IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ධර්මද්වීපයේ සාරධර්ම පිරිහෙන්නේ ඇයිදැයි බලමු

ධර්මද්වීපය, ධර්ම භාණ්ඩාගාරය ලෙස විරුදාවලිලත් නයන පිනවන මේ රන් දිවයින අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නරඹන්නන්ගෙන් ලොව අංක එකට පත්වීමේ පුවත මෙයට දෙතුන් වසරකට එපිටදී වාර්තා වූවකි. එහෙත් එබඳු පුවත් එයට හිමි මාත්‍රාවෙන් නොගැනීමේ ප්‍රතිඵල වාර්තා වන්නේ දැන්ය. ඒ බවට නිදසුන් සපයන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ළමයින්ට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධි 168ක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වී ඇති බවත් එම අපයෝජනවලින් වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයින් විසි දෙනකු ගැබ්ගෙන ඇති බවත්ය.

බිලිඳිය යුවතියකවීමටත් පෙර ගැහැනියක වී පියවරුන් නොමැති දරුවන් බිහි කරන්නට සිදුව තිබේ නම් එය කෙතරම් ශාපලත් තත්ත්වයක්ද යන්න වටහා ගැනීම අසීරු නැත. ඉකුත් ඔක්තෝබර් මාසයේදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරිවියන් 168 දෙනකු අපයෝජනයට ලක් කර ඇති බවත් ඒ අය අතුරෙන් දැරිවියන් 22 දෙදෙනකු ගර්භණී බවට පත්ව ඇති බවත්ය. රාජ්‍ය ඇමතිනිය තව දුරටත් ප්‍රකාශ කර තිබුණේ ප්‍රේම සම්බන්ධතා නිසා දැරියන් 19ක්ද අපයෝජනය කිරීම නිසා දැරියන් හත් දෙනකුද ගර්භණී බවට පත්ව ඇති බවය.

නේකවර්ණ වාගාඩම්බරයන්ගෙන් උත්සවශ්‍රීයට නංවා ඇති රටක, සෙත් පිරිතෙන් අවදිව මහ පිරිතෙන් නින්දට යන රටක ඇත්ත ඇතුළාන්තය මෙම සංඛ්‍යා ලේඛනවලින් මනාව පැහැදිලිය.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ තම පෞද්ගලික උපකාරක පන්තියට සහභාගි වූ 15 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවය. තවත් මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ අම්පාර ප්‍රදේශයේ දී තම දියණිය දූෂණය කළ පුද්ගලයකු පොලිසියට බියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති බවය.

ඉහත ප්‍රවෘත්ති දෙකෙන් පමණක් වූවත් අපගේ දැරියන් ජීවත්වන්නේ  කෙතරම් අනාරක්ෂිත කලාපයකද යන්න වටහා ගැනීම අසීරු නැත. සැබැවින්ම අපයෝජනයට ගැහැනු පිරිමි ලිංග බේදයක් නොමැත. ප්‍රශ්නය වන්නේ මෙම ශාපලත් ඉරණමට අප කුමක් කළ යුතුද යන්නය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එයට එක් වූ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් පෙන්වා දී තිබෙන්නේ ළමයින් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවය.

අප ප්‍රවෘත්තියට අනුව කියැවුණේ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් අවශ්‍ය පාසල් ගැහැනු දරුවන් සංඛ්‍යාව නිවැරදිව හඳුනාගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රමවේදයක් සැකසීමටත් එම පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු වූ බවත්ය.

ඉතාම පැහැදිලි කාරණය වන්නේ මෙතෙක් පැමිණි ආකාරයෙන්ම ඉදිරියට යන්නේ නම් අපට හමුවන්නේ පරාජය හා විනාශය පමණක් බවය. එහෙයින් මෙම විනාශය නතර කරලීම සඳහා දුෂ්කර හා අකීකරු කොන්දේසි යටතේ වුවද තීන්දු තීරණ ගත යුතුය. එයට දැනුදු කල් පමා වැඩි බව පමණක් අවධාරණය කරමු.

(***)



අදහස් (4)

ධර්මද්වීපයේ සාරධර්ම පිරිහෙන්නේ ඇයිදැයි බලමු

AB Friday, 01 December 2023 06:34 AM

ළමයින් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම පමණක් නොව ඒ සමග තව බොහෝ වෙනස්කම්, අලුත් හඳුන්වාදීම් කළයුතු වේ. පාසල, ගුරුවරුන් සහ වැඩිහිටියන්ට දරුවන් වෙනුවෙන් කළහැකි බොහෝ දේ තිබේ. පාසලට, ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට එම අවස්ථවන් සහ ක්‍රමවේදයන් හඳුන්වාදීම අලුත් අත්දැකීමක් වනු ඇත..!

:       0       1

sam Friday, 01 December 2023 06:37 AM

මාධ්‍යයට අලුත් අදහස් ලබාදිය හැකි වුවත් සමහර පුද්ගලයින් එම අදහස් ඔවුන්ගේ ප්‍රකාශන සේ සමාජ මාධ්‍ය තුලින් ප්‍රකාශ වීමද කණගාටුවට කරුණකි...

:       0       1

විජේ Friday, 01 December 2023 03:44 PM

මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, හොරු, මංකොල්ලකාරයෝ, මුදලට ඕනෑම දෙයක් කරනවුන් පිරිච්චි පාලන තන්ත්‍රයක් තියන රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       3

Rocky Sunday, 03 December 2023 07:28 AM

එහෙම වුණත් අපි ‘‘ සිංහයා ලකුණ දරණ අභිමානවත් වරිගයක්...!‘‘

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site