IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මොකක්ද මේ රැජිනගේ ‘යෂ්ටිය’

 

යෂ්ටිය ගෙන ආ ගමන් මාර්ගය

 

මහා බි‍්‍රතාන්‍යය යනු අලූත් සම්ප‍්‍රදාය රැසක් ලෝකයට දායද කළ රටකි. ඉපැරණි සම්ප‍්‍රදාය ආරක්ෂා කරගෙන අනාගතයට පිවිසෙන රටක් ලෙස ද මහා බි‍්‍රතාන්‍යය හැඳින්වේ. අතීතයේ බි‍්‍රතාන්‍යය පාලනය කළේ රජ පවුල වුවත් දැන් ඇත්තේ නාම මාත‍්‍රික රජ පවුලකි. නාම මාත‍්‍රික වුවත් අතීතයේ සිට ආ ප්‍රෞඪ බව තවමත් එලෙසම පවතී.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව තව නොබෝ දිනකින් ශ‍්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිතය. සමුළුවේ නායකයා ලෙස කටයුතු කරන රැුජින සහභාගි නොවූවත් ඇය නියෝජනය කරමින් ඇගේ පුත් කුමරු ලංකාවට පැමිණීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ද රැජින නියෝජනය කරන අංග රැසකි. රැජිනගේ යෂ්ටිය ද ඉන් එකකි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී 2014 ජූලි 23 වැනි දා ආරම්භ වන 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ   ”රැජිනගේ  යෂ්ටිය”  පසුගිය දා ශ‍්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

යෂ්ටිය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් හරහා ගෙන යන දුත පිරිසේ  ප‍්‍රධානියා වන ලූයිස් රෝසා  මහතා විසින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී    ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් දි සිල්වා මහතාට බාර දෙනු ලැබීය.

කී‍්‍රඩා උළෙල ඇරඹීමට පෙර මෙම යෂ්ටිය  දින 248ක් පුරා පොදු රාජ්‍ය  මණඩලයේ සාමාජිකත්වය දරන රටවල් 70 ක් හරහා රැගෙන  යාමට නියමිතය.
රැජිනගේ යෂ්ටිය රැගෙන යෑම අරඹනුයේ බකින්හැම් මාලිගයේ සිටය. මහ රැජින විසින් එය ලබා දෙන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් හරහා ගෙන යන

යෂ්ටිය
 
ලූයිස් රෝසා

යෂ්ටිය ක‍්‍රීඩා උළෙල ආරම්භයේ දී රැජිනට හෝ රැජිනගේ නියෝජිතයකුට භාර දීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි. ඉන් අනතුරුව යෂ්ටිය සමග රැුගෙන එන පණිවිඩය හඩා නඟා කියවන අතර එය පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ නිල ආරම්භයයි. ”රැජිනගේ යෂ්ටියේ” ඉතිහාසය 1958 දක්වා දිව යයි. යෂ්ටිය රැුගෙන සංචාරය කිරීම ආරම්භ වූයේ 1958 වසරේ වේල්සයේ කාඩිෆ්හිදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළලේදීය.

එතැන් පටන් 1994 වසර දක්වා එංගලන්තයේ හා ක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරන රටේ පමණක් රැජිනගේ යෂ්ටිය රැගෙන ගිය අතර  1998 මැලේසියාවේ ක්වාලාලම්පූර්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය   ක‍්‍රීඩා උළෙලේ සිට රැජිනගේ යෂ්ටිය රැගෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් රටවල්හි ද සංචාරය කිරීම ඇරැඹිණි.

1990 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල නවසීලන්තයේ  ඕක්ලන්ඞ්හි පැවැති අතර යෂ්ටිය කොටස් දෙකකින් යුක්ත විය. එක් කොටසක් උතුරු නවසීලන්ත දුපත්වල ද අනෙක් කොටස දකුණු නවසීලන්ත දුපත්වල ද සංචාරය කළේය.   ක‍්‍රීඩා උළෙල ආරම්භ වීමට සතියකට පෙර යෂ්ටි දෙක එක් කරනු ලැබීය.

1994 දී  ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියාහි  පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල පැවැත්වුණු අතර ඒ වන විට රැජිනගේ යෂ්ටිය පිරිසිදු රිදියෙන් නිමවා තිබුණි.   වෘකයකු, දෝණකාකයකු සහ ගෙම්බකු කටින් ගත් රාජාලියකු ද එහි කැටයම් කොට තිබුණි.

1998 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදි  පැවත්වුණු අතර මැලේසියාව ඔවුන්ගේ සම්ප‍්‍රදාය ද ඊට එක්කර තිබුණි. එම උළෙලේ දී මැලේසියානුවන් රැජිනගේ ගිනිසිළුව ක‍්‍රීඩාංගණයට ගෙන එනු ලැබුවේ අලියකුගේ පිට ය. රැජිනගේ ගිනිසිළුව එඞ්වඞ් කුමරුන්ට බාරදෙනු ලැබුවේ ප‍්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත් මැලේසියානු ක‍්‍රීඩකයා වන කෝ ඉන්ග් ටොන්ග් විසිනි. කෝ ඉන්ග් 1950 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදි බර ඉසලීමේ ක‍්‍රීඩා ඉසව්ව සඳහා රන් පදක්කම දිනා ගෙන තිබිණි. එම ගිනිසිළුව නිමවා තිබුණේ මැලේසියාවට ආවේණික ”ද ගොබෙක්” නමින් හදුන්වන මෙවලමකිනි. මැලේසියාවේ නිවාසවල බොහෝ විට දැකිය හැකි පුවක් වලින් සෑදු සිලින්ඩාරක තුවක්කුවක ආකෘතියට එය නිමවා තිබුණි.

2002 වසරේ  පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ දි රැුජිනගේ යෂ්ටිය රැුගෙන කිලෝමීටර 100,000ක් ආවරණය කරමින් රටවල් 23ක සංචාරය කරනු ලැබීය. 2006 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පැවැති අතර ඒ වෙනුවෙන් රැජිනගේ ගිනි සිළුව රටවල් 71ක සංචාරය කැරිණි. එම සංචාරයේ දී කිලෝමීටර 180,000කටත් වඩා ආවරණය වී තිබිණි. එය සම්ප‍්‍රදායික ලෙස බකිම්හැම් මාළිගයෙන් ආරම්භ වූ අතර  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් ක‍්‍රීඩංගණයෙන් අවසන් විය. රැුජිනගේ යෂ්ටියේ ඉදිරිපස කොටස කුඩා විදුලි බුබුළු 71 කින් සමන්විත විය.   පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සහභාගී වන ක‍්‍රීඩා කණ්ඩායම් අයත් රටවල් එයින් අර්ථවත් වෙයි.  

2010 වසරේ ඉන්දියාවේ නව දිල්ලියේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා යොදාගත් යෂ්ටිය ඇලූමිනියම් වලින් නිෂ්පාදනය කර තිබූ අතර   රත‍්‍රන් පත‍්‍රයක රැජින්‍ගේ පණිවිඩය ලියා තිබුණි.  2009 වසරේ ඔක්තෝබර් 29 වැනිදා බකිම්හැම් මාළිගයෙන් යෂ්ටිය ලොව වටා සංචාරය ඇරඹු අතර එය රටවල් 70ක සංචාරය කර 2010 ජුනි 25 වැනිදා පාකිස්ථානයේ වැගා හරහා ඉන්දියාවට රැගෙන ආවේය.  

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල පැවත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේය. ඒ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ය. කී‍්‍රඩා උළෙල සඳහා රැජිනගේ යෂ්ටිය ලොව වටා සංචාරය කිරීම ඔක්තෝබර් 9 වැනි දා ඇරැඹිණි. දින 288ක් ඇතුළත කිලෝමීටර 190,000ක් ආවරණය කරමින් යෂ්ටිය රැගෙන සංචාරය කර 2014 ජූලි 23 වැනි දා ග්ලාස්ගෝ වෙත ළඟා වීමට නියමිතය.

මෙවර රැජිනගේ යෂ්ටිය නිර්මාණය කර ඇත්තේ ග්ලාස්ගෝහි පිහිටි 4සී ඩිසයින් නමැති ආයතනයක් විසිනි. මෙහි රැජිනගේ අත්අකුරින් ලියන ලද පණිවිඩයක් සටහන් කර ඇති අතර එය ටයිටේනියම් දැලිසකින් ආවරණය කර ඇත. එමෙන්ම යෂ්ටිය රැගෙන යන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ග්ලාස්ගෝහි පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට පැමිණීම සංකේතවත් කිරීමට යෂ්ටියේ ඉහළ කොටසේ මැණික් ගල් ඔබ්බවා ඇත.  මෙම යෂ්ටියේ මිට සාදා ඇත්තේ එල්ම් නම් දැව වර්ගයකින් වන අතර එය ”බර්ඞ් මවුතින්” නම් බෝට්ටු සාදන ක‍්‍රමයකට නිපදවා ඇත. රැජිනගේ යෂ්ටිය මෙවර ප‍්‍රථමයෙන් රැගෙන යෑමට වාසනාව හිමි වූයේ ස්කොට්ලන්තයේ   ඇලන් වෙල්ස් නම් ක‍්‍රීඩකයාටය.

මහා බි‍්‍රතාන්‍යයේ බකින්හැම් මාළිගයෙන් ස්කොට්ලන්තයේ පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා කවුන්සිලයටත්, ඉන් පසු ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, බංගලාදේශය හා පකිස්තානයටත් යෂ්ටිය රැගෙන ගිය යෂ්ටිය පසුගිය සතියේ ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේය. යෂ්ඨියේ උස මිලිමීටර 615කි. බර කිලෝ ග‍්‍රෑම් 1.6කි.
ලබන වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල ඇරැඹෙන දින එම යෂ්ටිය රැජිනට හෝ ඇගේ නියෝජිතයකුට සම්ප‍්‍රදායානුකූලව බාර දෙනු ඇත.

 

දුත පිරිසේ ප‍්‍රධානියා වන ලූයිස් රෝසා මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා වෙත බාරදෙනු ලැබූ අවස්ථාව

 

 



අදහස් (0)

මොකක්ද මේ රැජිනගේ ‘යෂ්ටිය’

පැංචි Monday, 28 October 2013 12:11 AM

සම්ප‍්‍රදාය ගොඩක් එක්ක යු.කේ.මහා රැජින නමින් ගෙන ආ මේ යෂ්ටිය දැක අලුත් යමක් ඉගෙනගත්තා. මේක ලියූ ඔබ සැමටත්, කියවන තුටුවන සැමටත්,ලංකාදීපේ මේ පිටුවට මෙන්න මගෙන් අත්පුඩියක්... (නි)

:       0       0

කීඩිත Wednesday, 30 October 2013 01:57 AM

ඇයි ඒක මෙහෙ ගෙනාවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1124 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1135 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site