මෙරට අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි පයිනස් දැව රට තුළ තිබිය දී පසුගිය වසර තුන ඇතුළත දී රුපියල් කෝටි 480 ක පමණ පයිනස් දැව මෙරටට ආනයනය කර ඇතැයි හෙළි වී තිබේ. මේ බව අනාවරණය කරගත් පරිසර ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාව ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇති බව ද ‘‘ලංකාදීප’’ පුවතේ සඳහන්ය.
නාස්තිකාර වියදම් අපේ රටේ බොහොමයක් දේශපාලකයන්ට සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට අතැඹුලක් සේ හුරුපුදුරුය. එවැනි වියදම්වල ‘‘රස’’ මේ අය හොඳින් අත්විඳින බැවින් කිසි කලෙකත් එවැනි වියදම් කපා හැරීමට ඔවුන්ට සිත දෙන්නේ නැත. රටේ කොතරම් භාවිත කළ හැකි තත්ත්වයේ පවතින පයිනස් වගා තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගැනීම තමන්ගේ සාක්කුවලට නොදැනීම ඊට හේතුවය. සාක්කු හොඳින්ම පිරෙන්නේ නාස්තිකාර වියදම් නැවැත්වීමට වඩා ඒවා පවත්වාගෙන යාම තුළින් බව ඔවුහු දැන සිටිති. මෙවන් ආංශික කාරක සභා දැම්මත් අල්ලස සහ දූෂණය රජ කරන තුරු ඒවායින් සිදු කෙරෙන සොයා බැලීම පල දෙන්නේ නැත.
අදාළ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා එහිදී පෙන්වා දී තිබුණේ සාමාන්‍යයෙන් පොදුවේ රුපියල් කෝටි 900 ක් පමණ වටිනා දැව දඬු වර්ෂයක් තුළ දී මෙරටට ආනයනය කෙරෙන බවය. පයිනස් දැව සම්බන්ධයෙන් සලකන විට දළ වශයෙන් වසර 18 කට පමණ ප්‍රමාණවත් පයිනස් මෙරට තිබෙන බව ද ඔහු හෙළිකර තිබිණි.
කෙසේ වුවද මෙම කාරක සභාවට පැමිණ සිටි නිලධාරින් පෙන්වා දී තිබුණේ ආනයනික පයිනස් දැවවල ප්‍රමිතිය ඉහළ බව සහ ඒවාට අය කෙරෙන බදු ඉතා අඩු මට්ටමක පවතින බවය. එසේම දේශීය පයිනස් දැව තුළ පවතින ‘ගැට’ හේතුවෙන් ඒවායේ ගුණාත්මක බව අඩු වීම නිසා ඉල්ලුම අඩු බවත් සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ආනයනික පයිනස් දැව යොදා ගන්නා බවත් නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
නිලධාරින් කර ඇති කරුණු දැක්වීමේ වැරැද්දක් ඇතැයි අපි නොකියමු. එහෙත් මෙරටට සිදු කෙරෙන ආනයන පසුගිය වසර දෙකක පමණ කාලය තුළ දී දැඩිව පාලනය කරනු ලැබීය. ආනයනයේ දී ප්‍රධාන වශයෙන්ම ප්‍රමුඛත්වය ලබා දී තිබුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පමණි. ප්‍රමිතියෙන් ඉහළ පයිනස් දැව එම අත්‍යවශ්‍යම භාණ්ඩ ලැයිස්තුවේ කොතැන තිබිණි දැයි දැනගන්නට නැත. එසේම ගෙවී ගිය දෙවසර තුළ දී මෙරට මුහුණ දී සිටි බරපතළ ආර්ථික අර්බුදය සමග සසඳන කල සුඛෝපභෝගී ගෘහ භාණ්ඩවලට තිබූ ඉල්ලුම සම්බන්ධයෙන් ද අපට ඇත්තේ ගැටලුවකි.
එවැනි ගෘහභාණ්ඩ මෙරට නිපදවා අපනයනය කර රටට විදේශ විනිමය උපයා ගන්නවා නම් එහි වැරැද්දක් අපි නොදකිමු. එහෙත් රටට විදේශ විනිමය උපයාදෙන අපනයන භාණ්ඩ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පයිනස් ගෘහ භාණ්ඩ සඳහා පවතින ස්වාභාවය කුමක්දැයි එම නිලධාරීන් පැහැදිලි කර දී තිබුණේ නම් එය වැදගත් බව ද කිවයුතුය.
එවැනි කරුණු දැක්වීම්වලින් තොරව පයිනස් ලී මෙරටට කෝටි ගණන් වියදම් කර ගෙන්වීම සාධාරණීකරණය කළ නොහැක. විශේෂයෙන් බංකොළොත් ආර්ථිකයක් ප්‍රකාශකර තිබූ අවදියක සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඇණවුම් භාරදුන් මෙරට ආයතන සම්බන්ධයෙන් ද සොයා බැලීම අවැසිය.
රුපියල් ලක්‍ෂ ගණන් වටිනා අති සුඛෝපභෝගී පුටු තමන්ගේ අමාත්‍යාංශ කාමරයට ගෙන්වා ගත් අමාත්‍යවරුන් ද සිටින රටක පයිනස් දැව යොදා සකස් කෙරෙන සුපිරි ගෘහ භාණ්ඩ ගෙන්වා ගත් අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු ද ආයතන ද තිබීම විස්මයට කරුණක් නොවන බැවිනි.
අල්ලස සහ දූෂණය සමග අත්වැල් බැඳි නාස්තිකාර වියදම් කපා හැරීමට නම් රටට තද නීති තිබීම පමණක් මදිය. එම නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය යාන්ත්‍රණයක් ද අවශ්‍යය. ඒ සඳහා දූෂණයෙන් තොර දේශපාලකයන් සිටීම ද අත්‍යවශ්‍යය.
(***)
ජාතික ජන බලවේගයේ අනාගත ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට නොපැකිලෙන බවත්, එසේ වුවද එම ආණ්ඩුව එහිදී කටයුතු කරනු ඇත්තේ තමන් ලබන ජන වරමට
මුනින් නැවූ කළගෙඩියට කොතරම් වතුර වත්කළත් පලක් නැත. අපේ රටේ ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයද සිහිගන්වන්නේ එම කතාවයි. පසුගියදා අපගේ ලංකාදීප පුවත්ප
වත්මන් ජාතික රාජ්‍ය සැකැස්ම යන්න එහි නිර්මාපකයන් වන අප පවතින හැඩයෙන් පවත්වාගෙන යායුතු බව අප තවදුරටත් සිතන්නේ නම් එම රාජ්‍ය තුළ පවතින තොරතුරු නිෂ්පාද
ශ්රී ලංකාවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉතා වැදගත් වන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ බලශක්
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් තිස් එක් ලක්ෂ අසූ දෙදහසක් (31,82,000 ක්) දුප්පතුන් ගොඩට ඇද වැටෙන බව ලෝක බැංකුව
මේ රට චිකාගෝ නුවර දැයි සැක සිතෙන තරමට අපරාධ බහුල වෙමින් තිබේ. නාඳුනන තුවක්කුකරුවාගේ අණසකට රටම යටත් වෙමින් තිබෙන සෙයකි. උදේ දිවා රෑ වෙනසකින් තොරව ඉලක්ක හ
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
පයිනස් ලී ගෙන්වීමේ තීරණය ගත්තේ කා වෙනුවෙන්ද?
චන්දිම ෆොන්සේකා Saturday, 16 September 2023 10:21 AM
මේ සිද්ධිය ගැන හරියට හෙව්වොත් රට විනාශ කරපු දේශපාලුවෙක් හරි, කුඨ නිලධාරියෙක් හරි අනිවාර්යයෙන්ම අහුවෙනවා. ඒත් මේ රට නැතිභංග වෙලා අලුදුවිලි වෙලා යනවා කිව්වත් ඕවා හොයන එකක් නම් කවදාවත් වෙන්නේ නැහැ. මේ වගේ අකටයුතුකම් වලින් රටේ බදුමුදල් ගසා කාපු ගසාකන පරපෝෂිතයින් යහතින් ඉන්නකම් මේ රට කවදාවත් ගොඩ යන්නේ නැහැ...!