|
|
අලූතෙන් දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු ජනපති සහ අගමැති සමඟ |
ආශ්චර්ය පුදුමාකාරය. අංශ ගණනාවකින් ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රටක් වී ඇත. එයින් ප‍්‍රමුඛ ස්ථානය ඇමැති මණ්ඩලයයි. අලි මදිවාට හරක් කීවා සේ පසුගිය සතියේදී ඇමැති මණ්ඩලයට තවත් 9 දෙනෙක් එක් කරනු ලැබීය.
ඒ අනුව දැන් අපේ ඇමැති මණ්ඩලය 104කි. රජයේ මුළු ඇමැති සංඛ්‍යාව 160කි. ඇමැතිකම් නොමැති සංඛ්‍යාව 56කි. ඉන් තිදෙනෙක් කතානායක, නියෝජ්‍ය කතානායක හා කාරක සභා නියෝජ්‍ය සභාපතිය. ඒ තිදෙනා හැරුණු විට ඇමැතිකම් හෝ වෙනත් තනතුරු නොමැති මන්තී‍්‍ර සංඛ්‍යාව 53කි.මේ අතරම අධීක්ෂණ මන්තී‍්‍රවරුන් පිළිබඳවද අසන්නට ඇත. එහෙත් අධීක්ෂණ මන්තී‍්‍ර තනතුරු වශයෙන් නිල පත්වීමක් ලබාදී නැති බව වාර්තාවේ.
අධීක්ෂණ මන්තී‍්‍රවරු වශයෙන් කීප දෙනෙක් පත්කර සිටියත් ඔවුන්ට අමතර දීමනාවක්, කාර්ය මණ්ඩලයක් හෝ වෙනත් පහසුකමක් හිමිවී නොමැති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් කීය.නිල වශයෙන් ඇමැති තනතුරු නොලැබූ 53 දෙනාටත් ඇමැති පදවි ලබා දෙනවාට ආණ්ඩු පක්ෂයෙන් කිසිවකු විරෝධය නොදක්වනවා ඇත. හැන්ද අතේ ඇති පුද්ගලයා කැමැති කැමැති පරිදි කැමැති පුද්ගලයන්ට රිසි සේ තනතුරු බෙදාදීම සිදු කරයි. ඒ සඳහා අවහිරයක් බාධාවක් නැත. බාධා කළත් වැඩක් නැත.
පසුගිය සතියේදී අලූතෙන් පත් කරන ලද නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව 9 කි. මේ 9 දෙනා සඳහා අමතරව වැය කිරීමට සිදුවන සාමාන්‍ය මුදල දළ වශයෙන් සලකා බලමු.
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 63500 කි. අලූතෙන් පත්වූ 9 දෙනා සඳහා මාසිකව වැය වන මුදල රුපියල් 5,71,500.00කි. වසරකට රුපියල් 68,58,000.00කි.
නියෝජ්‍ය ඇමැතිවරයකුට බස්නාහිර පළාත තුළ පෙට‍්‍රල් වාහන දෙකක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 40,000.00කි. ඞීසල් වාහන දෙකක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 20,000.00කි. බස්නාහිර පළාතෙන් පිට නියෝජ්‍ය ඇමැතිවරයකුට පෙට‍්‍රල් වාහන 2ක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 65,000.00කි. ඞීසල් වාහන දෙකක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 30,000.00කි.
මේ පත්ව සිටින නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාගෙන් 8 දෙනෙක්ම බස්නාහිර පළාතෙන් පිටය. ඒ අනුව ඔවුන්ට මාසිකව ඉන්ධන සඳහා වැයවන මුදල රුපියල් 5,20,000.00කි. නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනා සඳහාම වසරකට වැයවන ඉන්ධන දීමනාව රුපියල් 62,80,000කි.
නියෝජ්‍ය ඇමැතිවරයකුට දුරකථන 4 කට හිමිකම් ඇත. කාර්යාලයට 2ක් හා නිවසටත් ජංගම දුරකථනයක් වශයෙන් 2කි. කාර්යාල දුරකථන 2ට ගාස්තුව මාසයකට රුපියල් 10,000.00කි. නිවසේ හා ජංගම දුරකථනයට රුපියල් 7000කි. ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාට දුරකථන සඳහා මාසිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් 1,53,000.00කි. වසරකට වැයවන මුදල රුපියල් 18,36,000.00කි
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සහාය කාර්ය මණ්ඩලය 10කි. පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මහජන සම්බන්ධතා ලේකම්, පුද්ගලික සහකාර එක් පුද්ගලයෙක් වශයෙනි. කළමනාකරණ සහකාර, කාර්යාල කාර්ය සහායක හා රියදුරන් දෙදෙනෙක් බැගිනි. නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනා සඳහා කාර්ය මණ්ඩලය 90කි.
මේ පිරිසගේ මාසික දීමනාව දළ වශයෙන් රුපියල් 30,000.00කි. කාර්යමණ්ඩලයේ 90 සඳහා මාසිකව වැයවන මුදල රුපියල් ලක්ෂ 27කි. වසරකට වැයවන මුදල රුපියල් තුන්කෝටි විසිහතර ලක්ෂයකි.
නියෝජ්‍ය ඇමැති කාර්ය මණ්ඩලය යටතේ පෞද්ගලික ලේකම් සඳහා දුරකථන ගාස්තුව මාසයකට රුපියල් 5250.00කි.
සම්බන්ධීකරණ ලේකම්ට හා මහජන සම්බන්ධතා නිලධාරිට රුපියල් 4000.00 බැගිනි.ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා මාසිකව වැයවන දුරකථන වියදම රුපියල් 1,19,250.00කි. වසරකට රුපියල් 14,31,000.00කි.
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය යටතේ පෞද්ගලික ලේකම්වරයකුට ඉන්ධන ලීටර් 240ක් හිමිවන අතර, අනුමත උපරිම මුදල රුපියල් 19,200.00කි. ඒ අනුව පෞද්ගලික ලේකම්වරු 9 දෙනා සඳහා මාසිකව වැයවන මුදල රුපියල් 1,72,800.00කි. වසරකට රුපියල් 20,73,600.00 කි.
මෙම සංඛ්‍යා ලේඛණවලට අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනා සඳහා වසරකට වැය කිරීමට සිදුවන මුදල දළ වශයෙන් කෝටි 5 කට අධිකය.
මේ තරම් විශාල මුදලක් වැය කරනු ලබන්නේ කවුරුන් සඳහාද යන ප‍්‍රශ්නය ප‍්‍රධානය. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට රජයේ නොපියවූ ණය ප‍්‍රමාණය පසුගිය වසරේදී රුපියල් මිලියන 60,00,000කි. විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 27,00,000කි.
ඉතින් මෙය අපේ රටට තවත් බරක් නොවන්නේද?
ඔබේ ප‍්‍රතිචාරය [email protected] යන ඊමේල් ලිපිනයට හෝ 0112314886 යන ෆැක්ස් අංකයට යොමු කරන්න.
දයාසීලී ලියනගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුවේ ඕනෑම මිනිසෙකුට තේරෙන භාෂාවකින් කියනවා නම් මේ නාස්ති කාර වියදම් සහිත පළාත් සභා ක්‍රමය හා නිලදාරින්ට යොදන පිරිවැය රටේ අනිකුත් සංවර්දන හා ජනතා අත්‍යවශ්‍යත්වයන් සදහා යොදා ගැනීමෙන් රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට මහත් අස්වැසිල්ලක් විය හැකි අතරම උද්දමනයටත් පිටිවහලක් විය හැකියි.(නදී)
මේක විශාල අසාධාරණයක්. මම මේකට ඉතාමත්ම තදින් විරුද්ධයි. අපි සියලු දෙනාම එකාවන්ව පෙළගැසී මේ මහා අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ. එක පිට එකා මැරී වැටුණත් ඉතුරු මන්ත්‍රීගොල්ලෝ 53 දෙනාටත් අඩුම ගණනේ නියෝජ්‍ය උප ඇමති තනතුරක්වත් අලුතෙන් අමාත්‍යංශ හදලා හරි ලබා දෙන්න කියලා මම ඉතා නිහතමානීව අපේ මුළුමහත් සකල ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. කියවා තේරුම් ගැනීම තම තමන්ගේ හැකියාව අනුව බව පාඨකයා සළකත්වා. (නි)
මේ අයගේ නඩත්තුව සදහා යන වියදම මෙන් විසි තිස් ගුණයකවත් සේවයක් මොවුන්ගෙන් රටට වියයුතුයි (නි)
එදාවේල කන්නන බැරිව ලෙව කකා වගේ බත් පත කන මිනිස්සු ඉන්නන අපේ රටට ටව මොනවාද වැඩි කරන්න ඕනි කියල ඒ අයගෙන්ම අහල බැලුවොත් හොදයි (දිල්)
එක් කෙනෙක්ව නම් දැන් විශ්‍රාම යවන්න කාලේ හොදයි (නි)
සැබවින්ම ජනතාවට සේවයක් වන්නේ නම් ගැටළුවක් නැත. නමුත් වන්නේ අනෙකකි. නිවැරදි තීරණය ගැනීමට තවමත් ප්‍රමාද නැත (නි)
මම ඉන්න රටේ ජනගහණය ලක්ෂ 450 යි. හැබැයි ඇමතිවරු 6 දෙනයි. (නි)
තමන් ඉපදුනුනු රටට සේවය කරන්න තනතුරු අවශ්‍යම නැහැ. ලෝකය තියන කුඩාම රටේ විශාලම ඇමති මණ්ඩලයට තවත් එකතු කලාම ගීනස් වාර්තාව නිකම්ම ලැබෙයි. මේ තනතුරු ගන්නේ තමන්ට වෙන වාසී වලට විතරයි. තවත් කුඩු බිස්නස් , ළමා අපචාර, නිදන් හැරිම්,ප්‍රචණ්ඩ ක්‍රියා , නීතිය අතට ගැනීම හැරුනම වෙන මොනවද මේ අයගෙන් රටට වෙන්නේ. ජනාධිපති ගේ ඉදල පළාත් සභා මන්ත්‍රී ලගටම දුෂණ , වංචා . තවත් එකතු කලාම දුෂණ තවත් වැඩිවෙයි. ඉස්සර මිනිස්සු දේශසපාලනයට ආවේ තමන්ගේ දේ කැපකරලා. (නදී)
කව්රුවත් ප්‍රතිචාර දන්නා කැමති නැතුව වගෙයි.අනේ මන්ද අපි කනබොන හැටි ලිප දනී කියල කියමනක් තියෙනවා නේද?දැන් නගරවල් වල හැමතැනම රත්තරන්/ත්‍රීවිලර්/මොටබයික්/උකස් මද්‍යස්ථාන පිරීගෙන යනවා.හැමතැනම වගේ තරගෙට පොලි අඩු වැඩි වශයෙන් ආයතන පිරෙන්නේ ජනතාව සුකිත මුදිත හින්ද නේද?මාසේ අන්තිමට ලයිට් බිල/වතුර බිල ගෙවන්නත් රතතරන් බදු උගස් තියන්න ඕනේ ලෙඩක් දුකක් ආවත් කනකර උගස් තියලතමයි හුගක් දෙන ජීවිතේ ගැට ගහගෙන යන්නේ!දවස් දෙකතුනක් එක දිගට වැස්සොත් මුලු පවුලම හාමතේ නැත්තම්,අතේ කනේ තියෙන දේ උකස් තියන්නම ඕනේ යන්තම් හරි පොඩි එවුන්ගේ බඩකට පුරවා ගන්න.රටේ ජනතාව දෙකෙන් කොටසක් මෙහෙමයි ජීවත් වෙන්නේ(දිල්)
"මම ඉන්න රටේ ජනගහණය ලක්ෂ 450 යි. හැබැයි ඇමතිවරු 6 දෙනයි" ඔය බුද්දිමත් මිනිසුන් ඉන්න රටක් වෙන්න ඇති. එකට අපේ රට. (අ)
"ඇමති මණ්ඩලය ලොකු කරලා වැඩක් නැහැ. පිටරටවල එක ඇමතිවරයෙක් අමාත්‍යංශ 2-3ක වැඩ කරනවා, " ඒකනේ විග්නේශ්වරන් මහා ඇමතිතුමාට අමාත්‍යංශ ගනනාවක් දුන්නේ. එයා හොඳට කරාවි කියා හිතෙනවා අපි මේ ලියන ඒවා ලොකු උන්දලා කියවනවා නම් .(නදී)
රුවන් වගේ අයත් මේ රටේ ඉන්නවනේ? (නි)
සල්ලි අපරාදේ මේ ඔක්කොම අයට දෙන පඩි, නඩි..(නදී)
නිවට මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා (නි)
ලියන අදහස් සංස්කරණය කරන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයගේ නම්වල කොටස් තමයි එහෙම දාන්නේ. වැරදි නරක අදහසක් දැම්මොත් සංස්කරනය කරපු කෙනාව පහසුවෙන් කතෘට අල්ලගන්න පුලුවන් ඒකයි එහෙම දාන්නේ.
කෙරෙන වැඩ දිහා බැලුවහම මීට වඩා උප ඇමතිවරුන් වුවමනා වෙනවා. රට පොඩි වුණාට සීග්‍ර සංවර්ධනයට නායකත්වයක් ඕනෑ.හණමිටි අදහස් නවත්වන්න. සුබ පැතුම්!
ලොකු අපරාධ මේවා (නි)
ඇමති මණ්ඩලය ලොකු කරලා වැඩක් නැහැ. පිටරටවල එක ඇමතිවරයෙක් අමාත්‍යංශ 2-3ක වැඩ කරනවා, සිංගපූරුව හරි ආදර්ශයට ගන්න පුළුවන්නේ. (නි)
ලංකාවේ ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කළ යුතුයි.(නදී
මෙය අපේ රටට බරක් නොවේ. (නි)
රුවන් වගේ අය තමා රටේම ඉන්නේ, නැත්තම් මේ ඇමතිවරුන්ව පත් කරන්න ඡන්දෙ දමාවිද? (නි)
දියුණු වු රටවල් හා දියුණුවෙමින් පවතින රටවල් ලෝකයේ තව තිබෙනවා!ඒ අය සියල්ලෝම හණමිටි අදහස්කාරයෝද?කෙරෙන වැඩ දිහා බලනකොට මොවුන්ට ඡන්දෙ දුන් අයටයි මේවාට සුබ පැතුම් එවන සුළු පිරිසකටයි දෙස් දීමට කාලය පැමිණ තිබේ. දිනකට රටෙන් කී දෙනෙක් ජීවත්වෙන්න බැරි හින්දා දරුවන් තනිකරලා මැදපෙරදිග වහල් සේවයටයි/නගරවලට ගණිකා වෘත්තියටයි අවතීර්ණ වෙනවද? මේ සියල්ලෝම ජීවත් කරවන්න කාගෙන්ද බදු අයකරන්නේ?? (නි)
අර මොකක්ද වටා කැරකෙන මැස්සන්, නිල මැස්සන් රැසකින් මිනිසාට වැඩක් නැත. එක මී මැස්සෙක් රොන් බිඳක් සොයා මල් රැසක් වෙත දුකසේ පියඹා ගොස් ඒ මල් පරාගනය කරමින් ගස් වැල් වලට පලදාව ඇතිකරමින් එකතු කරගත් රොන් මී වදයට දී පිලවුන් පෝෂණය කරන අතර මී වදය අයිතිකරුවා මෙන්ම දහසකුත් දෙනාට අවශ්‍ය මී පැණි සපයයි. වටින්නේ තත්ත්වයයි. ප්‍රමාණය නොවේ. (නි)
මෙය ජනතාවගේ කැමැත්තට අනුව සිදුවන්නක් නොවේ.ජනතාවට සේවයක් වන්නේ රජයේ ආයතනවල සේවයේ යෙදී සිටින නිලධාරීන්ගෙන් බැවින් කළ යුත්තේ එම ආයතන දියුණු කර වැඩියෙන් රැකියා ලබා දීමයි (නි)