IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


දේව දඬුවමට දවස් 21 ක් කන්න නොදුන් තරුණයා මරුට

  03   

 

අපේ රටේ සමහර දෙනෙක් මිථ්‍යා මත විශ්වාස කොට ඒවා මූලික කොට එවැනි දේවල්වලට ඇලී ගැලී ජීවත් වෙද්දී තවත් සමහර පිරිසක් දවසේ වැඩි කාලයක් තමන් සොයා ගන්නා තම වේතනයෙන් වැඩි මුදලක් මෙවැනි අදෘශ්‍යමාන බලවේග ඔස්සේ එම කටයුතුවලට හා පුද්ගලයන්ට වියදම් කොට ජීවිතය ගොඩනගා ගන්නට වැර වීරිය දරති. සමහර දෙනෙක් නිධන් හෑරීම සඳහා පිදේණි වශයෙන් බිලි පූජාවන් පවත්වති. ඒ වෙනුවෙන් ප‍්‍රාණගාතයන් සිදු කරති.

98989

මේ ආකාරයටම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාස කරන ලද මාවනැල්ලේ වෑගන්තලේ ජීවත් වූ පවුලක් තම නිවසේ කරදර උදෙසා තම නැගණියගේ පුතකු ලවා ගුරුකම්, ශාන්තිකර්ම, සෙත් ශාන්ති කිහිපයක් නිවෙසටත් ලෙඩ දුක්වලින් නිතරම පෙළෙන ලොකු පුතු වෙනුවෙන් කර කියා ගැනීමේ අරමුණින් ගෙන්වා ගත්තේය. එම කටයුතු කරද්දී නිවෙස් හිමියෝ කට්ටඩියා (කපුවා) දැඩි ලෙස විශ්වාස කර සිටියහ. එනමුත් වයස අවුරුදු 31 වූ වැඩිමහල් පුතු පසුගිය 02 වැනිදා මිය ගොස් ඇති බවට ආරංචියක් අපට දැන ගන්න ලැබිණ. මෙහි සුල මුල සොයා ගිය අතරේ දැන ගන්නට ලැබුණේ මෙම ශාන්තිකර්ම බලි තොවිලය එම නිවසේ පැවති දිනයේ හරක් මස් අනුභව කර පැමිණි පුතුට දේව දඬුවමක් ලෙස දින 21ක් තම නිවෙස් හිමියන් විසින් කාමරයක දමනු ලෙසට කට්ටඩියාගේ කීමට ඉංග‍්‍රීසි බෙහෙත් නොකොට සිර කර තිබීම හේතුවෙන් මෙම තරුණයා මිය ගිය බවයි. පසුව මේ සඳහා ඥාතීන් හා ගම්වාසීන් එක්ව මෙම පවුලේ මාපියන් හා වැඩිහිටියන්ට දැඩි ලෙස චෝදනා කර සිටියේ මෙම මරණය සිදු වූයේ ශාන්තිකර්මය සිදු කළ කපුවා නිසා බවයි.


මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාවනැල්ල වෑගන්තලේ  ඊ. ඒ. ආර්. ප‍්‍රසන්න පි‍්‍රයලාල් නමැති අවිවාහක තරුණයෙකි. පසුගිය මැයි 11 වැනි දින යාළුවකු මුණගැසීමට කොළඹ ගොස් මධ්‍යම රාත‍්‍රියේ නිවෙසට එමින් සිටියදී සිිහිසුන්ව ප‍්‍රසන්න ඇද වැටී ඇත. එදින තම ඥාති පුතකු සිය කැමැත්තෙන් තම නිවෙසට ගෙන්වාගෙන මෙම ශාන්තිකර්මයත් හා බලිතොවිල් ශාන්තියත් කරමින් සිටි බව ප‍්‍රසන්නගේ මව වන ඒ. ආර්. එම්. ගුණරත්න මැණිකේ මහත්මිය අප සමග කීවාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මැණිකේ මහත්මිය මෙසේද කීවාය.

66


මේ මරණයට පත්වූයේ මාගේ වැඩිමහල් පුතා. මට පුතාලා තුන් දෙනෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. අපේ ගෙදර කරදර වැඩියි. මාගේ එක පුතෙකුත් ආමි එකේ ඉඳලා මැරුණා. දවසක් අපි නිමිත්තක් බලපුවාම කීවා තවත් මාස තුනකින් කරදරයක් වෙන්න තියෙනවා ඒක නිසා ශාන්තිකර්මයක් කරන්න කියලා. මේ ශාන්තිකර්මය කරපු දව2සේ ලොකු පුතා හිටියේ නැහැ. එයාගේ යාළුවෙකු රට යනවා කියලා එයා එහේ ගිහින්. ඒ අතරේ එයා නැති වුණත් අපි මේ කටයුතු ලෑස්ති කළා. ප‍්‍රසන්න පුතා කොළඹ ගිහින් එදා මධ්‍යම රාති‍්‍රයේ තමයි ආවේ. මෙයා ඒ එනකොට හරක් මස් කාලා තියෙනවා. එදා අපි තොවිලය කරපු නිසා තොවිලයේ බලයෙන් හරක් මස් කාපු පුතා සිිහිසුන්ව ගෙදරට මීටර් ගාණකට ඈතින් වැටිලා තියනවා. සිහිසුන් නැතිව වැටුණේ ශාන්තිකර්මය පැවත්වූ නිසා ඒකට මස් වර්ග ”කිලි” වූ නිසාලූ. මේ බව අපිට කීවේ අපේ කට්ටඩි පුතා. මේ මස් කාපු වරදට දෙයියෝ එයාට දඬුවම් දීමක් සිදුකර ඇති බවට සිහිසුන්ව ඇදවැටුණ පුතා ගැන කට්ටඩියාගෙන් විමසූ විට අපිට කීවා. පස්සේ එයාට එන්න එන්න අමාරුවී ඇති අතර කෑමක් බීමක්ද නොගත් බව පවසයි.

නමුත් කට්ටඩි පුතා කීවේ ඉස්පිරිතාලේ ගෙන යන්න එපා හොඳ වෙයි කියලා. එයා බයිපාස් සැත්කමක්් මීට කලින් කරලයි තිබුණේ. ඒකට බෙහෙත් බිබී තමයි හිටියේ. ඒ බෙහෙතුත් ගෙදර තිබුණ නිසා අපි බෙහෙත් ගේන්න අරන් ගියේ නැහැ. මේ රෝගය වැඩි වුණ නිසා අපි රෝහලට අරන් යන්න කිහිප වරක් අපේ නංගිගේ පුතාගෙන් අහනකොට (කට්ටඩියා) දින 21කට පසු ”දේව දඬුවම” ඉවත් වෙයි කියලා කීවා. නමුත් අවසන් කාලේ ගොඩාක් අමාරු වුණ නිසා මාවනැල්ලේ රෝහලට අරන් ගියා. නමුත් අරන් ගිහින් ගොඩාක් වේලා යන්න වුණේ නැහැ රෝහලේ්දී ලොකු පුතා මිය ගියා යැයි ඇය පැවැසුවා. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තම නැගණියගේ පුතා වන ශාන්තිකර්මය සිදු කළ පුතණුවන්ගේ කිසිදු වැරැුද්දක් නොවන බවයි. ඔහුද පුතණුවන් බේරා ගැනීමට අපමණ උත්සාහ කළ බවද කීවාය. නමුත් ගම්මුන් එයාගේ වරද කියලා එයා මරන්න දඟලනවා. එයාව හොයා ගෙන එයාගේ නිවෙස තියන රඹුක්කන පවා ගියාලූ. එහෙත් දේවාලයක් තියනවා. ඒ ගිහින් එහේ බඩු මුට්ටුවලට පවා හානි කරලා ඇවිල්ලා පුතා හොයා ගන්න බැරිව. මටත් කියලා තමයි ගියේ.

1
අපි මිය ගිය ප‍්‍රසන්නගේ නිවසට ගිය මොහොතේ නිවසේ ශාන්තිකර්ම සඳහා අටවා තිබූ ”මල්පැල අට්ටාල” කඩා බිඳ දමා තිබිණි.


‘‘මේ මරණය මාපියන්ගේ වරදින් සිදු වූ මරණයක්. ගම්වාසීන්ට මේ නිවෙසට එන්න දුන්නේ නැහැ. නැදෑයන් වන අපිට එන්න දුන්නෙත් නැහැ ”කිලි” අහුවෙනවා කියලා. වැටවල් බැඳලා ටකරන් ගහලා වැළැක්වුවා. අන්තිමේදී කොල්ලා මළා. මැරිච්ච බව දැනගත් මේ හොර කට්ටඩියා දැන් ගමෙන් පළා ගිහින්. ඊට පස්සේ මම ගමේ අයත් එක්ක හොර ”ගුරා” හොයාගෙන ගියා රඹුක්කන ගෙදරට....” අවමඟුල වූ නිවෙසේ සිිටි තැනැත්තෙක් අපට කීවේය. ඒත් කට්ටඩියා නෑ.” ඔහු එම තරුණයාගේ බාප්පා වන ඊ. ඒ. ආර්. පොඩි බණ්ඩාය.


මේ හදිසි මරණයෙන් මිය ගිය ප‍්‍රසන්නට ගම්වාසීන් හා ඥාතීන් ආදරයක් හා ළෙන්ගතු කමක් දක්වන්නේ ඔහු පාසල් යන කාලයේ සිට ගමේ කවුරු කවුරුත් සමඟ සමාජයේ පොදු වැඩ සඳහා ලබා දුන් සහය නිසාය. ප‍්‍රසන්නට මේ නිසා යාළුවෝ බොහෝ පිරිසක්ද වූහ.  ඕනෑම රාත‍්‍රීයක දහවල් කාලයක ගමේ කටයුත්තකට පැමිණෙන ලෙස ලබා දෙන දුරකථන පණිවිඩය ලැබූ සැණින් ඔහු පැමිණෙන්නේය. මේ පිළිබඳ ඔහුගේ සමකාලීන පාසල් මිතුරෙකු වන නිවෙසට ආසන්න නිවසක ජීවත් වන පී. ඞී. ජී. වසන්ත බාලසූරිය (31) අපට සිද්ධ වූ කරුණු කාරණ සියල්ලම කීවේය.


”මෙයාට හදිසියේ සිද්ධ වූ රෝගාබාධ තත්ත්වයක් නිසා ”බයිපාස්” සැත්කමක් කළේ මීට වසරකට පමණ ඉහතදී. මේ සැත්කමෙන් පසු පවා හොඳට හිටියා. ඒ ඉන්න අතරදී සමහර අවස්ථාවල ගමේ කොල්ලෝ එක්ක විනෝද වෙන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. මස්් වර්ග කෑවා. නමුත් ඒ විශේෂ අවස්ථාවක පමණයි. මෙහෙම ඉඳලා අන්තිමේදී අකාලයේ නිරපරාදේ නොසැලකිලිමත්කම නිසා මිය ගියා.


මම එක දවසක් බලන්න ගියා. එදා මම ප‍්‍රියාව රෝගාතුරු වෙලා ඉන්නවා දැකලා මොකද ප‍්‍රියා කියලා ඇසුවා. එතකොට ”මට වසන්ත” කියලා එක පාරක් කතා කළා. ඊට පසුව කතා කරන්න බැරිව ගියා.

6


”එයාට දෙයියො දී ඇති දඬුවම ඉවර නැති නිසා කතා කරන එකත් දෙවියන් දවස් හතකට නවතා ඇති බව තමන්ට නිවසේදී දැනුම් දුන්නේ යැයි ඔහු කියයි.
”කිලි” අහුවෙනවා කියලා එම ගෙදරට පිට කාටවත් යන්න දුන්නේත් නැහැ. ගෙදර වටේ ලණු ගසලා ”ටිකට්වලට පෙන්වන සංගීත සංදර්ශනයකට” වගේ ටකරන් ගසා මේ තොවිල් කටයුතු සිදු කළා. පිරිමි අයට පවා ”කිලි” අසුවෙනවා කියලා යන්න දුන්නේ නැහැයි ඔහු අදහස් පළකරමින් කීවේය.


මිය ගිය ප‍්‍රසන්නගේ මව ඒ.ආර්.එම්. ගුණරත්න (49) මහත්මිය : පසුගිය මැයි 11 වැනි දින යාළුවෙකු මුණගැසීමට කොළඹ ගොස් මධ්‍යම රාත‍්‍රියේ නිවසට එමින් සිටියදී සිිහිසුන්ව මාගේ ලොකු පුතා ප‍්‍රසන්න ඇදවැටුණා. එදින ප‍්‍රසන්නගේ නිවසේ තම මවගේ නැගණියකගේ පුතෙකු වන දැනට කට්ටඩියෙකු ලෙස කටයුතු කරන පුතණුවන් විශාල ශාන්තිකර්මයක් කරමින් සිටියා. පුතා එදා කොළඹ යාළුවා හම්බ වෙන්න ගිහින් ගෙදර ඇවිත් තියෙන්නේ හරක් මස් කාලා. දෙවියන්ගේ වාහනය හරකා නිසා මේ පුතාට ගෙදර එන්න බැරි වුණා. එයා ගෙදරට මීටර් ගාණක් තියෙද්දී කෑ ගහගෙන සිහිසුන්ව බිම වැටුණා.

ශාන්තිකර්මය කරපු පුතා අපිට කීවේ ප‍්‍රසන්න පුතාට දෙවියෝ දඬුවම් දුන් බවයි.


ඒක හොඳ වෙන්න දින 21ක් දෙයියෝ එක්තැන්ව ඉන්න දඬුවමක් දෙන බවද කීවා. එදා ඉඳලා පුතා ලෙඩ වුණා. පස්සේ එයාට එන්න එන්න අමාරු වුණා. කෑමක් බීමක් ගත්තෙත් නැහැ. නමුත් කට්ටඩි පුතා කීවේ ඉස්පිරිතාලේ ගෙන යන්න එපා හොඳවෙයි කියලා. එයා හෘද සැත්කමක් කලින් කරලා තිබුණේ. ඒකට බෙහෙත් බිබී තමයි හිටියේ. ඒ බෙහෙත් තිබුණ නිසා අපි බෙහෙත් ගේන්න අරන් ගියේ නැහැ. අපිටත් ලොකු විශ්වාසයක් තිබුණා පුතාට හොඳ වෙයි කියලා. පස්සේ 02 වැනිදා මේ රෝගය වැඩිවුණ නිසා අපි රෝහලට අරන් යනකොට එයාට ගොඩාක් අමාරු වෙලා මැරුණා යැයි ඇය පවසයි.


”දවසක් අපි නිමිත්තක් බලපුවම කීවා තවත් මාස තුනකින් කරදරයක් වෙනාව කියලා. ඒක තමයි මේ වුණේ. නිමිත්ත බලපු දවසේ ඉඳලා හරියටම මාස තුනයි” ඇය කීවාය.


පුතා (කට්ටඩියා) බැලූවේ කොහොම හරි බේරා ගන්න තමයි. එයාගේ නරක වේලාවට මැරුණා. ඒ පුතා රඹුක්කනත් දේවාලයක් කරනවා. අපි තමයි යන්න කීවේ. නැත්නම් ගමේ අය මේක වැරැුදියට තේරුම් ගෙන මොනවා කරයිද මන්දා”


තම බිරිඳගේ අදහස එසේ අනුමත කරන මිය ගිය ප‍්‍රසන්නගේ පියා වන ඊ. ඒ. ආර්. රම්බංඩා මහතා කීය. මේ මරණයෙන් පසුව ගම්මුන් තමන්ට අඩන්තේට්ටම් කරන බවට දැනෙන නිසා ඒ පිළිබඳ මරණ පරීක්ෂණයේදීද සිහිපත් කරන බවත් ඒ පිළිබඳ අවශ්‍ය නිතීය හරි හැටි ක‍්‍රියාත්මක කරන ලෙස ඔහු මාවනැල්ල පොලිසියෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.


මේ පිළිබඳ අපිට අදහස් දැක්වූ වෑගන්තලේ සුමිත් මිහිර බංඩාර මෙසේ කීවේය. ”මේ කට්ටඩියාට නිවෙසට එන බාහිර පිරිමි ”කිලි” කියලා ඔවුන් නැවත්තුවා. මෙයාට තිබුණේ ගෑනු එක්ක ඉන්න අවශ්‍ය වුවමනාවක්. මේ නිසාම මේ කටයුතුවලට ගැනු ළමයි දෙන්නෙක් ළඟ තියාගෙන වැඩ කරගෙන ගියා. එයාලා සමහර දවස්වල රෑට පාන්දරට දවල්ට කුරුණෑගල පැත්තේ ”කස්තුරි” හොයන්න කියලා එක්ක යනවා. කොහොම හරි සාත්තු කරනකොට ළඟ තියාගෙන හිටපු කස්තුරි හොයන්න එක්ක ගිය තරුණියක් සමග මේ කපුවා කැලෑ පැනලා ගිහින්.


මේ සියල්ල එසේ සිදු වුවත් ඉකුත් 03 වැනිදා මරණය පිළිබ`ද මරණ පරීක්‍ෂණයක් මාවනැල්ල මහ රෝහලේදී පැවැත්විණි. එහිදී ගම් නවයක් පත්තුවේ හදිසි මරණ පරීක්‍ෂක හා මාවනැල්ල රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. ආනන්ද වීරකෝන් මහතා සහ මාවනැල්ල පොලිසියේ පොලිස් සැරයන් 23809 එච්. ඒ. රත්නායක යන මහත්වරුන් පරීක්ෂණ කටයුතු අවසානයේ මාධ්‍යයට පවසා සිටියේ මෙම මරණය දැඩි ලෙස රෝගාතුරවීමකින් නිසි ප‍්‍රතිකාර නොලැබීම මත සිදු වූ මරණයක් බවයි. තවද මෙම රෝගියා ”බයිපාස්” සැත්කමක් කළ කෙනෙකු ලෙස ගොඩ වෙදකම් නිසා යම් ආසාදන තත්ත්වයක් හට ගන්නට ඇති බවද නිගමනය විය.

m



අදහස් (0)

දේව දඬුවමට දවස් 21 ක් කන්න නොදුන් තරුණයා මරුට

වික්‍රම Wednesday, 10 June 2015 01:29 AM

සාමාන්‍ය මිනිස්සු තමන්ට කරදරයක් වුණාම හිතන්නේ ඒකට හේතුව භූතයෙක්, කොඩිවිනයක් එක්කෝ ගෙදර උළුවස්ස කියලා.ඒවාට පිළියම් හොයන්න ගිහිල්ලා නතර වෙන්නේ මේ වගේ ලෝක හොරු ළඟ (නි)

:       0       0

නිරෝෂා Wednesday, 10 June 2015 01:51 AM

අපරාදේ අහිංසක ජීවිතයක්! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 10 June 2015 01:50 AM

මේක හරියට අපේ රජතුමා සුමනදසට රැවටුනා වගේ වැඩක්. (නි)

:       0       0

හරින්ද්‍ර Wednesday, 10 June 2015 03:22 AM

ලංකාව බෞද්ධ රටක් කියල උදම් අනන මිනිස්සුම හින්දු දෙවිවරු පස්සේ යනවා.. ඒ ආගම වල දේශනා නොකළ හොර කපුවන් සාස්තර කාරයන් කියන දේවල් කරලා අමාරුවේ වැටෙනවා...(ම)

:       0       0

අප්පුහාමි Friday, 12 June 2015 10:45 AM

මේ වගේ හරක් වැඩ කරන අය තව ඕන තරම් ලංකාවේ ඉන්නවා . ඕනෑනම් කතරගම හරි මුන්නේස්වරම් හරි ගිහිල්ලා බලාගන්න. (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 June 2015 01:50 PM

ඒ තරුණයාටත් කල්පනා කරන්න තිබුනා ටිකක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

අදානි සුළං බල ව්‍යාපෘතිය - වුණේ මොකක්ද?
2025 පෙබරවාරි මස 14 783 0

මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 96 1

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
2025 පෙබරවාරි මස 13 247 0

කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


සමාජ චින්තනය ක්ලීන් කරමු
2025 පෙබරවාරි මස 13 75 0

නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස


රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ
2025 පෙබරවාරි මස 12 310 0

විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින


එදා-මෙදා වී-සහල් සටන
2025 පෙබරවාරි මස 12 425 0

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 238 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 134 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 962 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site