IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


පුපුරුවා දැමූ ප‍්‍රභාගේ බංකරය

 

කොටි නායකයාගේ බංකරය

 

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩුඉරිප්පුවට බටහිර දෙසින් මහ කැලයේ පිහිටි කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ භූගත බංකරය පසුගිය දා පුපුරුවා හැරියේය.

දරුණු සටන් පැවැති සමයේ කොටි නායකයා සැඟවී සිටියේ එම බංකරයේ බව කියති. මහල් තුනකින් සමන්විත මෙම බංකරයේ සිට හදිසියකදී උමං මාර්ගයකින් ඉන් එළියට යා හැකිව තිබිණි.

බංකරය ඉදිරිපිට ප‍්‍රභාකරන් ඔවුන්ගේ විරුවන් ඇමතීමේ මණ්ඩපයක්ද විය. එම බංකරය ඉදිරිපිට මුරපොළවල වූ ආරක්ෂක කුටි වානේ තහඩු වලින් සවි ගන්වා තිබිණි. ප‍්‍රභාකරන්ගේ වාහනය එම නිවසට ඇතුළු කිරීමේ පහසුකම් ද එහි විය. බංකරය වටා කටු කම්බි වැටවල් හතක් විය. එක් වැටක සිට අනෙක් වැටට දුර ප‍්‍රමාණය මීටර් 20 ක් 25 ක් පමණ විය. ඒ හැම වැටකම මුර කපොලූවල තෝරා ගත් සන්නද්ධ කොටි ආරක්ෂාවට සිටියහ. කෙතරම් දරුණු ප‍්‍රහාරයක දී වුව ද ආරක්ෂිතව සිටිය හැකි ලෙස ප‍්‍රභාකරන්ගේ භූගත බංකරය සකසා තිබිණි. ඉතා සූක්ෂම ලෙස විදුලිය ගෙන සියලූ පහසුකම් එම බංකරයට සලසා තිබිණි.

2009 දී මෙම බංකරය යුද හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද අතර යුද්ධය නිම වීමෙන් පසු එය නැරඹීමට විශාල පිරිසක් ගියහ. එම ප‍්‍රධාන බංකරයට අමතරව තවත් බංකර කිහිපයක් වූ අතර ප‍්‍රභාකරන් විශේෂ රැස්වීම් පැවැත්වූ බව කියන ස්ථානයක් ද එහි විය. මේ වන විට එම බංකරය ද කැඞීම ද ආරම්භ කර ඇත.

මීට සති කිහිපයකට පෙර ප‍්‍රභාකරන්ගේ භූගත බංකරය බැලීමට ලබා දුන් අවස්ථාව නතර කැරිණි. බංකරය වටා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් වූයේ මීට සතියකට පමණ පෙරය.

 

බංකරය පුපුරුවා හැරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා:-
”කොටි බංකර කිහිපයක් ඉවත් කළා. මේ බංකරය අවට බිම්බෝම්බ වළ දමා තිබුණු නිසයි පුපුරවා හරින්න ප‍්‍රමාද වුණේ. එහෙම නැතිව පුපුරුවා හැරියානම් කම්පන තරංග නිසා වටේ තියන අනෙක් බෝම්බත් පිපිරෙන්න ඉඩ තිබෙනවා. එම බෝම්බ ඉවත් කර ඉවර කළේ ගිය සතියේ.

කොටි සෙවනැලි තවත් තියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒවා ඉවත් කරනවා. පුදුකුඩුඉරිප්පු බටහිරින් පිහිටි මෙම බංකර කොටි නායකයාගේම ද කියා හරියටම කියන්න අමාරුයි. නමුත් කොටින්ගේ බංකරයක් තමයි” හමුදා ප‍්‍රකාශකවරයා කියයි.

 

තරිඳු ජයවර්ධන 

 

බංකර තුළ කාමරයක්
 
බංකරය තුළට විදුලිය ගෙන තිබූ අයුරු
 
අහසට නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ බංකරයේ වහළය

 



අදහස් (0)

පුපුරුවා දැමූ ප‍්‍රභාගේ බංකරය

තුෂා Wednesday, 16 October 2013 02:07 AM

ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජනයට ගතහැකිව තිබුණා නේද? (නි)

:       0       0

ගීතා Saturday, 19 October 2013 09:20 PM

කිව්වත් වගේ කොටි සෙවනැලි අවශ්‍යම නැහැ.(නදී)

:       0       0

ගාමිණි Saturday, 19 October 2013 11:14 PM

අපරාදේ! තව නොබලපු අය ඉන්නවා (නි)

:       0       0

තිලකා රන්දෙනි Wednesday, 16 October 2013 05:35 PM

ඉතිරි කර තැබුවහොත් නැවත වැඩ ගන්නේ කවුද කියලා දන්නවනේ ඉතින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 300 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 327 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1257 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site