IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


තිරසාර සාමය අපේ අරමුණයි

 

ප‍්‍රශ්නය:- ලංකාව ජාත්‍යන්තරයේ විශාල හිරවීමකට ලක්ව සිටියදී මෙවර ජිනීවා සමුළුවට ආණ්ඩුව තුළ තිබූ සූදානම ඉතා පසුගාමීයි. ජිනීවා යන නියෝජිත පිරිස පවා නම් කළේ දින කිහිපයකට පෙරයි. ආණ්ඩුවට උපක‍්‍රම තිබුණෙ නැද්ද? පරාජය බාර ගෙන වැඬේ අතහැරල ද හිටියේ?
පිළිතුර:- පසුගිය වසර 07 පුරාම ජිනීවා සමුළුවට ගිය නියෝජිත පිරිසේ ප‍්‍රධානත්වය දැරුවේ මමයි. මෙවරත් සමුළුව අත ළඟ තිබියදී ජනාධිපතිතුමායි මට කිව්වේ යන්න කියලා. එතුමා කිව්වම දැන් පරක්කු වැඩියි කලින් කිව්වා නම් සූදානම් වෙන්න කාලය තිබුණා නේද ආදී දේවල් කියන්න මට වුවමනාවක් නෑ. ඒ වෙනකොට රටේ මතයක් තිබුණා මෙවර ලංකාවට ඉතා අමාරු වෙනවා කියලා. ඇමෙරිකාව ඡුන්ද 35කට වඩා ගනීවි කියලත් පත්තර වල පළවුණා. අන්තිම මොහොතේ මේ වගේ ලෝක මට්ටමේ අභියෝග බාරගන්න කොට ඒක තමන්ගෙ දේශපාලන ජීවිතයටත් අභියෝගයක් නේද කියලා සමහරු හිතනවා. ඒත් මගේ නායකයා මට වැඩක් පැවැරුවාම ඊට අභියෝගාත්මකව මුහුණ දීම මගේ සිරිතයි. උඩින් දිනන දෙයක් නම්  ඕන කෙනෙක් කැමැති වෙනවා. පරදින දේවල්වලට මුහුණ දෙන්න සමහරු කැමැති නෑ. ඒක මනුස්ස ස්වභාවයයි. මම ගැන නෙවෙයි, රටේ නායකයා, රට හා ජනතාව ගැනයි මම හිතුවෙ.
 


ප‍්‍රශ්නය:- ජිනීවා වලට මුහුණදීමේ කටයුතු සංවිධානය කිරීමේ වගකිව යුත්තා කවුද?
පිළිතුර:- ජිනීවා තානාපති කාර්යාලය එක්ක වසර පුරා සියලූ වගකීම් ඉටු කිරීමේ රාජකාරිය පැවරෙන්නේ විදේශ අමාත්‍යාංශයටයි.
 


ප‍්‍රශ්නය:- ඔබ ඇතුළත් නැති නිලධාරින්ගෙන් පමණක් සැදුම්ලත් නියෝජිත පිරිස නම් කළේ ජනාධිපතිතුමාද? විදේශ අමාත්‍යංශය ද?
පිළිතුර:- ඒක කළේ විදේශ අමාත්‍යංශයයි. මාව නම් කළේ ජනාධිපතිතුමායි. නිලධාරින් ගියාම ඇති කියලයි විදේශ අමාත්‍යාංශය හිතුවෙ. ඒකට හේතුව මම දන්නෙ නෑ.
 


ප‍්‍රශ්නය:- පසුව ඔබ ඇතුළත් කිරීමට ජනාධිපතිතුමා තීන්දු කිරීමට හේතුව ඔබ දන්නවාද?
පිළිතුර:- මා ගැන එතුමා තුළ ඇති විශ්වාසය ඒකට හේතුව වෙන්නැති.
 


ප‍්‍රශ්නය:- 2009 ලංකාවේ යුද්ධය අවසන්වූ පසුව ඔබේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස ජිනීවා වලට යෝජනාවක් ඉදිරිපත් කරමින් යුද්ධය අවසන් කළ පසුව රට ගොඩ නඟා සාමය, සහජීවනය ඇති කොට යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ඇතිකර, අවතැන්වූවන් යළි පදිංචි කර, 13 වන සංශෝධනයට අදාළ බලය බෙදීමක් කරන්නට, සුදු වෑන් වලින් පැහැරගැනීම් නවතන්නට, සාධාරණ කාලයක් හා ලෝක සාහාය මේ ආණ්ඩුව ඉල්ලූවා. ඉන්පසු වසරක් පාසා මේ එන්නේ ආණ්ඩුවම දීපු පොරොන්දු ඉටුකර ලංකාවේ ජනතාවට සුවදායක පරිසරයක් ඇති කරන ලෙසට ලෝකය පැත්තෙන් බලකිරීමයි. ඒක නරකද?
පිළිතුර:- ඒ පසුබිම මම ප‍්‍රතික්ෂේප කරනවා. යුද්ධය දිනුවට පසුව ලංකාවට එරෙහිව යෝජනා 03 ක් ඇවිත් තියෙනවා. 2009 යුරෝපා හවුල යෝජනාවක් ගේන්න කලින් අපි උපක‍්‍රමශීලීව යෝජනාවක් දාලා ඒක අපි දිනාගත්තා. 2012-13 දී ඇමෙරිකාව අතින් යෝජනා 02 ගෙනාවා. මේවා ගේන්නේ ලංකාවේ හොඳ තත්ත්වයක් ඇති කිරීමේ චේතනාවෙන් නෙවෙයි. දේශපාලන අරමුණු මතයි.
 


ප‍්‍රශ්නය:- ඔය තර්කය හරි අමුතුයි නේ. ඇමෙරිකාවට යුරෝපා හවුලට ලංකාවත් එක්ක තියෙන දේශපාලන ප‍්‍රශ්නය මොකක්ද?
පිළිතුර:- මම ඒක පැහැදිලි කරන්නම්. 2009 දී ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයේ හිටියෙ නැහැ. 2009 දී යුරෝපා හවුල අපට විරුද්ධව යන්න ගියත් අපි ඔවුන් පැරද්දුවා. ඇමෙරිකාව 2011 දී මෙතැනට ඇවිත් අපි නැතුව ඔයාලට ශක්තියක් නැහැ කියලා ඇමෙරිකාව වටා යුරෝපා හවුල ඇතුළු ලෝකයම ග‍්‍රහණයට ගැනීමේ වැඩ පිළිවෙළට ගියා. ඒ අතරේ මේ රටවල් වල ඉන්න ලක්ෂ ගණන් දෙමළ ඩයස්පෝරාව ඒ ආණ්ඩු වලට බලපෑම් කරමින් ලංකාව හිරකරන ලෙස ඉල්ලූවා. ඔවුන් දැන් ඒ රටවල ඡුන්දය හිමි අයයි. ඒ ආණ්ඩු වලට අහක බලන්න බැරි පසුබිමක් තියෙන්නේ. ඇමෙරිකාව මුල්වෙලා ලංකාවම විතරක් නොවෙයි ටියුනීසියාව, ඉරාකය, ඊජිප්තුව, ලිබියාව, සිරියාව ආදී රටවල් ගණනාවක් හිරකිරීමේ ක‍්‍රියාවලිය පටන් ගත්තා. මේ දේශපාලන ක‍්‍රියාවලිය පටන් ගත්තේ එහෙමයි. රටවල් ආක‍්‍රමණය නොකර මානව හිමිකම් ආයුධය හරහා මෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයත් අතට අරන් අලූත් තාලේ නව යටත් විජිතවාදයක් මේ දියත්ව තිබෙන්නේ.
 


ප‍්‍රශ්නය:- කෙසේ වෙතත් 2009 දී ලංකාව ජිනීවා වලට පොරොන්දු වූ දේවල් ඉටු කරන ලෙස යළි මතක් කිරීමකුයි ඇමෙරිකාව 2012x13 වසර දෙකේදීම ගෙනා යෝජනාවල තියෙන්නේ. ආණ්ඩුව පොරොන්දු වූ දේවල් ඉටු කරන එක හොඳ නැද්ද?
පිළිතුර:- ඇත්තටම හොඳයි. ආණ්ඩුව ඉන්නෙත් ඒ ස්ථාවරයේ තමයි. වසර 30ක යුද්ධයක් ඉවර කළාම අනිත් දේවල්වලට සාධාරණ කාලයක් අවශ්‍යයි. අපි කියන්නෙ ඒකයි.
 


ප‍්‍රශ්නය:- ඉලාස්ටික් කාලයක් නේ මේ ආණ්ඩුව ඉල්ලන්නේ. 2009 දී වසර 2x3ක කාලයක් ඉල්ලූවා. වසර 04කට පසුව අද කියනවා තව කාලයක්  ඕනෑ කියලා. ආණ්ඩුව ව්‍යාකූල තර්ක නේද ඉදිරිපත් කරන්නේ?
පිළිතුර:- යුද්ධය ඉවර වෙලා තාම වසර 03 යි මාස 10 යි. ඒ කාලයේ අපි කරපු වැඩ කොටස බලන්න. කඳවුරු දැන් නැහැ. අවතැන්වූවන් සියල්ල යළි පදිංචි කළා. බිම් බෝම්බ 95%කට වඩා ඉවත් කළා. කොටි සාමාජිකයො 12,000 පුනරුත්ථාපනය කරල ඉන් 95%ක් සමාජගත කළා. ළමා සොල්දාදුවො 500කට වඩා පුනරුත්ථාපනය කරලා මව්පියන්ට බාරදුන්නා. සෞඛ්‍ය, අධ්‍යාපන, යටිතල ඇතුළු විශාල සංවර්ධනයක් ඒ පළාත් වල කරනවා. සිවිල් පාලනය ඇති කළා. සියල්ල සම්පූර්ණ නැහැ. ඒත් ඒ වැඩපිළිවෙළ ඉදිරියට යනවා. මෙහේ ඉන්න බි‍්‍රතාන්‍ය ඇතුළු තානාපතිවරු පවා අපි කරන වැඩ පිළිවෙළ දැකල ප‍්‍රසංශා කළා. යුද්ධය නිම කරල අපි නිකම් හිටියෙ නැහැ. ඒ අයට මූලික පහසුකම් ඇතිකරලයි යහ පාලනය ගැන යොමුවෙන්න වෙන්නේ.
 


ප‍්‍රශ්නය:- ආණ්ඩුව සංවර්ධනයට අදාළව යම් වැඩ කොටසක් ආණ්ඩුවේ මුදල් හා ලෝක ආධාර මත ඉටුකර තිබෙන එක ඇත්ත. ඒත් අවශ්‍යම දේවල් නොකරන්නෙ ඇයි?
පිළිතුර:- මම ඒක පිළිගන්නෙ නැහැ. උතුරේ පළාත් පාලන ඡන්ද තිබ්බා. පළාත් සභා මේ වසරේ පවත්වනවා. නැගෙනහිර සියලූ ඡන්ද පැවැත්වූවා. රටක සිදුවන අපි අකමැති දේවල් උ/නැ විතරක් නෙවෙයි රට පුරා වගේම ලෝකය පුරාත් සිදු වෙනවා. වසර 30ක් ත‍්‍රස්තවාදීන් කරපු පහත් වැඩ ගැන කවුරුවත් කතා නොකිරීමයි පුදුමය. අද ලංකාවේ සිදුවන ඇතැම් දේවල් ගැන කතා කරන එන්.ජී. ඕ. වලට මම ජිනීවා වලදී ඒ ගැන අභියෝග කළා.
අද ටී.එන්.ඒ. අය රැස්වීම් තියන්නේ කොටි කොඩිය උස්සලයි. කොටි මහවිරු පවුල් වලට උපහාර පුදනවා. එහෙම දේවල් වලට ඒ පැතිවල ඉන්න සාමාන්‍ය මිනිස්සු කැමැති නැහැ. ඒ මිනිස්සු ඔය රැස්වීම් වලට ගිහින් ගැහුවද දන්නෙ නෑ. මොකද කොටි අතින් මැරුම් කාපු අයගෙ පවුල් කොච්චර ඉන්නවද? උතුරේ ගිය වසරේ ආර්ථික වර්ධනය 27% යි. ලංකාවේ ඒක 7.5% යි. ඒ පළාත් වල ඡන්ද පැවැත්වීමට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවද? ඒ ජනතාවට බිය සැක තිබුණේ කොටින්ගෙන්. දැන් එහෙම ලොකු ගැටලූ නැහැ. උ/නැ සංවර්ධනයට අපේම මුදල් වැඩිපුර යෙදවීමෙන්ම අපේ කැපවීම සනාථ වෙන්නෙ නැද්ද?
 


ප‍්‍රශ්නය:- ගිය වසරේ ඡුන්ද 15ක් ලැබූ ලංකාවට මෙවර 13ක් ලැබීමත් යම් ජයක්. ගියවර ඡන්ද 24ක් ලැබූ ඇමෙරිකාවට මෙවර ලැබුණේ 25යි. පරාජය වුවත් ඉතා කෙටි කලකදී මේ සුබවාදී බව ඔබ ඇතුළු කණ්ඩායම ඇති කරගත්තේ කොහොමද?
පිළිතුර:- මානව හිමිකම් කොමිසමේ රටවල් 47ක් ඉන්නවා. 25ක් ඇමෙරිකානු යෝජනාවට පක්ෂ වෙද්දී 22ක් ඊට පක්ෂ වුණේ නැහැ. මානව හිමිකම් එකේ ඡුන්දයකදී 50%x50% ආසන්න බෙදීමක් ලංකාවට අදාළව ඇති කරන්න අපි සමත් වුණා. ලොව බලවත්ම ඇමෙරිකාවට අපිව පාගන්න බැරි වුණා. ලොව රටවල් 196ක අමෙරිකානු තානාපති කාර්යාල තියෙද්දි අපි මේ මට්ටමට ප‍්‍රශ්නය බේරා ගත්තේ ගියවරට වඩා එක ඡන්දයයි ඇමෙරිකාව වැඩිපුර ගත්තේ. අනික ගිය වසරේ අපට ඡන්දය දුන් රුසියාව, චීනය, කියුබාව ඇතුළු රටවල් හතකටම මෙවර ඡුන්දය තිබුණෙ නැති පසුබිමකයි ලංකාව මෙච්චර ඉදිරියට ආවේ.

අපි කණ්ඩායමක් ලෙස හැම රටකටම වෙන වෙනම කතා කළා. කලාප රැුස්වීම් වලට ගිහින් දැනුවත් කිරීම් කළා. අපි කරපු දේවල් හා කරන්න යන දේවල් සාධක සහිතව ඔප්පු කරල පෙන්නුවා. මානව හිමිකම් වලට අදාළ අපේ විශ්ව කාලීන වාර්තාව පවා අපි විග‍්‍රහ කරල පෙන්නුවා. ඒ හරහා අපි මතයක් ගොඩනැඟුවා ලංකාවට එරෙහිව මේ වගේ යෝජනා ගෙන ඒම ඉතා අසාධාරණයි කියලා. අපි ඇති කළ මතය නිසයි ඇමෙරිකාව අපේක්ෂා කළ විශාල ඡුන්ද ගණන ලබලා අපිව අන්ත පරාජයකට ලක් කරන්න එයාලට බැරි වුණේ. 50%-50% ආසන්න මට්ටමට ආවේ ඒ තුළයි.
 


ප‍්‍රශ්නය:- කොටි ඩයස්පෝරාවේ බලපෑම තුළ ඇමෙරිකාව යුරෝපා හවුල ඇතුළු රටවල් ලංකාවට එරෙහිව යන බව මේ ආණ්ඩුවේ මතයයි. ඒත් ඩයස්පෝරාව වාසය නොකරන ඇතැම් විට ඇමෙරිකාවට පක්ෂපාතී නැති මධ්‍යස්ථ රටවල් රැුසක් මෙවර ඇමෙරිකානු යෝජනාවට ඡුන්දය දුන්නා. ඔවුන් එතනදි පෙන්නුම් කළේ ලංකාවේ යහ පාලනය ඉක්මනින් ඇතිකළ යුතු බව නේද? ලතින් ඇමෙරිකානු, අප‍්‍රිකානු රටවල් රැුසක් ලබාදී ඇති පණිවිඩය ලංකාව හිතට ගත යුතු නැද්ද?
පිළිතුර:- යුරෝපා හවුලේ තීන්දුවලට ප‍්‍රධාන රටවල් තුනක් මුල්වෙනවා. ඔවුන් තීන්දුවක් ගත්තාම කොටි ඩයස්පෝරාව ඒ රටවල හිටියත් නැතත් යුරෝපා රටවල් 27ම ඒ සාමූහික තීන්දුවේ ඉන්නවා. මෙවර ඡන්දය තිබුණු යුරෝපයේ සියලූ රටවල් ඇමෙරිකාවට පක්ෂ වුණේ ඒ තුළයි. ලතින් ඇමෙරිකානු රටවල් ගනිමු. ඇමෙරිකාවට විරුද්ධව වැනිසියුලා හා ඉක්වදෝර් ඡන්දය දුන්නා. ඇමෙරිකාවට පක්ෂවයි ඒ කලාපයේ අනිත් රටවල් ඡුන්දය දුන්නේ. ඇමෙරිකාවට විරුද්ධව යා නොහැකි දේශපාලන ආර්ථික භූගෝලීය හා ආරක්ෂක සාධක ඒ රටවලට තිබෙන නිසයි ඔවුන් ඒ විදියට ක‍්‍රියා කළේ. ඒ කලාපය එක්ක ලංකාවේ සබඳතා ගනු-දෙනු ඉතා අඩුයි. ඒකත් බලපානවා. ඊළඟට අප‍්‍රිකාව ගනිමු. ඇමෙරිකාවට පක්ෂව රටවල් 2ක් ඡුන්දය දෙන කොට අපට රටවල් 3ක සහාය ලැබුණා. රටවල් හතරක් ඡන්දයෙන් වැළකුණා. ගබොන් රට ඡන්දයට ආවෙත් නැහැ. එතනින් කියන්නෙ ඇමෙරිකාවට පක්ෂව අප‍්‍රිකාවේ රටවලින් බහුතරය ක‍්‍රියා නොකළ බවයි. ඒ තුළ අමෙරිකාව වගේ බලවත් රටක් මෙවර ලංකාවට විරුද්ධව ලොකු ජයක් ලබල නැහැ. යථාර්ථය ඒකයි.
 


ප‍්‍රශ්නය:- ලංකාවේ අන්‍යාගමිකයන්ට මෙන්ම මුස්ලිම්වරු හා හලාල් ප‍්‍රශ්න අල්ලාගෙන භික්ෂූන්වහන්සේලා ද ඇතුළත්ව අන්තවාදීව හැසිරෙන බවට චෝදනා එල්ල වෙන කල්ලි ක‍්‍රියාත්මක වෙද්දී ඊට මේ ආණ්ඩුවේ අනුග‍්‍රහය ලැබෙන බවට සැක පළවෙද්දී, මුස්ලිම් රටවල් රැසක් ලංකාවට පක්ෂ කර ගැනීමට අනුගමනය කළ උපාය මාර්ග කෙබඳුද?
පිළිතුර:- ඔය අන්තවාදීව හැසිරෙන කල්ලි පිටුපස ආණ්ඩුව නැහැ. 83දී වගේ අපි යළිත් වරද්දාගන්නේ නැතිව ලෝකයට ආයුධ සපයන්නේ නැතුව කි‍්‍රයා කිරීම කාගේත් වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දී තිබුණා.
ඇමෙරිකාව හා ඔවුන්ට හිතවත් රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන විශාල උත්සාහයක් කළා ලංකාවේ මුස්ලිම් හා බෞද්ධ බේදයක් ඇති බව පෙන්වන්න. ලංකාවේ මුස්ලිම්වරුන් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් දැඩි ලෙස ක‍්‍රියාත්මකයි කියලා. මැද පෙරදිග හා අප‍්‍රිකානු, ආසියානු මුස්ලිම් රටවල් අපෙන් කඩන්නයි එයාලා හැදුවේ. අපි මැදිහත් වෙලා යථාර්ථය පැහැදිලි කරලා එවැනි පසුබිමක් නැති බව තේරුම් කළා.
 

 

ප‍්‍රශ්නය:- මොන විග‍්‍රහ ආවත් ලංකාව ජාත්‍යන්තරය තුළ ලොකු හිරවීමක ඉන්නේ. ජිනීවා වලදී දෙවැනි වරටත් ලංකාව පරාදයි. මේ පරාජය ඔබ හා නියෝජිත පිරිසේ නොව මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හා හැසිරීම් ලබන පරාජයන් බවත් විග‍්‍රහ වෙනවා. මේ පරාජයන් හමුවේ ලංකාවට ඇතිවිය හැකි අනතුර ගැනත් ඉන්දියාව හා තමිල්නාඩුව ගැනත්, සුඩානය දෙකඩ කළ ආකාරයේ යෝජනාවක් තමිල්නාඩුවේදී සම්මත වීම ගැනත්, ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- ජිනීවා වේවා තමිල්නාඩුවේ වේවා පටු දේශපාලන න්‍යාය පත‍්‍ර මත පදනම්ව එන යෝජනා ගැන අපි තැකිය යුතු ද යන තැනයි ආණ්ඩුව ඉන්නේ. ඒත් කවුරුත් එක්ක සුහදව සහජීවනයෙන් අන්‍යාන්‍ය ගරුත්වයෙකින් ක‍්‍රියා කිරීම අපේ වගකීමක්. අන් මතවලට ඇහුම්කන්දීම හා අපේ රටට ජනතාවට සුබවාදී හා අපේ ස්වාධීනත්වයට හානි නොවන දේට ගරු කිරීමත් ඉතා වැදගත්. සුඩානය වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගිලිහුණු රටක් හා ලංකාව එකට තියල කතා කරන්න හෝ තීන්දු ගන්න ඉඩක් නෑ. අපේ රටට ජනතාවට අවශ්‍ය දේ ආණ්ඩුවක් ලෙස අපි කරනවා. ලෝකයෙන් යෝජනා ආවත් නැතත් ඒක අපේ වගකීමක්.
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ පවා විශාල ලෙස ඉටු කරල අපි ඉදිරියට යන්නේ. තිරසාර සාමයක් ඇති කිරීම අපේ එකම අරමුණයි. යළි ත‍්‍රස්තවාදයක් ඇති නොවන පසුබිමක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. අපි ලබන ප‍්‍රගතිය ලෝකයට කියනවා.  ඕන කෙනෙකුට ඇවිත් ඒවා බලන්න පහසුකම් සලස්වනවා. ඇත්තටම අපේ මානව හිමිකම් ගැන කතා කරන්න අමෙරිකාවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද?
 


ප‍්‍රශ්නය:- ඉන්දියාව හත්වරක් රවටාලීමට ආණ්ඩුව ක‍්‍රියා කිරීම හා තමිල්නාඩු බලපෑම ගැනත් මම ප‍්‍රශ්න කළා?
පිළිතුර:- 2014 දී ඉන්දියානු මහ ඡුන්දය එනවා. ඒක කලින් තියන්නත් බැරි නෑ. ලොකු දේශපාලන ගේම් එකක් මෙතන තියෙන්නේ. ඉන්දියාවේ හැසිරීම් දේශපාලනිකයි. ඒ අය ඒ ජනතාවට ඒක පැහැදිලි කරාවි. අපට ඒකට කරන්න දෙයක් නැහැ. අපි ස්වාධීන රටක් ලෙස ඉන්දියාවට ගරු කරනවා. අසල්වැසියා ගැන සුබවාදී තක්සේරුවකින් ක‍්‍රියාත්මකවීම ඉන්දියාවේ වගකීමයි.
අනාගතයේදීත් ලංකාවට එරෙහිව මේ වගේ යෝජනා ඒවි. ඒවාට මුහුණදීමට අන්තිම මොහොතේ පවරන්නෙ නැතුව නිශ්චිත කෙනකුට  දිගු කාලීනව පවරලා මේවාට සුදානම් වීමට කාලය හා පසුබිම ඇතිකිරීම අත්‍යවශ්‍ය බව මගේ මතයයි. මේ ජාත්‍යන්තර බලපෑම් මර්දනය කිරීමේ හැකියාව අපට තිබෙනවා. මොකද අපි වැරදි කරල නැහැ. මොන ප‍්‍රශ්න ආවත් ඒවාට මුහුණදීලා මේ රටත් ජනතාවත් රැුකගෙන සංවර්ධනය හා යහපාලනය ඇති කිරීමට ආණ්ඩුවක් ලෙස අපි දිගටම කැප වෙනවා.

 

සංවාද මෙහෙවර අශෝක ජයතුංග

 



අදහස් (0)

තිරසාර සාමය අපේ අරමුණයි

උදය Tuesday, 09 April 2013 08:59 PM

සමරසිංහ මහත්තය හරියට වැඩ කරනවා නමුත් අපිට ගොඩක් වැඩ තියෙනවා කරන්න . දැන් යුද්ධ කරන්න වෙලා තියෙන්නේ බලු සුද්ධොත් එක්ක (අ)

:       0       0

අප්පුහාමි Wednesday, 10 April 2013 10:24 PM

උදය මහත්තයා, බලු සුද්දුත් එක්ක සටන් කරලා රටට නිදහස ලබාදුන් නියම සිංහලන් දැන් ගොඩක් අඩුයි. දැන් ඉන්නේ එදා සුද්දා යනකොට දීලා ගිය කළු සුද්දෝ. (නි)

:       0       0

සඳුන් Monday, 08 April 2013 01:39 PM

ඔබතුමා හරි. (ස)

:       0       0

ශාන්ත Monday, 08 April 2013 02:44 PM

කාගේත් අරමුණ එක තමයි (දී)

:       0       0

නදී Tuesday, 09 April 2013 01:39 AM

මහින්ද සමරසිංහ මහතාට මම ගරු ක‍රමි, ඒ ඔහුට හැකි පමණින් රටේ කීර්තිය රැක‍ගැනීමට දායක වූ නිසාය. (නි)

:       0       0

තරුෂ Wednesday, 10 April 2013 02:36 PM

ඔබ තුමාට ජය වේවා ! ඒ ජය ශ්‍රී ලක් මව ලබන ජයයි! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 115 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 280 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 835 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 423 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1741 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 717 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site