IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජිනීවා අභියෝගය රටටද ආණ්ඩුවටද?

ලංකා ආණ්ඩුවට එරෙහි ජිනීවා යෝජනාව හා ඊට බලපෑ සැබෑ හේතු පිළිබඳ වත් යුද අධිකරණ වලට අදාළ රෝම ප‍්‍රඥප්තියට එවකට රාජ්‍ය නායිකාවට මිසක අගමැති රනිල්ට අත්සන් කළ නොහැකි බවටත් මතුවූ තර්ක ගැන එජාප ප‍්‍රබලයකු හා මානව හිමිකම් ක‍්‍රියා කාරිකයෙකුවූ දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ හඬයි මේ. ප‍්‍රශ්නය - මානව හිමිකම්වලට අදාළව මෙරට හා ලෝකය තුළ එජාපය නියෝජනය කරන්නේ ඔබයි. හැමදාම ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට යන ඔබ ලංකා ආණ්ඩුවට එරෙහිව ජිනීවා වල අභියෝග එල්ලවන මෙවර එහි නොගියේ ඇයි? පිළිතුර - මම මේ රටේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්න ගිහින් ආණ්ඩුවේ තර්ජන ගර්ජන මඩ හා මරණ වරෙන්තු පවා ලැබූ කෙනෙක්. චන්ද්‍රිකා මැතිනිය එදා ජනාධිපති වරප‍්‍රසාද වලට මුවාවී මට කොටියා ජාති ද්‍රෝහියා හා දේශ ද්‍රෝහියා කියලා අසාධාරණ චෝදනා කළා. ඇයට විරුද්ධව ලංකාවේ නඩු දාන්න බැරි නිසා මම ජගත් මානව හිමිකම් කමිටුවට ගිහින් මගේ මානව හිමිකම් ඇය උල්ලංගණය කරන බවට පැමිණිලි කළා. ලංකාවේ පුරවැසියකුට ලැබුණු සාර්ථකම තීන්දුව මම ඇයට විරුද්ධව ලබාගත්තා. එහෙව් මට බයවෙලා ජිනීවා නොගිහිං ඉන්න හැංගෙන්න කිසිම හේතුවක් නෑ.   ප‍්‍රශ්නය - ඔබ මෙවර ජිනීවා නොගියේ ඇයි? ඍජුවම උත්තර දෙන්න...? පිළිතුර - එජාපය වගකිවයුතු හා රට සංවර්ධනය කළ අනාගතයේදීත් රටත් ජනතාවත් බේරාගත හැකි එකම පක්‍ෂයයි. ජනතාවට අතමිට සරු හෙටක් තරුණ පුරපුරට රැකියා ලැබෙන පසුබිමක් ලෝකය හා බද්ධව රට දියුණු කළ හැක්කේත් එජාපයට විතරයි. එජාපය මේ රට කවදාවත් කඩන්න හිතුවෙත් නෑ. ඒකට ඉඩ දෙන්නෙත් නෑ. දේශපාලන අවස්ථාවාදීන් එජාපය ගැන ජනතාවට බොරු කියලා නොමඟ යැව්වා. අපි බැලූවේ එකම රටක් තුළ කාටත් පිළිගත හැකි විසඳුමක් දීලා ප‍්‍රශ්නය ඉවර කරන්නයි. ඒත් ජනතාව නොමග යැවූ සන්ධානය එජාප ආණ්ඩුවේ අමාත්‍යාංශ පවරාගෙන ආණ්ඩුව පෙරළලා බලය අරන් යුද්ධ කළා. ත‍්‍රස්තවාදය පරාජය කළත් දැන් ආණ්ඩුවට  විසඳුමක් දෙන්න වෙලා. එජාපය හැදුවේ යුද්ධ නොකර විසඳුමක් දෙන්නයි. මේ ආණ්ඩුව යුද්ධයේදී දසදහස් ගණනක ජීවිත ලක්‍ෂ ගණනක් දේපළ වනසලා රු. කෝටි ලක්‍ෂ 02-03 ක් වැය කරලා දැන් විසඳුමක් දෙන්න වෙන තැනට ඇවිත්. මේ ආණ්ඩුවද එජාපයද හරි කියලා ජනතාව තේරුම් ගන්න  ඕනෑ. රටට තර්ජනයක් එල්ල වෙනවා නම් එජාපය ඊට එරෙහිව ඉදිරිපත් වෙනවා. ඒත් ජිනීවා වලදී රටට එරෙහිව නොවෙයි මේ ආණ්ඩුවට විරුද්ධවයි අභියෝග ඇවිත් තියෙන්නේ. ආණ්ඩුව කරපු වැරදිවලට එයාලා මුහුණ දෙන්න  ඕනෑ. ඒත් 87 භිෂණ කාලේ ජනතාව ජන්දෙන් පත්කළ ආණ්ඩුව තුවක්කුවෙන් තුන්ඩුවෙන් පෙරළලා රට අඳුරේ තියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලලා බලය ගන්න දකුණේ පිරිසක් උත්සාහ කළා. එදා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බින්දුවට වැටිලා රටත් ජනතාවත් අසීරුතාවට පත්වෙලා හිටපු වෙලාවේ එවකට විපක්‍ෂයේ හිටපු මහින්ද රාජපක්‍ෂ, නිමල් සිරිපාල ලා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එදා ලංකාවේ ඡායාරුප හා වීඩියෝ අරන් ගිහින් රට අසීරුතාවට පත් කරන්න ක‍්‍රියා කළා කාටත් මතක ඇති. අද වගේම එදාත් ලංකාවට විරුද්ධව ජිනීවාවලට යෝජනා ආපු වෙලාවෙයි එදා විපක්‍ෂයේ හිටපු වත්මන් පාලකයන් ජිනීවා ගිහින් රටට ද්‍රෝහී වුණේ. ඒත් එජාපයේ අපිට එදා ඔවුන් කළ ද්‍රෝහීකම කරන්න බෑ. මම මෙවර ජිනීවා නොගියේ ඒකයි. ජනතාව තවත් දෙයක් අවබෝධ කර ගත යුතුයි. 2001 එජාප ආණ්ඩුකාලේ යම් රටක කෙනෙක් යුද අධිකරණයට ගෙන යන්න හැකි රෝම ප‍්‍රඥප්තිය ආවා. රනිල් මැතිතුමා අගමැති ලෙස ඊට අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළා. ත‍්‍රස්තවාදය තිබෙන රටක් ලෙස ඊට තමාට අත්සන් කළ නොහැකි බව කියලා එදා එතුමා නිවැරදිව ක‍්‍රියා නොකළා නම් මේ රටේ පාලකයන් හා රණවිරුවන් යුද අධිකරණයට ඇදගෙන යනවා. දැන් එහෙම බෑ. ඒ නිසා මේ රටේ කවුරුවත් බයවෙන්න එපා. ඒත් ජනතා අනුකම්පාව ලබාගන්න රට වෙනුවෙන් විදුලි පුටුවේ ඉඳගන්න සූදානම් බව කියලා සමහරු ජනතාව අන්දනවා.   ප‍්‍රශ්නය - 89 දී ශ්‍රීලනිප හා සන්ධානයේ අය ජිනීවා මානව හිමිකම් සමුළුවට ගිහින් රට වැනසීමට ක‍්‍රියා කළ පරිදි දේශද්‍රෝහී විය නොහැකි නිසා ඔබ මෙවර ජිනීවා ගියේ නැති බව කියනවා. ඒත් රටට හෝ ආණ්ඩුවට අභියෝගයක් එල්ලවන වෙලාවේ නේද ගිහින් ඒ වෙනුවෙන් පළිහ අල්ලන්න  ඕනෑ. පිළිතුර - මේ ආණ්ඩුව මේ රටට ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කරපු හානිය අනුව ජිනීවාහිදී ආණ්ඩුව බේරාගන්න එජාපයට අවශ්‍ය නෑ. ඒත් එජාපයේ අපි සද්භාවයෙන් ජිනීවා ගිහින් රට හෝ ආණ්ඩුව බේරාගැනීම වෙනුවෙන් පෙනී හිටියා කියමු. කවදාවත් මේ ආණ්ඩුව අපට ප‍්‍රසංශා කරන්නෙ නෑ. මඩ ගහවි. රෝම ප‍්‍රඥප්තියට රනිල් අත්සන් නොකිරීම මේ රටේ නායකයෙකු ගත්ත ඉතිහාසයේ බුද්ධිමත්ම තීන්දුවයි. අද මේ ආණ්ඩුවේ අය බේරිලා ඉන්නේ ඒකයි. ඒත් ඒකට පවා ප‍්‍රශංසා කරන්න මේ ආණ්ඩුවට කෙළෙහිගුණයක් නෑ. ඇමැති ඩලස් ඒකටත් එජාප නායකතුමාට මඩ ගැහුවා. එහෙව් ආණ්ඩුව මට ජිනීවා ගියානම් මඩ වපුරාවි. ගිය ජගත් මානව හිමිකම් කමිටුවටත් මම ගියේ නෑ. ඒත් වීරවංශ ඇමැති ඒ වෙලාවෙත් මාධ්‍ය වලට කිව්වේ ජයලත් ජිනීවා ගිහින් රටට ද්‍රෝහිකම් කරන බවයි. ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටු පලට ජනාධිපති ගියවෙලාවේ දෙමළ අය වට කළා. ඒක සංවිධානය කළ උද්ඝෝෂකයන් අතර මමත් හිටපු බව ආණ්ඩුව මඩ ගැහුවා. මම එතකොට එතැන තියා එංගලන්තෙවත් හිටියෙ නෑ. මම ලංකාවට ආවාම පාර්ලිමේන්තු ලොබියේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු තිදෙනෙක් මට ගුටිබැට දුන්නා. ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් උඩබිම නොදැන ඒ විරෝධතාව මෙහෙයවෙව්වේ මම කියලා ප‍්‍රකාශ කරලා පාර්ලිමේන්තුව පවා නොමග යැව්වා. මේ වගේ ජනතාව අන්දන ආණ්ඩුවක් මම මෙවර ජිනීවා ගියා නම් කොහොම ක‍්‍රියා කරාවිද හිතල බලන්න.   ප‍්‍රශ්නය - ලංකා ආණ්ඩුවට හෝ රටට එරෙහි චෝදනා රැසක් ඉදිරිපත් කරමින් යෝජනා ගේන්න එක්සත් ජාතීන් හෝ බලවත් රටවල් කිහිප වතාවක් මීට පෙරත් උත්සාහ කළා. ඒත් ඇමැති මහින්ද සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ නියෝජිත පිරිස ඒ සියල්ල කිහිප අවස්ථාවකදී යටපත් කළා. ඒත් මෙවර ආණ්ඩුවට එරෙහිව එන අමුතු තාලේ යෝජනාව, ජිනීවා අඩව්ව කුමක්ද? පිළිතුර - මහින්ද සමරසිංහ ඇමැති මේ ආණ්ඩුවට එල්ලවූ චෝදනා සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමලා නෑ. ඒකට හේතුව මේ ආණ්ඩුව 2005 ඉඳලා කරපු වැරදි ඒ තරමටම ප‍්‍රබලයි. අනික ආණ්ඩුවේ වැරදි ප‍්‍රතිපත්ති නිසා මහින්ද සමරසිංහ නොවෙයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජිනීවා ගියත් මේ චෝදනා මුලිනුපුටා දමන්න බෑ. මහින්ද සමරසිංහ කළේ තාවකාලිකව ප‍්‍රශ්නය යටපත් කරලා පැලැස්තරයක් දාලා කල් ගැනීමක් විතරයි. ඇමැති මහින්ද කල් අරගෙන ආණ්ඩුවට ලොකු ඉඩක් අරන් දීලා රටේ ප‍්‍රශ්නවලට අවංකව මැදිහත් වෙලා යහ පාලනයක් ඇති කරන්න සිදුවූ වැරදි නිවැරදි කරන්න චාන්ස් එකක් අරන් දුන්නා. ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගන්න අවංක ක‍්‍රියාමාර්ගයකට ගිහින් ආණ්ඩුවට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් වෙන්නයි තිබුණේ. ඒත් ඒකෙන් ප‍්‍රයෝජන ගත්තේ නෑ. ආණ්ඩුව රටයි මහින්ද සමරසිංහයි දෙන්නම අනාථ කරලා තියෙන්නේ. ආණ්ඩුව විසින්ම ඇමැති මහින්දව නිරුවත් කරලයි තියෙන්නේ.   ප‍්‍රශ්නය - ජිනීවා වලදී ලංකා ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතීන් හා ලොව ප‍්‍රබල රටවල් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවට අදාළ පසුබිම කුමක්ද? ලංකා ආණ්ඩුව ත‍්‍රස්තවාදය පරාජය කළ නිසා මෙවැනි යෝජනාවක් ගෙන එන බවට ආණ්ඩුව කරන තර්කය ගැන මොකද කියන්නේ. පිළිතුර - ජිනීවා වලදී මේ ආණ්ඩුවට එරෙහිව මිසක් ලංකාවට විරුද්ධව නොවෙයි යෝජනාව එන්නේ. අනික මේ රටේ ත‍්‍රස්තවාදය තුරන් කරපු නිසා නොවෙයි ජිනීවා යෝජනාව එන්නේ. ජනතාව මේක හොඳින් තේරුම් ගැනීම වැදගත් බව මම ඉතා වගකීමෙන් කියනවා.   ප‍්‍රශ්නය - එසේ නම් එක්සත් ජාතීන්, ඇමෙරිකාව හා බටහිර රටවල් ඇතුළු ලෝකය ලංකාවට විරුද්ධ යෝජනාවක් සම්මත කිරීමේ පදනම කුමක්ද? පිළිතුර - 2005 මේ ආණ්ඩුව බලය ගත්ත දා පටන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස වළදැමීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යකරුවන් ඝාතනය හා කකුල් අත් කැඞීම, සුදු වෑන් වලින් පැහැර ගැනීම්, අතුරුදහන්වීම්, නීතියට දේශපාලන බලපෑම් පැමිණ අධිකරණයේ ස්වාධීන බව නැතිවීම, මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඝාතනයවීම, 17 සංශෝධනය වළලා ඒකාධිපති 18 ගෙන ඒම ආදී ප‍්‍රශ්න නිසයි ජිනීවාවලට යෝජනාව එන්නේ.  විකෘති 2/3 බලය යොදාගෙන ආණ්ඩුව මේ පහත් ක‍්‍රියා කරන්නේ. අනික ආණ්ඩුවේ නාස්තිකාර වියදම්, හොරකම් ආකර්යක්‍ෂමතාව නිසා අද ජනතාවට සහන දෙන්න විදියක් නෑ. ජනතාව නොමරා මරනවා. ඉහළ විනිශ්චයකාරවරු පත් කිරීම ජනපතිට පවරා ගැනීම හා නීතිපති, ජනපතිට වගකියන තනතුරක් කිරීම කොයි රටේද කියන්නේ. පොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නත් ලෝකය විමසනවා. ආණ්ඩුවේ ඒ 2005 සිට සිදුකරන පහත් හැසිරීමට විරුද්ධවයි ජිනීවා යෝජනා එන්නේ. යුද්ධයේ අන්තිම කාලයේ ඇතිවූවා යයි කියන ඝෘතන හා ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් නොදී කර ඇරීමත් ජිනීවා යෝජනාවට විශාල ලෙස හේතු වුණා. ආණ්ඩුව අන්තවාදී ජාතිවාදී කිහිප දෙනෙකුගේ අතකොළුවක්වීම එම තත්ත්වයට හේතුවයි. ඒ නිසා ත‍්‍රස්තවාදය ලංකාවේ මර්දනය කළ නිසා ජිනීවා යෝජනාව ගේනවා කියන එක අලි බොරුවක්. ලෝකයම ත‍්‍රස්තවාදය අනුමත කරන්නෙ නෑ. ඇමෙරිකාවට 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ලවූ වෙලාවේ ඉඳලා බි‍්‍රතාන්‍යයේ අයර්ලන්ත ගරිල්ලන් නිසා ඒ  රටවල් ත‍්‍රස්තවාදය මර්දනය කළාට ලංකාවට විරුද්ධව වෙන්නේ නෑ. ලංකාවේ කොටි ත‍්‍රස්තවාදය මර්දනය කරන්න ඔය හැම රටක්ම උදව් කළා. ඇමෙරිකාව යුරෝපයේ හැම රටක්ම කොටි තහනම් කළා. එහෙව් එකේ ලංකාවේ කොටි ත‍්‍රස්තයන් මර්දනය කළ නිසා ලෝකය ලංකාවට විරුද්ධව ජිනීවා යෝජනා ගේනවා, ලංකාවේ අය දංගෙඩියට විදුලි පුටුවට යවන්න හදනවා කියන ආණ්ඩුවේ බොරුව ලජ්ජාසහගතයි.   ප‍්‍රශ්නය - ලංකාවේ හෝ මැදපෙරදිග ස්වාධීනව යම් රටක අභ්‍යන්තරයේ ආණ්ඩුවල හැසිරීම ගැන එක්සත් ජාතීන් හා ප‍්‍රබල රටවල්වලට මැදිහත්වීමට ඇති  අයිතිය හා රුදාව මොකද්ද? පිළිතුර - ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන ඔවුන්ගේ නීති රීති සම්මුතීන්වලට එකඟව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මානුෂිකවාදීව යහපාලනය ගෙනයන බවට ශීලාචාර රටක් ලෙස ක‍්‍රියාත්මක වන බවට අත්සන් කර තිබෙනවා. ඒ නිසා ලංකාව ස්වාධීන රටක් වුණා කියල ඒ ශීලාචාර ලෝක සම්මුතීන්ට විරුද්ධව අපට  ඕන  ඕන විදිහට හැසිරෙන්න බෑ. එක්සත් ජාතීන් කියන්නේ ලොව රටවලට මඟ පෙන්වන මවුපියන් වගේ සංවිධානයක්. දරුවො වැරදි පාරේ යනකොට මවුපියන් කෝටු අතට ගන්නවා. ඒ දරුවා මරන්න නොවෙයි නිසි මඟට ගන්නයි. ශ්‍රීලනිප මහලේකම් මෛත‍්‍රිපාල ඇමැතිතුමා බැන්කි මූන් අපේ මහලේකම් කියල කියන්නේ ඒකයි. එක්සත් ජාතීන් අපේයි කියල ඔහු කිව්වේත් ඒකයි. ඒත් ආණ්ඩුවේ අන්ත වාදීන් අද එක්සත් ජාතීන්ටත් ටියුෂන් දෙන්න කතා කරනවා. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන සුරැුකීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ඇතුළු සියලූ දේට ලංකාව එකඟවයි ඉන්නේ. ඒත් මේ රටේ දේශපාලකයෙකු රණවිරුවෙකු හෝ වෙනත් කිසි කෙනෙකු ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාහැකි රෝම ප‍්‍රඥප්තියට අත්සන් කරන ලෙස 2002 දී එක්සත් ජාතීන් ඉල්ලපු වෙලාවේ එවකට අගමැති රනිල් ඒක අත්සන් කිරිම ප‍්‍රතික්‍ෂේප කළා. ඒ නිසා රනිල්ට පින් සිදුවනනට ලංකාවේ සියලූ දෙනා ජනපති, ආරක්‍ෂක ලේකම් රණවිරුවන් ඇතුළු සියලූ දෙනා සුරක්‍ෂිතයි.   ප‍්‍රශ්නය - ඒත් 2002 දී රෝම ප‍්‍රඥප්තියට එවකට අගමැති ලෙස රනිල් අත්සන් නොකළ බවටවූ මතය හිටපු අගවිනිසුරුවරයා ජනමාධ්‍ය හරහා ප‍්‍රතික්‍ෂේප කළා. එවැන්නකට අත්සන් කළ හැක්කේ රාජ්‍ය නායකයාට පමණක් බවත් එවකට රාජ්‍ය නායිකාව චන්ද්‍රිකා බවටත් ඔහු තර්ක කළා නේද?. පිළිතුර - මම ඒ වැරදි විග‍්‍රහය කළ හිටපු අගවිනිසුරුතුමාත් එය ප‍්‍රචාරය කළ රූපවාහිනී නාලිකවත් ගැන කනගාටු වෙනවා. මේ වැරදි කතාවට පසුදාම ලක්‍ෂ්මන් කිරිඇල්ල පිළිතුරු දුන්නත් ඒ  රූපවාහිනී නාළිකාව ඒ පිළිතුර ප‍්‍රචාරය කළේ නැතිවීම ගැන අපි කනගාටු වෙනවා. 2001 රනිල් ප‍්‍රමුඛ එජාප ආණ්ඩුව බලයට එනවිට චන්ද්‍රිකා රට තුළ මෙන්ම ලෝකය තුළ හොඳටම පිරිහිලා තිබුණේ. රනිල් විශාල ජනවරමක් එක්ක ආණ්ඩුව ගත්තාම ලෝකයේම අවධානය යොමුවුණේ හා ලෝකය ගනුදෙනු කළේ එතුමා සමඟ මිසක් චන්ද්‍රිකා එක්ක නොවෙයි. රෝම ප‍්‍රඥප්තිය එනම් ලංකාවේ අය යුද අධිකරණයට ගෙනයා හැකි එකඟත්වයට අත්සන් කරන ලෙස එක්සත් ජාතීන් ඔහුගෙන් ඉල්ලූවේ ඒ තුළයි. ලංකාවේ ත‍්‍රස්තවාදයක් තිබෙන නිසා මෙවැන්නකට අත්සන් නොකළ යුතු බව එතුමා කැබිනට් එකට කියලා කැබිනට් එකේ අදහස් ඇහුවා. අපි කවුරුත් කිව්වේ අත්සන් නොකරන්න ඔබ ගත් තීන්දුව නිවැරදි බවයි. ඒක සිදුවුණේ ඒ විදියටයි. ඒ තර්කය සම්පූර්ණයෙන්ම වැරදි බවට මාර්තු පළමුවෙනිදා ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදි එතුමා පැහැදිලි කළා. හිටපු අගවිනිසුරුවරයා එවැනි තර්කයක් ගේන්න ඇත්තේ කරුණු නොදැනයි. කිරිඇල්ල නියෝජ්‍ය විදේශ ඇමැති ලෙස හිටපු වසර 03 තුළම එක්සත් ජාතීන්ගේ ඇතුළු සියලූ ලියකියවිලිවලට අත්සන් කරල තියෙන්නේ විදේශ ඇමැති කදිර්ගාමරුයි. සාමාන්‍ය ඇමැතිකෙනෙක් ලෙස කදිර්ගාමර්ට අත්සන් කළ හැකි නම් විශාල ජනවරමක් සමඟ වෙනත් පක්‍ෂයකින් බලයට ආ රනිල් අගමැතිට රෝම ප‍්‍රඥප්තිය අත්සන් කරන්න බැරි බව යමෙක් තර්ක කරන්නේ නම් ඒ ඔහු ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර කටයුතු ගැන නොදැන හෝ වෙනත් පටු න්‍යාය පත‍්‍ර අනුව ක‍්‍රියා කරන අවස්ථාවාදී අයකු බවයි. කිරිඇල්ල මන්ත‍්‍රීතුමා එජාප ස්ථාවරය පැහැදිලි කළේ. ඒ නිසා මම මේ ආණ්ඩුවට කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන්න බල ලෝභයෙන් බැහැර වෙන්න. දුක් විඳින මිනිස්සුන්ට සහන දෙන්න. දේශපාලන විසඳුමක් ගේන්න, 17 යළි ගේන්න ලැජ්ජා නම් ඒ වෙනුවට 19 වැනි සංශෝධනය ගේන්න. එවිට ලෝක බලපෑම් නැතිවේවි කියලයි. එහෙම නොවී දරදඬු වෙලා මේ රටත් ජනතාවත් ලෝක දඬුකඳේ ගහන්න මේ ආණ්ඩුවට අයිතියක් නෑ. මොකද ජීවන බර සහන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිව දහදුක් විඳින ජනතාව බේරා ගැනීමට එජාපය දිවි හිමියෙන් කැප වෙනවා.

එජාප නියෝජ්‍ය සහකාර ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

ජිනීවා අභියෝගය රටටද ආණ්ඩුවටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 147 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 252 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 200 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 831 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 50 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 607 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 471 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 120 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site