IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ. කල්ප කාලාන්තරයක් නොමියෙන නොමැකෙන අමිල මෙහෙවරක්, රට දැය සසුන වෙනුවෙන් ඉටු කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වූ උන්වහන්සේට ‘‘අජරාමර නිවන් සුවය ලැබේවා’’යි ලංකාදීපයේ අපි ප්‍රාර්ථනා කරමු.

ඓතිහාසික දක්ෂිණ දේශයේ මාතර පුරවරයේ ගල්බොඩ නම් නිසංසල සුන්දර ගමක 1943 දෙසැම්බර් මස 14 වැනිදා ගල්බොඩ කම්කානම්ගේ දොන් කරුණාරත්න නමින් මෙලොව එළිය දුටු පුත් කුමරා රට දැය සමය සසුන වෙනුවෙන්ම උපත ලද බව උන්වහන්සේගේ චරිතාපදානයෙන්ම පැහැදිලිය.

හික්කඩුව, ශ්‍රී සුමංගල සඟ පරපුරේ බෙන්තර වාචිස්සර දෙවුන්දර රතනජෝති නාහිමිපාණන්ගේ ආචාර්ය උපාධ්‍යයායෙන් කොළඹ ගංගාරාමයේදී ගල්බොඩ ඥානිස්සර නමින් උතුම් පැවිදි දිවියට පත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 9ක් පමණ විය. එතැන් පටන් ‘‘පොඩි හාමුදුරුවෝ’’ වූ උන්වහන්සේ අපවත්වනතුරුම රටට පොඩි හාමුදුරුවෝම වූහ.

පොඩි හාමුදුරුවෝ උජුපටිපන්න වූහ.  ඤාය පටිපන්න වූහ. සාමිචි පටිපන්න වූහ. කරන දේ කියන කියන දේ කරන ගුණෙන් පිරිපුන් වූහ. වරද දුටු තැන කවර තරාතිරමක අයකු වුවද ඔහුට ඒ මොහොතේම පෙන්වා දෙන කඩිසර බවින් අනූන පොඩි හාමුදුරුවෝ බොදුනු - නොබුදුනු ජනී ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූයේ එකී සකල ගුණාංගවලින් උන්වහන්සේ සමලංකෘත වූ හෙයිනි.

කොළඹ හුණුපිටිය ප්‍රදේශය එදවස මංපහරන්නන්ගේ  පාරාදීසයකි. පොඩි හාමුදුරුවන්ගේ ඉලක්කය වූයේ එම ප්‍රදේශය වාසයට සුදුසු රමණීය බිමක් කිරීමටය. වඩාත් දුෂ්කරතා හා අභියෝග මැද කෙතරම් විශිෂ්ට අන්දමින් උන්වහන්සේ එම ඉලක්කය සපුරා ගත්තේද යන්න අද ඉඳුරාම ප්‍රත්‍යක්ෂය. හුණුපිටිය ගංගාරාමය යනු අද දෙස් විදෙස් සකල බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ අද එක් අරමුණක් වන්නේ ගංගාරාමය වැඳ පුදා ගැනීමය.

කොළඹ නවම් මහ පෙරහර ගංගාරාමය සතු සාඩම්බර පළඳනාවකි. එය සංස්කෘතික මහෝත්සවයකි. ගංගාරාම නවම් මහ පෙරහැරට දිගු ඉතිහාසයකි. එහෙත් විවිධ හේතු මත 1963 වසරේ සිට පෙරහර පැවැත්වීම නතර විය. පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුනමක් ලෙස 1979 දී එම පෙරහර නැවත ආරම්භ කළහ. විවිධ විචිත්‍ර අංගයන්ගෙන් සමන්විත නවම් මහ පෙරහර පොඩි හාමුදුරුවන්ගේ අකම්පිත මනස නොසැලෙන ගුණය හා එඩිතර බව කියාපාන සංකේතයකි.

දැයේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයෙන් සිප් සතර ඉගෙන දිවි ගමන සරු කරගත් ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසක් සිටිති. එහි අනුබද්ධ ශාඛා 30ක් පමණ පවතින හෙයින් රටේ සිව් කොනේ දූ පුතුන්ට ජීවිතය ජය ගැනීමට එය මහරු සම්පතක් වී තිබේ.

තමන් ගත් මගම ගන්නා එඩිතර ශිෂ්‍ය පරම්පරාවක් නිර්මාණය කිරීමට උන්වහන්සේට හැකිවීම උන්වහන්සේගේ සාර්ථකත්වයට කදිම නිදසුනකි. ගංගාරාමයට පැමිණෙන කවරකු සමග වුවද තරාතිරම් බේදයකින් තොරව සාමිචියේ යෙදෙන උන්වහන්සේගේ නිරහංකාරත්වය උන්වහන්සේට ආභරණයක්ම විය.

රටට, දැයට සමයට, සසුනට නොමියෙන මෙහෙවරක් කර තම මුද්‍රාව තබා නොවහල් මනසින් දිවි සැරිය නිමා කළ පොඩි හාමුදුරුවන්ට අපි යළිත් නිවන් සුව පතමු.

 

(***)



අදහස් (0)

දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31251 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13427 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10981 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 84 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 920 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site