IMG-LOGO

පහතරට යක් තොවිලයේ අඩංගු මනෝ චිකිත්සාව

thowilaya

ඈත අතීතයේ පටන්ම යක්‍ෂ සංකල්පය පිළිබඳ අදෘශ්‍යමාන විශ්වාස ලාංකේය ජනයා අතර පවතී. යකුන් ලෙස හැදින්වෙන්නේ අදෘශ්‍යමාන අමනුෂ්‍ය කොට්ඨාසයක් වන අතර යක්‍ෂ සංකල්පය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම පැවත ගෙන එන්නක් බවට කරුණු රාශියක් හමුවේ. එය විජය කුවේණි පුරාවෘත්තය දක්වා ඈතට දිවෙන අතර විජය ලංකාවට පැමිණෙන විට මෙරට සිටි ආදිවාසීන් යක්‍ෂයන් බව මහාවංශයේ සඳහන් වේ. යක්‍ෂ ගෝත‍්‍රිකයන් මෙරට වාසය කළ බවට සාධක හමු වුවද යක්‍ෂයින් ඇඳහීම සම්බන්ධයෙන් ඓතිහාසික තොරතුරු හමුවන්නේ පණ්ඩුකාභය රජු සමයේ පටන්ය.

ක‍්‍රි.පු. 5 වැනි සියවසෙහි පණ්ඩුකාභය රජු වසරක් පාසා වාලවාමුඛි නම් යක්‍ෂණියකට බලි දානයක් දුන් බවත්, නැකැත් කෙළි දිනයන් හි චිත්තරාජ, කාලවේල යකුන් සම`ග සම අසුන් හිඳ නැටුම් නැරඹූ බවත් මහාවංශයේ සඳහන් වේ. මේ අනුව විද්‍යාමාන වන්නේ ආදි මිනිසා යක්‍ෂයන් පිළිබඳව විශ්වාසයක් ගොඩනඟා ගත් අතර ඔවුන් විෂයෙහි විවිධ වූ යාගහෝම, පුද පූජා පැවැත්වූ බවය. ඉන් යක්‍ෂයන් ගෙන් ඇති වන්නේ යැයි සිතූ අනේකවිධ රෝග උපද්‍රවවලින් මිදී ලෞකික ජීවිතයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම මූලික අභිමතාර්ථයවී ඇත. මෙකී යාතුකර්ම ”යක් තොවිල් ලෙස ශාන්තිකර්ම පද්ධතියේ ව්‍යවහාර වේ.
ලාංකේය සාම්ප‍්‍රදායික අනන්‍යතාව සුරකින නර්තන සම්ප‍්‍රදාය ත‍්‍රිත්වය අප සතුවන අතර එම සම්ප‍්‍රදායන් හි යකුන් වෙනුවෙන් පවත්වනු ලබන යක්තොවිල් ගොන්නකින් සමන්විත වේ. එකී යක්තොවිල් ස්ත‍්‍රි පුරුෂ දෙපක්‍ෂයටම පොදු වුවද කාන්තාවන්ටම විශේෂ වූ යක් තොවිල්වලින් යුක්ත වීම විශේෂත්වයකි.
කාන්තාවන් විෂයෙහි පවත්වන යක්තොවිල් සියල්ලම ගැබ පෙළහර වෙසසකි. ගර්භණියකට දරු ප‍්‍රසුතිය යෙහෙන් සිදුවීමට, දරු ගැබ ආරක්‍ෂා කර ගැනීමට, උපන් දරුවාගේ ආරක්‍ෂාව සඳහා, වඳ ස්ත‍්‍රීන්ට දරු උපත් ලබා දීම පිණිස පවත්වනු ලබයි.

කාන්තාවන්ට ඇතිවන්නා වූ විවිධාකාර රෝග සහ නූපන් දරුවන් විනාශ කිරීම, දරු ගැබ් පිහිටීම වැළැක්වීම කළු කුමාරයා, රට යකුන්, සන්නි යකුන්, තොට යකුන්ගේ බලපෑමෙන් සිදු වන බවට විශ්වාසයක් පවතී. කාන්තාවන්ට වඳ බව ඇති කරනු ලබන්නේ සන්නි කළු කුමාරයා බවට ද පහතරට ප‍්‍රදේශවල පවතින තවත් විශ්වාසයකි. මෙනිසා කාන්තාවන්ට කරනු ලබන සෑම යක්තොවිලයකදීම කළු කුමාරයා පුද ලැබීම දක්නට ලැබේ.

‘‘දාරක සම්පත්තිය’’ සෑම ගැහැනියක්ම ලැබිය යුතු උතුම් සම්පතක් වන අතර සිංහල ජන සමාජයේ සෑම කාන්තාවක්ම මවක් විය යුතුය යන විශ්වාසයක් පවතී. එනිසා දරුවන් නොමැති වූ කාන්තාවන් සිංහල ජන සමාජයෙහි උපහාසයට ලක් වූ අතර සුබ කටයුත්තකට යාමේ දී හමුවීම පවා අශූභ ලෙස සලකන ලදී. මේනිසා අතීතයේ පටන්ම දරු උපත් ලබා ගනු වස් ශ‍්‍රී මහා බෝධියට භාරවීම, පත්තිනි දෙවියන්ට බාරවීම, දළඳා මාළිගාවට භාරවීම වැනි විවිධ ඇදහිලි හා විශ්වාස මත පදනම් වූ වත් පිළිවෙත් හි නිරත වූ බව පෙනේ. ආයුර්වේදයේ ද ඒ හා සම්බන්ධව ලියවුණු,

  •  වරයෝගසාරය  
  • කෙවලෞෂධ සංග‍්‍රහය
  • ගර්භබි සුව ප‍්‍රසූතිකෝප දේශය

වැනි ආයුර්වේද ග‍්‍රන්ථවල පවා වඳ ස්ත‍්‍රීන්ට දරු ගැබ් පිහිටුවීම, දරුවන් ආරක්‍ෂා කිරීම, ප‍්‍රසූතිය පහසු කරවන ඖෂධ යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳව විවිධ අභිචාර විධි හා වෙද හෙදකම් රැසක් ඇතුළත් අතර ත‍්‍රිවිධාකාර වූ වන්ද්‍යාවන් ගැන ද සඳහන් වේ.

මෙසේ විවිධ වූ වත් පිළිවෙත්වල හා වෙද හෙදකම්වල නිරත වුවත් ඉන් සෑහිමකට පත් නොවූ ගැමියා ‘‘කාන්තාවගේ වඳ භාවය’’ කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඇති කරගනු ලබන්නක් ලෙස අවිඥානවිකව හෝ සවිඥානවිකව සිතා එම බලවේගය විසින් ඇති කරන ව්‍යසනයෙන් මිදීමට දේශීය යාතුකර්මවල පිහිට පැතූ බව පෙනේ. ඒ අනුව උඩරට, පහතරට, සබරගමු යන සම්ප‍්‍රදායත්ත‍්‍රයෙහිම ‘‘ගර්භ සංරක්‍ෂණය’’ අරබයා යක් තොවිල් රාශියක් පැවැත්වීමෙන් එය තවදුරටත් සාක්ෂාත් වේ. උඩරට ප‍්‍රදේශයේ කලස් යාගය, කඩවර කංකාරිය, රුප්පා යකුම කාන්තාවන්ට සුවිශේෂිව කරන ලද ශාන්තිකර්ම වූ අතර සබරගමු ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් ‘‘කුමාර සමයම’’ ගර්භ සංරක්‍ෂණය වෙනුවෙන් ප‍්‍රචලිතව පවතී. ඊට අමතරව,

 

1. කඩවර කංකාරිය
2. කලස් වෛද්‍ය
3. කළු කුමාර තීන්දුව කැපීම.
4. කළු කුමාර යන්ත‍්‍රය බැ`දීම.
5. කාඨිනා බලිය
6. යස්සගිරි බලිය
7. වින රාජ කසාය දීම
8. කිරි අම්මාවරු වෙනුවෙන් යැදීම ආදී වත් පිළිවෙත් රාශියක් ද පවත්වයි.


පහතරට ප‍්‍රදේශයේ ද දාරකෝත්පත්තිය හා සම්බන්ධව පවතින විවිධ අභාචාර විධි සහ වත් පිළිවෙත් රාශීයකි. එකී ශාන්තිකර්ම මාතර, බෙන්තර, සියනෑ කෝරලය, හේවාගම් කෝරලය වශයෙන් ප‍්‍රාදේශීය වෙනස්කම් අනුව විවිධ වේ. කාන්තාවක් වෙනුවෙන් කරනු ලබන යක් තොවිල් ලෙස


මාතර රිද්දි යාගය
බෙන්තර රට යකුම
මාතර මහා කළු යකුම
බෙන්තර කළු යකුම
කළු යක් මඩුව
කළු කුමාර දොළ දීම
දළ කුමාර බලිය
ගර්හ ශාන්තිය
ජෝඩු තොවිලය පෙන්වා දිය හැක.


මෙම යක්තොවිල්වලින් බොහොමයක් අද්‍යතනය වනවිට අභාවයට ගොස් ඇති අතර, මේ වනවිට රට යකුම හෙවත් රිද්දි යාගය පමණක් ගර්භ ශාන්තියක් ලෙස දැක ගතහැකි වීම අප සතු වාසනාවකි. කාන්තාවන් වෙනුවෙන් පවත්වන සුළු වත් පිළිවෙත් ලෙස,
 

 

  •  ගස් අතු බැ`දීම
  •  කිරි අම්මාවරුන්ට දානයක් දීම
  •  ආගමික සිද්ධස්ථානවලට භාරවීම ආදිය දැක්විය හැකිය.


ලංකාවේ පවත්නා සෑම ශාන්ති ක‍්‍රමයක මෙන් ම කාන්තා යක් තොවිල්වල ද ව්‍යුහය මානසික රෝග නිරාවරණය උදෙසා ක‍්‍රමික ව සකස් වී ඇති බව පෙනේ. එකී යක් තොවිල්හි යාගය පවත්වන ඇදුරා හෝ යකැදුරා එහි ප‍්‍රධාන මනෝ වෛද්‍යවරයා වන අතර, ඔහු විසින් ආතුරයාට කරනු ලබන චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමයන් කිහිපයකි. එනම්,

 

  •  රෝගියාගේ විශ්වාසය දිනා ගැනීම
  •  ආතුරයාට අභ්‍යාස මගින් සිතට සහනය ළං කිරීම
  •  ක‍්‍රමයෙන් සත්‍යයට අවතීර්ණ කිරීම
  •  අනතුරුව රෝගය සුව බව අවබෝධ කර දී යථාර්ථය අවබෝධ කොට දීම වශයෙනි.


මනෝ චිකිත්සාව යනු ‘‘පුද්ගලයකුට ඇති වන රෝගයක් ව්‍යුපසමනය හෙවත් සුව කිරීම ලෙස සරලව විග‍්‍රහ කළ හැකිය. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම ජීවිතයට අත්‍යවශ්‍ය වූ දෙයකි. බුදු දහමේ පවා ‘‘ආරෝග්‍යා පරමා ලාභා’’ යනුවෙන් දක්වා තිබීමෙන් නිරෝගීකම උතුම් සම්පතක් බව අනාවරණය වේ. ආරෝග්‍යා හෙවත් නිරෝගිකම යන්නෙන් කායික හා මානසික වශයෙන් පමණක් නොව සාමාජීය වශයෙන් ද සුවපත් වීමත් අදහස් කෙරේ.

ආරම්භයේ සිට ම අවසානය දක්වා මනෝ චිකිත්සක ලක්ෂණ රැුසකින් පරිපූර්ණ වන අතර පූර්වොක්ත ව සඳහන් කළ මනස සුවපත් කරන්නා වූ බුද්ධිමත් ක‍්‍රියාවලිය ශාන්තිකර්මයේ පූජාරටාවේ රැු`දී ඇත, එසේ ම මනස සුවපත් වීම ආරම්භ වන්නේ ආතුරයාගේ රෝගය නිවාරණය කරනු වස් ශන්තිකර්මය කිරීමට පොරොන්දුවීමක් ලෙස කලසක් වෙන්කිරීම හෝ ඇප නූලක් බැඳීම කරනු ලබන දින සිටය. මෙහි දී අදාළ ශාන්තිකර්මය කරන තෙක් ආතුරයා ආරක්‍ෂා කර දෙන ලෙස සියලූ දෙවි දේවතාවුන්ගෙන් හෝ යකුන්ගෙන් ඉල්ලා සිටී.

මෙසේ කාන්තාවන් විෂයෙහි පවත්වන ප‍්‍රචලිත යක් තොවිලය වන රිද්දියාගය හෙවත් රට යකුම ද කාන්තාවන් විෂයෙහි පවත්වන අප‍්‍රචලියක් තොවිල්වන මහකළුකුමාර සමයම, කළුයක් මඩුව, කළුකුමාර දොළදීම, දළ කුමාර බලිය, ගර්භ ශාන්තිය, ජෝඩු තොවිලය වැනි යක් තොවිල් ද ආරම්භයේ සිට ම ආතුරයාගේ මනසෙහි විශ්වසනීයත්වයක් ඇති කර තමාට යම් රෝගයක් ඇතිවූවා නම් එයට පුද පූජා පැවැත්වීමෙන් සියලූ කරදර දුරුව යතැයි යන විශ්වාසය මනසට කාවැද්දවීමට සමත් වේ. මේ නිසා මෙතැන් පටන් මට දෙවියන්ගේ ආනුභාවය ලැබෙන්නේය, මාගේ රෝගය සුවපත් වන්නේය යන විශ්වාසය ආතුරයාගේ සිතේ ස්ථිරව ම තැන්පත් වේ. එම හැඟීමෙන් පළමුවරට තම රෝගී බව තුරන් වීම පිළිබඳව අස්වැසිල්ලක් සිත්හි නිදන්වන ආතුරයාගේ බලාපොරොත්තුව පෙරදැරි කොටගෙන නිසිකලට අදාළ ශාන්තිකර්මය කර ගැනීමට ඇය සිතින් සූදානම් වේ.

යාතුකර්මයක ආරම්භක අවස්ථාව වන්නේ ආතුරයා ආතුර පන්දලමේ වාඩිකරවීමයි. එහි දී සුදු පිරුවට හැඳ පිරිසුදුවූ ආතුරයා ප‍්‍රධාන යකැදුරා විසින් ආතුර පන්දලමේ වාඩිකරවන්නේ බුදුන්ට දෙවියන්ට කට පැහැදී කීමෙන් අනතුරුව ය. මෙය පූජාර්ථය මුල්වන අතර ආතුරයාගේ සිත, කය, වචනය යන තුන් දොර නිතැතින් ම පිරිසුදු බවට පත් කිරීම සිදුවේ.

රටයකුම, රිද්දියාග, මහකළුකුමාර සමය ඇතුළු කාන්තාවන් විෂයෙහි පවත්වන සියලූම ප‍්‍රචලිත, අප‍්‍රචලිත යක් තොවිල්හි දී කළු, රීරි, අභිමාන, තොට, බිල්ලේ, සූනියම්, මහසොහොන් යන යක්ෂයන්ට බත් භෝජන සහිත පිදේනි දෙයි. එහි දී ආතුරයා හා පිදේනි කඩතුරාවකින් වෙන් කර ඇති අතර, යකු පැමිණෙන බව හගවයි. පළමුව යකුගේ බැල්ම ඇති කිරීමට දිෂ්ටි මන්ත‍්‍ර කියා, අට කොණින් අඩ ගැසීමට

‘‘රුදුර ගිරි පර්වතයේ මානෙල් මල් විලට වරන් ගත් මහා කළු යක්ෂයාය, යක්ෂණිය, අසුර කැටපර්වතයේ දිෂ්ටි වර වර ඒස්වා හඃ’’
යනාදී වශයෙන් කොට කවි, දිග කවි ගායනා කරයි.


මෙහි දී ඇදුරාගේ යාග කටයුතු ආතුරයාට නොපෙන්වීමෙන් යකු ර`ගමඩලට පැමිණි බවට මනෝ භාවයන් ආතුර සිතේ ජනිත කිරීම අපේක්ෂා කරයි. ඉන් ඇදුරා යකු ඉදිරියේ පිදේනි දිෂ්ටි කර පිදේනි දෙනු ලබන අයුරුත්, යාදිනි හා කන්නලව් කියා තම රෝගයට බැගෑපත් වන අයුරුත් සවනට හසුවන ආතුරයා යකු නිහඬ බැවින් තමාගේ රෝගය සමනයට යකු මුල් වූ බව තම මනසේ තැන්පත් කරවීමට සමත් වෙයි. අනතුරුව කඩතුරාව හරින විට දුම්මල කීලක් ගින්නත් සමඟ උඩු ගුවනට ගැසීමෙන් යකුන්ට අවශ්‍ය දොළ පිදේනි රැුගෙන, සියලූ දොස් නිවාරණය කරමින් තමා කෙරෙන් යකු පිටත්ව ගිය බවක් ගින්න මගින් සංකේතවත් කරයි.


මතු සම්බන්ධයි

 

pushpa-kanthi



අදහස් (1)

පහතරට යක් තොවිලයේ අඩංගු මනෝ චිකිත්සාව

හෂාන් Thursday, 16 October 2014 02:26 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 9760 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 263 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 195 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site