IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ධම්මික ඉපදුණු දවසේ වෙන අම්මෙක් එයාව ඉල්ලූවා

එංගලන්තයේදී ටෙස්ට් ක‍්‍රිකට් ජයක් ලැබීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. දරාගත නොහැකි සීතල දරාගෙන අකුණු සැර මෙන් වේගයෙන් ඉපිලී එන පන්දු හමුවේ ලකුණු ලබා ගැනීම සැබැවින්ම අතිශය අසීරු කටයුත්තකි. දරාගත නොහැකි තරමේ සීතල දේශගුණික තත්ත්වය නිසාම, පන්දු යැවීම ද අපේ ක‍්‍රීඩකයන්ට අසීරු කටයුත්තකි. ඒ සියලූ අසීරුතාවලට මුහුණ දී එංගලන්තයේ දී තරගයක් ජය ගැනීම යනු සැබැවින්ම ක‍්‍රීඩක දක්‍ෂතාවය නිසාම ලබනා

DSC_96092
12_PAGE_07_RASA_BW

ජයක්ම වන්නේය. එවැනි ජයක් හිමිකර ගැනීමට පසුගියදා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ. එම විජයග‍්‍රාහී තරගයේ දී පන්දු යැවීමේ කාර්යයේ දී ධම්මික ප‍්‍රසාද් දැක් වූ දක්‍ෂතාවය නොවන්නට, විටෙක ඒ ජය සිහිනයක්ම වන්නට ඉඩ තිබිණි. නමුත් එය යථාර්ථයක් කර දුන් වේග පන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද්ගේ ජීවිතය කොතරම් වේගවත් විය හැකිද? ඔහුගේ ජීවිත රිද්මයේ තරම හොඳින්ම දන්නේ ඔහු මෙලොවට බිහි කළ මව හැර වෙන කවුරුන්ද? ධම්මිකගේ මව ටි‍්‍රලීෂියා කාරියවසම් මේ දක්වා ගෙවුනු ධම්මිකගේ ජීවිතයේ රිද්මය ගැන අපට පවසාවී.


01 ධම්මික පවුලේ කී වැනි දරුවාද?
පළමු වැනියා, දෙවැනියත් පුතෙක්.

 

01 පළමුවැනි දරුවා ගැන ලොකු මතකයක් ඇති නේද?
 ඕනෑම යුවළකට එය අපූරු අත් දැකීමක්නෙ. ඉතින් අපටත් එහෙමම වුණා.

 

01 ඒ අත්දැකිම ගැන විස්තර කළොත්?
ධම්මික පුතා උපන්නෙ රාගම රෝහලේදීයි. මෙයා උපන්න දවසෙම තවත් අම්මෙකුට පුතෙක් ලැබිලා තිබුණා. ඒ අම්මගෙ ඇඳ සහ මම හිටපු ඇඳ තිබුණෙ එක ළඟ. ඒ අම්මට ලැබුණු දරුවා සුදුම සුදුයි. හැබැයි ඒ අම්මා අනේ ඔයාගෙ පුතා මට දෙන්න බැරිද? කියලා මගේ පුතාව ඉල්ලූවා.

 

01 ඇයි ඒ ? විශේෂ හේතුවක් තිබුණද?
මගේ පුතාගෙ කොණ්ඩය කැරළියට තිබුණෙ. හරි ලස්සනට එය පිහිටලා තිබුණා. දරුවා දිහා බලාගෙන ඉන්න තරමට ලස්සනයි. ඒ නිසා තමයි ඒ අම්මා එහෙම ඇහුවෙ.

 

01 බහ තෝරන වියේදී මොන වගේ දරුවෙක් වුණාද?
හරිම  ප‍්‍රියමනාප චරිතයක් වුණා. නිතරම හිනාව පිරී තිබුණා. හරිම සිරියාවකින් ගෙදරම පිරිලා තිබුණා. හැබැයි ඉතින් හරිම දඟයා.

 

12_PAGE

01 ඒ ගැන මතකයන් සිහිපත් කළොත්?
ටිකින් ටික ලොකු වෙනකොට මුළු පළාතෙම අය මෙයාට ආදරය කරන්න පටන් ගත්තා. මොකද මෙයාට සබකෝළයක් තිබුණෙම නැහැ. එක එක්කෙනා උගන්වපු දේ එයා රඟපාල පෙන්නුවා. මේ විදියෙ වැඩ නිසා ඒ දවස්වල හවසට මෙයාගෙ සෙල්ලම් බලන්න ගමේ මිනිස්සු අපේ ගෙදරට වටවුණා.

 

01 ඒ මිනිස්සු ඉදිරියේ මොනවගේ දේවල් ද මෙයා කළේ.?
එක එක චරිත අනුගමනය කරමින් ඒ චරිත රඟපාලා පෙන්නුවා. සරම කොටට ඇඳගෙන නැටුම් පෑවා. සිංදුවක් කියන්න කීවාම සිංදු කීවා. මේ වගේ දේවල් නිසා ගමම මෙයාට ආදරය කළා. ආ.. මට තවත් දෙයක් මතක් වුණා. නයි නටවන හැටි, රිලා හාමිගෙ නැටුම් එහෙමත් ගමේ අය ඉදිරියේ කරලා පෙන්නුවා.

 

01 කුඩා කාලයේදී ධම්මික තාත්තා එක්කද වැඩිපුර එකතු, නැත්නම් ඔබ එක්කද?
ධම්මිකගෙ තාත්තා හිටියෙ විදෙස් රැකියාවක නිරත වෙලා. ඒ නිසා මෙයා මට තමයි ගොඩක් එකතු වුණේ. නමුත් තාත්තටත් හරි ආදරෙයි. දවසක් මම විහිළුවට අපි තාත්තා බලන්න රට යමු කියලා මෙයාට කිව්වා. මෙයා ගිහින් ඒක මොන්ටිසෝරි එකේ මෙයාගෙ යාළුවන්ටත් කියලා. මම හෙට තාත්ති බලන්න රට යනවා කියලා. ඒ විතරක් නම් මදැ මෙයා ඇඳුම් සෙල්ලම් බඩු බෑග් එකකට දාගෙන ලැහැස්ති කරගෙනත් ඉවරයි. හරි අම්මෙ යමු කියලා මට කීවා. වැඬේ බොරුවක් බව දැන ගත්තාම මෙයා අඬන්න පටන් ගත්තා. ඒ පාර අපේ අයියා ඇවිත් මට හොඳටම බැන්නා. බලන්න දරුවාව රවටන්න හොඳ නැහැනෙ කියලා. ඊට පස්සේ අපේ අයියා මෙයාව වටයක් එක්කගෙන ගිහින් අද ප්ලේන් නැහැ කියලා යාංතං ෂේප් කරගෙන එක්ක ආවා.

 

01 පාසල් යන කාලයේ ධම්මික කළ කී දේ ගැන මතකය මොනවගේද?
අපරාදෙ කියන්න බැහැ. පාසලේ හිටපු හොඳ දරුවෙක්. කිසිම වැරැද්දකට අහුවෙලා නැහැ. කඳාන මැසිනෝද් විද්‍යාලයට ගියේ. ගුරුවරු වගේම සහෝදරතුමා වූ ග‍්‍රැන්විල් සහෝදරතුමා ඇතුළු ඔක්කොම මෙයාට හරි ආදරෙයි.

 

01 ක‍්‍රිකට් ගහන්න හේතුව?
මාත් ඒ කාලයේ හොඳ ක‍්‍රීඩිකාවක් වුණා. ක‍්‍රීඩාවට තිබූ උනන්දුව නිසා මෙයා ලැබෙන්න හිටපු කාලයේදීත් මම ක‍්‍රිකට් තරග එහෙම නැරඹුවා. මම හිතන්නෙ එය ආත්මයෙන් ගෙනා දෙයක් වෙන්න ඇති.

 

01 ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යොමු වුණේ මොන වයසේදී විතරද?
පහ වසරේදී විතර තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යොමු වුණේ. එදා ඉඳලා පාසලින් ඉවත් වෙනකල්ම ක‍්‍රිකට් මත්තෙම තමයි නැහුණේ.

 

01 බැරි වෙලාවත් ක‍්‍රිකට් ක‍්‍රීඩා නොකළා නම්?
එහෙම නම් අනිවාර්යයෙන්ම මෙයා කතෝලික ආගමේ සහෝදර පියතුමෙක් වන්න තිබුණා. ආගමට එච්චරටම ලැදියි.

 

01 බෞද්ධාගමටත් ධම්මික හරි ලැදියිනේද?
එයාගේ තාත්තා බෞද්ධාගමේ. මම කතෝලික. ඉතින් ධම්මික පුතා බුද්ධාගමටත් ලැදියි.

 

01 විජය කුමාරතුංගයන්ගෙ නම කියන විට මෙයා බය වුණේ ඇයි?
ඒක කුඩා කාලයේදී වෙච්ච දෙයක්. මෙයාගෙ කැරලි කොණ්ඩය නිසා සමහරු විජයගෙ කොණ්ඩය වගේ කියලා කිව්වා. විජය මැරුණු පසු අනේ මට විජය වගේ කියන්න එපෝ. මාව මරාවි අනේ එපෝ කිය කියා කෑ ගැහුවා. මෙයා පුංචියිනෙ. එයාට දැනිච්ච දේ තමයි කළේ.

 

187733
21

01 කා එක්කවත් රණ්ඩු වෙලා එහෙම නැද්ද?
අපෝ නැහැ. කවුරු හරි රණ්ඩු වෙනවා නම්, මෙයා ගිහින් එය සාමාදාන කළා. හැමදාම මෙයා ගත්තේ අසරණයගෙ පාර්ශ්වයයි. සමාදාන කරන්න මෙයා හරිම ශූරයා අදටත් එහෙමයි.

 

01 වෙස්සන්තර කියලා මෙයාට නමක් පටබැදිලා තිබුණා නේද?
ඒකට හේතුව අනුන්ට උදව් කිරීමයි. ඒක තාත්තගෙන් ආපු දෙයක්. ඇඳගෙන ඉන්න ඇඳුම කවුරු හරි ඉල්ලූවොත්, පුළුවන් නම් එයත් දේවි. ඒ වගේම තමයි කවුරු හරි ගෙදරට ආවොත්, ‘‘අම්මෙ කන්න, දෙන්න, බොන්න දෙන්න.’ ඒ වගේ කියමින් සංග‍්‍රහ කරන්න හරිම ආසයි.

 

01 ගමේ අය මෙයාට කතා කරන්නෙ කොහොමද?
ධම්මා කියලා.

 

01 මල්ලි එක්ක බැඳීම කොහොමද?
ලොකු බැඳීමක් තියෙන්නෙ. මල්ලිට හරිම ආදරෙයි.  ඕනෑම දෙයක් කියන්නෙ එයාට තමයි. මල්ලිත් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා.

 

01 යාළුවො පිරිවරාගෙන සිටින්නත් කැමතිලූ නේද?
හරියටම හරි ඒ කතාව. නිතරම ගෙදර සෙනඟ ඉන්නවාට ආසයි.

 

01 මංගල උත්සවවලට එහෙම ගියාම කෑම නොකා ගෙදර එන්නෙ ඇයි?
මම උයන කෑමවලට ගොඩක් ආසයි. පාටියකට ගියත් එහි කෑම නොකා ඇවිත් මම උයපු කෑම තමයි කෑමට ප‍්‍රිය කළේ. අදටත් ඒ පුරුද්ද තියෙනවා.

 

01 එයාට අත් හරින්න බැරි දෙයකුත් තියෙනවාද?
පරණ ඇඳුම් අඳින්න කැමැති නැහැ. අලූත් ඇඳුම්වලට හරි ආසයි.  ඕනෑම උත්සවයකට සහභාගි වෙන්න තියෙනවා නම්, අලූත් ඇඳුම් කට්ටලයක් ගැනීම තමයි ලොකුම පුරුද්ද.

 

01 ආදරය ගැන එයා ගෙදරට කියලා තිබුණද?
කිව්වෙ නැහැ. ඒත් මම දැනගත්තා. මම නොදන්නා විදියට හිටියා. පාසල් කාලයේදීම වගේ තමයි ඒ පේ‍්‍රමය පටන් ගත්තෙ. නිහාරිට පුදුම විදියට ආදරෙයි. දුවටත් හරිම ආදරෙයි. බිරිඳ ලස්සනට අඳිනවට එහෙම හරි කැමතියි. මොකද එයාට  ඕනෑ ඔක්කෝමලා සතුටින් තියන්නයි. ආ මට තවත් දෙයක් මතක් වුණා. අත් හරින්න බැරි පුරුද්දක් ගැන ඇහුවා නේද?

 

01 ඔව්, ඒ මොකක්ද?
උදෑසන අවදි වෙච්ච විගස යාළුවෝ ඔක්කොම එක්ක කතා කරන එක එයාගෙ පුරුද්දක්.

 

01 ශ්‍රී ලංකාව ජයගත්, පසුගිය එංගලන්ත තරගයේදී ධම්මිකගේ සාර්ථකත්වයට හේතුව හැටියට ඔබ දකින්නෙ?
එදා ඒ තරගය ජයග‍්‍රහණය කරවන්න මම මොනවා හරි ලොකු දෙයක් කරන්නට  ඕනෑ කියලා මට කියලා තිබුණා. ඉතින් මමත් මෙහේ ඉඳලා ජේසුට යාඥා කළා. මම යාඥා කළේ විකට් 4ක් අරගෙන කොහොම හරි ජය ගන්න කියලයි. මෙයත් බයිබලය යන තැන ගෙන යනවා. එය අතේ තබාගෙන යාඥා කරන්න ඇති. ඉතින් හිතට ලොකු ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙන්න ඇති. අපි දෙවියන්ට ස්තුති කළා.

 

01 ධම්මිකගෙ තියෙන හොදම ගුණාංගයක් ගැන කිව්වොත්?
එයාට උදව් කළ අය අමතක නොකිරීම ඉහළම ගුණාංගයයි. මෙයාගෙ ක‍්‍රීඩාවට කීර්ති ගුණරත්න ගොඩක් උදව් කළා. ග‍්‍රැන්විල් සහෝදරතුමාටත් හරිම ලැදියි. කොහේ ගියත්, අදටත් එයාලට කතා කරලා අවසර අරගෙන යන්නෙ.


 

SLD_20140713_F007



අදහස් (0)

ධම්මික ඉපදුණු දවසේ වෙන අම්මෙක් එයාව ඉල්ලූවා

චන්ද්‍රසිරි Thursday, 17 July 2014 09:14 AM

ධම්මික ගැන අපිට ගොඩාක් සතුටුයි (අ)

:       0       0

ලසන්ත Tuesday, 22 July 2014 10:38 AM

දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

චින්තක Sunday, 20 July 2014 11:02 AM

ඔය හොඳ ගතිගුණ දිගටම තියාගන්න (නි)

:       0       0

පියල්-රාගම Thursday, 17 July 2014 09:45 AM

අපට ඔබ ගැන ආඩම්බරයි. ඉදිරියටම යමු. (නි)

:       0       0

ඉරේෂා Friday, 18 July 2014 01:31 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

නැනිල් Friday, 18 July 2014 12:20 AM

ලොකු මිනිහෙක් වෙන්න, රටට ආදරේ ඇති දරුවෙක් වෙන්න. (නි)

:       0       0

චන්දන Saturday, 19 July 2014 07:36 AM

සුබ පැතුම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site