IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දූෂණ විරෝධී පනතේ සංශෝධන සාධාරණ සමාජයකට පිටිවහලක්

‘‘දූෂණ විරෝධය’’ හුදු ජනප්‍රිය සටන් පාඨයකි. එය තම තමන්ගේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා තමන්ට අවශ්‍ය මාත්‍රාවෙන් වරනගන ලද්දකි. එහෙයින් එම සටන් පාඨයෙන් රටට ලැබුණු අලුත් ජයග්‍රහණ නැත. එහෙයින් විය යුතුව තිබුණේ දේශපාලනඥයන්ගේ කතා සාප්පුවල ‘‘සේල්’’ එකට දමා තිබූ දූෂණ විරෝධී සටන් පාඨය ක්‍රියාත්මක තලයට රැගෙන ඒමය. එහෙත් එය පහසු ක්‍රියාවක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. මන්ද යත් සියල්ලටම වඩා චෞර වළල්ල බලවත් හෙයිනි.

කරුණු කාරණා එපරිදි වුවද දූෂණ විරෝධී මෙන්ම රටට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරන දේශමාමක ජනයාට සතුටු විය හැකි පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රටේ දූෂණ සහ වංචා නැවැත්වීමට විධි විධාන ඇතුළත් දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත් 8 වැනිදා ඒකමතිකව සම්මත වූ බවය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී මීට මාස කිහිපයකට පෙර සම්මත කෙරුණද පනතේ අඩුපාඩු කිහිපයක් හේතුවෙන් එම පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් නැවතත් ඇතුළත් කර අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එය දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒකමතිකව සම්මත වූ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මෙරට දේශපාලනය ඇතුළතින් බොහෝ සේ දිරා ගොස් ඇති බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂය. සාමාන්‍ය පොදු සමාජ මතයට අනුව මෙරට දේශපාලනය යනු චෞර කප්පිත්තන්ගේ, මං පහරන්නන්ගේ, තක්කඩියන්ගේ තිප්පොළක් බවට පත්වී තිබේ. එහෙයින්ම එදවස ගරු කටයුතු සමාජ සේවයක් බවට පත්ව තිබූ දේශපාලනය බඩ රස්සාවක් බවට පරිවර්තනය විය. ගරු කටයුතු අවංක මහත්වරුන් සිටියද ඔවුන්ට වඩා චෞරයන්ගේ තත්ත්වය බලවත්ය.

දේශපාලනය මෙන්ම රාජ්‍ය සේවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිසුදු විය යුතුය. මන්දයත් රටේ අනාගතය තීරණය වන්නේ ඔවුන් අතින් බැවිනි. එහෙත් එය එසේ නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. එබඳු පරිහානියකට දේශපාලනයත්, රාජ්‍ය සේවයත් පත් වූයේ කෙසේද යන්න විමසිය යුතුය.

හේතුවකින් තොරව ඵලයක් හට නොගනී. දේශපාලනය නරා වළක් බවට පත්වීමට පවතින මැතිවරණ ක්‍රමයත් හේතුවී තිබේ. පෙර පැවැති මැතිවරණ ක්‍රමය තුළ පාර්ලිමේන්තුවට ගියේ ගම හඳුනන, ගමේ ජනතාවගේ ප්‍රශ්න දන්නා ‘‘ගමේ එකෙකි.’’ එහෙත් සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අපේක්ෂකයකුට දිස්ත්‍රික්කයක්ම ආවරණය කිරීමට සිදුවී තිබේ. ඒ සඳහා මහ ධන නිධානයක් වැය කළ යුතුය. අවසානයේදී පාර්ලිමේන්තු වරම හිමිවන්නේ එම මහ ධන නිධානය වැය කළ හැකි අයට පමණි.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ දිනයේ සිට බොහෝ අයගේ අපේක්ෂාව වනුයේ වියහියදම් කළ මුදල් සොයා ගැනීමය. ඒ වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහයද දේශපාලන බලයේ අනුහසින් ලබා ගනී. දේශපාලනයත්, රාජ්‍ය සේවයත් විනාශ වන්නේ එසේය.

මෙම සැහැසි ඉරණමෙන් රට ගලවා ගැනීම අණපනත් මගින් පමණක් කළ නොහැකිය. එම තත්ත්වයට බලපාන හේතුද තුරන් කළ යුතුය. හෙට ඉපදීමට සිටින දරුවාත් ලෝකයට ණයකාරයකු බවට පත් කර තිබෙන රටක ඉරණම වෙනස් කළ හැකි වන්නේ එබඳු බලගතු දියුණු මෙහෙයුමකිනි.

(***)



අදහස් (0)

දූෂණ විරෝධී පනතේ සංශෝධන සාධාරණ සමාජයකට පිටිවහලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 84 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 152 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 171 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 885 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 235 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1121 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 127 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 336 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site