IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මුතුහෙට්ටිගේ බෙහෙත් පෙත්ත ඕඅයිසීට පෙවුණාදැයි තවමත් පරීක්ෂණ

මහ වැසි ඇද හැළුණ ද රට ම උණුසුම් වී ඇත. ඒ ජනාධිපතිවරණය හේතුවෙනි. සෑම මැතිවරණයක දීම ගාල්ල වඩාත් උණුසුම් වෙන දිස්ති‍්‍රක්කයකි. ගාල්ලේ උණුසුම කවදත් වඩාත් උච්ඡු ස්ථානයකට එන්නේ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කි‍්‍රයාකලාපය ද මූලික කරගෙනය. 
මෙවරද ඔහු සිය රංගනය පටන් ගෙන ඇත. ඒ පටන්ගත්තේ තමන් ප‍්‍රධාන සංවිධායකත්වය දරණ බද්දේගම ආසනයෙනි. වෙන දා තමන්ගේම පක්ෂයේ අනර්කලී හෝ ගීතා සමඟ පැටලෙන නිශාන්තට දැන් පැටලෙන්නට කෙනෙක් නැත. ඒ මේ ඡන්දය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේත් මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකවරයාගේත් මැතිවරණ සටනක් වී ඇති බැවිනි. 


මේ නිසා දැන් නිශාන්ත විපක්ෂයත් සමඟ පැටලෙයි. ඒ පැටලැවිල්ල කරළියට ආවේ වදුරඹ නගරයෙනි. වදුරඹ නගරයේ පසුගිය 17 දා පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රචාරක රැුළියකට කිසියම් පිරිසක් ගිනි තැබූහ. එහි තිබූ ඩිජිටල් පුවරුවලටත් ශබ්ද විකාශන යන්ත‍්‍රවලටත් ඔවුහු ගිනි තැබූහ. 


පොදු අපේක්ෂකයා පැමිණීමට පෙර විපක්ෂයේ ආධාරකරුවන් පිරිසක් එහි පැමිණ මේ ප‍්‍රහාරය හෙළා දකිමින් විරෝධතාවක ද නිරතවූහ. සවස ගිනි තැබූ වේදිකාවේ සිට පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය රැුස්වීම පවත්වාගෙන ගියේ අති විශාල ජනකායක් රැුස්ව සිටියදීය. 


එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලැනරෝල් යන මහත්වරු කියා සිටියේ සුළු අපනයන භෝග සංවර්ධන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණ මේ වේදිකාවට හානි සිදුකළ බවයි. 


මේ සම්බන්ධයෙන් තවත් සාක්ෂියක් එක් කළේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මහතා විසිනි. ඔහු විසින් සංවිධානය කළ පින්න¥වේ රැුස්වීම අසළට ද ජීප් රථ දෙකකින් පැමිණි පිරිසක් යළි පලාගිය බව ඔහු කීවේය. හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ රථ දෙක නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම මහතාට අයිති බවයි. 


සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කැරිණි. වේදිකාව ගිනි තැබුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිරිසක් බව සෑම තැනම ප‍්‍රචාරය වෙද්දී මුතුහෙට්ටිගම මහතා ගාල්ල නගරයට මාධ්‍යවේදින් කැදවා තිබුණේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාකටය. ඒ උඩුමහලක පිහිටි ස්ථානයකි. පඩිපෙල නගින්නට පෙර මුතුහෙට්ටිගම අපූරු කතාවක් කීවේය. 


‘‘මාධ්‍ය මහත්තවරු ඔහොම ඉන්න. පොලිසිය මාව ඇරස් කරන්න එනවා. ඔයාල ඉන්නකන් ඒ අය කවදාවත් මාව ඇරස් කරන්නේ නැහැ’’ යනුවෙන් ඔහු කීවේ මාධ්‍යවේදීන් සිටිය දී තමන්ට ගැලවීමක් ඇතැයි සිතමින් විය යතුය. 


පැය එකහමාරක පමණ කාලයක් විවිධ මාතෘකා ඔස්සේ කතා කරමින් ඉතාමත් සුහද ශීලී ලෙස ප‍්‍රවෘත්ති සාකච්ඡුාව පැවැත්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට ඉහළින් වදුරඹ නගරයේ පමණක් නොව බද්දේගම ආසනයේ පවා කාක්කෙකුටවත් පියාසර කළ නොහැකි බවයි. 


එමෙන්ම ඔහුගේ තවත් චෝදනාවක් විය. ඒ එක්සත් ජාතික පක්ෂයේ බෙදී වෙන්වී සිටින කොටස් විසින්ම මේ වේදිකාවට ගිනි තබා ප‍්‍රශ්නයක් සාදා එයට අහිංසකයකු වන තමන් ඈ`දීමට උත්සාහ ගන්නා බවයි. 


එමෙන්ම ඔහුගේ තවත් චෝදනාවක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සමග රාතී‍්‍ර කාලයේ මධුවිත ඇති සාදයකට සහභාගී වූ පොලිස් නිලධාරීන් වේදිකාව අසළ නිදා සිටිය දී මේ ප‍්‍රහාරය එල්ල කැර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් විසින් බවයි. කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම කියා සිටියේ තමන් එවැනි ප‍්‍රහාරයක් ගැන කිසිවක් නොදන්නා බවයි. 


එදින උදේ එල්ල වූ ප‍්‍රහාරයට අදාළ වීඩියෝ තැටියක් තිබෙන බවයි. ඒ වීඩියෝවේ එක්සත් ජාතික පක්ෂයේම ආධාරකරුවන් වේදිකාවට ගිනි තියන දර්ශන තිබේයැයි ද ඔහු කීවේය. 


‘‘මේ පොලිසිය කියන්නේ බොරු. වේදිකාව ඉදිකළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබුණා. කවුරුන් කෙසේ කීව ද පොලිසියට වුවමනා වී ඇත්තේ මගේ චරිතය ඝාතනය කරන්න. ඒ නිසා එයාලා බොරු චෝදනා කරනවා. මාධ්‍ය ප‍්‍රකාශක කොළඹ ඉඳගෙන එක එක දේ මාධ්‍යයට කියනවා. සැබැවින්ම වුණේ මොකක් ද කියා දන්නේ මම. මා කවදාවත් ඔය වගේ වැරදි වැඩ කරන්නේ නැහැ. ’’


මෙසේ කියමින් සිටි මුතුහෙට්ටිගම අමාත්‍යවරයා තමන්ගේ ගෝල බාලයන් රැුගෙන ගාල්ල පොලිසියට ගියේය.  මොහොතකින් පොලිසියෙන් පිටතට ආ මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය ආයනවලට ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පොලිසිය විසින් තම ගෝලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බවයි. වදුරඹ රැුළියේ සැරසිලි කඩා දැම්මේ තමන්ගේ ගෝලයන් නොවන බවත් මෙලෙස පැමිණිල්ලක් හෝ නොමැතිව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේය. එමෙන්ම තම ආධාරකරුවන් සිරගත කළහොත් තමන් ද බලෙන්ම සිරකූඩුවට රිංගන බව අමාත්‍යවරයා කීවේය. 


ඉන් මොහොතකට පසු මාධ්‍යවේදීන් දුටුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ අත්අඩංගුවට ගත් බව කියන ඔහුගේ සේවකයන් තිදෙනා ගාල්ල පොලිසියේ පිටුපස ගේට්ටුවෙන් පිටව යන ආකාරයයි. පොලිසියේ ඒ මොහොතේ සිටි ඇතැම් නිලධාරීන් ද මාධ්‍යවේදීන්ට මේ දර්ශනය පෙන්වා තිබිණි. ඒ අනුව මාධ්‍යකරුවන් අතර බලවත් කුකුසක් ඇති වී තිබිණි. 


පොලිසියෙන් ලැබෙන තොරතුරු අනුව නිශාන්ත මුතුහෙට්ගම අමාත්‍යවරයා ගාල්ල පොලිසිය ඉදිරිපිට දී පවසා ඇත්තේ සත්‍යයක් නොවේ. ගාල්ල පොලිසියේ දී ඔහු සමඟ සිටි ආධාරකරුවන් අත්අඩංගුවට ගත්තේ නැත. එය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා තහවුරු කළේය. නමුත් පසුදා උදේ 10 පසුවූ විට දැනගන්නට ලැබුණේ නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම මහතා වදුරඹ පොලිසියේ සිටින බවයි. ඒ ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ බැවිනි. වදුරඹ පොලිසියෙන් ලැබෙන තොරතුරු අනුව මේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාතී‍්‍ර කාලයේ ඔවුන්ගේ නිවෙස්වල දීය. තම සගයන් අත්අඩංගුවට ගැනීමටත් පෙර නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් අත්අඩංගුවට ගත්බව පවසමින් මාධ්‍ය රංගනයක යෙදීමට හේතුව කිසිවෙකු මෙතෙක් දන්නේ නැත. 


19දා තම සගයන් බැලීමට වදුරඹ පොලිිසියට ගිය මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා සුහදශීලීව පිළිගත් ස්ථානාධිපතිවරයා අමාත්‍යවරයාට තේ කෝප්පයක් බීමට ද ආරාධනා කළේය. පොලිසියේ දී තේ පිළියෙල කෙරිණි. ඉන් පසු තේ කෝප්පය බිව් අමාත්‍යවරයා අත්අඩංගුවේ සිටි තම සගයන් ද රියට නංවාගෙන විදුලි වේගයෙන් පොලිසියෙන් පිටවිය. මුතුහෙට්ටිගම අමාත්‍යවරයා කියා සිටියේ තමන් විසින් ම ඔවුන් තිදෙනා බද්දේගම උසාවියට රැුගෙන එන බවයි. 


අමාත්‍ය රිය ලූහු බැ`ද ගිය පොලිස් රියකින් යළි සැකකරුවන් තිදෙනා පොලිස් භාරයට ගෙන උසාවියට ගෙන ගියේය. උසාවියට ගිය වදුරඹ පොලිස් ස්ථානාධිපති පී.එල්. කීර්තිසිංහ මහතා තමන් සමග සිටි පොලිස් නිලධාරීන්ට කියා සිටියේ හිසෙහි බර ගතියක් සහ අධික හිසරදයක් පවතින බවයි. 
බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා සැකකරුවන් 29 වැනි දින දක්වා රිමාන්ඞ් කිරීමට නියෝග කළේය. 


ඇමති ආරක්ෂකයන් උසාවියට ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා දැඩි කණස්සල්ලෙන් පසුවූ බව ඔහුගේ සමීපතමයෝ කියති. දෙසැම්බර් 22 දින සවස තම නිවසට මාධ්‍යවේදීන් කිහිප දෙනකු කැදවූ පොලිස් ස්ථානාධිපති පී.එල්.කීර්තිසිංහ මහතා විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වූයේය. 


‘‘ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ සිට සියලූම දේශපාලකයන්ගේ ඇඟිලි ගැසීම් නිසා මේ පොලිස් රාජකාරිය ගෞරවයක් ඇතිව කරන්න බැහැ. ඒ නිසා මම පොලිස් සේවයෙන් ඉල්ලා අස්වනවා. මගේ නිල ඇ`දුම ගලවලා මා ගෙදර ආවා. කවදා හරි පොලිස් සේවය ස්වාධීනව කරගෙන යා හැකි ගෞරවාන්විත තත්ත්යකට ආවොත් නැවත පොලිස් සේවයට එක්වනවා.’’ යැයි ඔහු මුළු රටටම ඇසෙන සේ මාධ්‍ය ඔස්සේ කියා සිටියේය.


මෙය විපක්ෂයට හොද අවියක් විය. පොලිස් සේවය හා අධිකරණය ස්වාධීන නැතැයි පුල පුලා චෝදනා කරන විපක්ෂයට වදුරඹ ස්ථානාධිපතිවරයාගේ හදිසි ඉල්ලා අස්වීම මහත් වාසියක් වී ඇත. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම ගැන හොදම උදාහරණය වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම යැයි ඔවුහු කියති. 


වදුරඹ ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ පොලිසිය පැත්තෙන් අපූරු කතාවක් ප‍්‍රචාරය වන්නට විය. ඒ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බෙහෙත් පෙත්තක් පානය කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඒ අයුරින් හැසිරෙන බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව අප දන්නේ නැත. කෙසේ වුවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ඔහු තම කාර්යාලයේ දී තේ බිව්වේය. ඉන් පසු හිසේ බරගතියක් හා හිසරදයක් ඇති බව ඔහු කියන ලද බව පොලිසියේ නිලධාරීහු පවසති. 


පොලිසියට ලැබී ඇති තොරතුරු අතර ඇත්තේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ආතතිය දුරුකැර ගැනීමට ඇතැම්විට ඖෂධයක් ලබාගන්නා බවයි. මේ ඖෂධය ඔහු විසින් පානය කිරීම ප‍්‍රතික්ෂේප කරන බැවින් ආරක්ෂකයන් තේ කෝප්පයකට එය දමන බව ද පැවසේ. එදා වදුරඹ පොලිසියේ දී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තේ කෝප්පයට මේ බෙහෙත් පෙත්ත දමා තිබූ බවත් එය පානය කළේ ස්ථානාධිපතිවරයා බවටත් පැතිරයන කතාවක් හේතුවෙන් පොලිසියේ උසස් නිලධාරීන් ද ඒ ගැන අවධානයක් යොමු කැර තිබේ.


කෙසේ වුව ද ඔහු ආතතිය වෙනුවෙන් භාවිතා කරන බෙහෙත් පෙත්ත කවර ආකාරයේ පෙත්තක් දැයි අප දන්නේ නැත. 


පොලිස් රාජකාරියට බාධා කිරීම සිරගත කරන වරදක් බව නීති විශාරදයෝ කියති. එම සිද්ධියට අදාළ නිශාන්ත මුතුහෙට්ටිගම මන්තී‍්‍රවරයා ප‍්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකියැයි ද වරින් වර අවස්ථාවල දී පොලිසියේ උසස් නිලධාරීන් කියා සිටියේය. එසේ වුව ද උඩුගම මහජන කී‍්‍රඩාංගණයේ පැවති සංගීත ප‍්‍රසංගයකට පැමිණි මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සිංදුවක් ද කීවේය. 


මේ සම්බන්ධයෙන් විමසූ විට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ස`දහන් කළේ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරින් අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.


‘‘දැන් උසාවියෙන් වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා. ඒ වරෙන්තුව පොලිස්පති වරයාට ලැබුණු වහාම එම නියෝගය කි‍්‍රයාත්මක කිරීමට අප කටයුතු කරනවා. මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුණා නියෝජ්‍ය අමාත්‍යවරයා උඩුගම සංගීත සංදර්ශනයක ගීත කියූ බවත් බද්දේගම උසාවිය ඉදිරිපිට සිටි බවත් මේ ගැන අප සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. ’’


වදුරඹ පොලිසියේ ස්ථානාධිපති පී.එල්. කීර්තිසිංහ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විමසූ විට ඒ මහතා පවසා සිටියේ එම ඉල්ලා අස්වීම පිළිනොගන්නා බවයි. 


‘‘පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීම අප පිළිගන්නේ නැහැ. වදුරඹ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඔහු සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය හැරගියා සේ සැළකීමට සිදුවනවා. ’’


මේ අතර වරෙන්තු පිට සිටි නියෝජ්‍ය ඇමැතිවරයා ඉකුත් 26 වැනි සිකුරාදාට එළිවෙන යාමයේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කළේය. ඔහු රට යාමට නියමිතව සිටින බව පොලිස් ප‍්‍රධානීන්ට යම්කිසි පිරිසක් රාති‍්‍ර 11 ට පමණ දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.

 

000

 

0000

යම් පුද්ගලයකු විසින් ආතතිය ස`දහා භාවිතා කරන බෙහෙත් පෙත්තක් වෙනත් අයකු විසින් පානය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය. 


‘‘ ඉතා වෙහෙසවී කටයුතු කරන ඇතැම් අයට ආතතියට බෙහෙත් ලබා ගැනීමට විටින් විට සිදුවනවා. එය සාමාන්‍ය තතත්්ත්වයක්. මේවා ආහාර සමග මිශ‍්‍ර කර දෙන අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත් ආතතියට ලබාදෙන ඖෂධ මාත‍්‍රාවක් වැඩිපුර ගත්විට ක්ලාන්තය, වමනය හා හිස්ටීරියා වැනි තත්ත්ව ඇතිවනවා. ඒ වගේ ම ආතතියට පානය කරන ඖෂධයක් ආතති තත්ත්වයක් නැති පුද්ගලයකු විසින් පානය කිරීමෙන් පෙර කී අතුරු ඵල විපාක ඇතිවිය හැකියි. නමුත් එය කිසිසේත් ම කෙනෙකුගේ තීරණ ගැනීමකට බලපෑම් කරන්නේ නැහැ.’’

 

 

Untitled-5

 

00

(හබරාදුව - -නිමල් අල්ගෙවත්ත)


මම දැන් ඉන්නේ සිංගප්පූරුවේ. මට උසාවියෙන් දැනුවත් කර තියෙන්නේ මාගේ ආධාරකරුවන් තිදෙනාට බද්දේගම උසාවියේ 29 වෙනිදා පෙනී සිටින්න. මමත් උසාවියේ පෙනී සිටිනවා. මම 1991 සිට දේශපාලනය කරනවා. නීතියට ගරු කරනවා. ඊට කලින් මට කරදර කරන්න එනවා. මම මිනී මරා නෑ. සිතාසියක් නෑ. පොලිසිය මගින් දැනුම් දීමක් නෑ. ඒ කිසිම දෙයක් නෑ.


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට වැඩක් නැතිනම් මම කියනවා මම වැඩක් හොයලා දෙන්නම් කියලා. අපේ ගම්වල වැඩ තියනවා. අනවශ්‍ය දේවල්වලට ඇවිත්. මම සීනිගම පොල් ගහනවා. මමත් අපේ පක්ෂයේ පරණ සාමාජිකයෙක්. මම නිල් බලකායේ. මම ජනතාව සමග සිිටිනවා. ඡුන්ද කරනවා. මැති ඇමැතිවරු එක්ක වැඩ කරනවා. මමත් මහජන නියෝජිතයෙක්. මමත් වැඩ කරනවා. මම මේ වෙලාවේ ජනාධිපතිතුමාට කරදර කරන්න යන්නේ නෑ. එතුමා දැවැන්ත සටනක සිටිනවා. මම ජනාධිපතිවරණය කරනවා. පක්ෂයේ වැඩ කරනවා. මම කැපවීමක් කරනවා. මට මෙහෙම කරන්න වටින්නේ නෑ. මම නීති මගින් කටයුතු කරනවා පොලිසියට විරුද්ධව. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට විරුද්ධව. ඔය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක දන්නේ නෑ මම කවුද කියලා. මම කළු ද සුදු ද කියලා දන්නේ නෑ. එහෙම දන්වා නම් ඔහොම කරන්නේ නෑ. මම නීති ගරුක විදියට විනයගරුක ආකාරයට වැඩ කරන්නේ. පොලිසිය සමගින් කටයුතු කරන්නේ. මට කියලා මට්ටු කරගන්න එපා. මම ඇහෙන තෙක්මානයේ ඉන්නවා නම් මම බද්දේගමට එනවා කියලා මම මාධ්‍යට ප‍්‍රකාශ කරනවා.


මට අධිකරණයෙන් නඩුකාරතුමා සහනයක් ලබා දේවි. මට ඡුන්දය කරන්න තියනවා 08 වෙනිදා දක්වා. ඊට පස්සේ  ඕනෑම කරදරයකට මම එනවා. පොලිසිය රාජකාරි නොකරම ඒ අයට දඬුවම් නොදී මට දඬුවම් දෙන්න හදනවා. මේ සම්බන්ධයෙන් මා තරයේ විරුද්ධත්වය ප‍්‍රකාශ කරනවා. මේ අය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡුන්දය කරන්න තියන වේලාව නැති කරන්න තමයි. මම කියනවා මේ මාධ්‍ය ප‍්‍රකාශක කවුද කියලා. මම හිරගෙදරට ගියත් මහින්ද ජනාධිපතිතුමාගේ ජය පතා වැඩ කරනවා. මෛත‍්‍රිපාලගේ පරාජයට වැඩ කරනවා. හිරගෙදර හිටියත් එහෙම කරනවා. 
මම සිහි බුද්ධියෙන් වැඩ කරන්නේ. හොඳ සිහියෙන් කටයුතු කරන්නේ. නැතිනම් ඔය යක්කු කියනවා මම සිහිබුද්ධියෙන් නෑ කියලා. මම පක්ෂය දමා යන්නේ නෑ. හේතුවක් නැතිව  පොලිසිය ආවොත් මාව අත්අඩංගුට ගන්න, වැරදි විදිහට ආවොත්. දාහක් දෙදහක් ආවත්, මම අත්අඩංගුවට ගන්න බෑ. නිකම් වැරැුද්දක් නොකර. මම 29 වෙනිදා කටුනායකට එනවා. එහෙම අත්අඩංගුවට ගන්න ආවොත් වැරැුද්දක් නොකර මම එදාට පෙන්නනවා මේ නිශාන්ත මුතුහෙට්ටිගම ගැන.


මම සිංගප්පූරුවට ආවේ නිදහසේ සිටින්ට. පොලිසිය මට කරදර කරනවා. මම ඡුන්දය කරලා මහන්සි වෙලා සිටින්නේ. මට පොලිස් කූඩුවේ හෝ හිර කූඩුවේ ලගින්න වුවමනාවක් නෑ. වේලාවක් නෑ. ඒ නිසා තමයි මම මේ ආකාරයට සිංගප්පූරුවට ආවේ. මම පිල් මාරු වෙන්නේ නෑ. මාරුවුවත් ඔය කයිවාරු ගහන අයත් අරගෙන තමයි යන්නේ. මම පිල් මාරු වෙන්නේ නෑ. ඔය බොරු මාධ්‍ය ගැන කියන ප‍්‍රචාරය ගැන කියන අය නොවෙයි පක්ෂය මාරු කරන්නේ නෑ.


මම ගෑණු මාරු කරනවා වගේ පිල් මාරු කරන්නේ නෑ. මම ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. මම ජනාධිපතිතුමා ආරක්ෂා කරනවා. හිටපු ජනාධිපති ලොක්කි කීවා මහින්ද දිනවන්න කටයුතු කරන්න එපා කියලා. ඇය එහෙම කියද්දීත් අපි මහින්ද ජනාධිපතිතුමාට වැඩ කළා.
මට උවමනා මහින්ද රාජපක්ෂ ජනාධිපති රාජපක්ෂ විතරයි. අනෙක් රාජපක්ෂලාගෙන් මට වැඩක් නෑ. මම පාවා දෙන්නේ නෑ. මම යන්නේ නෑ. මම සහතිකයක් දෙනවා යන්නේ නෑ පක්ෂය දමලා. පක්ෂය තීන්දු අනුව යන්නේ නෑ. මම යන්නේ නෑ. වසර විසි පහක් ගියත් මම මේ පක්ෂයේ ඉන්නේ.
මම 29 උදේ 8.00ට කටුනායකට එනවා. එතනදී බලා ගනිමු ඉතිරි හරිය යැයි ද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.

 

 

sajeewa-01

 

 



අදහස් (0)

මුතුහෙට්ටිගේ බෙහෙත් පෙත්ත ඕඅයිසීට පෙවුණාදැයි තවමත් පරීක්ෂණ

ධනංජය Thursday, 01 January 2015 02:23 AM

ඒ පෙත්ත බිව්වා නම් ඉතින් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ශාන් සෞදි Saturday, 10 January 2015 01:12 PM

පාදඩයන්ට ගිය රට බේරාගත් මෛත්‍රීපාල මැතිඳුන්ට අපගේ ප්‍රණාමය (නදී)

:       0       0

ප්‍රසාද් Thursday, 01 January 2015 06:16 PM

ඔක්කොම පෙති බොනවා ඇති, මෙහෙම බලද්දී. (නි)

:       0       0

ශිරන්ති Thursday, 01 January 2015 06:18 AM

රටේ නීතියට අවනත නොවී මොනවද මේ කියවන විකාර.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 60 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 114 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 118 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 765 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 232 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1118 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 12 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1288 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site