IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මියගිය මවගේ කුසෙන් දරුවා බේරාගත් විස්මිත සැත්කම

 14_Nimthera_P1_Back

 

සැත්කමක් කළයුතු නියමිත ක්‍රියාදාමය පසෙක ලා ජීවිතයක්  බේරාගන්නට ගාල්ල මහමෝදර රෝහලේ වෛද්‍යවරු පිරිසක් කළ විස්මිත සැත්කමක් පිළිබඳ කතාවකි මේ.


මියගිය ගැබිනි මවකගේ කුසයේ සිටි දරුවා බේරා ගන්නට රෝගීන් ලියාපදිංචි කරන අංශයේම සිදුකළ සැත්කමට ගියේ විනාඩි දෙකක් වැනි කෙටි කාලයකි. ක්‍රමවේදයටම අනුව ශල්‍යාගාරයේම සැත්කම සිදුකළේ නම් කාලය ගෙවී ගොස් මවගේ පමණක් නොව බිලිදාගේ ජීවිතයද අහිමි වෙන්නට ඉඩ තිබුණි. මේ කතාවට අපි සවන් දෙමු.


-.....ට්‍රොලිය මත සිටි ගැබිනි මවගේ හිසෙන් රුධිරය වහනය වෙමින් තිබුණා. ඒ වනවිටත් ඇය මිය ගොස් සිටියා. ට්‍රොලිය මතම තබාගෙන විනාඩි දෙකක් වගේ කාලයක් ඇතුළත සිසේරියන් සැත්කමක් කරලා බබා එළියට ගත්තා.” යැයි හදිසි අනතුරකට ලක්ව මියගිය ගැබිනි මවගේ කුස තුළ සිටි දරුවා බේරාගැනීම සඳහා සිසේරියන් සැත්කම සිදුකළ ප්‍රසව හා නාරිවේද පිළිබඳ  පශ්චාත් උපාධි පුහුණුව හදාරමින් සිටින වෛද්‍යවරයකු වන වෛද්‍ය මදුෂාන් විරසිංහ මහතා කිවේය.

2
ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ බාහිර  ප්‍රතිකාර අංශයේ ට්‍රොලි නවතා ඇති කොටස (රෝගීන් ලියාපදිංචි කරන ස්ථානයේ) ක්ෂණිකව නිර්මාණය කරනු ලැබූ ජංගම ශල්‍යාගාරයක් බවට පත්කොට මෙම සැත්කම සිදු කිරීම විශේෂ සිද්ධියකි.


දරු ප්‍රසුතිය සඳහා මහමෝදර මාතෘ රෝහලට ත්‍රිරෝද රථයකින් රැගෙන එමින් සිටියදී උඩුගම බලා ධාවනය වූ ලංගම බස් රථයක හැපීමෙන් වූ අනතුරකින් ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියේ කළුවදේව චන්ද්‍රිකා ප්‍රියදර්ශනි (25) නැමති ගැබිනි මවකි.


 වෛද්‍ය මදුෂාන් විරසිංහ මෙම විස්මිත සැත්කම පිළිබඳ අදහස් දක්වමින් මෙසේද කිවේය. 


“මේ සිද්ධිය වූ දවසේ 02 වාට්ටුව තමයි  අදාළ දිනට  රෝගීන් ඇතුළත් කිරීමට නියමිතව තිබුණේ. මා වාට්ටු සංචාරය කරමින් ඉන්න විට මට පණිවුඩයක් ලැබුණා, හදිසි අනතුරට ලක්වූ ගැබිනි කාන්තාවක් ඇවිත් ඉන්නවා කියලා. අනික් වෛද්‍යවරු සමඟ මම එතනට දුවගෙන ආවා. ට්‍රෝලිය මත ගැබිනි කාන්තාවක් හිටියා. ඇගේ හිසෙන් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබුණා. වෛද්‍ය සමරසිංහ මහත්තයා අම්මා මිය ගොස් ඇති බව සනාථ කරලා තිබුණේ. අම්මා මිය ගිහින් බබාගේ ශබ්දය ඇහෙනවා කියලා ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ කළංසුරිය සර් දැනුවත් කළා. ළදරු ඒකකයේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත් කළාට පසු ක්ෂණයකින් අවශ්‍ය උපකරණද රැගෙන ඒ අය පැමිණියා.”


“මියගොස් සිටි අම්මා ශල්‍යාගාරයට රැගෙන ගොස් ශල්‍යකර්මය කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අපේ කාර්ය මණ්ඩලය ක්ෂණිකව බාහිර ප්‍රතිකාර අංශයේ ජංගම ශල්‍යාගාරයක් නිර්මාණය කරලා දුන්නා. ට්‍රෝලිය මත තබාගෙන විනාඩි දෙකක් වගේ කාලයකින් බබා සිසේරියන් සැත්කමක් කරලා එළියට ගත්තා. බබා එළියට ගෙන ළදරු ඒකකයේ වෛද්‍යවරුන්ට භාර දුන්නා. අම්මාගේ උදරය කැපුවත් රුධිරය වහනය වුණේ නැහැ.  ගර්භාශය සුදුවෙලා තිබුණේ. බබා නිල්පාට වෙලා හිටියේ. පොඞ්ඩක්වත් ඇඩුවේ නැහැ.”


ළදරු ඒකකයේ වෛද්‍යවරුන්ට බබා දුන්නා. පසුව ඒ අය බබාට කෘතිම ස්වසනය ලබා දීලා පෙනහලු_ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කළා. මේ වනවිට බබා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. දැන් බබාට කෘතිම ස්වසනය ලබා දෙන යන්ත්‍රය ගලවලා තියෙන්නේ. ඒ බබා පිරිමි දරුවෙක්. මේ වගේ අත්දැකීමකට අපි කවුරුවත් මුහුණ දීලා නැහැ. මහමෝදර රෝහල් ඉතිහාසය දිහා බැලුවත් මෙහෙම දෙයක් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. වෛද්‍ය රසානිත් උදව් කළා. සුළු සේවකයාගේ සිට හෙද හෙදියන්, ළදරු ඒකකයේ වෛද්‍යවරු ඇතුළු සියලු දෙනා  කාර්යක්ෂමව එක කණ්ඩායමක් ලෙස වැඩ කළ නිසා තමයි බබා බේරාගැනීමට හැකිවුණේ. නමුත් අම්මා නැතිවීම ගැන කනගාටුවක් තියෙනවා. යැයි වෛද්‍ය මදුෂාන් විරසිංහ මහතා කිවේය.


 මේ අවස්ථාවේ රෝගීන් ඇතුළත් කිරීමේ අංශයේ සිටි ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය වයි.ඒ.කේ. සමරසිංහ මහතා එදා සිද්ධිය මෙසේ සඳහනක් කළේය.
“ඉකුත් 04 වැනි දින 8.20ට විතර ඇති. මම තමයි එදා මහමෝදර රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ රෝගීන් ඇතුළත් කරමින් සිටියේ.  කෙනෙක් කෑගහගෙන අම්මා කෙනෙක් රැගෙන එනවා දැක්කා. මම මුලදී හිතුවේ බබෙක් හමුවෙන්න ඔන්න මෙන්න ඉන්න අම්මා කෙනෙක් කියලා. ඇතුළත් කරමින් සිටි රෝගියා ඇතුළත් කිරීමත් නතර කරලා. මම එළියට ආවා. ත්‍රිරෝද රථයකින් අම්මා කෙනෙක් දාගෙන ආවා. ඇගේ හිසෙන් රුධිරය වහනය වෙමින් තිබුණා.”


“ඉක්මනටම ට්‍රොලියට දාගත්තා. අවශ්‍ය මුලික ප්‍රතිකාර කළා. පසුව රුධිර පීඩනය, නාඩි වැටීම පරීක්ෂා කළා. ස්වනය හා හදවත් වැඩ කරනවාද කියලා පරීක්ෂා කළා. ඒ කිසි දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඇසේ තත්ත්වය පරීක්ෂා කළා. ඒ වනවිට අම්මා මිය ගොස් සිටි බවට මා තීරණය කළා. අම්මාගේ බඩ දිහා බලනවිට දැනුණා බබා දගලනවා. බඬේ ඉන්න දරුවා බේරාගන්න පුළුවන් කියලා හිතුනා. පස්සේ මේ ගැන ප්‍රසව හා නාරිවේද පිළිබද විශේෂඥ වෛද්‍ය හර්ෂ කළංසුරිය මහත්තයා සහ රෝහල් අධ්‍යක්ෂතුමිය දැනුම්වත් කොට අවශ්‍ය උපදෙස් ලබා ගත්තා.


 බබාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා උපදෙස් දුන්නා. අපට කාලයක් තිබුණේ නැහැ ශල්‍යාගාරයට අම්මා ගෙනියන්න. ඒ වනවිටත් බබාගේ ශබ්දය  අඩුවෙමින් තිබුණා. විනාඩි දෙක තුනක් ඇතුළත බබා එළියට ගැනීමට අවශ්‍ය වුණා. වෛද්‍ය මදුෂාන් එම ස්ථානයට ඇවිත් හිටියා. ක්ෂණිකව ජංගම ශල්‍යාගාරයක් නිර්මාණය වුණා.  ට්‍රොලිය උඩම තියාගෙන ශල්‍යකර්මයක් කරලා බබා ගැනීමට තීන්දු කළා. එකම කණ්ඩායමක් විදියට වැඩ කරපු නිසා තමයි මේ බබා බේරාගන්න පුළුවන් වුණේ. අම්මා රෝහලට ඇතුළත් කොට විනාඩි 13කටත් වඩා අඩු කාලයක් තුළදී දරුවා අරගෙන ළදරු ඒකකයේ වෛද්‍යවරුන්ට ලබාදෙන්න පුළුවන් වුණා.” යැයිද වෛද්‍ය සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


බොහෝ දෙනා තම රාජකාරිය පමණක්ම ඉටුකරන මෙවන් කාලයක තම ක්‍රමවේදය පසෙකලා ජීවිතයක් බේරා ගැනීමට ගාල්ල මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියානි සේනාධීර මහත්මියගේ උපදෙස් පරිදි සියලු_ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කරන ලද මෙම කාර්යය සියලු_ දෙනාගේම ප්‍රශංසාවට ලක්විය යුතුය.

m



අදහස් (0)

මියගිය මවගේ කුසෙන් දරුවා බේරාගත් විස්මිත සැත්කම

උපාලි Monday, 15 August 2016 04:39 PM

මෙය ඇත්තටම අපේ වෛද්‍යවරුන්ගේ දස්කමක්.(හේ)

:       0       0

ඉසන්ක Monday, 22 August 2016 07:04 AM

පුදුමසහගතයි! (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 18 August 2016 06:56 AM

වෛද්‍යවරුන්ට සහ අනෙකුත් අයට අපගේ ඉමහත් ප්‍රණාමය පිරිනමමි! නමුත් මේ රියදුරාට උසාවියෙන් ඇප ලැබුනවිට අායෙමත් ඒ වරදම කරාවි. කවදද මොවුන්ට දඬුවම් දෙන්න හරි නීතියක් හැදෙන්නේ? අඩුම ගානේ සාමාන්‍ය පුරවසියෙක් නම් ලක්ෂ 50ක් සහ ගැබිණි කෙනෙක් නම් ලක්ෂ 100වත් වන්දි දෙන්න ඕනෑ. එහෙම දීලා අඩුමගානේ අවුරුදු 10ක්වත් හිරේ යවන්න ඕනෑ. එතකොට අඩුමගානේ හිත හදාගන්න පුළුවන් වෙච්ච දේ වුණා කියලා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 16 August 2016 01:03 AM

මෙවැනි විශ්වකර්ම ජීවකයන් සදා වාසනාවන් මගේ මව්බිමට! (නි)

:       0       0

නිමල් Monday, 15 August 2016 12:49 PM

මෙම කිරියාව ,බොහොම සැහැල්ලුවෙන් කතා කලට මෙහි තිබෙන බැරෑරුම් කම සුළුපටු නොවේ ,කොහොම නමුත් ජිවිතයක් බේරා ගැනීම අගේකල හැකි වැඩක්. (ර)

:       0       0

චමිල ලලිත් Friday, 19 August 2016 08:27 AM

නමුත් මෙම දරුවා සිය පියාට බාර දීම වෛය වරු ප්‍රතික්ෂේප කලේ ඇයි.මේ දරුවා තවම පරිවාස බාරයේද.ඉප දෙනකොට මව මිය ගියත් පියා සහා වැඩිමල් සහෝදරි මේ දරුවට ඉන්න වනේ (අ)

:       0       0

යසපාල Friday, 19 August 2016 08:55 PM

මිහිපිට දෙවිවරු ඔබයි

:       0       0

දේවික ප්‍රියදර්සනි සිරිවර්දන Wednesday, 17 August 2016 09:53 AM

මෙවැනි විශ්වකර්ම ජීවකයන් සදා වාසනාවන් (ම)

:       0       0

දයානි Wednesday, 17 August 2016 10:35 AM

අපේ වෛද්‍යවරු හරිම දක්ෂයි අප රටට වාසනාවක්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1754 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site