ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි අද්වීතීය සෙනෙවියකු වූ මේජර් ජනරාල් ජානක පෙරේරා
සහ ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා දස වසරකට පෙර අද වැනි දිනකදී (2008 ඔක්තෝබර් 6 වැනිදා) අනුරාධපුර නගරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් හේතුවෙන් දැයෙන් සමුගත්හ. ඒ සමගම තවත් අහිංසක සිවිල් වැසියෝ 30 දෙනෙක් එකම මොහොතේ මරු හා අවසන් ගමන් ගියහ.
බොහෝ දෙනා මේජර් ජනරාල් ජානක පෙරේරා දුටුවේ රාජකාරි අකුරට ඉටුකරන විනීත, විශ්වසනීය මෙන්ම ගෞරවනීය පෞරුෂයකින් හෙබි පුද්ගලයකු ලෙසිනි. ඒ තත්ත්වය පෙරේරා යුවළගේ දරුවන්ටද එලෙසින්ම විය.
යුද හමුදා නිල ඇඳුමට ඇලවූ තරු කොතෙකුත් තිබුණද ජනුක්ෂි ෂෙහාරා සහ අශන්ක තිදෙනාටම මේජර් ජනරාල් ජානක පෙරේරා යනු විනෝදයෙන් මෙන්ම සැහැල්ලුවෙන් දවස ගෙවූ සදාදරණීය පියෙකි. බිරිඳ වජිරාට අදාරණීය ස්වාමිපුරුෂයෙකි. සොඳුරු මිනිසෙකි.
පදක්කම් හා සම්මාන ලැබූ යුද භටයකු වූ ඔහු පළමුව යුද්ධයේදීත් ඉන් පසුව සිය කෙටි දේශපාලන ජීවිතය තුළදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 40ක් තිස්සේ කළ සේවය පිළිබඳව ආඩම්බර වූයේය.
යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසද ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. අනතුරුව පසුව උතුරුමැද පළාත් සභාවේ විරුද්ධ පක්ෂ නායකයා ලෙස තේරීපත්වූ ජානක පෙරේරා මහතාගේ කෙටි දේශපාලන ජීවිතය ත්‍රස්ත ප්‍රහාරයකින් අවසන් වූයේය.
ලංකාවේ සිවිල් යුද්ධයේ අසීරුතම කාලයේදී එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව කළ අරගලයේදී භූමිකා කිහිපයක ඉටුකළ කාර්යයය සම්බන්ධයෙන් ඔහු වාරගණනාවක්ම ඇගයීමට ලක්ව තිබිණ.
අලුතින් ස්ථාපිත කරනු ලැබූ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ , විශේෂ රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ ආඥාපති ලෙස ද ඔහු කටයුතු කළේය. ඔහුට ලැබුණු ඇගයීම් අතර නිර්භීත බවට පිදෙන රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කමද, ගෞරවනීය සේවාව පිළිබඳ පදක්කම වන විශිෂ්ට සේවා විභූෂණ, දීර්ඝ සේවාව පිළිබඳව වන උත්තම සේවා පදක්කම සහ ශ්‍රී ලංකා යුධ සේවා දීර්ඝ සේවා පදක්කම මෙන්ම විදේශ සේවා පදක්කමද වේ.
එම වසරේදීම ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කරනු ලැබුවද, එමගින් ඔහු යුද මුදාපති ලෙස උසස් කිරීමට තිබූ අවස්ථාව මඟහැරුණෙන් 2001දී ඔහු හමුදාවෙන් ඉල්ලා අස්වූයේය.
මේජර් ජනරාල් ජානක පෙරේරාගේ බිරිඳ වන වජිරා පෙරේරා, 1982 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායට බැඳුණු පළමු කාන්තා නිලධාරිනියන් හය දෙනාගෙන් අයෙකි. ඇය පුහුණුව ලැබුවේ එංගලන්තයේ කාන්තා රාජකීය හමුදා බලකායෙනි. ඇයගේ හමුදා ජීවිතය සිය සැමියාගෙන් මෙන් දීර්ඝ නොවූවද යුද හමුදාව සමග එක්වීමට තරුණ කාන්තාවන්ට ඇය මඟ පෙන්වූවාය.
පෙරේරා යුවළ වැනි පළපුරුදු මෙන්ම නිර්භීත නිලධාරීන්ගේත් නිලධාරිනියන්ගේත් සේවය අකාලයේ අහිමි වීම රටට දැයට මිල කළ නොහැකි පාඩුවකි.

COMMENTS
ඉතාමත් කණගාටුයි එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක්
ඉතාමත් කණගාටුයි එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක්
89 කලබල කාලේ මේ අය වැඩ කරලා තියෙන්නේ රණ විරුවන්ට වඩා ගොඩක් වෙනස් භූමිකාවක්...
මහින්ද මහත්තයා තමයි මෙතුමගේ ආරක්ෂාව අයින් කරලා කොටියාට මෙ වටිනා ජීවිතය බිලි දුන්නේ...
කරුණට ඇමැතිකම ලැබුනේ හරියටම මෙතුමා ඝාතනය වූ දවසේ.... කරුණාගේ මරාගෙන මැරෙන අයෙක්ගෙන්...
මෙම කාලයේ රටට අවශ්‍ය පුද්ගලයෙක්. එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක්
රටට සිටිය යුතුම නිර්භීත සෙබලෙක්. අවංක නිලධාරියෙක්.
වෙලිකන්ද ලංකා ඉතිහාසයේ සාර්ථකම මෙහෙයුම කොටි 400 කට ලංකා විරුවෝ 2. මෙහෙයවීම ජනක .
ඉතාමත් කණගාටුයි එතුමාගේ වියෝවීම රටට විශාල පාඩුවක් ......................
වියෝ වීම ගැන කනගාටුයි.
මෙතුමා ව දේශපාලන කරලියට ගෙනාවේ ද කෙටි දේශපාලන ජීවිතය තුළදී ආරක්ෂාව අයින් කරේ ද බල ලොබි ප්‍රබල දේශපාලන නායකයන් විසින්. ඔවුන්ගේ දේශපාලන ක්‍රීඩාව තුල රටට අවශ්‍ය දේශමාමක මිලකලනොහැකි චරිත විනාශවී යයි.
අනේ අපොයි අපිට මතක නැද්ද 88-89 කල වලදී මෙතුමා ඇතුළු අනෙක් නිලදාරීන් තරුණයන්ට දස වධ දීල මරපු හැටි. " දිට්ට ධම්ම වෙධනීය කර්මය " ජ්ව්ප් විරුවෝ '