IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පෝරකයට නියම වූ කලවානේ දේශපාලකයා

dd 

 

කලවානේ සර්පයා යැයි කියූවිට ඔහු ගැන රටේ බොහෝ දෙනා දනිති. සර්පයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හසිත මුහන්දිරම්ට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතාගේ නියෝගයෙන් මරණ දඬුවම නියම වුණේ දෙසැම්බර් 11 වැනිදා බ‍්‍රහස්පතින්දාය.

 


තාපස්පරගේ හසිත මුහන්දිරම් මහතා සබරගමුව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඉදිරි පෙළේ මන්තී‍්‍රවරයෙකි. පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාය. කලවාන මැතිවරණ කොට්ඨාසයේ එජාප ප‍්‍රධාන සංවිධායකවරයා ලෙසද මරණීය දඬුවම නියමවනතුරු ඔහු කටයුතු කළේය. දැනට මාස තුනක පමණ සිට හසිත මුහන්දිරම් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. රත්නපුර මහාධිකරණයේ විභාග වෙමින් තිබූ පුද්ගල ඝාතන නඩුNimthera_1-19වක ප‍්‍රධාන විත්තිකරු ඔහු විය. මහාධිකරණ විනිසුරුවරයාගේ නියමයෙන් හසිත මුහන්දිරම් රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුව විභාග කිරීමට නියම විය. 2004 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයකට යටකර බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහක් සම්බන්ධව හසිත මුහන්දිරම්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණ,


කලවාන මානානේ පදිංචි මුහන්දිරම්ගේ අමරසේන සහ ආරියසිංහ මුදියන්සේලාගේ කමල් පුෂ්පකුමාර යන දෙදෙනා වාහනයකට යටකර ඝාතනය කළේ යැයි චෝදනාවට හසිත මුහන්දිරම් වරදකරු බව තීරණය කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා ඔහුට මරණීය දඬුවම නියම කළේය. වාහනයට යටවී මියගිය මුහන්දිරම්ගේ අමරසේන යන අය වරදකරු වූ හසිත මුහන්දිරම්ගේ ඥාතියෙකි. ඥාතිකමට මාමා කෙනෙකි. පෞද්ගලික ප‍්‍රශ්නයක් දුර දිග යාමෙන් ඔවුන් අතර ආරවුලක් පැවැති බව පරීක්ෂණවලදී හෙළිවිය.


එම සිදුවීම වනවිට හසිත මුහන්දිරම් කලවාන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකි.


හසිත මුහන්දිරම් හෙවත් සර්පයාට එරෙහිව සබරගමු පළාතේ හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙකු වූ රංජිත් නන්දසේන මහතා ඝාතනය කිරීම ගැනද චෝදනා එල්ලවී තිබිණ. එම නඩුවෙන් ඔහු නිදහස් විය. ඉන්පසු මහා මැතිවරණ අවස්ථාවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකු වූ ලංගම සේවකයකු සහ තවත් අයකුට කලවාන නගරයේදී පහරදී ඝාතනය කළේ යැයි චෝදනා මත තවත් නඩුවක් විභාග වෙමින් තිබේ.


හසිත මුහන්දිරම් පසුගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වූයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදීය. ඔහු එවර එජාපක්ෂයේ වැඩිම මනාප ඡුන්ද සංඛ්‍යාව ලබමින් ජයග‍්‍රහණය කළේය. මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දුන්නේද රක්ෂිත බන්ධනාගාරයේ සිට පැමිණය.


”ඔහු සර්පයා නොව මිනිසාය” යන්න හසිත මුහන්දිරම්ගේ මැතිවරණ ප‍්‍රචාරක පාඨය විය. හසිත මුහන්දිරම්ට සර්පයා යන අනවර්ථ නාමයට හේතුව වෙනස් කතාවකි.


කොළඹ ප‍්‍රධාන පෙළේ විදුහලකින් අධ්‍යාපනය ලද හසිත මුහන්දිරම් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි. සිංහරාජය පාමුල ගමක ඉපදීමත් ජීව විද්‍යාව හැදෑරීමත් නිසා හසිත මුහන්දිරම් තරුණ කාලයේදී සර්පයින් ගැන හදාරණ ගවේෂණය කරන්නෙක් විය. ඔහු විනෝදාංශයට සර්පයින් ඇති දැඩි කළේය. ඉන්දුනීසියාවට ගොස් සර්ප විද්‍යාව ගැන වැඩිදුර හැදෑරීමක්ද කළ බව ඔහු වරෙක අප සමග කීවේය.


හසිත මුහන්දිරම් යන නමට වඩා සර්පයා යන නාමය ප‍්‍රසිද්ධ වූයේ ඔහු දේශපාලනයට පැමිණීමත් සමගය. ඔහුගේ හැසිරීම් හා කි‍්‍රයා කලාපයන්ද සර්පයා යන නම වඩාත් ප‍්‍රචලිත වීමට හේතුවක් වූවා නිසැකය.


කුමන අභියෝග බාධක පැමිණියද දේශපාලනයේදී හසිත මුහන්දිරම් පසුපසට නොගිය අයෙකු බව බොහෝ අයගේ අදහසයි. රත්නපුර දිස්ති‍්‍රක්කයේ බොහෝ තැන්වල විපක්ෂයේ කොඩියක් හෝ නොමැති මැතිවරණයකදී කලවානේ තම ව්‍යාපාරික ස්ථානය අසල සැරසිලි කර ඒවා රැුක ගැනීමට හසිත මුහන්දිරම් කටයුතු කළේය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී සතියකට ඉහතදී කලවානේ එජාප කාර්යාලයක් විවෘත කර පොදු අපේක්ෂයාට සහාය පළ කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබිණ. හසිතගේ ඥාති සහ හිතවත්තු එම කාර්යාලය විවෘත කළහ.


ප‍්‍රදේශයේ තරුණ කණ්ඩායම් අතර ජනපි‍්‍රයව සිටි මොහු ප‍්‍රතිපක්ෂය හැඳින්වූයේ මැරකම් සිදුකරන පුද්ගලයෙකු ලෙසිනි. හසිත මුහන්දිරම්ගේ කි‍්‍රයා කලාපයන් ගැන අපි නොකියන්නෙමු. මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු සිනහමුසුව බන්ධනාගාර රථයට ගොඩවූ ඔහු අත වනමින් පිටවී ගියේ සැහැල්ලූවෙනි.


m



අදහස් (0)

පෝරකයට නියම වූ කලවානේ දේශපාලකයා

රොහාන් Saturday, 20 December 2014 09:53 AM

මෙවන් අපරාධකරුවන් දේශපලනයෙන් සහ සමාජයෙන් පිට කර තැබිය ගොඩක් හොද දෙයක් පුදුමයි නම් මෙවැනි දරුණු අයෙක් වැඩිම මනාපයෙන් පත් වීම ගැන.(හේ)

:       0       0

ශලනි Thursday, 18 December 2014 04:11 PM

මමත් ටිකිරිගේ කතාව අනුමත කරනවා (නි)

:       0       0

සදුනි Thursday, 18 December 2014 02:34 AM

බලනකොට හැමෝම එකයි. එකම කාසියේ දෙපැත්ත වගෙයි (නි)

:       0       0

කැලුම් Saturday, 20 December 2014 11:57 PM

අනේ! එයාව ඉක්මනින්ම එල්ලනවාද එතකොට? (නි)

:       0       0

ටිකිරි Thursday, 18 December 2014 03:18 AM

ලංකාවේ ඡන්දදායකයන්ගේ මානසික මට්ටම ගැන කියනවා නම් ඔතරම් මිනීමැරුම් ගණනකට වගකිවයුතු කෙනෙකුට වැඩිම මනාප ගණනක් දුන්නනේ. ලංකාවේ දේශපාලකයන් අපරාධකාරයෝ කරන්නේ ජනතාවමයි. දේශපාලකයෝ කරන්නේ මහජනයා ඉල්ලන දේ දෙන එකයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 18 December 2014 10:42 AM

ටිකිරිගේ කතාව මමත් අනුමත කරනවා. (ර)

:       0       0

අබේ Friday, 19 December 2014 06:16 AM

මමත් එහෙමයි, ටිකිරි අපිට ,අපි ටිකිරිට.. ටිකිරි පොදු අපේක්ෂකයා කරමු...(බ)

:       0       0

සජිත් Wednesday, 17 December 2014 10:59 AM

මරාපු ගණන දස දෙනෙකුටනම් වැඩියි.එයාටම ගාන හරියට මතක නැතුව ඇති.මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවානම් බොහෝ දෙනෙකුට සැනසිල්ලේ ජීවත්වෙන්න පුළුවන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30548 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12557 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 793 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 243 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site