IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


නිශ්ශබ්ද ශ්‍රී.ල.නි.ප.ය

”මෝගල් අධිරාජ්‍යය ඉන්දියාවේ මෙතරම් කාලයක් පැවතියේ මහා අක්බාර්ගේ ඉවසීම පිළිබඳ බුද්ධිමත් ප‍්‍රතිපත්තිය නිසාය. අප අතර මෙතරම් විවිධත්වයක් තිබුණද අපේ රට එක්සිත්ව තබාගත හැක්කේ අන්‍යයන් ඉවසීමේ ප‍්‍රතිපත්තිය මගිනි. රට එක්සත්ව තබාගැනීම සඳහාත් සියලූ ප‍්‍රජාවන් හා පාර්ශවයන්ට සමාන ගරුත්වයක් දෙන අයුරින් රට ප‍්‍රගතියේ මාවත ඔස්සේ ගෙන යාමටත් එය ඉතා අත්‍යවශ්‍යය.”

කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ මර්කන්ඬේ කට්ජු වරක් ”ද හින්දු” පුවත්පතට සැපයූ ලිපියක ඉන්දියාවේ ජාතීන් අතර එක්සත්භාවයේ ක‍්‍රමවේදය විග‍්‍රහ කර තිබුණේ මෙලෙසින්ය. එසේම ඔහු එම ලිපියේ ඉන්දියානු නිජබිම්වල අයිතිකරුවන් ගැන මෙසේ පවසයි. ”මේ වන විට තනිකරම භාරතයට උරුමකම් කිව හැකි ආදී නිජබිම්වාසීන් සිටින්නේ ජනගහනයෙන් සියයට 5ක් පමණ ප‍්‍රජාවකි. ඉතිරි සියල්ලෝම වාගේ විවිධ යුගවල විවිධ ප‍්‍රදේශවලින් පැමිණ භාරතය වාසභූමි කරගත්තෝ වෙති. ආර්යයෝද ඊට අයත්වෙති.”

ඉන්දියානු ජාතික මර්කන්ඬේ කට්ජුගේ මෙම විග‍්‍රහය නූතන පළාත් සභා සංවාදය ඔස්සේ පටු සීමාවක් හදාගනිමින් ජාතික සමගිය බිඳීයන ආකාරයට සාම්ප‍්‍රදායික වාසභූමි, නිජභූමි හා ඉඩම් අයිතියට ඔට්ටුවන හැම පැත්තකම දේශපාලනඥයන්ට හෝම්වර්ක්  (Home Work) සඳහා වැඩදායක විය හැකිය.
නූතන ගෝලීය සන්දර්භය තුළ ජනයා සාම්ප‍්‍රදායික වාස භූමි හා නිජභූමි අත් හැර යමින් වැඩි පහසුකම් ඇති රටවල නිදහස් ප‍්‍රදේශ සොයා සංක‍්‍රමණය වීමට පටන්ගෙන තිබේ. අන්තර් ජාලයේ සැරිසරන වත්මන් තරුණ පරපුර තුළ මේ ප‍්‍රවණතාව වැඩිවශයෙන් ම දක්නට ලැබේ. අප අධිරාජ්‍යවාදීන් යැයි හංවඩුගසන ඇමෙරිකාවට යෑමට හොර වීසාවලට හා ගී‍්‍රන්කාඞ්වලට රැවටෙන්නේ ද මේ නිසාය. උතුරේ ඉඩම් වෙනුවෙන් දකුණේ බහිරවයන් වී සිටීමට මෙවන් අයගේ නම් සූදානමක් පෙනෙන්නට නැත.

”ඒකීය” ශී‍්‍ර ලංකාවක මධ්‍යම ආණ්ඩුවට යළි පවරා ගැනීමේ බලතල සහිත පළාත් සභා ක‍්‍රමයක ”ඉඩම්” හා පොලිස් බලතල විමධ්‍යගත වීමට එරෙහිව නැවතත් සංවාදයක් හටගෙන තිබේ. එම සංවාදයේ එක් කොටසකගේ ඉල්ලීම සම්පූර්ණයෙන්ම පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන ලෙසය. තවත් පිරිසක් කියා සිටින්නේ ඉඩම්, පොලිස් වැනි බලතල විමධ්‍යගත නොකරන ලෙසය. ඊට එරෙහිව දිවි හිමියෙන් සටන් වැදීමට ද ඔවුහු සූදානමින් සිටිති. මේ සටන ඇරඹෙන්නේ ජනාධිපතිවරයා උතුරේ පළාත් සභා මැතිවරණය ප‍්‍රකාශ කිරීමත් සමඟය. ප‍්‍රධාන වශයෙන්ම මේ සටනේ පාර්ශවකරුවෝ වී සිටින්නෝ සන්ධාන ආණ්ඩුවේම පාර්ශව දෙකකි. ඔවුහු කවදත් පසුවූවෝ මෙම ස්ථාවරයේය. එහෙත් හිටි හැටියේම ඔවුන් තම පැරණි මතයට පණදෙන්නේ උතුරු පළාත් සභාව කි‍්‍රයාත්මක කරවීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවත් සමගය.

මෙහිදී ”අපට විතරක් ඇයි මේ වෙනස් කමක්” යන මතය උතුරේ ජනතාවට ඇති වීම වැළැක්විය නොහැක. පළාත් සභා ක‍්‍රමය ගෙන එන ලද්දේ උතුරේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයක් ඇති වූ නිසා. ඊට විසඳුමක් ලෙසිනි. දැන් ත‍්‍රස්තවාදයක් නැත. එහෙත් බෙදුම්වාදී මතවාදයක් තිබේ. විසඳුම අවශ්‍ය වන්නේ එ් සඳහාය. දැනට මීට ඇති පිළිගත් ව්‍යවස්ථානුකූල විසඳුම නම් පළාත් සභාය.

යුද්ධය පැවති යුගයේ හැම ආණ්ඩුවක්ම කීවේ යුද්ධය නිසා උතුරේ පළාත් සභා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වූ බවයි.
”කෝ මේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය නිසා උතුරට විසඳුමක් දෙන්න බැහැනෙ.”

”පළාත් සභා වුණත් කි‍්‍රයාත්මක කරන්න බැහැනෙ.”

අපේ රටේ ආණ්ඩු රටට හා ජාත්‍යන්තරයට කීවෙත් මෙහෙමය. යුද්ධය අවසන් වී රට සාමකාමී වූ පසු වගකිව යුතු ආණ්ඩුවකට දැන් ඊට වෙනස් වූ මතයක් ප‍්‍රකාශ කළ නොහැක. එහෙම වුණොත් ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු ජාත්‍යන්තරය අබියස පචවෙනවාට අමතරව වගකීම් රහිත රටක් බවට පත්වෙනවාය. ජාත්‍යන්තරයට අමතක කළ හැකි නම් ප‍්‍රශ්නයක් නැත. එහි බලපෑම් එල්ලවිය හැකි යැයි කල්පනා කරන්නේ නම් පළාත් සභා අහෝසි කිරීමේ ප‍්‍රශ්නයක් තිබේ. එක්කෝ නව විසඳුමක් ගෙන ආ යුතුය. නැතිනම් පවතින විසඳුම කි‍්‍රයාත්මක කළ යුතුය. මහින්ද චින්තනයේ කොට වාසගමින් සහසුද්දයෙන්ම එය ලියා තිබෙන්නේ මෙලෙසිනි.

”13 වැනි සංශෝධනය හා පළාත් සභා ක‍්‍රමය පිළිබඳ විවෘත සාකච්ඡාවකට පවා එළඹේවි. අප විසින් සියලූ පක්ෂ හා සංවිධාන සමග ඇති කර ගන්නා සාකච්ඡුාවේ පදනමක් වන්නේ එකී විවෘත සාකච්ඡාවයි.”

”අතීතයේ විවිධ අවස්ථාවලදී රට සභා, දිස්ති‍්‍රක් සංවර්ධන සභා, ප‍්‍රාන්ත සභා ආදී ලෙස ඉදිරිපත්වූ යෝජනා පිළිබඳව ද එහිදී සාකච්ඡුා කළ හැක. අද අපට අවශ්‍ය බෙදී වෙන් වෙන දෙසට නොව රටේ එ්කීයභාවය තහවුරු වන ලෙස ගොඩනැෙඟන ප‍්‍රාදේශීය පාලනයක් බව සිත්හි තබාගෙන විවෘත සාකච්ඡුාවක් මාර්ගයෙන් සම්මුතියක් ඇතිකර ගැනීමට කටයුතු කරමි.”

”පළාත් සභා ක‍්‍රමයට අවශ්‍ය මැතිවරණ ක‍්‍රමයද ප‍්‍රාදේශීය සභා හා දිස්ති‍්‍රක් අනුපාතය පදනම් කරගත් මිශ‍්‍ර ක‍්‍රමයක් බවට පත්කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කරමි.”

”එතෙක් නොපමාව 13 වැනි සංශෝධනය යටතේ උතුරේ පළාත් සභාව යළිත් ස්ථාපනය කරමි. මෙහිදී නොපමාව උතුරේ පළාත් සභාව යළි ස්ථාපනය කරමි” යන්න මහින්ද චින්තනය යළි අවධාරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සූදානම රටට වගකිවයුතු නායකයකු ලෙස එදාට ජනතාවට වූ පොරොන්දුව මහින්ද චින්තනයට අනුව නිවැරැදිව ඉටු කිරීමටය. එසේම ඔහු ඉන්දියාවට කීවේ ඊටත් වඩා එක් පියවරක් (13) ඉදිරියට තැබීමට වුවද සූදානම් කියලාය.
”එහෙම නම් ආණ්ඩුවේම කොටසක් ඊට විරුද්ධ වෙන්නෙ ඇයි?”

  ජනාධිපතිවරයාම නායකත්‍වය දරණ ආණ්ඩු පක්ෂයේ අති බහුතර මන්තී‍්‍රන් සංඛ්‍යාවක් නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එම විරෝධයට පිළිතුරු නොදී වතුර නාවන තුරු ගෙට වූ ළමිස්සියක් මෙන් නිහඬව සිටින්නේ මන්ද?

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය සාමූහිකත්වය රැකගැනීමට ද?
  නැතිනම් ජනාධිපතිවරයාම වෙනත් විධියකට පළාත් සභා විරෝධී මතවාදයක් ආණ්ඩුවේම අදාළ පාර්ශවයන් ලවා මතු කරමින් සිටිනවා යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අය සිතා ගෙන සිටිනවාද? එහෙම නම් වෙන්න විධියක් නැත. ආණ්ඩුවේම සමහර පාර්ශවකරුවන්ගේ පළාත් සභා විරෝධී මතවාදය මේ වන විට අති බිහිසුණු ලෙස විවිධ පිටස්තර බලසේනා අතට ගනිමින් සිටිති. ඔවුන් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනෝත්සවය පවා සියදිවි හානිකර ගන්නා අයගේ පුහුණු ව්‍යාපෘතියක් කරගෙන තිබුණි. එ් සඳහා කතාබහට ලක් වූ එක් මාතෘකාවක් වූයේ පළාත් සභාය. ගවමස්වලට වඩා ජාතිකමය හා වහා ගිනි ඇවිලෙන සුළු වටිනාකමක් ඊට ඇත. අවසානයේ මේ සියල්ල ජාත්‍යන්තර වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට කැරකෙන තැනකට වැඩ සිදුවිය හැකිය. සමහරුන්ට  ඕනෑකර තිබෙන්නේ එයදැයි කියන්න දන්නේ නැත. මේ නිසා එවැනි බලවේගවලට ජනාධිපතිවරයාගේ සහාය ඇතැයි කල්පනා කිරීම මෝඩකමකි.

මේ රටේ පළාත් සභා ක‍්‍රමය ගැට ගැසී තිබෙන්නේ 1987 අත්සන් තැබූ ඉන්දු-ලංකා ගිවිසුම සමඟය. ඊට අත්සන් තැබූ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි පෙරළා දිල්ලියට යනගමනේ අතරමග චෙන්නයි නගරයේ ”මරිනා වෙරළේ” පැවැති රැස්වීමක කළ ප‍්‍රකාශය අදත් අපට වැදගත්ය.

”මේ ගිවිසුම ඉන්දියාවේ ආරක්‍ෂාව සඳහාත් ගනු ලැබූ බව අමතක කරන්න එපා. ශී‍්‍ර ලංකාවේ උතුරේ වෙනම රටක් ඇතිවෙනවාට අපි කැමැති නැහැ.”
එසේ නම් ඉන්දියානු ආරේ පළාත් සභා එම වෙනම රාජ්‍යයට එරෙහිවය. මෙසේ ජාත්‍යන්තරගත වූ පළාත් සභා ක‍්‍රමයක කෑලි ගැලවීම එක් පාර්ශ්වයක සහභාගිත්‍වයෙන් පමණක් සිදුකිරීම එම ගිවිසුම උල්ලංඝනය කිරීමක් සේ ඉන්දියාව කල්පනා කළොත් සිදුවන්නේ කුමක්ද?

ඒක හරි කතාවක්නෙ.
අපට අප කැමති දෙයක් කරන්න බැරිද ?
පුළුවන්.

එ් වගේම ඉන්දියාවටත් ඔවුන් කැමති දෙයක් කළ හැකිය.

බණ්ඩාරනායක මැතිනියගේ සමයේ කච්චතිව් දුපත අපට ලැබෙන්නේද එවන් ගිවිසුමක ප‍්‍රතිඵලයක් වශයෙනි. එය සිරිමාශාස්තී‍්‍ර ගිවිසුමයි. එය මැතිනියගේ රාජ්‍යතාන්ති‍්‍රක මිතුදමේ ප‍්‍රතිඵලයක් සේ ඉතිහාසගත වී තිබේ. පළාත් සභා ක‍්‍රමයේ වෙනස්කම් වෙත්නම් ඒවා හෝ 13 ක‍්‍රමයක් හෝ තේරීම් කාරක සභාවක් හරහා යෝජනා කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉල්ලා සිටින්නේ මේ සියල්ල ගැන අවබෝධයක් තිබෙන නිසාය.

ජාතික ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ඵලදායී සංවාදයක් අවශ්‍ය මොහොතක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිහඬතාව පුදුමසහගතය. මෙම නිහඬතාව එම පක්ෂයේ ඓතිහාසික දේශපාලනයට තරම් වන්නේ නැත. එදා 1970 සමගි පෙරමුණු රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ හා ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු වගකිවයුතු ප‍්‍රශ්න වලදී එම ආණ්ඩුවේ සිග්නල් කණු නොවූහ. මහින්ද රාජපක්‍ෂ, නන්ද එල්ලාවල, කැකිරාවේ එ්. එම්. ජිනදාස වැනි රැඩිකල් තරුණ මන්තී‍්‍රවරු පමණක් නොව ටී. බී. ඉලංගරත්න, හෙක්ටර් කොබ්බෑකඩුව, ටී. බී. සුබසිංහ වැනි ජ්‍යෙෂ්ඨයෝද එසේමය. නිහඬතාව බයාදුකමටත් නායකයා අර්බුදයකට ඇද දැමීමටත් උපයෝගී කරගත හැකිය. රටක ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් පිළිනොගන්නා, නායකයෝත්, නායකයනට උපදෙස් නොදෙන ජ්‍යෙෂ්ඨයෝත් අවසානයේ විනාශකර ගන්නෝ තමන්ගේ ආණ්ඩුවේ දේශපාලන අනාගතය බව අමුතුවෙන් කිවයුතු නැත.  

 

වසන්තප‍්‍රිය රාමනායක

 



අදහස් (0)

නිශ්ශබ්ද ශ්‍රී.ල.නි.ප.ය

විමලේ Friday, 07 June 2013 05:17 PM

මට මොකුත් ඇහුනේ නැහැ, ඔන්න

:       0       0

සුමනා Friday, 07 June 2013 02:10 PM

පළාත් සභාවලටත් ඉන්දු ලංකා ගිවිසුමටත් එදා ශ්‍රී ලංකා නිදහස් පකෂය විරුද්ධවූ බව අද ඉන්න මන්ත්‍රීලට අමතක වෙලා ඇති. නැතිනම් ජනාධිපතිට බයට අමතක කරගෙන ඇති.(නදී)

:       0       0

ප්‍රවීන් Saturday, 08 June 2013 12:52 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 08 June 2013 03:33 PM

මෝගල් අධිරාජ්‍යය මෙපමණ කාලයක් පැවතියේ පාලකයන් ගේ ඉවසිලිවන්ත කම නිසයි. අපේ ආණ්ඩුව සහ රට විනාශ වන්නේ අපේ කැබිනට් ඇමතිවරු සහ ප්‍රාදේශීය දේශපාලකයන් මන්ධ බුද්ධිකයන් සේ හැසිරීම නිසාය. කැබිනට් එක තුල විසදාගතයුතු ප්‍රශ්න ඇමතිවරු විසින් පාරට ගෙනවිත් සේල් දමන්නේ ජාතිවාදය වපුරා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටයි. ජාතින් භේද වීම මගින් අනාගතයේ ඇති වියහැකි ප්‍රශ්න සහ ජාත්‍යන්තර වශයෙන් රටට වෙන අපකීර්තිය ගැන මෙතුමලට ප්‍රශ්නයක් නැත.(නදී)

:       0       0

රොෂාන් Friday, 07 June 2013 03:45 PM

අනේ මන්දා මම දන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 138 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 330 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 854 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 552 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 435 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1765 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 722 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site