IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


පියාගේ සෙනෙහස දියණියගේ ආත්මය පසුපස

බෞද්ධ දර්ශනයට අනුව ප‍්‍රතිසංධිය ලබන්නේ විඤ්ඤාණය මුල් කොටයි. එමඟින් විඤ්ඤණය සහ සිරුර කෙතරම් බැඳීමකට ලක්ව ඇද්දැයි පැහැදිලි වෙයි. මේ පිළිබඳව සිදුකළ නුතන පරීක්ෂණ මගින්ද හෙළි වී ඇත්තේ විඤ්ඤාණය මරණය සමඟින් සිරුරින් ඉවත් වුවද එහි පවතින ආත්මීය බැඳිම් සියල්ලම නොනැසී ඒ ආකාරයෙන්ම පවතින බවයි. මින් පැහැදිලි වන්නේ ඊළඟ ආත්මයේදී උප්පත්තිය ලැබීමට පෙර ආත්මීය විඤ්ඤාණය ඉවහල් වන බවයි. මරණින් පසු  ඕලාරික සිරුරින් ඉවත් වන විඤ්ඤාණය සුදානම් වන්නේ ඊළඟ ආත්මයට පිවිසීමටයි. බුදුදහමට අනුව මෙය මනෝමය කායේ සිට පරදත්තුපජීවී තත්ත්වයට පත්වීමකි. එහෙත් ප‍්‍රතිසංධියක් ලබාගැනීම අතිශයින්ම අසීරු කාර්යයකි. එහිදී වැදගත් වන්නේ මරණාසන්න අවස්ථාවේදී විඤ්ඤාණයේ පවතින ස්වභාවයයි. විඤ්ඤාණය අරමුණක එල්බ නොසිටියේ නම් ප‍්‍රතිසංධියක් ලබාගැනීමට ඇති අවස්ථාව අවමය. එම විඤ්ඤාණයට සමහර විට දිර්ඝ කාලයක් අන්තරාභවයේ සිටීමට සිදුවෙයි. මෙලෙස විඤ්ඤාණය හොඳ අරමුණක පැවතීම තුළ මරණයට පත් පුද්ගලයකු ගේ ආත්මීය සිදුවීම් ඊළඟ ආත්මයේ උප්පත්තිය හා මනාව ගැළපෙන බව පහත සඳහන් කතා පුවතින් පැහැදිලි වෙයි.

 

 

මෙම කතාංගයට මුල්වන දැරිය සකුන්තලාය. ඇයට වසර හය ඉක්මවන විට ඇය නුහුරු නුපුරුදු ස්ථාන සහ පුද්ගල නාමයන් පිළිබඳව කතාකරන්නට වුවාය. දෙමාපියන්ට මෙය යම් මට්ටමක ප‍්‍රශ්නයක් විය. විශේෂයෙන්ම ගමනක් යන විට විවිධ ගස් වර්ගවල නාමයන් නිවැරදිව කීම හා ඒවා වැඩෙන ප‍්‍රදේශ පිළිබඳවද තොරතුරු හෙළි කළාය. සමහර අවස්ථාන්හිදි දෙමාපියන් මේ පිළිබඳව තොරතුරු විමසීය. ‘‘ඇයි අම්මේ අපේ වෙද සීයගේ ගෙදර තිබුණේ මේ වගේ ලොකු කොහොඹ ගහක්. එක එක ලෙඩවල් වලට අපේ ගෙදරින් කොහොඹ කොළ කඩාගෙන යන්නේ.


කවුද ලොකු සීයා කියන්නේ ....
ඇයි අම්ම දන්නේ නැද්ද අපේ වෙද සීයා ගැන...


විටින් විට සකුන්තලා මේ ආකාරයේ විවිධ තොරතුරු හෙළිකළාය. කාලය මෙසේ ගෙවී යන විට ඇය පවසන තොරතුරු පෙර භවයක තොරතුරු බව පැහැදිලි වුවද ඒවා පිළිබඳ තොරතුරු සොයාබැලීමට යාමෙන් අධ්‍යාපන කටයුතු අඩාළ විය හැකි බැවින් දෙමාපියෝ නිහඩ වූහ.


පාසල් ගොස් පැමිණි එක් දිනක සකුන්තලා දහවල ආහාරය ගනිමින් සිට එකවරම මවට කිවේ ....


අම්මේ අපේ වෙද සීයලයි කොස් ගහෙන් රතු කොස් ගෙනැල්ල මට උයලා දෙන්නකෝ කියාය. රතු කොස් ගහ ගැන තවදුරටත් විමසීමේදී ගෙඟන් එගොඩ වෙද සීයාගේ තොරතුරු යළිත් කියන්නට වූවාය.


තවත් දිනක දියණිය නිදිකරවමින් සිටින විට ඇය කතාකළේ තමන්ද මේ ආකාරයට දියණියක් නිදිකළ බවයි.....
අම්මා වගේම මමත් දුවෙක් හැමදාම කකුල් දෙකේ තියාගෙන මෙන්න මෙහෙම නිදිකරවනවා ... ඇය කොට්ටයක් තම දෙකකුල් මත තබාගෙන් නිදිකරන ආකාරය මවට පෙන්වූවාය.


මේ අතර නිවෙසේ දානමය පිංකමකට සුදානම් වෙමින් පැවතිණි. සකුන්තලාගේ මවගේ පියා මියගොස් වසර හතක් පිරීම නිමිත්තෙන් දානමය පිංකම සිදුකිරීමට නියමිතව පැවතිණි. මේ සියල්ල දෙස බලාසිටි සකුන්තලා විටින් විට ඒ පිළිබඳව තොරතුරු විමසන්නට වූවාය... කවුද අම්මේ මැරිලා ඉන්නේ... මගේ සීයා... කොහේද, සීයා හිටියේ... කවදද මැරුනේ... මොනව වෙලාද.... සකුන්තලා කියාගෙන යන ආකාරය දෙස බලාසිටි මව, පියා පිළිබඳව විස්තර හෙළිකළාය.... එතකොට අපේ සීයා මැරිලා ගොඩක් කල් නේ... ඇය නිහඩව සිටින ආකාරය මව හොඳින් නිරීක්ෂණය කළාය. ඇයි දුව කල්පනා කළේ... ඇය යළිත් කතා කරන්නට වූවාය... සීයා කොහොමද මැරුනේ ලෙඩ වෙලාද... ලෙඩවෙලා. එමපණින් කතාව මව අවසන් කළාය. ඒත් සකුන්තලා කල්පනාවේ සිටියාය.


පසුදා දානමය පිංකම සඳහා මව සිය පියාගේ ඡුායාරූපය ගෙන පිසදා සාලයේ තැබීය. එකවරම ඒ දෙස ස්වල්ප වේලාවක් බලා සිටි සකුන්තලා .... ‘‘මේ මමනේ. අදනේ මම මැරුනේ. ඔයාල දන්නේ නැද්ද....’’ ඇය ඡුායාරූපය අසලට ගොස් හොඳින් විපරම් කොට බලා... ‘‘මම මේ පින්තුරය ගත්තේ ... තැනින් .. නෝනත් එක්ක තවත් එකක් ගත්තා .... කෝ ඒක... ගත්තේ වෙසක් දවසක..’’ මව සහ පියා විස්්මයෙන් සියල්ලම අසා සිටියහ. මේ අතර මවගේ ඡුායාරූපයක් පැරණි ඡුායාරූපයක් ගෙනවිත් පෙන්වූ අතර එය හඳුනාගත් සකුන්තලා... ‘‘මේ මගේ නෝන මට කලින් නේ මැරුනේ... පපුවේ අමාරුවකින්. මම කොච්චර ඇඬුවද. එතන නේ වැළලූවේ...’’ මෙම කතාබහ නිසා සියල්ලෝම විස්මයට පත්වූහ. මේ පිළිබඳව තවදුරටත් කරුණු සොයාබැලීමට  දෙමාපියන් උත්සුක වූයේ කියන තොරතුරු සමහර අවස්ථාවන්හිදී පරස් පර වීමෙනි. එහෙත් මෙහි යම් සත්‍යතාවයක් ඇති බව පැහැදිලි විය. පසුකලක දියණියට මෙය මානසික පීඩාවක් විය හැකි බැවින් ආචාර්ය ග‍්‍රැන්විල් ධර්මවර්ධනයන්  වෙත යොමුකොට මෝහන ප‍්‍රතිගමනයට ලක්කෙරෙණි. එහිදී හෙළිවූ තොරතුරු වලින් සකුන්තලාගේ පෙර ආත්මයේ තොරතුරු මනාව ගලපා ගැනීමට හැකිවිය. පහතින් දැක්වෙන්නේ එම තොරතුරු වලින් කොටසකි.
පැහැදිලි කරන්න ඔබේ දු දරුවන් ගැන...


මට දුවෙක් හිටියා. මම ඈට හරිම ආදරෙයි. ඇස්දෙක වගේ ඇය හදාගත්තේ...
තව විස්තර කරන්න. ඇයගේ වයස කීයද? හැඩහුරුකම විස්තර කරන්න..
වයස අවුරුදු විසි දෙකක් විතර. හරිම ලස්සනයි. දිග කොන්ඩයක් තියෙනවා. සුදුයි ලස්සන සිනහවක් තියෙනවා. දුව විවාහ වෙලා මාස තුනෙන් මම අසනීප වුණා.


මොකද්ද අසනීපය ....
මුලදි අඳුනගන්න බැරි වුනා අසනීපය මොකද්ද කියලා.
එම අසනීපයෙන්ද මරණයට පත් වුණේ.
ඒ අසනීපය සුවකරන්න ඔපරේෂන් එකක් කරන්න සිද්ද වුණා. මම අකමැති වුණා. දුවගේ බලපෑමට මම ඒකට අන්තිමට කැමැති වුණා.
තව දුරටත් පැහැදිලි කරන්න ....
මම ඔපරේෂන් එකට ගෙනියනකොට දුව මගේ ළඟින්ම ආවා. දුව අඬ අඬ මම ගෙනියනවා බලාගෙන හිටියා. මම දුවගේ අත්දෙක අතහරින්න කැමැති වුනේ නැහැ. දුව අත්දෙක අතහැරියේ අන්තිමට. මගේ දිහා අඬ අඬ බලාගෙන හිටියා.
ඉන් පස්සේ සිදුවූ දේ පැහැදිලි කරන්න..


මම නිල් පාට ලෝකයක අතර මං වුණා. පාවෙලා ගියා. මම හැමතැනම හොයලා බැලූවා දුව හමුවුනේ නැහැ.’’
මෙතැන් සිට ඇය පැවසූ බොහෝ දේ තුළ ඇතුළත් වුයේ මරණයෙන් පසු දියණිය සොයමින් ගිය ආකාරයයි. එහෙත් දියණිය සොයාගැනීමට නොහැකි වීම නිසා පා වෙමින් සිට ඇත. ඔහු දිර්ඝ කාලයක් අන්තරාභවයේ සැරිසරමින් සිට ඇත්තේ දියණිය සොයාගැනීමටය. ඔහුගේ විඤ්ඤාණය තුළ තැන්පත් වී තිබුණේද දියණිය පිළිබඳ සිතුවිල්ලයි. මෙලෙස තොරතුරු හෙළිකරන අතරතුර සමන්ත යන නමින් පුද්ගලයකු හැදින්වීය. පසුව ඔහු කවුරුන්ද යන්න හෙළිවිය. සකුන්තලා ගේ පෙර භවයේ තොරතුරු විශ්ලේෂණය කිරීම සිදුකිරීමෙන් පසු හෙළිවූයේ සකුන්තලා මෝහන ප‍්‍රතිගමනයේ දී හෙළිකළ තොරතුරු වලට අනුව ඇය පෙර ආත්මයේ සකුන්තලාගේ මව ගේ පියා විය. මෙය නිරවුල් කිරීම සඳහා බොහෝ තොරතුරු සොයාබැලීමට සිදුවිය. විශේෂයෙන්ම වෙද සීයා ලෙසින් හැඳින්වූයේ කවුරුන්ද යන්න සොයා බැලීමේදී පැහැදිලි වූයේ පියාගේ ළඟම ඥාතියකු බවයි. එය පැහැදිලි නිවැරදි තොරතුරක් විය. මේ අනුව පැහැදිලි වූයේ මරණින් පසු අන්තරාභවයේ ඔහු සැරිසරා ඇත්තේ ඉතා කෙටි කාලයක් බවයි. ඉතා ඉක්මනින් උප්පත්තියක් ලැබීමට හේතුවූයේ මරණාසන්න මෙහොතේ ඔහු තුළ පැවැති දියණිය පිළිබඳ බැඳීමයි. මරණින් පසුද ඔහු සොයමින් සිට ඇත්තේ දියණියයි. තව දුරටත් තොරතුරු විග‍්‍රහ කිරීමේදී හෙළිවූයේ දියණියගේ කුසේ පියා පිළිසිඳ ගැනීමයි. ඒ අනුව සකුන්තලා මරණයට පත් පියාය යන්න බැහැර කළ නොහැකිය. එය පිළිගැනීම සඳහා තොරතුරු හොඳින් අධ්‍යයනය කිරීමට සිදුවිය. පියාගේ දානමය පිංකම දින ඡුායාරූපය සකුන්තලා එකවර හඳුනාගැනීම සහ පියාගේ බිරිඳගේ ඡායාරූපය හඳුනාගැනීමද, වෙද සීයාගේ තොරතුරුද, ශල්‍ය කර්මය සඳහා ගෙනයන විට සිදුවූ සිදුවීම් ද සියයට සියයක් සමාන විය. මෙහිදී විඤ්ඤාණය තුළ ගැබ්ව ඇති පෙර ආත්මයේ තොරතුරු නිවැරදි බව පැහැදිලි වන්නේ රතු කොස් ගස පිළිබඳ තොරතුරයි. එය ඉතා හොඳින්ම විඤ්ඤාණයේ ගැබ්ව තිබිණි.


මෙහිදී විසඳා ගැනීමට නොහැකි ප‍්‍රශ්න කිහිපයක්ද විය. ඒ අතරින් මුලින්ම පැවතියේ සිය දියණියගේ ගැබේ උපන් පියාට එම දියණිය පෙර ආත්මයේ තමාගේම දියණිය බව හඳුනාගැනීමට නොහැකි වීමයි. ඒ සඳහා මව කුඩා කළ ගත් ඡුායාරූප ඉදිරිපත් කළද සකුන්තලාට සිය මව පෙර ආත්මයේ තමාගේම දියණිය බව හෙළිකිරීමට නොහැකි විය. ඒ සඳහා හේතු වූයේ මරණාසන්න අත්දැකීමක් නිසා ඇතිවන මානසික ව්‍යාකූලත්වය නිසා ප‍්‍රතිසංධියේදී එය විඤ්ඤාණයෙන් බැහැර වන්නට ඇතැයි යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ ප‍්‍රතිසංධියේදී පෙර ආත්මයේ මරණාසන්න අවස්ථාවේ මානසික තත්ත්වය ඊළඟ ආත්මයේ ප‍්‍රධාන සාධකයක් විය හැකි බවයි. මෙහි මූළික සිද්ධාන්තය වන කර්ම ශක්තිය සියලූ මනුෂ්‍යයන්ගේ මරණය සහ උප්පත්තිය තීරණය කිරීමෙහි ලා ප‍්‍රධාන සාධකය බවයි. ඒ අනුව පියා සිය දියණිය සොයා පැමිණියේ කර්ම ශක්තිය පදනම් කොටයි. බුදුරජානන් වහන්නසේ අංගුත්තර චතුක්ක නිපාත පත්තකම්ම වග්ගයේදී මෙය මනාව පැහැදිලි කොට ඇත.

 

සටහන : නිල් සිරිවීර

 



අදහස් (0)

පියාගේ සෙනෙහස දියණියගේ ආත්මය පසුපස

ගිම්හානි Monday, 18 March 2013 01:16 PM

අනේ මන්දා මේ කතා? (නි)

:       0       0

ලක්ෂි Thursday, 18 April 2013 02:43 PM

පුනරුප්පත්තිය සත්‍යක්. තමන්ගෙ කෙනෙක් ආයෙමත් හමුවීම ගොඩක් සතුටක්. (ස)

:       0       0

සුදේශ් Thursday, 21 March 2013 01:29 PM

බොරු වෙන්නත් ඇති (දී)

:       0       0

ලක්ෂානි Thursday, 21 March 2013 01:29 PM

මේ කතා ඇත්තද (දී)

:       0       0

මධුර Monday, 18 March 2013 02:45 PM

අම්මෝ මට බයයි (දී)

:       0       0

නීරෝ Wednesday, 03 April 2013 08:10 AM

මම නම් කියන්නේ මේක බොරුවක් නෙමෙයි. මොකද අවුරුදු 6 ක ළමයෙකුට එහෙම ගොතලා බොරුවක් කියන්න වුවමනාවක් නැහැ . (නි)

:       0       0

සදුනි Thursday, 21 March 2013 09:11 PM

මේ කතාව කෙසේ වෙතත් පුනර්බවය සත්‍යයක්.(නදී)

:       0       0

නිත්‍යා Friday, 22 March 2013 11:20 AM

පුනරුප්පත්තිය සත්‍යක් ලෙස පිළිගැනීමට සාධක තිබෙනවා (ස)

:       0       0

රොබට් Sunday, 24 March 2013 07:35 PM

මා දන්නා ආකාරයට පෙර ආත්මය පිළිබඳව සහ අනාගත ඉපදෙන ස්ථානය ගැන හෙලි කළ හැක්කේ භාවනාකර සිත දියුණු කළ අයෙකුට පමණි. කුඩා දරුවන් පෙර ආත්ම කීම යනු තමා සිතින් මවා ගන්නා දේවල් මිස වෙන කිසිවක් නොවේ. මේ සඳහා වෙනත් අය කතා කරන දේවල්, රූපවාහිනී හෝ වෙනත් මාධ්‍යවලින් දකින අසන දෑ ඉවහල්වේ. මෝහන ක්‍රමය මගින් සිදුවන්නේද යටි සිත අවදිවීමයි, මෙහිදී තමා මවා ගත් දෑ හෙලි කරන අතර එය පෙර ආත්මය පැවසීම ලෙස අර්ථකතනය කිරීම වැරදිය. බුදු දහම නවීන විද්‍යාත්මක ක්‍රම හා සංසංදනය කළ නොහැක, බුදු දහමේ ඇත්තේ පරම සත්‍යයවන අතර නවීන විද්‍යාව මොඩ්ල්ස් තුලින් පැහැදිලි කරයි. මේ මොඩ්ල්ස්ද කලින් කලට වෙනස් වේ. (නදී)

:       0       0

වාසල Friday, 05 April 2013 05:03 PM

නැවත ඉපදීමක් නැති බව විස්වාස කරන්න එපා .(නදී)

:       0       0

හසන්ති Monday, 18 March 2013 04:26 PM

පුනුරුප්පත්තිය ඇත්තක්.මෙ සිද්ධිය වියහැකි දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 110 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 278 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 832 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 547 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 423 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1740 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 716 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site