IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නුවරඑළියට හිම

මේ නුවරඑළියේ ජනතාවට දැඩිලෙස බලපාන ශීත කාලයකි. පොදුවේ ගත්කළ ශ්‍රී ලංකාව පුරාම යම් තරමක ශීතලක් පවතී. නුවරඑළිය සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අ 14ක් වුවද එය ඉකුත් ජනවාරි 01 වැනි දින ඉතා පහත අඩියකට ඇද වැටුණේ සෙ.අ 6-7ක තරමටය. අලූයම් කාලයේ නව අවුරුදු සමගම නුවරඑළිය අවට ප‍්‍රදේශවලට මල් තුහින (හිම) පතිත වූ අතර එය නුවරඑළිය ජනතාව අපේක්‍ෂා නොකළ දෙයකි.මීට වසර 20කට 25කට පෙරදී ජනවාරි මාසයේ සිට පෙබරවාරි මස අවසානය දක්වා දිනපතාම මෙම මල් තුහින (හිම) පතිතවීම දැක ගත හැකි වුවද දේශගුණික විපර්යාසය හේතුකොටගෙන එම තත්ත්වය වෙනස් වීමකට ලක්ව ඇත.අලූයම 4.00 සිට පෙරවරු 8.00  දක්වා වූ කාලය තුළ දී නුවරඑළියේ තෘණ පිටිවල සුදු සීනි ඇතිරූ අයුරින් සුදෝ සුදුවට (හිම) මල් තුහින පතිත වී තිබෙනු දැක ගත හැකිය. අධික ලෙස සීතල තිබූ දිනවල අලූයම් කාලයේදී ජලය ගෙන යන ”හෝස්” බටවල ඉතිරිවූ ජලය මිදීම නිසා ලොලි පොප් ආකාරයෙන් අයිස් කැට කඩා ඉවත් කරගත් අවස්ථා බොහෝය. ඒ වගේම අඟල් 1ක් පමණ ඝනකම ජල මට්ටමක කුඩා භාජනයක් රාත‍්‍රී කාලයේ පහත් බිමක තැබූ කල එය පසුදා අලූයම් කාලයේදී අයිස් බවට පත්වී තිබෙනු ඒ දවස්වල දැක ගත හැකි සුලබ දෙයකි. මෙම මල් තුහින උදෑසන හිරු රැස් පතිත වීමත් සමග දියවී යෑම සිදුවේ. මෙවර ජනවාරි මස පළමු දින සිට දින කිහිපයක් දැක ගත හැකි වූවද යළි දේශගුණික වෙනස් විමක් හේතුවෙන් ඉදිරි දිනවලදී යළි හිම (මල් තුහින) පතිතවේද යන්න සැකයකි. වසර කීපයක් තුළ නුවරඑළියේ දේශගුණික රටාව වෙනසකට ලක්වීම ඊට හේතුවයි. කෙසේ වුවත් 2007 වසරේදී මෑත කාලයේදී ඉතා දැඩිලෙස මල් තුහින පතිත වූ වසර වේ. දහවල් කාලයේ දැඩි උෂ්ණත්වයත් අලූයම් කාලයේ දැඩි ශීතලත් හේතු කොටගෙන නුවරඑළිය අවට ජනතාව මහත් වූ අපහසුතාවයකට ලක්වූ   අවස්ථාද වේ. මෙයින් පාසල් දරුවන් හා රාජකාරිවල නිරත වූ අය පීඩා විඳිති. මෙයින් රාත‍්‍රී සේවා මුරවල යෙදෙන රෝහල් කාර්ය මණ්ඩලය ආරක්‍ෂක අංශ නිලධාරීන් තම රාජකාරියේදී කටුක සේවාවක් ඉටු කරති. මෙම හිම (මල් තුහින) පතිත වීම තේ, අර්තාපල් ඇතුළු ප‍්‍රධාන බෝග ගණනාවකට ඉතා අහිතකරය. ඒ නිසා ගොවීහු මහත් පාඩු විඳගත් අවස්ථාද පසුගිය කාලයේ අපි දැක ඇත්තෙමු. මෙවර කඳපොළ, මීපිලිමාන වැනි ප‍්‍රදේශවල ගොවිතැන්වලට බලපෑමක් එල්ලවූ බව දැනගන්නට ඇත. මෙම අපූරු දසුන දැක ගැනුමට ඇතැම් දේශීය සංචාරකයින් කොළඹ සිට නුවරඑළියට පැමිණි අවස්ථාද විය. මේ සොබා දහමේ ක‍්‍රියාවලියට අපට එරෙහි විය නොහැක.

ඡායාරූප හා සටහන - නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි
වාහනයක් මතට වැටී තිබූ මල් තුහින (හිම බිඳිති) මල් ගොමුවකට හිම බිඳිති වැටී මල් තුහින වැටී තිබූ තණපිටියක්  



අදහස් (0)

නුවරඑළියට හිම

dilmadushan Monday, 16 January 2012 01:32 PM

මාරයිනේ මාමේ

:       0       0

නසීමා Tuesday, 17 January 2012 08:32 AM

මම කැමතියි ලංකාවේ හිම දකින්න

:       0       0

sanjaya Tuesday, 17 January 2012 07:31 PM

ආසයි නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site