IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කලින් කොළඹ වරායට පැමිණි "බි‍්‍රතාන්‍ය රැජින"

පොදු රාජ්‍ය මණ්ඩලයේ නවතම සභාවාරය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේය. මෙයට සහභාගීවීම සඳහා බි‍්‍රතාන්‍ය මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහෙත් ඉකුත් සතියේ දිනෙක එලිසබෙත් රැජින කොළඹ වරායට පැමිණ සිටියාය. දෙදහසක සංචාරක පිරිසකුත් සමඟ ඇය හදිසියේම කොළඹ වරායට ආවේ ඇයි? එසේ පැමිණී එලිසබෙත් රැජින ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලය සහ වරාය අධිකාරිය එක්ව සාදරයෙන් පිළිගනු ලැබූහ. ඇයට රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීමක් නොලැබුණේ ඇයි ? සමාවෙන්න. මේ අපේ‍්‍රල් පළමුවැනිදා විහළුවක් නොවේ. ඉකුත් 30 දා කොළඹ වරායට පැමිණි ‘‘ක්වීන් එලිසබෙත්’’ වූ කලී එංගලන්තය සතු සුපිරි නෞකාවකි. බි‍්‍රතාන්‍ය  ඕස්ටේ‍්‍රලියා, ජපන්, දකුණු අපි‍්‍රකා හා ප‍්‍රංශය වැනි රටවල සංචාරක පිරිසක් රැගත් මේ සුපිරි නෞකාව පසුදා පෙරවරුවේ මුම්බායි වරාය බලා නික්ම ගියාය. ක්වීන් එලිසබෙත් වූ කලී කුනාඞ් ලයින් සමාගම මගින් මෙහෙයවනු ලබන විශාලතම මගී නෞකා තුනෙන් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා නෞකාවයි. ඔවුන් සතු විශාලතම නෞකාව ක්වීන් මේරි වන අතර අනෙක ක්වීන් වික්ටෝරියාය. කුනාඞ් ලයින් සමාගම තමන්ගේ ඊළඟ මෙහෙයවීම් නෞකාව ලෙස ක්වීන් එලිසබෙත් පිළිබඳව දැනුම් දුන්නේ 2007 වසරේ ඔක්තෝබර් මාසයේදීය. එතැන් පටන් වසර තුනක් තිස්සේ ඉතාලියේ පින්කැන්ටෙයරි ටොනිපැල්කන් ෂිප්යාඞ් සමාගම මගින් ඉදිකළ නෞකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 560 ක් වියදම් විය. මේ සුපිරි රාජිනිය දොරට වැඞීමේ උළෙල 2010 ඔක්තෝබර් 11 වැනිදා සවුත්හැම්ෆ්ටන් හිදී උත්සව ශ්‍රීයෙන් පැවැත්විණී. ඉනික්බිති ඇගේ මංගල ගමන කැනරි දුපත් දක්වා යෙදුණු අතර කපිතාන් ක‍්‍රිෂ් වේල්ස් ඇගේ ගමන් මෙහෙයවීය. අනතුරුව ඇගේ ප‍්‍රධාන චාරිකාව ඇරඹුණි. ඒ සවුත් හැම්ප්ටන් වෙතය. 2010 ඔක්තෝබර් 10 වැනිදා ඇරඹුණු එකී ගමනේදී විගෝ, ලිස්බන්, කාඩිෆ්, ග‍්‍රාන්කැනේරියා, ටෙනරිෆ්, ලා පැල්මා, මදෙයිරා වැනි වරායවල නතර කෙරිණි. කුනාඞ් ලයින් සමාගම මෙහෙයවන මහා රාජිනියන් තිදෙනාම 2012 ජුනි  5 වැනිදා එකම තැනකදී මුණගැසීමද විශේෂත්වයකි. ඒ සවුත්හැම්ෆ්ටන් වරායේ දීය. ඒ වත්මන් රැජිනියගේ දියමන්ති ජුබිලිය සැමරීම් වස්ය. මගීන් 2092කට ඉඩ පහසුකම් ඇති මෙම සුපිරි නෞකාවේ තට්ටු 16කි. ඉන් 12 ක්ම මගීන් වෙනුවෙන් වෙන්කර ඇති අතර නැවේ දිග මීටර් 294කි. නැවෙන් ආ සංචාරකයෝ..



අදහස් (0)

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කලින් කොළඹ වරායට පැමිණි "බි‍්‍රතාන්‍ය රැජින"

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site