IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මවගේ මරණයෙන් කම්පනයට පත් හැරී කුමරු පහර දීමට පෙළඹෙයි

(රොයිටර් ඇසුරිනි  - සැකසුම නිලුක සඳුන් බණ්ඩාරනායක)

වසර විස්සකට පෙර  මියගිය තම මවගේ අභාවයෙන් ඇති වූ ශෝකය පාලනය කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගත් බව බ්‍රිතාන්‍ය හැරී කුමරු ලන්ඩන් නුවර ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශ කළේය.

1997දී පැරීසියේදී සිදුවූ රිය අනතුරකින් ඩයනා කුමරිය මිය යන විට ඇගේ පුත් හැරී කුමරුට වයස අවුරුදු 12 කි.
“ඇගේ අභාවයෙන් පසු මම අවස්ථා කිහිපයක දීම මානසිකව වැටුණා. එය මගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික කටයුතුවලටත් විශාල බලපෑමක් ඇති කළා“හැරී කුමරු කීවේය. 
 “ඇගේ අභාවයෙන් පසු ඇතිවුණු ශෝකය පාලනය කරගැනීම ඉතාමත් අපහසු වුණා. අම්මා ගැන සිතන්නට පවා මම අකමැති වුණා“
“හිතුවා කියලා මොකද වෙන්නෙ? ඒකෙන් වෙන්නේ මම තවත් දුකට පත් වෙන එක විතරයි. ඇය ගැන හිතුවා කියලා ඇය ආපසු එන්නේ නැහැනේ“ යයි ඩේලි ටෙලිග්‍රාප් පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හැරී කුමරු ප්‍රකාශ කළේය. 
 “හැඟීම්වලට මම කිව්වා ‘හරි, කීයටවත් හැඟීම්වලට කිසිම දේකට එන්න දෙන්න එපා“ යයි හැරී කුමරු සිය මවගේ මරණයෙන් වසර 20 කට පසුව මවගේ මතකය පිළිබඳ හඬ අවදි කළේය. 
මේ සම්බන්ධයෙන් උපකාර හා උපදෙස් ගන්නා ලෙසට ඔහුගේ වැඩිමල් සහෝදරයා වන විලියම් කුමරු කිහිප වතාවක් තමන්ව දිරිමත් කළ බව හැරී කුමරු කීවේය.
ඩයනා කුමරියගේ අකල් මරණයෙන් හැරී කුමරු කෙතරම් කම්පනයට පත්ව සිටියේදී යත් අවස්ථා කිහිපයකදීම ‘කාටහෝ පහරදීමට පෙළඹීම‘ හේතුවෙන් බොක්සිං  ක්‍රීඩා කිරීමට හැරී කුමරු පෙළඹුණේය. ඔහු වසර දෙකකට ආසන්න කාලයක් පූර්ණ ව්‍යාකූල තත්ත්වයෙන් පෙළුණේය.
ඩයනා කුමරිය 1981-1996 කාලය තුළ බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරු සමග විවාහ වී සිටියාය. ඔවුන් දික්කසාද වී දින කිහිපයකින් පසුව ඩයනා කුමරිය සහ ඇයගේ එවකට පෙම්වතාව සිටි ඩොඩී අල් ෆායිඩ් ගමන්ගත් මර්සිඩීස් බෙන්ස් රථය ප්‍රංශයේදී උමං මාර්ගයකදී අනතුරට පත්විය. මෙම අනතුරෙන් දෙදෙනාම මරු දුටහ. 
මිය යන්නට මොහොතකට පෙර ඇය ගමන්ගත් මෝටර් රිය පසුපස පැපරාසීන් යතුරු පැදිවලින් ලුහුබැඳ ගියහ. ඔවුන්ගේ අරමුණ වූයේ බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත් පත් සඳහා පෙම්වතුන් දෙදෙනාගේ ඡායාරූප සැපයීමයි. 
එංගලන්ත රජ කිරුළට දැනට සිටින උරුමක්කරුවන් අතරේ පස්වෙනි තැනට පත්ව සිටින හැරී කුමරු පැවසුවේ තමන්ට මව නැතිවීමේ සාංකාව තිබූ බවයි. නමුත් දැන් තමන් හොඳ තත්ත්වයකින් පසුවන බවද කුමරු කියයි.
හැරී කුමරු වසර 10 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළේය. දෙවරක් ඇෆ්ගනිස්ථාන යුද්ධවලටද ඔහු සහභාගී වුවේය. වර්තමානයේ දී ඔහු සමාජ සත්කාර සංවිධාන සමගින් කටයුතු කරයි. තුවාල ලැබූ හමුදා සෙබළුන්ට උපකාර කිරීමේ සංවිධානයක් සමගින් ද ඔහු කටයුතු කරයි. ඒ සඳහා විලියම් කුමරු හා ඔහුගේ බිරිඳ කැතරින් ද සහය පළකරයි. විලියම් කුමරු මානසික සෞඛ්‍ය පුණ්‍යයාතනයක් පවත්වාගෙන යයි. 
 “පසුගිය වසර දෙක හමාර තුළ වූ ක්‍රියාවලිය නිසා මට දැන් මගේ වැඩකටයුතු ගැඹුරින් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මගේ පෞද්ගලික ජීවිතයත් හොඳින් ගෙවීමට මට හැකියාව ලැබිලා තියෙනවා. මගේ ජීවිතය වෙනස් කරගන්න හැකි දේවල්වලට මගේ දහඩිය, කඳුළු වැය කිරීමට මට දැන් හැකියි“ හැරී කුමරු කීවේය.

ඩයනා කුමරිය විසින් හැරී කුමරු වඩාගෙන සිටියදී

ඩයනා කුමරිය අනුස්මරණ උද්‍යානයේ ඡායාරූප ගන්නා සංචාරකයන්

කෙන්සිංග්ටන් මාළිගයේ පිහිටි ඩයනා කුමරිය අනුස්මරණ උද්‍යානය



අදහස් (3)

මවගේ මරණයෙන් කම්පනයට පත් හැරී කුමරු පහර දීමට පෙළඹෙයි

wicky Monday, 17 April 2017 09:30 PM

තම මවගේ වියෝව ඕනෑම දරුවෙකුට දරාගන්න අමරුය් තමා. ඔය විදිහටම පොඩ්ඩක් හිතුවනම් එදා ඉදල තමන්ගේ මහා ලොකු රජ පවුල විසින් මුළු ලෝකේ පුරාම මොනතරම් මව්වරු, පියවරු, දරුවෝ, පවුල් පිටින් සමුල ඝාතනය කලද කියල. කොලුවෝ, මේ ලෝකේ එක ඇත්තක් තියෙනවා; රජකම් කලත් කළකම් පලදෙනව!

:       4       307

akila Tuesday, 18 April 2017 02:02 PM

ඔබේ හිතේ වෛරය පිරිලා ඉන්නේ. හැම රජ පවුලක් නිසාම මිනිස්සු මැරිලා තියෙනවා.

:       1       21

ගිහාන් ප්‍රනාන්දු Tuesday, 18 April 2017 06:20 PM

දරුවෙක්ට අම්මා නැති අඩුව රජකම ලැබුනත් පුරවන්න බෑ. වැඩිහිටියන්ගේ අමන ක්‍රියා නිසා දුක් විඳින්නේ දරුවෝ. රාජකීය පවුලකට එකතු වුනත්, කොතරම් රූප සම්පන්න වුනත් දරුවො ඉන්න අම්ම කෙනෙක් විදියට ඩයනා කරපු දේ නම් ඉතාමත් වැරදියි. කොහොම වුනත් ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්න වීම පිළිබඳව නම් කණගා‍ටුයි.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 77 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site