IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මෛතී‍්‍ර - තිස්ස විවාදයට සූදානම්

දේශපාලනඥයන්ගේ ඇතැම් කතා බහ විනෝදජනකය. තවත් ඒවා අභියෝගයකි. මේ ආදී වශයෙන් විවිධ වර්ගයෙන් ඇතිවන කතාබහ අපි අසා ඇත්තෙමු. දැන් යළිත් කතාවක් විවාදයට තුඩු දෙමින් පවතී. ඒ ඇමැති මෛති‍්‍රපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක අතරය. වර්ෂ 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතාට එරෙහිව රනිල් වික‍්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට තොරතුරු සැපයූ බවට ඇමැති මෛති‍්‍රපාල සිරිසේන මහතා කරන ලද ප‍්‍රකාශයකි. මෙම ප‍්‍රකාශය සත්‍ය බවට ඔප්පු කරන ලෙසට එජාප මහලේකම්වරයා අභියෝග කර ඇත. ඇමැතිවරයා එම අභියෝගය බාර ගන්නා බව ප‍්‍රකාශ කර ඇත. ඉරිදා ලංකාදීපය ඒ පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම විමසුවේය.


ප‍්‍රශ්නය- ඔබ බොහොම බරපතළ ප‍්‍රකාශයක් කර තිබෙනවා. පිළිතුර- ඔව්, මම ගමක තිබුණ රැුස්වීමකදී කළ ප‍්‍රකාශයකට එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා අභියෝග කර තිබෙනවා.   ප‍්‍රශ්නය- ඔබ ඒ අභියෝගය භාර ගත්තද? පිළිතුර- ඔව්, මම ඒ අභියෝගය භාරගත්තා.   ප‍්‍රශ්නය- අභියෝගය කි‍්‍රයාත්මක වන්නේ කෙසේද? පිළිතුර- සංවාදයකට එන්න  ඕනෑ.   ප‍්‍රශ්නය- ඔබ ළඟ සාක්ෂි තියෙනවද? පිළිතුර- අපොයි  ඕනෑ තරම් තියෙනවා.   ප‍්‍රශ්නය- සාක්ෂි සොයා ගත්තෙ කොහොමද? පිළිතුර- එක්ත් ජාතික පක්ෂයෙන් ආපු අය මට  ඕනෑ තරම් තොරතුරු දීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයෙම ඉන්න ප‍්‍රබලයන් අවශ්‍ය තොරතුරු දීමට සූදානමින් ඉන්නවා. ඊට අමතරව මා ළඟත් හොඳ තොරතුරු තියෙනවා.   ප‍්‍රශ්නය- 1994 දී ඔබේ තනතුර කුමක්ද? පිළිතුර- මම නියෝජ්‍ය ඇමැතිවරයෙක්.   ප‍්‍රශ්නය- ඔබ අනවශ්‍ය ප‍්‍රශ්නයක් ඇද ගත්තා කියල හිතන්නෙ නැද්ද? පිළිතුර- මම නොවෙයි, තිස්ස අත්තනායක මහත්තය තමයි මට අභියෝග කළේ. ඒ අභියෝගය මා භාරගත්තා.   ප‍්‍රශ්නය- මේක පිළිගන්න පුළුවන් දෙයක්ද? පිළිතුර- පිළිගන්න පුළුවන්ද? බැරිද? කියන එක මම ඉදිරිපත් කරන්නම්.   ප‍්‍රශ්නය- ඔබ අමැති මෛති‍්‍රපාල සිරිසේනට අභියෝග කළා. පිළිතුර- ඔව්, එක්සත් ජාතික පක්ෂයට මඩ ගහන්න උත්සාහ කරනවා. අසත්‍ය දේවල් කියනවා, පිළිතුරු දෙන්න  ඕනෑ. ඒ නිසා මම අභියෝගය භාරගත්තා.   ප‍්‍රශ්නය- ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කිසියම් හේතු සහිතව වෙන්න ඇති නේද? පිළිතුර- එදා 1994 ජනාධිපතිවරණයේදී මැතිවරණ මෙහෙයුම් කමිටුවෙ මෛති‍්‍රපාල ඇමැතිවරයා හිටියෙ නැහැ. එදා ඒ මෙහෙයුම් කමිටුවෙ අනුරුද්ධ රත්වත්තේ, එස්. බී. දිසානායක හා මංගල සමරවීර යන මන්තී‍්‍රවරුන් කටයුතු කළේ. මෛති‍්‍රපාල ඇමැතිවරයා පැත්තෙවත් හිටියෙ නැහැ.   ප‍්‍රශ්නය- රනිල්/චන්ද්‍රිකා කුඩා කාලෙ ඉඳල මිතුරන්. සමහරවිට උදව් කළාද දන්නෙ නැහැනේ. පිළිතුර- එහෙම මිත‍්‍රකමක් තිබුණ නම් චන්ද්‍රිකා බටලන්ද කොමිසමක් දාලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයට හිරිහැර කරාවිද? රනිල් මහත්තය හිරේ දාන්න හැදුවා. හිතවත්කමක්, මිත‍්‍රකමක් තිබුණ නම් ඒවා කරාවිද?   ප‍්‍රශ්නය- ඔබ කියන්නෙ මේක අපහාසයක් කියලද? පිළිතුර- ඔව්. මෛති‍්‍රපාල සිරිසේන ඇමැතිවරයා දැන් සිටින්නේ අගමැති හීනය බලමින්. බරපතළ ලෙසින් පොළොන්නරුවෙ ජනතාව ඔහු ප‍්‍රතික්ෂේප කරනවා. පළාත් ඡන්දයට සූදානමින් ඉන්න අතරෙ දැන් මාතෘකා සොයමින් යනවා.   ප‍්‍රශ්නය- මෛති‍්‍රපාල සිරිසේන ඇමැතිවරයා මේ රටේ සෞඛ්‍ය ඇමැති. වගකීමක් ඇති අමාත්‍යංශයක් බාරව ඉන්නෙ. කටට ආවට එහෙම කියයි කියල හිතනවද? පිළිතුර- එයා සෞඛ්‍ය ඇමැති වශයෙන් පත්වෙලා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට චෝදනා කළා. ඒත් දැන් මොනවද වෙන්නෙ. එදාටත් වඩා බරපතළ තත්ත්වයක් ඇති වෙලා. දැන් මේ ඩෙංගු පැතිරෙමින් යනවනේ. මෛතී‍්‍රපාල ඇමැතිවරයටත් ඩෙංගු මදුරුවෙක් විදලද කොහේද?   ප‍්‍රශ්නය- විවාදයට එන්න කිව්වොත්. පිළිතුර- යනවා. කිසිම ප‍්‍රශ්නයක් නැහැ.   ප‍්‍රශ්නය- බෝම්බය පුපුරන්න විනාඩි 20කට කලින් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා වේදිකාවෙන් බැස ගිහින් කියලත් ඇමැතිවරයා කියල තියෙනවා. පිළිතුර- එහෙම නම් 1999 දී චන්ද්‍රිකාට බෝම්බ වදිනකොටත් ඊට විනාඩි 20කට කලින් මෛති‍්‍රපාල ඇමැතිවරයා එතැනින් ඉවත් වුණා. කියල කියන්න අපට පුළුවන්. ගාමිණි දිසානායක මහත්තය බෝම්බ වදින අවස්ථාවෙ රනිල් විපක්ෂ නායක නොවෙයි. කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයෙක් පමණයි.   ප‍්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයෙ අවුල් ගැනත් ඔහු කතා කරනව. පිළිතුර- එක්සත් ජාතික පක්ෂයෙ ප‍්‍රශ්න තියෙනවා නම් අපි ඒක බලා ගන්නම්. උන්නැහේට ඒක ප‍්‍රශ්නයක් නොවෙයි. අගමැතිකමේ හීන බල බලා ඉන්න එකයි එයාට තියෙන්නෙ.
සටහන - දයාසීලි ලියනගේ
ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක



අදහස් (0)

මෛතී‍්‍ර - තිස්ස විවාදයට සූදානම්

සරත් Saturday, 18 August 2012 10:49 PM

අනේ ඔය කතා...!!(නු)

:       0       0

සිසිර කුමාර Tuesday, 14 August 2012 03:19 PM

අපි දන්නවා ඔය දෙන්නම ගැන හොදට. (නි)

:       0       0

රාම් Tuesday, 14 August 2012 03:20 PM

මේවාද දැන් තියෙන විවාද කරන්න අවශ්‍ය ප්‍රශ්න? (නි)

:       0       0

දයා ,සෞදි Monday, 13 August 2012 01:20 PM

බොරු ..බොරු .. කවදාවත් මේගොල්ල විවාදවලට එන්නේ නැහැ . (දී)

:       0       0

තිලක් Friday, 17 August 2012 07:15 AM

මොන විවාදද අනේ ලංකාවේ

:       0       0

ඔපාලි Monday, 13 August 2012 03:44 AM

ලජ්ජා නැද්ද අනේ

:       0       0

නිලන්ත Monday, 13 August 2012 08:46 AM

ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site