන් ඇවිත් කළුතර බෝධිය ළඟ හෝල්ට් එකෙන් බැස්සා” මොරඇඳගේ චනේරිස් නම්වූ ඔහු ගැන අවසන් තොරතුරු ලැබී තිබුණේ හොරණ සිට කළුතර බලා ධාවනය වූ බස් රථයක දන්නා හඳුනන කොන්දොස්තර කෙනෙකුගෙනි. එතැන් සිට එම පවුලේ ඥාතීන් ඔහු නොසෙවූ තැනක් නැත. ත‍්‍රිකුණාමලයේ රෝහලේ මෘත ශරීරාගාරයේ නාඳුනන මළ සිරුරක් ඇතැයි දැනගන්නට ලැබී ඔවුන් එහි ද ගියහ. කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට ලද තොරතුරු අනුව එම පිරිස එහි එනවිට එම මළසිරුර වෙනත් පිරිසක් රැගෙන ගිය බවට දැනගන්නට ලැබුණි. ඉන්පසුව ඔවුන් නැවත තම ඥාතියා පිළිබඳව උනන්දු වූයේ ”ධර්මසිරි බාස් උන්නැහේ” ආපසු පැමිණි ආරංචිය මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමගය. ඔවුන් මළසිරුරේ ඡායාරූප හා චනේරිස් මාමාගේ ඡුායාරූප ගළපමින් ඒ තම ඥාතියා බව කියා සිටියහ. නැවත හඳුනා ගැනීම සඳහා මෙම මළසිරුර 26 වැනිදා උදේ යළි ගොඩගැනීමට නියමිතව තිබුණි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත උතුරු කළුතර පොලිසියේ උපපොලිස් පරීක්ෂක පද්මසිරි කුලතුංග මහතා ඇතුළු පිරිස වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සටහන හා ඡායාරූප -  කළුතර සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි
ජීවතුන් අතර සිටින හේවාසූරිගේ ධර්මසිරිගේ මරණ දැන්වීම ධර්මසිරි සිරුර නිවසේ තැන්පත් කර තිබියදී මහ සඟරුවන ආගමික වතාවත් ඉටු කරමින්



අදහස් (0)

මිහිදන් කර ටික දිනකින් යළි නිවසට පැමිණි මිනිසකුගේ අරුම පුදුම කතාව

වෙනුර Sunday, 28 October 2012 09:24 PM

මේක මිනිස්සුන්ට මුල අමතක තවත් කතාවක්. (නි)

:       0       0

නදී Monday, 29 October 2012 12:43 AM

නාදුනන මළ සිරුරක් ගෙනයාමට පෙර මීට වැඩිය සැළකිළිමත් වියයුතුයි. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 30 October 2012 03:17 PM

අඩු ගානේ අනුලාවතීටවත් බැරි වුණාද ධර්මසිරිව අදුර ගන්න (ස)

:       0       0

ෂිෆා Monday, 29 October 2012 02:34 PM

මේක ලෝක පුදුමයක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 28 October 2012 07:44 PM

අනිච්චාවත සංඛාරා! (නි)

:       0       0

අමිල Monday, 29 October 2012 03:07 PM

සාධු.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1870 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 592 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 678 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site