IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්පික රණවක මහතා නායකත්වය හොබවන එක්සත් ජනරජ පෙරමුණ ඉකුත් බදාදා (2) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

මධ්‍යම රජයේ ප්‍රතිපාදන එවන්නේ වංචා නොකරන, දූෂණ ක්‍රියාවල නොයෙදෙන කණ්ඩායම් ජයග්‍රහණය කරන ප්‍රාදේශීය සභාවලට පමණක් බවත් එවැනි කණ්ඩායම්  ඇත්තේ එකක් පමණක් බවත් ඒ ජාතික ජන බලවේගය පමණක් බවත් දිසානායක මහතා ප්‍රකාශ කළ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම ප්‍රකාශය මගින් රටේ විධායක ජනාධිපතිවරයා තම බලය පාවිච්චි කරමින් පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ අනුග්‍රහය ලබාදීම හෝ නොදීම තීරණය කරන බවක් අදහස් කෙරෙන බවත් මෙය මැයි 6වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට කරන බලපෑමක් ලෙස පෙනෙන බවත් එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා විසින් මැතිවරණ කොමිසමට භාරදෙන ලද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් ඉහත කී වැලිගම රැස්වීම පිළිබඳ යු.ටියුබ් නාලිකාවේ ඇති විඩියෝවෙන් කියවෙන  පරිදි ජනාධිපතිවරයා පවසන පැමිණිල්ලට අදාළ කොටසේ සඳහන් වන්නේ තරමක්  වෙනස් දෙයකි. එහිදී දිසානායක මහතා පවසන්නේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ ප්‍රතිපාදන ලබාදීමේ දී  ගැටලුවකින් තොරව එම මුදල් ලබාදිය හැකි බවත් අනෙක් කණ්ඩායම් ජයග්‍රහණය කරන ආයතනවලට මුදල් දීමට  පෙර සොයා බලා මුදල් දීමට සිදුවන බවත් එනිසා එම ආයතනවලට ප්‍රතිපාදන දීම ප්‍රමාදවිය හැකි බවත්ය.

මෙම ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා පළාත් පාලන ආයතනවල සභිකයන් ලෙස පත්වන ජාතික  ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසුදු පිරිසක් ලෙසත් අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් දූෂිතයන් ලෙසත් සලකා කටයුතු කරන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. මෙය සැබෑවකි.

දූෂණය ගැන කතා නොකළ ද මීට පෙර සිටි ජනාධිපතිවරුන්ද පළාත් සභා පළාත් පාලන මැවරණ කාලවල දී විරුද්ධ පක්ෂ ජයග්‍රහණය කරන ආයතනවලට මධ්‍යම රජයේ සහයෝගය නොදෙන බව පවසා ඇත.

අනුර කුමාර දිසානායක මහතා ඉහත කී රැස්වීමේ කළ මෙම ප්‍රකාශය එම රැස්වීමේදීම ඔහු කළ කතාවේ තවත් ස්ථානයක් සමඟ ගැටේ. පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ අය වැය සකස් කරන්නට පෙර තම සංවර්ධන සැලසුම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ඉදිරිපත් කළ යුතු බවත් එම සභාව ඒවා සලකා බලා මධ්‍යම රජයට ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු එම කතාවේ දී ප්‍රකාශ කළේය.

විරුද්ධ පක්ෂවල පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගි වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් පළාත් පාලන ආයතනවල සංවර්ධන සැලසුම් අනුමත කිරීමේ දී ජාතික ජනබලවේගය පාලනය කරන ආයතනවල සැලසුම් පරීක්ෂා කිරීමකින් තොරව ද අනෙක් පක්ෂ පාලනය කරන ආයතනවල සැලසුම් පරීක්ෂා කිරීම්වලින් පසුව ද අනුමත කළ හැකිද?

කෙසේ වෙත් වෙනත් පක්ෂ දිනා ගන්නා පළාත් පාලන ආයතනවලට මුදල් ප්‍රතිපාදන නොදෙන බවක් ජනාධිපතිවරයා ප්‍රකාශ නොකළ හෙයින් ඉහත කී පැමිණිල්ලෙන් කියවෙන පරිදි එම ප්‍රකාශයෙන් මැතිවරණයට බලපෑමක් වූ බව කිව නොහැකිය. එහෙත් විරුද්ධ පක්ෂ පාලනය කරන සභාවල සැලසුම් පමණක් පරීක්ෂා කරන බවක් ඔහුගේ කතාවෙන් හැඟවෙන හෙයින් එයින් මැතිවරණයට බලපෑමක් වූවාදැයි තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසමයි.

තමන් ජනාධිපති කාර්යාලයේ මට්ටමෙන් හා පාර්ලිමේන්තුවේ මට්ටමෙන් දූෂණය තුරන් කොට ඇතැයි ජනාධිපතිවරයාත් ජවිපෙ හා ජාජබ පක්ෂවල නායකයෝත් පවසති. මූල්‍ය වංචාව, සොරකම හා නාස්තිය ගැන සලකා බලන කල එය මේ තාක් දුරට සත්‍යයකි. එසේම අදූෂිත අතැම් ස්වාධීන කණ්ඩායම් ද සිටිය හැකිය. නිතර නම් කියවෙන අනෙක් සෑම පක්ෂයක්ම හා කණ්ඩායමක් පාහේ එක්කෝ පසුගිය ආණ්ඩුවලට සම්බන්ධව මහා පරිමාණ දූෂණ, වංචා, අපරාධ හා නාස්තියට සෘජුවම මැදිහත් වූ අයයි. නැත්නම් ප්‍රසිද්ධියේ ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කළ අයයි.

බලයේ නොසිටියත්, වටිනාකම තවම නිශ්චය කොට නැති අක්කරයක පමණ ඉඩමක, මහජන මුදලින් රුපියල් කෝටි 47ක් වියදම් කොට ප්‍රතිසංස්කරණය කරන ලද රුපියල් කෝටි 350ක් වටිනා මසකට රුපියල්  ලක්ෂ 46ක  කුලියක් ගත හැකි වර්ග අඩි 30,000ක නිවසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ ජීවත් වෙති. එම නිවස රජයට භාර දෙන ලෙස පසුගියදා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි විට ආසන්න වශයෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ ඊට විරුද්ධ විය. නාස්තිය හා දූෂණය  පිළිබඳ එම පක්ෂවල ආකල්පය එබඳුය.

පසුගිය දිනවල බටලන්ද වධකාගාරය පිළිබඳ ප්‍රශ්නය මතුවූ විට ජවිපෙ, ජාජබ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර ආසන්න වශයෙන් සියලු පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියේය. එය මානව හිමිකම් පිළිබඳ එම පක්ෂවල ආකල්පය පෙන්වන්නකි.

එහෙත් ජවිපෙ හා ජාජබ යනු අහසින් පහත් වූ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් පක්ෂ නොවේ. එම පක්ෂවලට සම්බන්ධ වී සිටින්නේද දැන් එම පක්ෂ විසින් දූෂිත පක්ෂ ලෙස හඳුන්වනු ලබන පක්ෂවල කලෙක සිටි සිටි පුද්ගලයෝය. ඔවුන්ට වෙනස් වන්නට හැකිනම් එසේ වෙනස් විය හැකි තවත් පුද්ගලයන් එම පක්ෂවල සිටිය හැකිය. එවැනි පුද්ගලයන් මෙවර පළාත් පාලන ආයතනවලට ද පත්විය හැකිය. එහෙයින් තමන් නොවන අනෙක් සියලු දෙනා දූෂිතයන් යැයි කීම සෑම විටම සෑම තැනකටම පොදු සත්‍යයක් නොවිය හැකිය.

දූෂිත යැයි ජවිපෙ, පෙසප හා ජාජබ දෙසට ඇඟිල්ල දිගු කරන්නට මෙරට කිසිදු පක්ෂයකට නොහැකිය. එහෙත් ජවිපෙ හා ජාජබ තුළ දූෂණයට හා නාස්තියට නැඹුරුවිය හැකි පුද්ගලයන් නැතැයි ජනාධිපතිවරයාත් එම පක්ෂ දෙකේ නායකයනුත් දැන් දෙන සහතිකය අනතුරුදායක සහතිකයකි. එය සත්‍යයක් විය නොහැකිය.

2008 ට පෙර ජවිපෙහි පුද්ගල ප්‍රකාශනය වශයෙන් පෙනී සිටි විමල් වීරවංශ මහතා එම වසරේ එම පක්ෂයෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ ගොඩනගා ගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක් වූ පසු ඔහුට කොතරම් නම් දූෂණ චෝදනා එල්ල වූයේ ද? ඔහු මහින්ද රාජපක්ෂ පාලනයේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ මුල් කොටසේ ද ප්‍රබල ආරක්ෂකයෙක් විය. ඔහු තම පක්ෂයෙන් ඉවත් වූ පසු දේපළ ඉපැයුවේ කෙසේදැයි ජවිපෙ නායකයන්ම කී වතාවක් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කොට ඇත් ද? එසේ නම් වත්මන් ජවිපෙ හා ජාජබ තුළ එවැනි අය කොහෙත්ම නැතිවිය හැකිද?

තමන් දූෂිතයන්ට පක්ෂය තුළ සිටින්නට ඉඩ නොදෙන බවට උදාහරණයක් වශයෙන් ජවිපෙ නායකයන් ගෙනහැර දක්වන්නේ පොල්ගම්පොළ සිද්ධියයි. 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කොට ජයගත් මන්ත්‍රීවරයකු වූයේ අනුරුද්ධ පොල්ගම්පොළ මහතාය. ඔහු ජපානයේ කළ සංචාරයක දී අදාළ නොවන පුද්ගලයකු එරටට ගෙන ගොස් හැරළීම හේතුවෙන් ජවිපෙ ඔහු පක්ෂයෙන් නෙරපීය. ඒ වනවිට වෙනත් පක්ෂ මෙම වංචනික සිද්ධිය දැන සිටියේ ද නොදැන සිටියේද යන්න විශේෂත්වයකි.

ජවිපෙන් ඉවත් වූ හෝ ඉවත් කරනු ලැබූ ඇතැමුන්ට පෞද්ගලිකව දූෂණය පිළිබඳව හෝ නාස්තිය පිළිබඳව හෝ චෝදනා කළ නොහැකිය. එහෙත් ඉන් සමහරු අතිශයින් දූෂිත පක්ෂවලට සම්බන්ධ වී ඒවායේ දූෂිත නායකයන් ආරක්ෂා කරමින් සිටිති.

න්‍යායික ප්‍රශ්න හෝ  සදාචාරාත්මක ප්‍රශ්න හේතුවෙන් ජවිපෙන් ඉවත් වූ හෝ  ඉවත් කරනු ලැබු පුද්ගලයෝ ද සිටිති. ඉන් පිරිසක් ජවිපෙන් උගත් පුද්ගල විනය අරක්ෂා කරගෙන ජීවත් වෙති. අනෙක් පිරිස දේශපාලනයේ දී මෙන් පෞද්ගලික ජීවිතයේදී ද අන්තයටම පිරිහී සිටිති.  1971 ජවිපෙ පළමු කැරැල්ලෙන් පසු එසේ ඉවත් වූ හෝ ඉවත් කරනු ලැබු සමහරු එම පක්ෂයේ දෙවැනි කැරැල්ලේ 1988/89 සමහරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඝාතන යාන්ත්‍රයේ ප්‍රබල කොටස්කරුවෝ වූහ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මෙන්ම වත්මන් ජාජබ ආණ්ඩුව ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ආරම්භ කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරමින් ආර්ථික ස්ථාවරත්වය පවත්වානෙ යයි. එසේම ආණ්ඩුවේ නායකයෝ තමන් දූෂණයේ පංගුකාරයන් නොවීමට විශාල කැපකිරීමක් ද කරති. එහෙත් ඒ හැර ආණ්ඩුව කරන්නේ කුමක්දැයි පෙනෙන්නේ නැත.

පසුගිය ආණ්ඩුවල වරදින් ඇතිවූ සහල් ප්‍රශ්නය, පොල් ප්‍රශ්නය, බිත්තර ප්‍රශ්නය, විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය, බහාලුම්  ප්‍රශ්නය ආදිය යළි ඇති නොවන්නට වත්මන් ආණ්ඩුව ප්‍රමාණවත් ලෙස කටයුතු කොට ඇත්දැයි පෙනෙන්නේ නැත.

හිටපු පාලකයන්ගේ මහා පරිමාණ වංචා, දූෂණ හා  නාස්තිය පිළිබඳ ලැයිස්තු ගණනාවක් ආණ්ඩුව සාක්ෂි සහිතව රටට හෙළි කළද එම දූෂිතයන් නීතිය හමුවට ගෙන යන වැඩ පිළිවෙළක් තිබේදැයි පෙනෙන්නේ නැත. රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව රාජ්‍ය ගිණුම් කාරක සභාව හා රාජ්‍ය මූල්‍ය කාරක සභාව ආදියේ රැස්වීම්වල දී රජයේ ආයතනවල මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් වෙමින් තිබුණද එම වැරැදිකරුවන් හට දඬුවම් දී වංචා කරන ලද මුදල් යළි රජයට අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කරන බවක් පෙනෙන්නට නැත.

 සියල්ලටම වඩා තවත් වසර තුනකින් විදේශ ණය ගෙවන්නට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය උපයා ගත හැකිද යන්න ප්‍රශ්නයකි. ඒ සියල්ල තිබිය දී වුවද ආණ්ඩුවේ නායකයන් හා දේශපාලනඥයන් මහජන මුදල් සොරා කෑම නතර වීම නම් මහා ඉහළින් අගය කළ යුතු දෙයකි. ඒ සඳහා ආණ්ඩුවේ නායකයන් හා මන්ත්‍රීවරුන් කරන කැපවීම ද අගය කළ යුතුය.

එහෙත් තමන්ගේ පක්ෂයේ දූෂිතයන් නැතැයි ජාජබ හා ජවිපෙ නායකයන් දෙන සහතිකය නම් අප කලින් සඳහන් කළ පරිදි අනතුරුදායකය. ඒ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාජබ හා ජවිපෙ නායක වශයෙන් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය නිවැරැදිය. ඔහු එදා කීවේ ‘‘අපි අතර දූෂිතයන් නෑ ඉඳලා අහු වුණොත්  අනෙක් පක්ෂ වගේ ඔවුන් ආරක්ෂා නොකර වහාම ඉවත් කර දානවා’’ යනුවෙනි.

පක්ෂ අභ්‍යන්තරයේ ස්වයං විවේචන හා අන්‍යොන්‍ය විවේචන යාන්ත්‍රණයක් ඇති ජවිපෙට පක්ෂය තුළ දූෂිතයන් සිටින්නේ නම් සොයා ගැනීම ද පහසු වනු ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 101 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 87 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 321 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 30 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 521 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 251 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 392 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site