IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනතා සේවයට සුපිරි වාහන ඕනෑද ?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන අවශ්‍ය වන්නේ, කාර්යක්ෂමව හා කඩිනමින් ජනතාවට සේවය කිරීම සඳහාය. සමාජ තත්ත්වය, කාර්ය බහුලත්වය, ඇතුළු කරුණු ගණනාවක් නිසා මන්ත‍්‍රීවරුනට පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කළ නොහැකිය. එහෙත් සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කිරීමට ප‍්‍රධානම හේතුව එම සමාජ තත්ත්වයයි. අද වනවිට ජනතා සේවයට පත්ව සිටින මන්ත‍්‍රීවරුන් 225 දෙනාගෙන් සියයට 90 ක පමණ ප‍්‍රමාණයකගේ එදිනෙදා භාවිතය සඳහා යොදාගෙන ඇත්තේ අති නවීන වර්ගයේ සුඛෝපභෝගී වාහනයි. බී.එම්.ඩබ්ලිව්, වොල්වෝ, ප‍්‍රාඩෝ, බෙන්ස්, පැජරෝ යනාදී නම්වලින් හඳුන්වන සුඛෝපභෝගී වාහනවලට අමතරව රෝල්ස්රොයිස් නමින් හඳුන්වන ඉහළම තත්ත්වයේ වාහනයක්ද අපේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් පාවිච්චි කරයි. මේ නියෝජ්‍ය ඇමැතිවරයා පාවිච්චි කරන රෝල්ස් රොයිස් වාහනය වර්ගයේ වාහන ශ්‍රී ලංකාවේ ධාවනය කෙරෙන්නේ එකක් හෝ දෙකක් පමණක් බව ද වාර්තාවේ. මෙම වාහනයක අවම මිල ලක්ෂ 150 ක්වත් වේ. තීරුබදු රහිතව වාහන මිලදී ගන්නා මෙම වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ 75 ක් පමණය. ජනතා ඡන්දයෙන් පත්වන මන්ත‍්‍රීවරයාගේ වගකීම ජනතාවට සේවය කිරීමයි. ඒ අනුව තම දිස්ත‍්‍රික්කයේ මාර්ග, විදුලිය, ජල පහසුකම් සැලසීමට අමතරව උත්සව සඳහා සහභාගීවීම මළ ගෙයකට, මඟුල් ගෙයකට, සහභාගිවීමට අනිවාර්යෙන්ම සිදුවේ. ඒ අනුව බලනවිට මන්ත‍්‍රීවරයා අතිශයින් කාර්ය බහුල පුද්ගලයෙකි. මේ අවිවේකී කාර්ය බහුල බවට කාර්යක්ෂම හා සුඛෝපභෝගී වාහනයක් බෙහෙවින් රුකුලකි. කාලය ඉතිිරි කිරීමකි. මේ සේවය සඳහා අධි සුඛෝපභෝගී වාහනයක් අවශ්‍යද? අපේ මාතෘකාව එයයි. ලක්ෂ 150 ක වාහනයක් වෙනුවට ලක්ෂ 60 කට හෝ ඊට අඩු වැඩි මිලක වාහනයකින් මෙම කාර්යයන් කළ නොහැකිද? අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප‍්‍රකාශ කළේ, දේශපාලනඥයකුට සිය කාර්යයන් කඩිනමින් කර ගෙන යාමටත්, කාලය ඉතිරි කර ගැනීමටත් හොඳ තත්ත්වයේ වාහනයක් පාවිච්චි කිරීම අවශ්‍ය බවයි. එහෙත් දැනගන්නට ඇති ආකාරයට අධිසුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කිරීමේ වෙනත් අරමුණුද ඇත. ගරු ගාම්භීරත්වය, කැපීපෙනීම, සාමාන්‍ය ජනතාවගෙන් වෙන්වීම වැනි මානසිකත්වයක් මවා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ. සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන එතරම් මිල නොවන අලූත් වාහනයකින් සිදු වන්නේද අධි සුඛෝපභෝගී වාහනයකින් ලබා ගන්නා ප‍්‍රයෝජනයමය. මන්ත‍්‍රීවරු 225 දෙනාගෙන් අඩුම වශයෙන් 200 ක පමණ පිරිසක් ලක්ෂ 150 ක පමණ වටිනාකම ඇති වාහන පාවිච්චි කරති. ඒ සඳහා එක් වාහනයකට ඔවුන් වැය කරනු ලබන්නේ ලක්ෂ 40 පමණ වූ මුදලකි. තීරු බදු රහිතව සාමාන්‍ය වාහනයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 20 ක පමණ මුදලක් වැයවනු ඇතැයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දැනට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම පාවිච්චි කරන වාහන මිලදී ගැනීමට ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ 8000 ක් පමණ මුදලකි. එය තීරු බදු රහිත මිලයි. මෙම මුදල ඔවුන් තේරීපත්වූ එක් වාරයක් සඳහාය. මෙම වාහන තීරු බදු සහිතව විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගත්තේනම් වැයවන මුදල රුපියල් ලක්ෂ 30,000 ක් පමණ වේ. මේ අනුව රජයට අහිමිවූ බදු මුදල වසර පහකට රුපියල් ලක්ෂ විසිදෙදාහක් (22000) ක් පමණ වේ යැයි සැලකේ. තීරු බදු රහිතව ලක්ෂ 20 ක පමණ වටිනාකම ඇති කැබ් රථ පාවිච්චි කරනවා නම් මන්ත‍්‍රීවරුන් 225 දෙනාටම ඒ සඳහා වැය වන්නේ රුපියල් ලක්ෂ 4000ක මුදලකි. තීරු බදු සහිතව එම වාහන මිලදී ගත්තේ නම් ඒ සඳහා වැය විය හැකි මුදල රුපියල් ලක්ෂ 12,000 ක් පමණ වේ. ඒ අනුව සුඛෝපභෝගී වාහන වෙනුවට සාමාන්‍ය කැබ් රථය පාවිච්චි කළහොත් අපේ මන්ත‍්‍රීවරුන් රටේ පුරවැසියන්ට ඉතිරි කර දෙන බදු මුදල රුපියල් ලක්ෂ 18,000 ක් පමණ වේ. මෙය දළ සංඛ්‍යා ලේඛනයකි. ජනතා සේවය සඳහා ඇපකැපවී සිටින මන්ත‍්‍රීවරුනට ජනතා සේවය සඳහා සහාය විය හැකි හොඳම අවස්ථාව මෙයයි. රුපියල් ලක්ෂ 18,000 ක බදු මුදලක් රටට, රජයට, ජනතාවට ඉතිරි කර දෙන්නේ නම් එය තරම් තවත් වටිනා සේවාවක් නැතිබව ජනතාවගේ විශ්වාසය වනු ඇත. මෙවර පාර්ලිමේන්තුවේ එක් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් තීරුබදු රහිත වාහන ලබාගෙන නොමැති බව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. තවත් තිදෙනකුට නියමිත කාලය පිරී නොමැති බවත් ඉතිරි අය සියයට 99 ක්ම තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබාගෙන ඇති බවත් දැනගන්නට ඇත. අධිසුඛෝපභෝගී වාහනයකින් වුවත් සාමාන්‍ය වාහනයකින් වුවත් සිදුවන්නේ එකම සේවාව නම්, අපේ මන්ත‍්‍රීතුමන්ලාට ජනතා සේවය සඳහා සාමාන්‍ය වාහනයක් යොදා ගැනීමට හැකියාව තිබිය යුතුය. යුද්ධය පැවැති සමයේ ආරක්ෂාව සඳහා කළු වීදුරු සහිත වාහන ඉතා වේගයෙන් යන පාවිච්චි කිරීම අවශ්‍ය වන්නට ඇත. එහෙත් දැන් රටේ යුද්ධයක් නැත. රටට සාමය ලැබී තිබේ. තවත් කරුණක් නම් අධිසුඛෝපභෝගී වාහන වෙනුවට සාමාන්‍ය වාහන පාවිච්චි කරන්නේ නම් රුපියල් ලක්ෂ 6500 ක පමණ තීරුබදු ප‍්‍රමාණයක් රජයට ඉතිරිකර ගත හැකි වනු ඇත. එය රටට ලාභයක් සේම, මන්ත‍්‍රීවරයාට ද ගෙවීමට සිදුවන රාජ්‍ය මුදලේ ප‍්‍රමාණය ද අඩුවීමකි. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 ක ප‍්‍රමාණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් අදටත් පාවිච්චි කරන්නේ සාමාන්‍ය වාහනයි. ඒ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රී විජිත හේරත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කීවේ තමන්ට නම් ජනතා සේවය සඳහා අධිසුඛෝපභෝගී වාහන අවශ්‍ය නොවන බවයි. ලක්ෂ 16 ක පමණ වටිනාකම ඇති ඩබල් කැබ් රථයක් හෝ වෑන් රථයකින් කිසිදු බාධාවකින්, කරදරයකින් තොරව ජනතා සේවය කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය. අධිසුඛෝපභෝගී වාහනයෙන් ඉටු කෙරෙන දේම ඩබල් කැබ් වාහනයකින් ඉටු කර ගත හැකිවන අතර කාලය, අපතේ යෑමක් හෝ වැඩ අධික බවට එය බාධාවක් නොවන බවද විජිත හේරත් මන්ත‍්‍රීවරයා කීය. අධිසුඛෝපභෝගී වාහන පාවිච්චි නොකරන්නේ ඇයිදැයි කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ ජනතාවගේ මුදල් විනාශ කිරීම ජනතා නියෝජිතයන්ගේ කාර්යභාරයක් නොවන නිසා අධිසුඛෝපභෝගී වාහන මිලදී නොගන්නා බවයි. මේ වනවිට මන්ත‍්‍රීවරුනට තීරුබදු රහිතව වාහන ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 50,000 ක් වූ සීමාවකටය. මෙම සීමාවට වඩා වැඩි වටිනාකමේ වාහන ගෙනඑන අවස්ථාවලදී එම වැඩිවන මුදල සඳහා තීරුබදු ගෙවිය යුතුවෙයි. උදාහරණයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 55,000 ක වාහනයක් ලබා ගන්නේ නම් ඩොලර් 5000 ක් වෙනුවෙන් තීරුබදු ගෙවිය යුතුය.

දයාසීලි ලියනගේ



අදහස් (0)

ජනතා සේවයට සුපිරි වාහන ඕනෑද ?

Dr.P.S.Hettiarachchie Thursday, 26 April 2012 04:22 AM

ජනතාව අතරටම මෙන්ම දේශපලකයින් අතරත් සිටින පුද්ගලයින් වන් ඔබ ජනමාධ්‍යවේදින් මේගැන මතයක් ඇතිකල යුතුයි.කතාකරන්න මාතෘකාවක් නැතිවුනහම මේවගේ දේවල් ලියල පත්තර පිටු පුරවනවා.සුමේධා ජයසේන ඇමතිවරිය ඩොලර් 50,000 ක සහන ගාස්තුවක් දක්වා වාහන සඳහා ඉල්ලීම කල වේලාවේ මේ ගැන මතයක් ඇත්නොකළේ ඇයි?ජනමාධ්‍යවේදින් පෙනීසිටින්නේ දේශපාලකයින් වෙනුවෙන්ද?මැතිඇමතිවරුන්ට නිල වාහනත් දෙනවා නම් තවත් සහනදායී මුදලට වාහන ගෙන්වන්න දෙන්නේ ඇයි?මේ ගැන ඇයි කතානොකරන්නේ?

:       0       0

දයා Wednesday, 25 April 2012 05:23 AM

මෙහෙවු රටක තමයි අපිත් ජීවත් වෙන්නේ...

:       0       0

සේන Thursday, 26 April 2012 10:19 AM

ඇයි මේ පෝසත් අයට තීරුබදු රහිත වාහන දෙන්නේ?

:       0       0

රංජන් Thursday, 26 April 2012 12:35 PM

සුපිරි වාහන නඩත්තුවට කොපමණ මුදලක් වැය කරන්න ඕනිද? මේක දැන් ලංකාවේ‍ විලාසිතාවක් වෙලා

:       0       0

ලසන්ත Monday, 23 April 2012 05:10 PM

මේ අපතේ යන්නේ ජනතාවගේ මුදල් නේද?

:       0       0

වසන්ත Thursday, 26 April 2012 03:02 PM

ජනතා සේවයට පාර්ලිමේන්තුවට ගියේ කවුද? අනේ මම දන්නේ නැති නිසයි ඇහුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 49 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site