ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම පඳුරු මැඩියා ඇතුළු මෙරටට ආවේණික නව සත්ත්ව විශේෂ අටක් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ ආධාර ඇතිව ගාල්ල දිස්ති‍්‍රක්කයේ සිදුකරනු ලැබූ ජෛව විවිධත්ව අධ්‍යයනයකදී මෙම නව සත්ත්ව විශේෂ සොයාගෙන තිබේ.
සොයාගත් නව සතුන් අතර මිරිදිය මසුන් විශේෂ තුනක් හා පඳුරු මැඩියන් විශේෂ පහක් වෙති. එම මසුන් විශේෂ තුන අතරින් විශේෂ දෙකක් දෙවාරියෝ (Devario)නැමැති ඝනයට අයත් වේ. එම මසුන් දෙදෙනාගෙන් එක් විශේෂයක් සිංහරාජයේ දකුණු ප‍්‍රදේශයෙන් හා අනෙක් විශේෂය හියාරේ ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. අනෙක් මත්ස්‍ය විශේෂය ලෙපිඩොසෙෆලික්තියස් (Lepidocephalichthys) ඝනයට අයත්වන අතර එම මත්ස්‍යයා කොට්ටව වනාන්තරයෙන් හමුවී ඇත.
සොයාගත් පඳුරු මැඩියන් විශේෂ පහම පිලෝටස් (Philautus) ඝනයට අයත් වේ. ඒ අතරින් මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම මැඩියා ලෙස වාර්තා වී ඇති නවතම මැඩි විශේෂය හමුවී ඇත්තේ හියාරේ ඇතුළු කොට්ටව කෝඹල වනාන්තරයෙනි. එම මැඩි විශේෂයේ හොඳින් වැඩුණු සත්ත්වයකුගේ විශාලත්වය මිලි මීටර 14 ක් වැනි ඉතා කුඩා ප‍්‍රමාණයකි. අනෙක් පඳුරු මැඩි විශේෂ හතර හමුවී අතැතේ කන්නෙළිය රක්ෂිත වනාන්තරය, හියාරේ වනාන්තරය, කොට්ටව වනාන්තරය හා කොට්ටව කෝඹල වනාන්තරයෙනි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කියා සිටියේය.
ගාල්ල දිස්ති‍්‍රක්කය කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉතාමත්ම පොහොසත් දිස්ති‍්‍රක්කයක්. සිංහරාජය, කන්නෙළිය ඇතළු වානන්තර වගේම තැන තැන ඉතිරිව පවතින කුඩා තෙත් සදා හරිත වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් මේ දිස්ති‍්‍රක්කය තුළ පවතිනවා. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අනුග‍්‍රහයෙන් අපි මෙම දිස්ති‍්‍රක්කයේ ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කළා. ඒ අධ්‍යයනයේදී තමයි අපිට මේ නව සත්ත්ව විශේෂ අට සොයා ගැනීමට හැකියාව ලැබුණේ. දැනට මේ සතුන් මෙතෙක් ලෝකයේ හඳුනානොගත් සත්ත්ව විශේෂ අටක් බව අපි පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර පර්යේෂණ පති‍්‍රකා මගින් මේ නව සත්ත්ව විශේෂ විද්‍යාත්මකව නම් කර ලෝකයට හඳුන්වාදීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.
2025 නොවැම්බර් මස 21
9
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නව සත්ත්ව විශේෂ අටක් ලංකාවෙන්
විපුල් Wednesday, 19 October 2011 05:43 PM
හරම සතුටුයි
දිනාල් Friday, 02 December 2011 03:37 PM
මෙම තොරතුරු ප්‍රස්ද්ධ කළොත් හොදයි.
දීපාජා Monday, 09 January 2012 04:12 PM
ඉතා ලස්සනයි
දනේෂ් Monday, 23 January 2012 04:57 PM
හොදයි