IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මොන අභියෝග ආවත් පක්ෂයත් රටේ ජනතාවත් වෙනුවෙන් මගේ ගමන මම යනවා

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා සමග මේ කතාබහ ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් මෙන්ම අලූතෙන් නිර්මාණය වී ඇති අභියෝග සම්බන්ධයෙනි. ප‍්‍රශ්නය: 2010 දෙසැම්බර් පක්ෂ සම්මේලනයෙන් පසුව ඔබ රටට කීවේ ”දැනටමත් මා දිනුම්”කියලයි. නමුත් දැන් හැරිලා බලනකොට ඔබ ඇත්තටම පරාදයි නේද? පිළිතුර: කිසිසේත්ම නෑ. වෙනදාටත් වැඩිය උඩින් දිනලා තියෙන්නේ.   ප‍්‍රශ්නය: ඔබ කොහොමද එහෙම කියන්නේ? පිළිතුර: මා එහෙම කියන්නේ මා වටා ඉන්න රටේ ජනතාවගෙන්.   ප‍්‍රශ්නය: රටේ ජනතාව ඔබ වටා ඉන්නවාකියලා කිව්වත් ඔබ ගහපු ”ගේම්” එකෙන් ඔබ පරාදයි” පිළිතුර: කිසිසේත්ම නෑ. පළමුවෙන්ම කිව යුතුයි මම ගේම් එකක් ගැහුවේ නෑ. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරණය කරලා පක්ෂය තුළ සෑම තලයකම හඬ පක්ෂය තුළ නියෝජනය කිරීම සඳහා අප දරපු ප‍්‍රයත්නය. මම ඒක ගේම් එකක් කියලා හඳුන්වන්නේ නෑ. ඒ ප‍්‍රයත්නය අතිශයින්ම සාර්ථක වෙලා තියෙනවා.   ප‍්‍රශ්නය: ඔබේ සටනේ එක් අරමුණක් වුණේ පක්ෂ නායකයා අවශ්‍ය නම් ඡන්දයෙන් තෝරන්න පුළුවන් ක‍්‍රමයක් හදන එක. ඒ පක්ෂ ව්‍යවස්ථා සංශෝධන සටන ඔබ ජය ගත්තා. නමුත් මේ මොහොත වනවිට ඔබේ පක්ෂ නායකයා තමන්ගේ නායකත්ව කාලය වසර හයකට දික් කරගෙන තියෙනවා. ඉතින් ඔබ පරාදයිනේ? පිළිතුර: නෑ කිසිසේත්ම නෑ. එහෙම දෙයක් සිදුවෙලා නෑ. යෝජනාවක් ඇවිත් තියෙනවා. ඒ යෝජනා ක‍්‍රියාත්මක වීමට නම් පක්ෂ සම්මේලනයේ අනුමැතිය අවශ්‍යයි.   ප‍්‍රශ්නය: පොඞ්ඩක් හොයලා බලන්න. ඒ වගන්තියත් දැන් පක්ෂ ව්‍යවස්ථාවේ නෑ. පිළිතුර: නෑ, කිසිසේත්ම නෑ.   ප‍්‍රශ්නය: කොහොම නමුත් පක්ෂ නායකයාගේ කාලය වසර හයකින් දීර්ඝ කරගත් කෘත්‍යාධිකරී කමිටු රැස්වීමට ඔබ ගියෙත් නෑ. පිළිතුර: එදා මම හිටියේ අසනීපයෙන්.   ප‍්‍රශ්නය: එක්කෝ ඔබ ඒක දැනගෙන ගියේ නෑ, නැත්නම් ඔබ නොඑන බව දැනගෙන යෝජනාව එදා ඉදිරිපත් කළා? කොහොම නමුත් ඔබ නොයෑම එයට අනියමින් සහාය පළ කිරීමක් නේද? පිළිතුර: නෑ. ඒක අනියමින් සහාය පළ කිරීමක්  නොවෙයි. ඒක එහෙම වෙන්නනම් එහෙම එකක් එනවා කියල මම දැනගෙන ඉන්න එපැයි. මම ඇත්තටම බොහොම අමාරුවෙන් හිටියේ. කලාතුරකින් තමයි මට රැස්වීමක් දෙකක් අත හැරෙන්නේ. මොකද මම කොළඹට වෙලා පුටු රත් කරන දේශපාලනඥයෙක් නොවෙයි. රට වටේම ගිහිල්ලා පක්ෂය ශක්තිමත් කරන්න ගම් මට්ටමට, බිම් මට්ටමට නගර මට්ටමට පක්ෂය  සුරක්ෂිත කරන්න. කටයුතු කරන වෙහෙසන පුද්ගලයෙක් හැටියට මම බොහොම සක‍්‍රිය ප‍්‍රායෝගික දේශපාලන රටාවක් ක‍්‍රියාත්මක කරන්නෙක් හැටියට මම සමාන්‍යයෙන් නොයා ඉන්නේ නෑ. නමුත් මම  එදා හිටියේ ගිලන්ව. ඒ නිසයි මට ඒකට යන්න බැරි වුණේ. නමුත් මගේ මතය මගේ විරෝධතාව, වෙන කොතැනදීවත් නොවෙයි පක්ෂනායකතුමා ඉදිරි පිටදීම මා ප‍්‍රකාශ කළා. රත්නපුරයේ එජාප පාක්ෂිකයින් ඉදිරිටදීම.   ප‍්‍රශ්නය: පක්ෂ නායකයාගේ විතරක් නොවෙයි. නියෝජ්‍ය නායකයාගේ කාලයත් වසර හයකින් දීර්ඝ කෙරෙනවා කියලා ඔබට ආරංචියක් ආවා. ඒ නිසා ඔබට  ප‍්‍රශ්නයක් නැති නිසා ඔබ ගියේ නෑ කියලා කතාවකුත් තියෙනවා. පිළිතුර: නෑ වැරදියි. හෙට දවසේ මේ පක්ෂයේ සම්මේලනයකින් මට කිව්වොත් නියෝජ්‍ය නායකකමෙන් පලයන් කියලා ඒකත් මට ගැටලූවක් නොවෙයි. මොකද රටේ ජනතාව මාත් එක්ක ඉන්නේ. තනතුරු, තානාන්තර වරදාන, වරප‍්‍රසාද අහිමිවීම් මට කිසිම ගැටලූවක් නොවෙයි. මම මොන බාධකයක් මොන අභියෝගයක් ආවත් පක්ෂය ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් රටේ ජනතාව  වෙනුවෙන් මම මගේ ගමන යනවා.   ප‍්‍රශ්නය: රටේ ජනතාව ඔබත් එක්ක කියලා ඔබ කිව්වත් ඔබත් එක්ක හිටපු  මන්ත‍්‍රීවරුන් දැන් එක එක්නෙකා අඩුවෙමින් යනවා නේද? පිළිතුර: හැම පැත්තෙන්ම වර්ධනය වෙනවා. මාත් එක්ක ඉන්නවා කියන්නේ මම ගෙදර තියාගෙන නෑ. මන්ත‍්‍රීවරු   කොට්ඨාසයක්, මම දරන අදහස් උදහස්වලට අනුමැතිය දෙන ඔබ නොසිතන පිරිසක්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම තුළ ඉන්නවා. ඔවුන්ගෙ ආශිර්වාදය මට ලැබිලා තියෙනවා. ඒ වෙන මොකවත් නිසා නොවෙයි අපි පුද්ගලයෙක් ඉලක්ක  කරගෙන නොවෙයි අපි වැඩකටයුතු කරගෙන යන්නේ. අපි වැඩ කරගෙන යන්නේ පක්ෂයේ ජයග‍්‍රහණය  ඉලක්ක කරගෙනයි.   ප‍්‍රශ්නය: මන්ත‍්‍රීවරු විශාල පිරිසක් ඔබ සමග ඉන්නවා කියලා කිව්වත් පක්ෂයේ නිලවරණයේ දී ඔවුන්ගේ සහයෝගය ඔබට ලැබුණේ නෑනේ. එහෙම ඡන්දෙ නොදෙන හිතවත්කම මොකක්ද? පිළිතුර: ඇයි ඔබ එහෙම කියන්නේ?   ප‍්‍රශ්නය: නිලවරණයට ඉදිරිපත් කරන ඔබේ කණ්ඩායම පරාදයිනේ? පිළිතුර: ඒක මෙහෙමයි.  මම ඉදිරිපත් කරපු අපේක්ෂකවරුන් පරාජය කරනවා කියන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි මන්ත‍්‍රී කණ්ඩායමෙහි ඡුන්දෙන් ඒ අය පසුබෑමකට  ලක්වුණා. නමුත් මම පෙර කී  ආකාරයට ප‍්‍රාදේශීය සභා නගර සභා හා පලාත් සභා  හා පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ඡන්ද බලය ලැබුණුනම් තත්ත්වය වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. ප‍්‍රශ්නය: ඡන්ද බලය කෙසේ වෙතත් ඔබේ  පිල නියෝජනය කළ  ඇතැම් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අඩු තරමේ අපේක්ෂකත්වයවත් ලැබුණේ නෑ නේද? පිළිතුර: කවුද කියන්නේ. එක්සත් ජාතික පක්ෂය  දිනන මාර්ගයට ගෙන එන්න කටයුතු කරපු සියලූ පළාත් සභා මන්ත‍්‍රීතුමන්ලාට අපේක්ෂකත්වය ලැබුණා. ඔබතුමාට  ලැබිල තියෙන්නේ වැරදි  තොරතුරු?   ප‍්‍රශ්නය: ඔබ පිල  නියෝජනය කරපු  දයාසිරි ජයසේකර  මන්ත‍්‍රීතුමන් ඔබ අතහැරල  ආණ්ඩුවට යන බවට තොරතුරු පළ වුණා. පිළිතුර: ඒක බොරු කතාවක්.  මිථ්‍යාවක් විවිධ පිරිස්  කරපු  නිර්මාණයක් විතරයි.   ප‍්‍රශ්නය: ඔහු කැබිනට් ඇමැතිධුරයක් ඉල්ලූවා. එය ලැබුණේ නෑ,  වයඹ පළාත් මහ ඇමැති අපේක්ෂකත්වය ඔහුට දෙන්න පොරොන්දු වුණා. ඔහු එයට එකඟ වෙලා ඉන්නේ කියලයි තොරතුරු වාර්තා වුණේ. පිළිතුර: මම දන්න විදියට සම්පූර්ණ වැරදි කතාවක්. අමූලික අසත්‍ය පට්ටපල් බොරුවක්.   ප‍්‍රශ්නය: ඔබත් සමග හිටපු කරු ජයසූරිය මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය අහිමි වුණා. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අහිමි වුණා.  ඔබත් එක්ක ගියොත් ප‍්‍රතිඵලය මේක තමයි කියලා අනික් අය හිතනවා ඇතිනේද? පිළිතුර: එහෙම හිතන අයට  ඕනැ  ඕනෑ තීන්දු ගන්න පුළුවන්. නමුත් මං වටා එක්වන ජනතාව එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි. ලක්ෂ ගණනක් ඒ නිසා මා සම්බන්ධයෙන් දෙන අර්ථකථනවලට යම්යම් පුද්ගලයන් දරන දේශපාලන මතවලට මම සැලෙන්නෙ නෑ.   ප‍්‍රශ්නය: කරු ජයසූරිය මහතාට ඔබ නිසා බොහෝ දේවල් අහිමි වුනා කියලා හිතන්නේ නැද්ද? පිළිතුර: අනිවාර්යෙන්ම කරු ජයසූරිය මැතිතුමාට අතිවිශාල  වූ ජනප‍්‍රියත්වයක් හිමිවෙලා තියෙනවා. ජන බලය ජනතා ආශිර්වාදය තරම් උතුම් සම්පතක් තවත් නෑනේ.   ප‍්‍රශ්නය: නමුත් ඔහුට දැන් පක්ෂය තුළ බලයක් නෑ. වගකීමක් නෑ, ඔහු ඒ තත්ත්වයට පත්වුණේ ඔබ නිසා නේද? පිළිතුර: මම එහෙම දකින්නේ නෑ, මොකද ඇත්ත වශයෙන්ම එතුමා අද මේ මොහොතේ අතිශාල කාර්යභාරයක් ඉෂ්ඨ කරනවා. පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන්. ඇත්ත වශයෙන්ම එතුමා ඉන්න ස්ථාවරයේත්, එතුමා ඉන්න තලයේත්, එතුමා ඉන්න වගකීම්වලත් මගේ වගකීම්වලත් කිසිම වෙනසක් නෑ.   ප‍්‍රශ්නය: දයාසිරි ජයසේකර මන්ත‍්‍රීතුමා රෝසි සේනානායක, තලතා අතුකෝරාල, මන්ත‍්‍රීතුමියන්ලා ඇතුළු ඔබත් මග සිටි බොහෝ දෙනකුට පක්ෂයේ  කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි වුණා. එහෙම බැලූවාම ඔබ සමග සිටීමෙන් ඔවුන්ට බොහෝ  දේ අහිමි වුණා මිසක් හිමිවූ කිසිම දෙයක් නෑ නේද? පිළිතුර: මේ කිසිම කෙනෙක් මාත් සමග සිටියා නොවෙයි. මේ හැමෝම එකම මතයක හිටියා. ඒ මතය තමයි පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදිකරණය කළ යුතුයි කියන එක. ඉතින් හොඳ දෙයක් කරලා. යම්යම් දේවල් අඩුවුණා කියලා ඒ අයට ජනමතය අඩුවෙලා නෑ, එන්න එන්නම ජනතමතය වැඩිවෙලා තියෙනවා. විශේෂයෙන්ම මම පුන පුනා පක්ෂ්‍යට කියපු දෙයක් තමයි විවිධ අදහස් උදහස් දරණ හැම කෙනෙක්ම අපි එකතු කර ගත යුතුයි. ඒ එකමුතු භාවයෙන් ශක්තිය මගින් තමයි අපට  ජයග‍්‍රහණය කරා යන්න පුළුවන් කියලා. ඒ අයට තනතුරු වගකීම් හා වරප‍්‍රසාද අහිමි වීම මම දකිනවා වරදක් හැටියට. ඒ වගේම වැඩි කල් යන්න අවශ්‍ය නෑ නුදුරු අනාගතයේදීම ඒ අයට සියල්ලම වන්දිත් සමග ලැබේවි.   ප‍්‍රශ්නය: ඔබ එහෙම කිව්වත් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා පවා ඔබ ගැන විවේචනයක් කරලා තිබුණා. ඔබ ගැන විශ්වාසයක් තැබිය හැකිද කියන ප‍්‍රශ්නය ඔහු මතු කරලා තිබුණා. පිළිතුර: දයාසිරි ජයසේකර මන්ත‍්‍රීතුමාට විතරක් නොවෙයි  ඕනෑම කෙනෙකුට  ඕනෑම මතයක් දරන්න පුළුවන්. ඒ දරන හැම මතයක්ම මටත් දරන්න පුළුවන්. මටත් කියන්න තියෙන්නේ මම අවිශ්වාසනම් මාව බැහැර කරන්න. මාව විශ්වාසනම් මාත් එක්ක එකතු වෙන්න. එක් පුද්ගලයෙකු ඉලක්ක කරලා කියන දෙයක් නොවෙයි. රටේ ජනතාවටත් ඒක තමයි කියන්න තියෙන්නේ.   ප‍්‍රශ්නය: කොහොම වුණත් ඉදිරි වසර හයටත් පක්ෂයේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහත්මායි. පිළිතුර: ඒක ඔබතුමාගේ මතය. ඒ වගේම ඔබතුමා ඔය මතයට එළැඹෙන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිදුවුණු යෝජනාවක් නිසයි මම කියනවා. ඔය සියලූම යෝජනා හැම එකක්ම නීත්‍යානුකූල වන්නට නම් පක්ෂ සම්මේලනයේදී අනුමත විය යුතුයි. මේ යෝජනා ගෙනාවේ 92කින් සමන්විත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීයි. එතකොට ජනතාවට හිතාගන්න පුළුවන්නෙ ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා.   ප‍්‍රශ්නය: වසර හයක් සඳහා නායකත්වයට රනිල් වික‍්‍රමසිංහ මහත්මයා යන්නේ සිරිකොත ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ  ශ්‍රීනාත් පෙරේරා කමිටු අනුවයි. පිළිතුර: මෙහෙම ඔය කාරණය පිළිබඳව මම ඉදිරිපත් කරපු මති මතාන්තරවලට අමතරව විශේෂයෙන්ම මැතිවරණ සමයකදී ඒ ගැන ගැඹුරින් විග‍්‍රහ කරන්න යන්න නෑ. එහෙම කරනවා නම් මම පක්ෂයට කරන අගෞරවයක්. පක්ෂයේ  උන්නතිය තකා කටයුතු කරන පුද්ගලයෙක් හැටියට ඒ ගැන මේ වෙලාවේ වැඩිය කතා කරන්න යන්නේ නෑ. මම ඒක කරන්නම් මැතිවරණයෙන් පස්සේ.   ප‍්‍රශ්නය: ඔබ එහෙම කිව්වත් ඔබත් රනිල් වික‍්‍රමසිංහ මහත්මයත් සහභාගි වන රැුස්වීම්වලදී දෙපාර්ශ්වයේ ගැටුම මහජන ප‍්‍රදර්ශනයට ඉදිරිපත් වෙනවා. පිළිතුර: කොහේද කොහේදිද එහෙම වුණේ. ප‍්‍රශ්නය: පානදුරේදී බේරුවලදී   පිළිතුර: මං මේ කියන්නේ මැතිවරණ සමය ගැනයි. එජාපයේ අපි සියලූ දෙනාම පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපි අපේ කාර්ය භාරය ඉටු කරනවා. ප‍්‍රශ්නය: පක්ෂයේ ජයග‍්‍රහණය සඳහා ඔබේ කාර්ය භාරය නිසි ලෙස ඉටු කිරීමට ඔබට අවශ්‍ය බලය හා නිදහස ලැබිල තියෙනවද? පිළිතුර: මම හිතනව මට කවුරුවත් වගකීම්. බලතල හා නිදහස දෙනකම් මම බලාගෙන ඉන්නේ නෑ, මම දන්නවා මගේ තියෙනවා යම් දක්ෂතාවක් මගේ තියෙනවා යම්කිසි හැකියාවක්. ඒ දක්ෂතාව, හැකියාව කැපවීම ඒ සියලූ දේම ගොනු කරගෙන පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් මම මගේ කාර්යභාරය  ඉටුකරනවා. මට බලතළ දෙනකම් මම බලාගෙන ඉන්නේ නෑ.   ප‍්‍රශ්නය: ඒ කැපවීම මගින්  පක්ෂයට ජයග‍්‍රහණය ලබා දෙන්න පුළුවන් කියලා ඔබ හිතනවද? පිළිතුර: මම විශ්වාස කරනවා මගේ ශක්ති ප‍්‍රමාණයෙන් මගේ වගකීම මම ඉෂ්ඨ කරනවා. ඒ වගේම සියලූම කොට්ඨාස ඒකරාශි කරගෙන ඒ ශක්තිය වන්නේ ජයග‍්‍රහණය කරන්න පුළුවන් ඒක තනි පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක පක්ෂයක් විදියට පොදුවේ කළ යුතු දෙයක්.   ප‍්‍රශ්නය: මේ පළාත් සභා මැතිවණයෙන් ඔබේ පක්ෂය ජයග‍්‍රහණය කළොත් එමගින් පක්ෂ නායකත්වය තවදුරටත් සුරක්ෂිත කර ගන්න පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමත් වෙනවා. පිළිතුර: මුළු පක්ෂයම ශක්තිමත් වෙනවා. එහෙම පටු ආකල්පයකින් අර පුද්ගලයා ශක්තිමත් වෙයි මේ පුද්ගලයා දුර්වල වෙයි කියලා හිතලා මගෙ දේශපාලන ගමන මම තීරණය  කරන්නෙ නෑ.   ප‍්‍රශ්නය: විටෙක ඔබ කියනවා මම දිනුම් කියලා. හැබැයි ක‍්‍රියාත්මක තලයේදී ඔබ පරාදයි. ඇයි එහෙම වෙන්නේ. පිළිතුර: මම ජයග‍්‍රහණය කරා යනවා. ආපස්සට යනවා කියලා ඔබ කිව්වත් ඒක මිථ්‍යාවක්. ඒක කවුරුහරි දකින සිහිනයක්. අනිවාර්යෙන්ම ජයග‍්‍රහණය කරා යනවා. ඒක තමයි පක්ෂයේ ජයග‍්‍රහණය.   ප‍්‍රශ්නය: එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය ඇයි ඔබට සභාය නොදෙන්නේ. පිළිතුර: මං හිතන්නේ කෘත්‍යාධිකරී මණ්ඩලයේ අභ්‍යන්තර සංයුතියයි සහයෝගය දැක්වීම ගැනයි මේ වෙලාවේ මම කතා කරන්න යන්නෙ නෑ, මොකද මේ වෙලාවේ අපේ ප‍්‍රධානතම ඉලක්කය පක්ෂය ජයග‍්‍රහණය කරවීමයි. පළාත් සභා තුනක දිස්ත‍්‍රික්ක හතක මැතිවරණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කෙරෙන මොහොතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ගේ මති මතාන්තර ගැන මං අර්ථ කථනයක්  දෙන්න  යන්නෙ නෑ, ඒක මම මැතිවරණයෙන් පස්සේ  කරන්නම්.   ප‍්‍රශ්නය: මැතිවරණ ජයග‍්‍රහණය ගැන ඔබ කතා කළත් විපක්ෂයත් සීසීකඩ  විසිරිලා ගිහින්. එජාප තනිව යනවා. සරත් ෆොන්සේකා  මහතා වෙනම ගමනක් යනවා. ජවිපෙ තවත් ගමනක. ආණ්ඩු විරෝධි ඡුන්ද මෙහෙම කැඩුනාම  කොහොමද දිනන්නේ? පිළිතුර: පක්ෂ අතර වෙනස්කම් තියෙනවනේ. ප‍්‍රතිවිරුද්ධ අදහස් තියෙනවා. ඒක ඉතිහාසය පුරාවම සිද්ධ වෙච්ච දෙයක්. විපක්ෂ බලවේග කොපමණ තිබුණත් අද ආණ්ඩුව තමන්ට ලැබුණු විශිෂ්ට ජනවරම ප‍්‍රයෝජනයට අරගෙන විශිෂ්ට සේවාවක් කිරීම වෙනුවට බාල වැඩ කරන නිසා රටේ ජනතාව ඉමහත් කලකිරීමට පත්වෙලා සිටින්නේ. ඒ නිසා ඔවුන් දෙන තීරණය තීරණාත්මකයි. ඒ තීන්දුව දැවැන්ත විප්ලවයකට මුල පිරීමක් කියලා  මම හිතනවා.   ප‍්‍රශ්නය: සරත් ෆොන්සේකා මහතා සමග ඇයි දේශපාලන සන්ධානයකට යන්න බැරි පිළිතුර: මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළුව විරුද්ධ පක්ෂ බලවේග සියල්ල එකට එකතු කරගෙන ඉදිරියට යා යුතුයි කියලා.   ප‍්‍රශ්නය: නමුත් එජාප නායකයා සරත් ෆොන්සේකාට කි්ව්වේ ” ඕන්නම් රුපියල් විස්සේ ටිකට් එකක් අරගෙන එජාපයට එන්න පුළුවන්” කියලයි. පිළිතුර: එහෙමයි. ඔය කතාව කිව්වැයි කියන තැන මම හිටියෙ නෑ, නමුත් සරත් ෆොන්සේකා මැතිතුමා සියලූම දෙනාගේ ආරාධනයෙන් ජනාධිපති අපේක්ෂකයා වුණා. ඒ නිසා විශේෂයෙන්ම එතුමාට නිසි ගරුත්වය නිසි තැන  නිසි කාර්ය භාරය ලබාදීම අප සියලූම දෙනාගේ කාර්ය භාරයයි. වගකීමයි. මං හිතන්නේ නෑ එතුමාට කාගෙන්වත්  ටිකට් ගන්න අවශ්‍යයි කියලා. නමුත් අපි වැඩ කරගෙන යනකොට එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව සුරකමින් අපි වැඩකළ යුතුයි. සරත් ෆොන්සේකා මහතාට රට වෙනුවෙන් ඉමහත් කාර්ය භාරයක් තියෙනවා. ඒ සඳහා එතුමාට නිසි තැන අපි ලබාදෙන්න  ඕනෑ. එතුමාව හෑල්ලූ කරන්නෙ නැතිව එතුමා බාල්දු කරන්නේ නැතිව ඒ නිසි තැන දිය යුතුයි.   ප‍්‍රශ්නය: දේශපාලන පෙළගැසීම් නිරීක්ෂණය කරන්නකුට පේන්න තියෙන දෙයක් තමයි අනාගතයේ දී සජිත් පේ‍්‍රමදාස හා සරත් ෆොන්සේකා අතර හවුලක් ගොඩනැගෙයි කියලා. ඔබ මොකද හිතන්නේ? පිළිතුර: මම හිතන්නේ පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන යන හවුල්වලට වැඩිය රට ගොඩගැනීමේ මහා දේශපාලන ප‍්‍රවාහයක්  ගොඩනැගෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ දේශපාලන ප‍්‍රවාහයට විවිධාකාර ඒ පුද්ගලයන්ට ඇතුළු වෙන්න පුළුවන්.   ප‍්‍රශ්නය: ඊළඟ ජනාධිපතිවරණයේ දී එජාපයේ අපේක්ෂකයා විය යුත්තේ  කවරෙක්ද? පිළිතුර: ඒක ඔබතුමා අහන්න  ඕනෑ පක්ෂයේ සම්මේලනයෙන් ඒක මමවත් වෙන කෙනෙක්වත් ගන්න තනි තීරණයක් නොවෙයි.   ප‍්‍රශ්නය: ඔබේ අනුමානය කුමක්ද? පිළිතුර: මම හිතන්නේ මේ මොහොතේ ඒ ගැන අනුමාන කරන්න මම කැමති නෑ. මොකද මේ වෙලාවේ ඊට වැඩිය ලොකු ඉලක්කයක් තියෙනවා. ඒ තමයි මේ පළාත් සභා තුන ජයග‍්‍රහණය කිරීම ඒ සඳහා උපරිම ප‍්‍රයන්තය දැරිය යුතුව තිබෙනවා. මම දැන් ඔබ සමග ඒසී කාමරයක ඉඳන් මේ සම්මුක සාකච්ඡාව කළත් මම ඔබතුමන්ලා දකින්න ඇති දිනපතාම පාහේ එජපායේ ජයග‍්‍රහණ වෙනුවෙන් අතිවිශෘල කාර්ය භාරයක් කරනවා. මේ වෙනකොටත් මම රැස්වීම් සියයකටත් වැඩි ප‍්‍රමාණයක කතාකරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා තවත් රැස්වීම් දෙසීයක් විතර අමතන්න. ඒ පක්ෂයේ ජයග‍්‍රහණය  වෙනුවෙන්. ඒක තමයි අපේ ප‍්‍රමුඛම ඉලක්කය. ජනාධිපති අපේක්ෂකත්වය අර   සුදුස්සාටම සුදුසු තැන ලැබිය යුතුයි කියලා තියෙනවා වගේ සුදුසු කෙනාට කලට වෙලාවට ලැබෙයි.   ප‍්‍රශ්නය: මං අහන්නේ ඔබට ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් නැද්ද කියලයි. පිළිතුර: මගේ තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි ඒ තමයි අපේ රටේ ඉතිහාසය පොත ලියැවෙන කොට මේ රටේ ජනතාවට දේශපාලනඥයකු හැටියට වැඩිම ඓතිහාසික පෞද්ගලික ජනතා සේවාවක් වැඩිම සුභ සාධනයක් මේ රටේ සෑම සියලූ පවුලකටම පවුලේ ජීවත්වන සෑම සියලූ සාමාජිකයකුටම ලබාදීමේ වැඩපිළිවෙළේ නියමුවා සජිත් පේ‍්‍රමදාස කියල අන්න ඒ කිරුළ පැළඳීමයි මගේ එකම  ඉලක්කය. මේ රටේ ඉතිහාසය අන් කිසිම නායකයෙක්  ඉටු නොකරපු විප්ලවීය අද්විතීය වාර්තාගත සේවාවන් කළේ සජිත් පේ‍්‍රමදාසයි කියන කිරුළ පැළඳීමයි මගේ බලාපොරොත්තුව.   ප‍්‍රශ්නය: ඔව්. ඒ සඳහා ජනාධිපති අපේක්ෂකත්වය අවශ්‍ය කරනවා. පිළිතුර: අපි ඒ ගැන පස්සේ දවසක කතා කරමු.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස

සාකච්ඡා කළේ - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මොන අභියෝග ආවත් පක්ෂයත් රටේ ජනතාවත් වෙනුවෙන් මගේ ගමන මම යනවා

රෝහිත Saturday, 18 August 2012 10:19 PM

ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු ඉක්මණින් ඉටුවේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 14 August 2012 12:42 PM

අපිට රනිල් එපා. ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි. (නි)

:       0       0

සරත් Saturday, 18 August 2012 10:58 PM

නායකයා සමග එකට යන්න පක්ෂයත් දිනුම් ඔබත් දිනුම්.. නැත්නම් පක්ෂ්‍යත් ඉවරයි.. ඔබත් ඉවරයි...!!(නු)

:       0       0

සුනිමල් Saturday, 18 August 2012 10:58 PM

අපෙන් සුභ පැතුම්.!!(නු)

:       0       0

සෙනරත් Saturday, 18 August 2012 11:02 PM

එහෙම තමයි හිතන්න ඕන.. ඔබට ජය..!(නු)

:       0       0

පද්මා Tuesday, 14 August 2012 01:03 AM

ජයවේවා

:       0       0

බණ Tuesday, 14 August 2012 08:23 PM

මොනවා? (නි)

:       0       0

හසිත Friday, 17 August 2012 11:04 AM

කවුරු ආවත් අපිට එකයි. (නි)

:       0       0

සූරිය Tuesday, 14 August 2012 04:43 AM

ඔබතුමාට පක්ෂය සහ ජනතාව වෙනුවෙන් කළ හැකි උසස්ම සේවය තමයි පක්ෂ‍යෙන් ඉල්ලා අස්වෙන එක. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 12 August 2012 09:34 PM

පියා නම් මොන වැඩේ පටන් ගත්තත් එය අවසාන කරලයි පස්ස බලන්නේ. බලමුකෝ පුතා කොහොමද කියලා? (නි)

:       0       0

P.Thangarajah Saturday, 18 August 2012 11:22 AM

ඔබ අභිත නායකයකුගෙ එඩිතර පුතෙක්. පියාගේ සුචරිතය පනගන්වන්න ඒ තුලින් සියලු අහිංසක ජනතාව සිත් තුලට තවත් ලන්වෙන්න. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. සියලු දෙවි පිහිටයි. (අ)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 14 August 2012 06:27 AM

මේ අපේ බම්බලපිටියේ වජිරාරාම දහම් පාසැලට ආපු කොල්ලනේ. හොඳයි, හොඳයි තමන්ගෙ මව්බිමට කරන්න පුළුවන් සේවයක් කරන්නකෝ. (ත)

:       0       0

ජයසිරි Thursday, 23 August 2012 10:37 AM

ඔබ අපට නායකයෙකි.. (ස)

:       0       0

ජයසේකර Monday, 10 September 2012 10:58 AM

ඔබ තුමා ‍යන්නේ නිවැරදි මගෙහිය . ගමන්මග පැහැදිලියි .ජය වේවා.. .(ස)

:       0       0

බණ්ඩාර Sunday, 19 August 2012 12:32 PM

අවස්ථාව ඔබකරා ඉබේම පැමිණෙනු ඇත. එතෙක් ඉවසන්න. (නි)

:       0       0

පානදුර Monday, 13 August 2012 03:57 AM

සුභපතනවා

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 14 August 2012 10:40 AM

හොඳයි, හොඳයි තමන්ගෙ මවු බිමට කරන්න පුළුවන් සේවයක් කරන්නකෝ. (නි)

:       0       0

රිශාද් Thursday, 16 August 2012 02:04 PM

ඔබට සියළු වැඩ කටයුතු සාර්ථකව කරගන්න ධෛර්යය ශක්තිය ලැබේවා.. අපි ඔබ සමගයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 247 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 616 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4826 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site