IMG-LOGO

ප‍්‍රභාකරන්ගේ පස්වැනි බංකරය

කොටිනායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඔහුගේ බිරිඳ සහ දරුවන්ට සැඟවී සිටීමට තනා තිබූ අධි ආරක්ෂිත භූගත මාලිගා පහක් ඒ කාලයේ කිලිනොච්චියේ සහ මුලතිව් යන ප‍්‍රදේශ දෙකෙහි පිහිටා තිබී ඇත.

භූගත මේ අධි ආරක්ෂිත අධි සුඛෝපභෝගී මාලිගා පහෙන් හතරක් වන්නි මානුෂිය මෙහෙයුමේ රණවිරුවන් විසින් සොයාගෙන තිබුණු අතර පස්වැනි භූගත මාලිගාව සොයාගනු ලැබුවේ පසුගිය සතියේය.

දින කිහිපයක කැණීම් වලින් පසු මතුකරගත් ඒ භූගත මාලිගාව සොයාගෙන ඇත්තේ කිලිනොච්චිය උරුත්තපුරම් ප‍්‍රදේශයේදීය.
කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඞී) රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් ඒකාබද්ධව කරන ලද කැණීම් වලින් ප‍්‍රභාකරන්ගේ මේ භූගත මාලිගාව මතුකරගෙන ඇත.

 

බංකර් මාලිගාව හැදු සේවකයන් වෙඩි තබා මරලා

කොටි නායකයාගේ මේ භූගත මාලිගාව ගැන කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට තොරතුරු හෙලිකර ඇත්තේ කොටින්ගේ වධාකාගාරවල සිරකරගෙන සිට පසුව නිදහස ලැබූ සාමාන්‍ය වැසියන් පිරිසක් විසිනි.

වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවන් මීට කලින් ප‍්‍රභාකරන් බිරිඳ හා දුදරුවන් ආරක්ෂිතව කලින් කලට සැඟව සිටි භූගත අධි සුඛෝපභෝගී මාලිගා 4 ක් සොයාගෙන තිබිණි.

මුලතිව් පුදුකුඩිරිප්පු ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශයේ මුලතිව් ඉසෙයිකුඩිරිප්පු, කිලිනොච්චිය, විශ්වමඩු සහ ආනන්දපුරම් යන ප‍්‍රදේශවලදී ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගා හතරක් මෙසේ සොයාගෙන තිබිණි.

කොටින්ගේ ඊළාම් සිහින රාජ්‍යය ලෙස සැලකූ කිලිනොච්චිය ඔවුන්ට අහිමිවීමෙන් පසු අවසන්වරට කොටි නායකයා බිරිඳ මදිවාදිනි සහ දු දරුවන් සැඟව සිටියේ පුදුකුඩිරිප්පු ඔඞ්ඩුසුඩාන් පාරේ පිහිටි මහ කැලෑවක පිහිටි අධි ආරක්ෂිත භූගත මාලිගාවේය.

මහල් තුනකින් යුතු මෙම භූගත මාලිගාව සම්මන්ත‍්‍රණ ශාලාවකින්ද සමන්විත කාමර දහයකින් සමන්විත මෙම මෙහි කාමර සියල්ල වායු සමීකරණය කර තිබී ඇත.

මෙම භූගත මාලිගාව පිටතට නොපෙනෙන අයුරින් ඉතා සූක්ෂම ලෙස තනා එය වටා ගස් කොළන් වවා තිබෙන අයුරු දක්නට ඇත.
ගුවනින් හෙළන බෝම්බ සහ හමුදාවේ බර අවි ප‍්‍රහාර වලට ඔරොත්තු දෙන ආකාරයට ශක්තිමත් ලෙස මෙම භූගත මාලිගාව තනා ඇති මෙහි බිත්ති අඩි තුනක් පමණ ඝණකමකින් යුක්තය.

බංකරයට පිවිසෙන දොරටුව

මෙම භූගත මාලිගාව වටා මුර කුටි 25 ක් පමණ තනා ඇති අතර ඒවාද තනා ඇත්තේ වෙඩි නොවදින තහඩු යොදාගෙනය.
ප‍්‍රහාරවලට ලක්ව මැරුම්කන කොටි නායක නායිකාවන්ට අවසන් ගෞරව දැක්වීමට තනා ඇති විශේෂ කුටියක්ද මෙම මාලිගාව අසල තනා තිබේ. ප‍්‍රභාකරන් සැඟව සිටි මෙම භූගත මාලිගාව සොයාගනු ලැබුවේ 2009 වසරේ පෙබරවාරි මාසයේදීය.

කිලිනොච්චිය උරුත්තපුරම් ප‍්‍රදේශයේ අක්කර පහක පමණ ප‍්‍රදේශයක් පුරා කොටි කඳවුරු සංකීර්ණයක් ඒ කාලයේ පිහිටා තිබී ඇත.
මරාගෙන මැරෙන කොටි පුහුණු කිරීමේ කඳවුරකින්ද සමන්විත මෙම කඳවුරු සංකීර්ණය අතිශයින්ම අධි ආරක්ෂිත කලාපයක් වන අතර අනවසරයෙන් ඇතුළුවන  ඕනෑම අයෙකුට එදා හිමිවී ඇත්තේ ළය පසාරුකරගෙන යන උණ්ඩ වැලකි.

කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ඔහුගේ පවුලේ අය මේ කඳවුරු සංකීර්ණය පිහිටි භූමි භාගයේ තනා ඇති භූගත මාලිගාවේ සැඟව සිටින නිසා ඒ ප‍්‍රදේශයට විශාල ආරක්ෂාවක් යොදවා තිබී ඇත.

මෙම කඳවුරු සංකීර්ණයට සහ ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගාවට විදුලිය බලය සැපයීමට වෙනම විදුලි බලාගාරයක් ද ස්ථාපිතකර තිබී ඇති අතර එහි සවිකර තිබී ඇත්තේ විදේශයකින් ගෙන්වන ලද අධිබල විදුලි ජනක යන්ත‍්‍ර කිහිපයකි.

ප‍්‍රහාරක ගුවන්යානා කටුනායකින් ඉහළ අහසට ඔසවනවාත් සමගම ප‍්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය සැඟව සිටින මෙම භූගත බංකරය පිහිටි කඳවුරු සංකීර්ණයේම විදුලිය විසන්ධි කරන බව දැන ගැනීමට ලැබුණේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගෙනි.

කටුනායක ගුවන් තොටුපොළෙන් ප‍්‍රහාරක යානා ඔසවන විටම ඒ බව දැනුම්දීමට කොටි චර පුරුෂයන් ඒ කාලයේ ඒ ප‍්‍රදේශයේ රහසිගතව ස්ථානගත කරවා සිට ඇති බව මේ අනුව පෙනී යන කරුණකි.

ප‍්‍රභාකරන් ඔහුගේ බිරිඳ සහ දරුවන් 2007 වසර දක්වාම ගතකර ඇත්තේ කිලිනොච්චිය උරුත්තම්පුරම් ප‍්‍රදේශයේ පිහිටි මෙම භූගත මාලිගාව තුළය.
ප‍්‍රහාරක යානා මගින් උරුත්තම්පුරම් ප‍්‍රදේශයේ පිහිටි මෙම කොටි කඳවුරු සංකීර්ණයට 2007 වසරේ බෝම්බ හෙළීමට පටන්ගත් පසු ප‍්‍රභාකරන් ඇතුළු පවුලේ අය ආරක්ෂාව පතා පැන ගොස් ඇත්තේ පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ පිහිටි භූගත මාලිගාවටය.

උරුත්තපුරම් ප‍්‍රදේශයේ පිහිටි මෙම භූගත මාලිගාව තනා ඇත්තේ 2004 වසරේදී වන අතර එය තනා ඇත්තේ නිවසක පැති බිත්තියකට මායිම්ව කිසිසේත්ම මෙවැනි මාලිගාවක් පොලව යට තිබෙන බවට බැලූ බැල්මට කිසිවකුටවත් නොපෙනෙන අයුරින්ය.

පසුගිය දිනවල කරන ලද කැණීම්වලදී භූගත මෙම මාලිගාව පිහිටි ප‍්‍රදේශයේ පර්චස් 20 ක පමණ වපසරියකින් යුතු කොන්ක‍්‍රීට් තට්ටුවක් මතුකරගෙන ඇති බව පැවසුවේ කැණීම්වලට හවුල්වී සිටින නිලධාරියෙකි.

මෙම භූගත මාලිගාවේ එක් කොටසක කුඩා ප‍්‍රමාණයේ හෙලිකොප්ටර් යානයක් සහ වෙඩි නොවදින බෙන්ස් රථයක් ගාල්කර ඇති බවටද තොරතුරු ආරක්ෂක අංශවලට දැන ගැනීමට ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් කරන ලද කැණීම්වලදී මිසයිල බහා තිබූ පෙට්ටි කිහිපයක් සොයාගෙන ඇත.

හෙලිකොප්ටර් යානයක් හා වෙඩිනොවදින බෙන්ස් රථයක් මෙම භූගත මාලිගාවේ සඟවා තිබෙන බවට තොරතුරු හෙළිකර ඇත්තේද මේ ගැන තොරතුරු හෙළිකරන ලද සාමාන්‍ය ජනතාව විසිනි.

ප‍්‍රභාකරන් පුදුකුඩිරිප්පු භූගත මාලිගාවට පලා ගියපසු ඒවාද පසුව වෙනත් තැනකට රැගෙන ගියාද යන්න කීමට නොහැකි බව පවසන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීහු එසේ ගෙන ගියේ නොමැතිනම් ඉදිරියට කරන කැණීම්වලදී හමුවිය යුතු බව කියති.

කිලිනොච්චිය ප‍්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව නිසා මේ දිනවල කැණීම් කටයුතු තාවකාලිකව නතරකර දමා ඇති අතර වැසි සහිත කාලගුණය පහව ගිය පසු නැවතත් කැණීම් ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසීය.

ප‍්‍රහාරවලදී මැරුම්කන ඉහළ පෙළේ කොටි නායක නායිකාවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ප‍්‍රභාකරන්ට පිටතට යාම අවදානම් සහගත නිසා ප‍්‍රභාකරන් රැුඳී සිටි මෙම භූගත මාලිගාව ප‍්‍රදේශයට රැුගෙන ඒම සිදුකර ඇත.

එසේ ගෙන එනු ලබන කොටි නායක නායිකාවන්ගේ මෘත දේහ තැන්පත් කර තැබීම සඳහා විශේෂ කුටියක්ද මෙම භූගත මාලිගාව පිහිටි ප‍්‍රදේ්ශය ආසන්නයේ තනා තිබී ඇති අතර එයද ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

මියගිය කොටි නායක නායිකාවන්ගේ දේහ තබා ඇති මෙම කුටිය අසළට ප‍්‍රභාකරන් පැමිණ ඔහුට අවසන් ගෞරව දක්වා ගොස් ඇති බවද ආරක්ෂක අංශ මගින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන් ඔහුගේ බිරිඳගේ ඇතුළු දුදරුවන්ට රහසිගතව සැඟවීමට භූගත මාලිගාවල් පහ තැනීමට සිටින පිරිසක් යොදවා ගෙන ඇති බවට ද තොරතුරු ආරක්ෂක බුද්ධි අංශවලට ලැබී තිබේ.

භූගත එක් මාලිගාවක් තැනීමට හවුල්කරගත් පිරිස පසුව රහසිගතව වෙඩිතබා ඝාතනය කර ඇති බවත් එසේ කර ඇත්තේ මෙම භූගත මාලිගාව ගැන තොරතුරු හෙළිවෙතැයි යන කරුණ නිසා බවත් ආරක්ෂක අංශ නිලධාරීහු පවසති. ප‍්‍රභාකරන්ට සහ පවුලේ අයට සැඟවීමට තනා ඇති මෙම භූගත මාලිගා තිබෙන තැන් පහ එහි සැලසුම් යම් හෙයකින් හෙළිවුවහොත් එය ප‍්‍රභාකරන්ගේ පැවැත්මට හානියක් වෙතැයි සිතා ඇත.

කොටිනායක ප‍්‍රභාකරන් සැඟව සිටින ස්ථාන ගැන දැන සිට ඇත්තේ බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් සහ මුහුදු කොටි නායක සුසෙයි පමණක් බවද ආරක්ෂක අංශ පවසයි.

 

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

ප‍්‍රභාකරන්ගේ පස්වැනි බංකරය

යොහාන් Monday, 22 April 2013 11:07 AM

අර හම්බන්තොට වරායට නැව් එනවිට හැප්පෙන ගල මුන්දැලට දුන්නා නම් ආයෙ මොනවද ගල දුවිලි කරයි. (නි)

:       0       0

දිනේෂ්-රියාද් Sunday, 21 April 2013 10:14 PM

දෙමල ජනතාවගේ එකම ගැලවුම්කාරය ලෙස පෙනී සිටිමින් තමන්ගේම ජාතියට පමණක් නොව ශ්‍රී ලංකාවටම පිළලයක් වූ ප්‍රභාකරන් වීරයෙකු ලෙස සලකන මානව හිමිකම් කොමසාරිස් ඇතුළු කිඹුල් කඳුළු හෙලන ඩයස්පෝරාවට දැන් උවමනා කරන්නේ තවත් මේ වගේ කාඩ්බෝඩ් වීරයෙකු ඇති කරන්නයි.(නදී)

:       0       0

සදුනි Sunday, 21 April 2013 01:36 PM

කොටින්ට මෙවැනි මාලිගා තනාදුන් අය අදටත් රජයට එරෙහිව හඩ නගන්නේ ඔවුන්ගේ වසන්තය නිමා වුනු තරහටයි.එදා බොහෝ පාලකයන්ද කොටින්ට ආවැඩුවා. අද බොහෝ දෙනෙකුට අවු.4 පෙර අතීතය අමතක වීම කණගාටුයි (නි)

:       0       0

සම්පත් Monday, 22 April 2013 01:28 PM

හැම කෙනාම අනුන් බිල්ලට දෙනවා විතරයි .අපරාදේ උතුරේ තරුණ තරුණියෝ! ආයේ කවදාවත් මෙහෙම නොවෙන්න මේ ඉතිහාසය දරුවන්ට උගන්වන්න (නි)

:       0       0

උදය Friday, 26 April 2013 09:45 PM

රුසිරු මතක් කරලා දෙන්න ඔය දන්නා දෙයක් තියෙනවා නම්. බාගෙට වචන දාලා කෙනෙක් කියපු දෙයක් හෑල්ලු කරන්න එපා (නි)

:       0       0

චින්තක Monday, 22 April 2013 06:52 AM

මොහුගේ මේම බුද්ධිය යපත් වැඩකට යෙදෙව්වානම් කොපමන හොදද.(නදී)

:       0       0

අචිනි Monday, 22 April 2013 02:21 PM

කොටින්ගෙන් දේශපාලනයට එකතු වුණ අය මේවා ගැන දන්නේ නැතුව ඇති. (නි)

:       0       0

රුසිරු Monday, 22 April 2013 02:36 PM

සදුනි, අවුරුදු 4 කට පෙර ආර්ථීකය ඔයාටත් අමතක වෙලා වගේ (නි)

:       0       0

ප්‍රදීප් Monday, 22 April 2013 03:06 PM

මොහු ජිවත් වන්නට තිබුනේ ඇමෙරිකාවේ. කොහොම වුණත් බුදු දහමට පිටුපා කාටවත් සැගවී සිටිය නොහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site