IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මීදුම වසාගත් ඇන්ටනොව් යානයේ ඛේදවාචකය

 3    

දේශපාලන පොර පිටිය දෙස බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇති මොහොතක කිසිවකු නොසිතූ ඛේදවාචකයක් සිකුරාදා (12) අතුරුගිරියෙන් වාර්තා විය.


 ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක දෙක බල ඝනයට අයත් ඇන්ටොනව් 32 දරන ගුවන් යානය සිකුරාදා උදෑසන හයට පමණ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයෙන් පිටත් වූයේ රත්මලානට යෑමටය. අතර මග දී මෙහෙයුම් මැදිරියට හදිසි පණිවුඩයක් ලැබිණි. ප‍්‍රධාන ගුවන් නියමු ස්කොට්ලන්ඞ් ලීඩර් ජේ.එම්.ඩබ්ලිව්.එම්. අබේවර්ධන මහතා කීවේ දර්ශන පථය අපහැදිලි බවයි. ඉන් මද වේලාවකින් යානය රේඩාර් පද්ධතියෙන් නොපෙනී ගියේය.

2


හෝකන්දර කැතරින් පාර්ක් නිවාස සංකීර්ණය අසල රබර් වත්තකට අද උදෑසන 6.20ට පමණ එම ගුවන් යානය කඩා වැටිණි. ඒ වන විට යානයේ පස් දෙනෙක් ගමන් කළහ. ඔවුන්ගෙන් ප‍්‍රධාන නියමුවා ඇතුළු හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බටයෙක් බරපතළ පිළිස්සුම් තුවාල ලැබීය. ඔහු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.


ප‍්‍රධාන ගුවන් නියමු ස්කොඞ්රන්ඞ් ලීඩර් ජේ. එම්.ඩබ්ලිව්.එම්. අබේවර්ධන, සහායක ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒ.ඒ.ටී.ඞී අමරතුංග, බලපන්ති සැරයන් එම්.ඩබ්ලිව්.එල් ප‍්‍රියන්ත, කෝප‍්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.එල් විජේරත්න නිලධාරීහු අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.

846


නායක ගුවන් භට ඞී.කේ.එන් චතුරංග තද බල පිළිස්සුම් තුවාල සහිතව කොළsdfhඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.


මහ හඬක් නංවමින් යානය කඩා වැටීමත් සමඟ ගිනි ගත්තේය. ඒ සමඟම අසල්වාසීහු දුව එන්නට වූහ. පොලිසිය එන විට විනාඩි පහළවක් විස්සක් ගත වී තිබිණි. පැය භාගයක් යද්දී මහා ජනගඟක් එතැනට ගලා ඇවිත් තිබිණි. පොලිසිය එන්නට පෙර අසල්වාසීහු බේසම්වලින් වතුර අරගෙන ගොස් ගින්න නිවා දමන්නට උත්සාහ කළහ. ගින්න යන අතරතුර බේරා ගන්නැයි කෑ ගසන හඩක් ඇසී ඔහු බේරා ගත් නමුත් ඒ වන විටත් දැඩි පිළිස්සුම් තුවාල සිදුවී තිබිණි.
ප‍්‍රදේශය පුරා දැඩි මීදුමක් තිබුණු අතර මීදුම නිසා ඉදිරිය නොපෙනීම අනතුර සිදුවන්නට මුල්වී යැයි ගුවන් හමුදා ආරංචි කියයි.  කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට  ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කළේය.


එ.එන්.32 වර්ගයේ මෙම ගුවන් යානයේ පුද්ගලයන් 40 දෙනෙකුට ගමන් කළ හැකිය. යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ජින් 2ක් සහිත මෙම යානය 1996 දී රුසියාවෙන් මිලට ගෙන ඇත. වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන හතර හමාරකි.

13-Page-24-BB
මීට පෙර 1986 මාර්තු 25 දින   ඉන්දියන් ගුවන් සේවයට අයත් ඇන්ටනොව් 32 යානයක් ඉන්දියන් සාගරයට වැටී විනාශ වු බව වාර්තා විය. යානයේ මගීන් 4ක් සහ  කාර්ය මණ්ඩල 3 දෙනෙක් සිටි බවත් එහි සුන් බුන් හෝ හමුවී නැති බව වාර්ථා විය.


1996 ජනාවාරි 8 ඇන්ටනොව් 32  සෙයිරා හි වෙළද පොළකට කඩා වැටී ගුවන් මගීන් 237 මිය ගොස් ඇත.  කාර්ය මණ්ඩලය 6 දෙනෙකු බේරී ඇති බවත් අධික ලෙස බර පැටවීම අනතුරට හේතුව බවත් වාර්තා වෙයි. 1998 මාර්තු 28  පේරු රජයේ  ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 යානයක් සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශය රැුගෙන යද්දී මුඩුක්කු නගරයකට කඩා වැටී ඇත.  මගීන් 21 කාර්ය මණ්ඩලය 5 බේරී ඇති බවත්  ගොඩබිම සිටි පුද්ගලයකු මරුමුවට පත් වී ඇති බවත්ය. අධික ලෙස බර පැටවීම අනතුරට හේතුවයි.


2009 ජුනි 10 ඉන්දියන් ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32ක් මගීන් 13යි පිටත් වෙලා කෙටි වෙලාවක් තුළදී කඩන් වැටී ඇති අරුනාචල් ප‍්‍රදේශයට කඩන් වැටී 13 දෙනෙක් මිය ගොස් ඇත.  චීන දේශ සීමාවේදී අනතුර සිදු වී ඇත.

SLD_20141214_A003

 


m



අදහස් (0)

මීදුම වසාගත් ඇන්ටනොව් යානයේ ඛේදවාචකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site