IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ කතුන් තුට්ටු දෙකට කල්පිටියේ වැඩ

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්ත්ලම දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල කාන්තාවෝ ජීවිතය ගැට ගසා ගැනීම සඳහා කල්පිටියේ වගා බිම්වල දෛනික කුලි රැකියාවන් සොයා යමින් සිටිති.

නවගත්තේගම  හා ආණමඩුව , වනාතවිල්ලුව , මහකුඹුක්කඩවල , හා පුත්තලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලත් කුරුණැගල දිස්ත්‍රික්කයට අයත් රස්නායක පුර , කොටවෙහෙර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවකත් කාන්තාවන් ඇතුළු දහසකට වැඩි පිරිසක් දෛනිකව කල්පිටියේ වගා බිම්වලට පැමිනිම දැක ගත හැකිය.

කල්පිටිය අර්ධද්විපයේ එළවළු සහ පලතුරු , ඇතැම් බෝග වර්ග අක්කර 20000 කට ආසන්න ප්‍රමානයක වගා කෙරෙති.  අමතර වගාකරුවෝ දෛනික දීමනාව ලෙස   එක් කාන්තාවකට රුපියල් 1050 මුදලක් ලබා දෙති.

නමුත් එම මුදලින්  එක් කාන්තාවකට ලැබෙනුයේ රුපියල් 800 ක මුදලක් බවත් ඉතිරි මුදල දිනපතා   රැගෙන එන ලොරි රථ වල ප්‍රවාහන වියදම ලෙස අයකර ගන්නා බවත් වාර්තාවෙයි. උදෑසන 6.30 ත් 7ත් වන විට වගාබිම් වෙත මෙම කාන්තාවන් පැමිණෙන බවත් සවස 4.30 මොවුන්ගේ සේවා කාලය අවසන් විමත් සමග ආපසු පැමිණි ලොරි රථවලම නැගි නිවෙස්වලට ගමන් කරනු දැක ගත හැකිය.

 තමන් අලුයම 3 ට පමණ අවදිව නිවසේ වැඩ කටයුතු  කර ආහාර සකසා ගෙන උදෑසන 4.30 ත් 5 ත් අතර    මාර්ගයට  පැමිණෙන බව ඇතැම් කාන්තාවෝ කියති.

මෙම වගාබිම් වල  අවුරුදු 20 සිට 70 දක්වා වයස්වල කාන්තාවන් සේවයට එක්ව සිටන ආකාරය දැක ගත හැකිය .

රස්නායකපුර   මල්පානව ගම්මානයේ පදිංචි ටි.එම් . ඩිංගිරි අම්මා ( 58 )  මහත්මිය මෙසේ කීවාය.

“අපේ පළාත්වලට දැන් කන්න හත අටකින් වැස්සක් නැහැ. සියලුම ගොවිතැන් පාළු වෙලා කරන්න මෙලෝ දෙයක් නැහැ. අපි අන්ත අසරණයි. ඒ නිසා තමයි අපි මේ හැතැම්ම හැට හැත්තැවකට වැඩි දුරක ඉදලා ඇවිත් වැඩ කරන්නේ. අපේ ගෙවල්වල පිරිමිත් ඈත පළාත්වලට යනවා කුලි වැඩ සොයා ගෙන ඒ තරමට අපේ ආර්ථිකය වැටිලා . වැස්ස තිබුණා නම් අපි හොඳට ගොවිතැන් කරනවා . නමුත් අවුරුදු පහක් විතර හරි වැස්සක් අපිට නැති නිසායි මේ එන්නේ . හැබැයි මේ රස්සාවත් නැතිව ගියා නම් අපි අන්ත අසරණ වෙනවා . මේ රස්සාවත්  වෙලාවේ හැටියට ලොකු පිටුවලහක් වුණා.‘‘  

වගාකරුවකු ව නිශාන්ත මැක්සිමස් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

 “ මේ කාන්තාවන් අපිට ලොකු ශක්තියක් වුණා අපේ වගාවල අස්වැන්න නෙළා ගන්න . මොකද මේ පළාතේ ශ්‍රමිකයින් දැන් සොයා ගන්න කොහෙමවත් බැරි තරම් . මම දන්න විදිහට 1000 කට වැඩි කාන්තාවන් මේ විදිහට අපේ වගා බිම්වලට දිනපතා පැමිණෙනවා . අපි මෙහෙ ඉන්න බෝකර්ලාට අපිට අවශ්‍ය ප්‍රමාණය දැනුම් දිම පමණයි කරන්නේ පසුවදා ඔවුන් අවශ්‍ය කාන්තාවන් ලබා දිමට කටයුතු කරනවා . මෙම කාන්තාවන් උදේ සහ දහවල් ආහාරය අරන් එනවා අපි තේ හරි බිම හරි දවසට දෙපාරක් ලබා දෙනවා.‘‘



අදහස් (13)

පුත්තලමේ කතුන් තුට්ටු දෙකට කල්පිටියේ වැඩ

Chamith Sunday, 23 September 2018 03:59 PM

මේ මිනිස්සු එදා වේල හොයාගන්න විඳින දුක පාලකයින්ට නොපෙනෙන්නේද?

:       17       111

Appuhami Sunday, 23 September 2018 07:19 PM

කැළණි ගඟ වයඹ පළාතට හරවල නිකන් මුහුදට ගලාගෙන යන වතුර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි හැටි.

:       2       59

ධනුෂ්කMonday, 24 September 2018 03:31 PM

එ්ක අැත්ත රටේ පැත්තක් නියඟයෙන් පීඩා විඳිද්දි තව කොටසක් ගං වතුරෙන් බැට කනවා. තම රටට අාදරය කරන පාලකයෝ ඉන්න රටවල් පාලකයෝ නම් කරන්නේ සියල්ලට පෙර කරන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය අාර්ථිකය ශකතිමත් කරන එකයි. රටක් දියුණු වෙන්න නිෂ්පාදනය මෙන්ම වෙළඳපල පුලුල් විය යුතුයි. එ් සඳහා ජනතතාගේ මිලදී ගැනීමේ හා නිෂ්පාදන සඳහා යෙදවුම් ශක්තිය වර්ධනය විය යුතුයි. එසේ සිදුවීමට පාලකයන් අදාල පසුබිම සැකසිය යුතුයි. නමුත් වෙනකක් තබා මිනස්සුන්ට බොන්න වතුරත් නෑ. වියලි කලාපයේ ජනතාවගේ ජල ගැටලුව විසඳුවානම් සමෘධි හෝ නියං සහනාධාර එ් මිනිසුන්ට වුවමනා නෑ. නමුත් පාලකයෝ ණය වෙලා කරන්නේ රටට ඔරොත්තු නොදෙන ලාභ නොලබන කොමිස් කුට්ටි ගැලවිය හැකි මහාපරිමාණ ව්‍යාපෘතීන්ය... මේවා රටකට වුවමනායි.. හැබැයි එ් රටේ අාර්ථිකයට ගැලපෙන හා ඔරොත්තු දෙන වෙලාවට... අවසානයේ දැන්රටම විකුණනවා ණය ගෙවන්න.

:       96       519

janatha anura UAESaturday, 29 September 2018 09:11 AM

අප්පුවෝ නිකම් නොකෙරෙන දේවල් නොකියා මේ මිනිස්සුන්ට දිවා ආහාරය නොමිලේ දෙන්න. පෙරමුණ ගන්න අපි උදව් කරනවා. ඔය කියන දේවල් කරන්න වෙලාවක් නායකයින්ට නැහැ. අර්බුද හැමතැනම, පුටු ගෙනෙන්න තියෙනවා. කජු සැපයුම තියෙනවා කොමිස් ගන්න තියෙනවා.

:       0       29

bandu Monday, 24 September 2018 01:18 AM

වතු කම්කරුවෙකගේ දැනට දෛනික වැටුප වශයෙන් සියළුම දිමනා සහිතව රු 720 ක වැටුපක් ගෙවන අතර එම මුළු වැටුප ලබා ගැනිමට වතු කම්කරුවෙකු වැඩ කරන දිනයන්හි 90% ක් සේවයට වාර්තා කළ යුතුයි.

:       54       73

Vizkid Monday, 24 September 2018 04:09 AM

බඩගින්නේ ඉන්නවාට වඩා කොතරම් නම්බුකාර වැඩක්ද? දිරිය අම්මාවරුන්ට ජයවේවා!!!

:       1       237

Indunil Wednesday, 26 September 2018 08:21 AM

මං දන්නවා කුරුණෑගල 600යි දවසටම දෙන්නේ.

:       0       29

වැන්ඩකෝන් Wednesday, 26 September 2018 09:06 AM

රට සහා ජනතව පත්වෙලා තියන තත්ත්වය ගැන කණගාටුයි

:       11       4

kaveen Wednesday, 26 September 2018 04:36 PM

සැප පුටු වල ඉදන් මේ මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ. ඇත්තටම මේවා දකිනකොටත් දුකක් වගේම තරහකුත් එනවා අපේ වැරදි මේවා ඕන තරම් වතුර තියෙන රටක් මේ අයගේ කොමිස් මුදල මිසක් වෙන දෙයක් තේරෙන්නෑ. කාට කියන්නද මේවා මිනිස්සු පාරට බහින්න කාලේ හරි මොන ආණ්ඩුව ආවත් එකයි

:       0       4

rihan Thursday, 27 September 2018 05:42 AM

ගං වතුර ආදාර වගේ මේ අහිංසක මිනිස්සුන්ට දෙන්න නියං ආදාර ක්‍රමයක් නැද්ද.

:       0       3

janatha anura UAE Saturday, 29 September 2018 09:14 AM

සෑම අයෙකුටම හිස් වැසුමක්, කෑම වේලක් ලබාදෙනවා. දිරිය මවුවරුනි ඔබලාට තෙරුවන් සරණ පතමි. ජනතාවනි, මෙන්න දන් දීමට සුදුසුම තැන....

:       0       12

janahitha Saturday, 29 September 2018 09:16 AM

යුද හමුදාව යොදා නොමිලයේ ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුය.

:       0       12

banda Saturday, 29 September 2018 12:48 PM

පව් අහිංසක අම්මලා ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site