IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඥානා යනු කව්ද? ඇයට දේව බලය ලැබුණේ කෙසේද?

ඉසුරුපුර උපත ලැබූ ඥානා, ඇගේ පියාද වී ගොවිතැනෙන් ජීවත් වූ අයකු නිසා වගා කිරීමට කැමැත්ත දැක්වූවාය.

දීපානි මහා විද්‍යාලයට ගිය ඇය (දැන් ජනාධිපති විද්‍යාලය) ඇගේ සාමාන්‍ය පෙළ විභාගය සමත්වී, දෙමාපියන්ගේ කැමැත්තට පිටින් ඇගේ ආදරවන්තයා සමග විවාහ වූවාය. කේ.ඒ. ජයසූරිය නම් වූ ඇගේ ස්වාමියා නුගේගොඩ වාසය කළ පවුලක අයෙකි. ඔවුහු නුගේගොඩින් අනුරාධපුරයට පැමිණ පදිංචි වූ අය වෙති. ඒ 1970 ගණන්වල අගභාගයේය.

අපි හමුවුණේ ඉස්කෝලෙ ගිය කාලෙදීමයි. මම ගියේ දීපානියට, එයා ගියේ නිවන්තක චේතිය මහා විදුහලට. ඇය කීවාය. විවාහ දිවිය ගත කරද්දීම තම උසස් පෙළ විභාගයට පෙනී සිටි ඥානා එක් විෂයකින් සමත්වී ඇටෙන්ඩන්වරියක ලෙස රැකියාව ඇරඹුවාය. පසු කලෙක විභාග සමත්වීම නිසා ඇය අනුරාධපුර රෝහලේ දුරකථන ක්‍රියාකරු තනතුරට පත් වූවාය. ජයසූරිය, ජීවත්වීම සඳහා කුඩා කොන්ත්‍රාත් කටයුතු කළ අතර පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුරකරු තනතුරකට පත්වූයේය. එම යුවලට පුතකු සහ දුවක ලැබුණි. පුතුගේ නම අනුරාධ නලින් කුමාරය. දුවගේ නම නදීශානිය. මේ වන විට ඥානා දරුවන් තිදෙනෙකුගේ ආච්චි කෙනෙකි.

ඇගේ සැමියාගේ මරණය වටා ගෙතුණු කතා රාශියක් ගැන අපි කතා කළෙමු. ඔව් එයා මැරුණෙ 1996 අප්‍රේල් 14 අවුරුදු දවසෙ. ඇය කීවාය. එය දේශපාලනය හා බැඳුනු යටි අරමුණු ඇතිව කළ මිනීමැරුමකි. වෙනත් අය සමග ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මොහුව මරා දමා තිබිණි. ජයසූරිය එජාප ආධාරකරුවකු වූ අතර ශ්‍රීලනිප ආධාරකරුවන් ඔහු ඝාතනය කළ බව ඇය කියයි. ඔහුගේ මරණය පිළිබඳ කට කතාවක කියවෙන්නේ ඔහු තවත් 10 දෙනෙකු සමග දිය නෑමට ගිය අවස්ථාවේදී ගැටුමක් ඇතිවී මරණයට පත්වූ බවයි. පොලු මුගුරුවලින් පහර දී ඔහු මරා දමා තිබුණු අතර ඥානා ඔහුගේ සිරුර හඳුනා ගත්තාය.

තමා දැඩි වෙහෙස මහන්සිවී දරුවන් ඇතිදැඩි කළ බව ඥානා කියයි. වරෙක ඇය වැලි පටවන වැඩවලට උදව් වී තිබේ. වරෙක පමුණුවට පැමිණ ඇය අනුරාධපුරයට රෙදි තොග ගෙන ගොස් කුඩා ලාබයක් ඇතිව විකුණා මුදල් උපයාගෙන තිබේ. ඇයට වැඩිපුරම මුදල් ලැබුණේ ඉඩම් විකිණීමේ බ්‍රෝකර් වැඩ කිරීමෙනි.

1980 ගණන්වල ඈ සිය සැමියා සමග ශ්‍රී මහා බෝධිය වඳින්නට ගිය විට ඇගේ මනස සසල වූ බව ඇය කියයි. ඇය ඒ ගැන වැඩිපුර සිතුවේ නැත. ඉන්පසු ඇයට අද්භූත බලයක් ලැබුණු බව ඇය කියයි. ඇයගෙන් පළමුව උපකාර ලබාගත්තේ මුස්ලිම් ජාතිකයෙකි.

පළමුවෙන්ම ආවේස වූ ඥානාට එහිදී සිදුවූදේ ගැන  මතකයක් කිව නොහැකි විය. භෞතික ජීවත් වන ඇය සහ ඈ තුළ තවත් අයකු සිටින බව ඈ කියයි. ඈ දේව පණිවිඩය ඈ තුළින් පවසනා මාධ්‍යයක් බව ඇය කියයි.

අවුරුදු 41 කට පෙර ඇගේ සාස්තර අසන්නට වැඩි පිරිසක් නොසිටියද කල් යත්ම කටින් කට ඈ ගැන විස්තර ප්‍රචාරය වී ඇගෙන් ප්‍රතිකාර ගන්නට වැඩි පිරිසක් එන්නට ගත්තේය. මේ වනවිට 800-1000 ක පමණ පිරිසක් ඇගෙන් ප්‍රතිකාර අසා ඇගේ පිහිට ලබාගන්නට පැමිණේ.

ඇයගේ පුද බිම දේවාලයක් නොවන බව ඥානා කියයි. ඇය යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් අනවින කොඩිවින සාස්තර කීම නොකරන බවත් ඈ වෙදකම් කළ බවත් ඥානා කියයි. එය පන්සලක් වැනිය. එහි බෝධියක් ද ඇත.

සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම සුදු ඇඳුමෙන් සැරසුණ ජනයා රංචු පිටින් පැමිණෙති. ඔවුන් මිදුල ඇමද ගේ දොර පවිත්‍ර කරති. පහන් දල්වා දානය දී මෑණියන්ගේ ඇමතුම ලැබෙන තුරු බලා සිටිති. කුටියේ ඉන්නා මෑණියන්ට පත්තිනි ආවේස වූ විට තමා ළඟට පැමිණිය යුතු තැනැත්තාගේ විස්තර ඇය කියයි. ඒ අනුව පැමිණ සිටින අය ඇගේ දියණිය විසින් ඈ ළඟට කැඳවයි. දිනකට 200 ක් පමණ දෙනා ඒ සඳහා තෝරාගැනේ.

කාලි, පත්තිනිගෙන් වෙනස් බව ඥානා කියයි. ආවේස වූ විට ඈට වෙන දේ ඇය නොදනී. වෛද්‍ය ප්‍රතිකාර පවසන පත්තිනි, කාලි මෑණියන් හමුවෙන ලෙස කියයි. ඍජු පිළිතුරු දෙන්නේ කාලි බව ඇගේ පවුලේ අය කියති.

ඉනවටා බඳින නූල් ගැන අපි විමසුවෙමු. රතුනූල් කල්ලිය කාලි අම්මාට අයත් අයයි. සුදුනූල් කල්ලිය පත්තිනි මෑණියන්ට අයත් අයයි. ඒවා ආශීර්වාද පමණකි. සමහරු ඒවා බඳිති. සමහරු ඒවා ගලවා ගනිති. කාලි විනකරන යකිනියක් නිසා අනෙක් අය පීඩාවට පත් කොට මුදල් උපයන්නේද යන්න ඇගෙන් විමසූ විට ඇය කියන්නේ කාලි අන් අයට අනවින හෝ ලෙඩ නොකරන බවයි.

ඥානා මුදල් අය නොකරයි. එසේ වූවාද ජනයා බුලත් අතක් මත රු. 20 ක් පමණ මුදලක් තබා ඇයට දෙති. ඒවා ඇය ගන්නේ බෙහෙත් උදෙසාය. ඇතැම් අයට ඇය බස් ගාස්තුව දුන් බව කියයි. එහෙම හම්බකරලා නෑ. වැරදි පැත්තට හැරිලා නෑ. ඥානා කීවාය.

(***)



අදහස් (4)

ඥානා යනු කව්ද? ඇයට දේව බලය ලැබුණේ කෙසේද?

දාස Wednesday, 25 May 2022 05:09 PM

සුදු හුණු ගෑමක ආරම්භය...

:       7       24

දර්මෙ Thursday, 26 May 2022 06:44 PM

අනිත් මිනිස්සුන්ගේ දේවල් කියන්න පුළුවන් දෙවියන්... ඔය මහත්මියට ඇත්තටම කිව්වෙ නැද්ද දේවාල ගෙවල් ගිනිතියනවා කියලා. මං ඒ දහදුරා වැඩේට සම්පූර්ණ විරුද්ධයි. ඒවා මංකොල්ල කෑම්... හැබැයි ඉතිං දෙවියන් තමන් එක්ක ඉන්නවා නම් අඩුගානේ කෝල් එකක්වත් දීලා කියන්න තිබුණා නේද? කැතයි වැඩේ...

:       2       15

Anura Saturday, 28 May 2022 12:21 PM

කවුරුත් අහන්නේ නැහැ.. රුපියල් 20 ගානේ එකතුකරලා කොහොමද ලොකු හෝටලයක් දැම්මේ කියලා...

:       1       5

sugathSaturday, 28 May 2022 11:22 PM

ඒවා දේව රහස්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 417 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2188 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site