IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඡන්ද උණුසුමේ ගොවීන්ගෙන් ගත් ලූනු තොග කුණුවෙලා

විදේශ රටවලින් ලොකු ලූනු ගෙන්වීම නැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවින් සමග එක්ව ගත් උත්සාහයේ ප‍්‍රතිඵල 2014 කන්නයේ සාර්ථක විණි. අප රටට මාස හත අටකට අවශ්‍ය ලොකු ලූනු ප‍්‍රමාණය ගොවින්ට ලබාදීමට හැකිවිනි. එහෙත් ගොවින් නිෂ්පාදනය කළ ලොකු ලූනු කිලෝ ලක්ෂ 45ක් සමගම ජනතා මුදල් ලක්ෂ ගණනාවක් විනාශකැර අපේ රටේ මුදල් විදේශ රටවලට යැවීම මෙන්ම දේශීය ලොකු ලූනු වගාව මෙරට ගොවින්ට එපාකැරවීමේ කළුකඩ මුදලාලිලාගේ අවශ්‍යතාව නිසි ලෙස ඉටුකැර ගැනීම මෙවර කි‍්‍රයාත්මක වූයේය.

 

17-Nim-P1-04   


කිසිදු හිරිකිතයක් නොමැතිව ලංකා සතොස බලධාරීන් දේශීය කෘෂි අස්වැන්න ජනතා මුදල්වලින් ලබාගෙන වළදැමීම හා කුණුවී විනාශවීමට ඉඩහැර සිටීම පිළිබඳව අපි හෙළිදරව් කරන්නෙමු.


මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව දිස්ති‍්‍රක්ක තුනෙහි මෙවර ලොකු ලූනු විශාල වශයෙන් වගා කිරීමට ගොවින් උනන්දු කරවමින් ගොවින්ට අවශ්‍ය සහනාධාර රැසක්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙන්ම මහවැලි අධිකාරිය මගින් ලබා දුන්නේ රටේ ඉලක්ක සපුරා ගැනීම සඳහායි. දේශීය ලොකු ලූනු ගොවියෝ තම වගකීම කරමත දරාගෙන වගා ආරම්භ කළහ. ඒ සඳහා රට හැම තැනටම හතර අතේ ණයවීමට ගොවින්ට සිදුවිණි. වහාම ඔවුන් දේශීය ලූනු කිලෝව රුපියල් 30 සිට 45 දක්වා වූ මිලයකට ලබාගැනීමට සැළසුම් කළහ. කැර කියාගත නොහැකි ගොවින් බහුතරයක් එම මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන ලබා දුන්නේ සිදුව ඇති ණය තුරුස්වලින් බේරීමටය.


තුට්ටු දෙකට ගොවින්ගෙන් ලබාගත් ලූනු තොග ව්‍යාපාරිකයෝ ගබඩා කැර ගත්හ. සාමාන්‍ය පරිදි වෙනත් වසරවල දෙසැම්බර් මාසය වෙද්දී අප රටේ ලූනු අස්වැන්න අවසන් වෙයි. ඉතිරි අවශ්‍යතාවට විදේශ රටවලින් ගෙන්විය යුතුය. එහෙත් මෙවර දේශීය ලූනු තොග ගොවින් සතුව පැවතිනි. එසේ තිබියදී දඹුල්ලේ සහ කොළඹ ලොකු ලූනු අධිකාරිය පවත්වාගෙන යන ව්‍යාපාරිකයෝ විදේශ රටවලින් ලූනු ගෙන්වා අඩු මුදලට විකිණීමට සූදානම් වූහ.

 

17-Nim-P1-01


ලූනු කිලෝවක් ලංකාවට ගෙන්වීමේදී රුපියල් 85ක් රුපියල් 90 ක් වැය වෙද්දි රුපියල් 35ට 40ට ඔවුන් අලෙවි කරන්නට විය. එම ව්‍යාපාරිකයන් එසේ අඩුවට දෙන්නේ කෙසේ දැයි බලධාරීන් සෙව්වේ නැත. දඹුල්ලේ ලූනු ගොවියෝ එම රහස පිළිබඳව බලධාරීන් දැනුවත් කළහ. ගොවින් ඉතා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ලූනු කන්ටේනර් හරහා මත් කුඩු මෙරටට රැුගෙනවිත් එහි ලාභය නිසා ලූනු තොග අඩුවට ලබාදෙන බවයි.


ගොවින්ගේ චෝදනාව බීරි අලින්ට වීණා වයන්නාක් විය. පසුව ගොවිහු ඒකරාශි වූහ. ප‍්‍රධාන මාර්ග ආවරණය කරමින් තම ලූනු අස්වනු මහ පාරට ගෙනවිත් දමමින් ඔව්හු විරෝධතාහී නියැලෙන්නට වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ විදේශ රටවලින් ලූනු ගෙන්වීම අත්හිටුවන ලෙසත් ගෙන්වා ඇති ලූනු වෙළෙඳපළෙන් ඉවත් කිරීමත් දේශීය ලූනු කිලෝවකට සාධාරණ මිලක්ය.


ඒ වනවිටත් ජනාධිපතිවරණයේ උණුසුම රට පුරා දැනෙන අවස්ථාවයි. එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි ලංකා සතොස මගින් දේශීය ලොකු ලූනු කිලෝවකට රුපියල් 90ක සහතික මිලක් යටතේ ගොවිහු සතු ලූනු තොග මිලදී ගැනීම ආරම්භ කළහ. එම කි‍්‍රයාවලිය සතොස නිලධාරින්ගේ මල්ල පිරෙන්නට වූයේ තුට්ටු දෙකට ගොවින්ගෙන් මිලදී ගෙන ව්‍යාපාරිකයන් ගබඩාකැර තිබූ ලූනු තොග ද ගොවින්ගේ නම්වලින් ව්‍යාපාරිකයන්ටත් සතොසට ලබාදීම නිසාවෙනි.

17-Nim-P1-06


ඒ අනුව සතොස දිස්ති‍්‍රක්ක තුනේම ගැණුම් මධ්‍යස්ථාන ආරම්භකොට මිලදී ගත් ලූනු තොග කිසිදු දැනුමක් නැතිව වී ගබඩාවල ගොඩ ගැසුවේය. පසුව ඉන් ලූනු තොග සීමිත ප‍්‍රමාණයක් කිලෝව රුපියල් 60 සහ 65 බැගින් නැවත විදේශ රටවලින් ලූනු ගෙන්වන ව්‍යාපාරිකයන් පිරිසකට සතොස අලෙවි කරනු ලැබුවේ වෙළෙඳපලේ ලූනු කිලෝවක මිල රුපියල් 100ත් 110ත් අතර මිලයක් පවතින අවස්ථාවේ දී ය.


මිලදී ගත් ඉතිරි ලූනු තොග අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් සතොසට තිබුණ ද ඒ වනවිට විදේශ ලූනු තොග ලංකාවට ගෙන්වූ ව්‍යාපාරිකයන්ගේ පිං මහිමය මෝදුවී ලංකාවේ ගොවින්ගේ ලූනු ගබඩා තුළම කුණු වෙන්නට ඉඩ හැරියේය. අඩුම තරමේ අපේ‍්‍රල් මැයි මාසය දක්වා ලංකාවට ඇති තරම් තිබූ ලූනු තොග සියල්ල ගබඩාවල කුණු වෙමින් පවතී.


ඇලහැර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප‍්‍රභාත් හිඳුරංගල මහතා මේ අපරාධය මුලින්ම හෙළිදරව් කරන්නට ඉදිරිපත් වූයේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ලූනු තොග කිලෝ ලක්ෂ හතරකට ආසන්න ප‍්‍රමාණයක් ගබඩා තුනක කුණුවී  ඕජස් ගලන නිසාවෙනි. මේ ලූනු මිලදී ගත්තේ ගොවින්ට සහනයක් දීමට. රජය ගොවින් වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. ඒත් දැන් අපට තේරෙනවා සතොස කිසිදු වැඩපිළිවෙළක් නැතිව විදේශ රටවලින් ලූනු ගෙන්වන ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවක් ඉටු කළා කියලා. මොකද ලූනු මේ රටේ අලෙවි කිරීම අපහසු වුණේ නැහැ. සතොස මිලදී ගන්න පටන් ගන්න දවසේ ඉඳලා ලූනු කිලෝවක තොග මිල රුපියල් 100 කට එහා තිබුණා. අදටත් එය අඩුවෙලා නෑ. එතකොට කොහොමද මේ තොග ගබඩා කරලා තිබ්බේ. මේ අය විනාශ කළේ මහජනතාවගේ මුදල්. හිතන්න කිලෝවක් රුපියල් අනූව බැගින් කිලෝ ලක්ෂ හතලිස් පහක් මිලදී අරගෙන මොන තරම් මුදලක්ද කියලා.


මේ මුදල් විනාශය විතරක් නොවෙයි. මේ ලූනු වෙළෙඳපළට නොදැමීම නිසා අපේ රටට අවශ්‍ය ලූනු පිටරටවලින් ගෙනාවා. අපේ සල්ලි විශාල වශයෙන් පිටරටවලට ගියා. දහඩිය මහන්සියෙන් ගොවින් වගා කළේ මේ රටේ ජනතාවගේ පරිභෝජනයට. අද උණේ මේ ලූනු සියල්ල බැකෝවලින් වළවල් කපලා වලට දාන්න. මේ ලූනු මිලදී ගැනීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරලා මේ අපරාධය කළ නිලධාරීන්ගෙන් එම මුදල අයකරගත යුතුයි කියලයි මම ඉල්ලා සිටින්නේ.


මේ ලූනු තොග ගබඩාවල කුණු වෙලා. ඒ අවට ජනතාවට බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙලා. හුස්ම ගන්න බෑ.


මේ ලූනු විනාශය පිළිබඳව අප සොයා යද්දි තවත් විශේෂ දෙයක් හෙළිදරව් විය. එනම් ගොවින් රැසකගේ ලූනු ලබාගෙන සතොස එම ගොවින්ගේ බැංකු ගිණුම්වලට මෙතෙක් මුදල් බැර කැර නැත. එම ගොවින් මාසයක කාලයක් සතොස නිලධාරීන්ට කතා කළද තමන්ට මෙතෙක් සහනයක් ලැබී නැත. දඹුල්ලේ ගොවියකු වූ වී. ජී. ජයසුන්දර මහතා කීවේ තමන් මේ පිළිබඳව සියලූ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් විසඳුමක් ලැබී නැති බවය. බැංකුවලින් ලබාගත් වගා ණය සඳහා ඇතැම් ගොවින්ට නඩු පැවරීමට පවා සූදානම් කැර තිබෙන බවද හෙතෙම කීය.

17-Nim-P1-05


ලොකු ලූනුවලට සිදුව ඇති තත්ත්වය පිළිබඳව ලංකා සතොස ආයතනයේ ප‍්‍රාදේශීය කළමනාකරුවකු වූ එරංග ඒකනායක මහතා ලූනු මිලදී ගැනීම් භාරව කටයුතු කළේය. අපි ඒ මහතාගෙන් සිදුව ඇති දේ පිළිබඳව විමසීමක් කළෙමු. ඔහු කීවේ දැනට කිලෝ ලක්ෂ 45 කට වැඩි ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති බවත් යම් ප‍්‍රමාණයක් ව්‍යාපාරිකයන්ට ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි නිදහස් කැර අනෙක් ලූනු තොග නරක්වී ඇති බවයි. එම ලූනු තොග විනාශ කිරීමට යන බවද කීවේය. එම ප‍්‍රමාණය කොතෙක්ද අලෙවි කළේ කොතෙක්ද යන්න ඉහළ බලධාරීන් දැනුවත් කැර තිබෙන බවද කීවේය.


කෙසේ වෙතත් ජනතාව කියා සිටින්නේ මේ ආකාරයෙන් ජනතා මුදල් විනාශය පිළිබඳව නව රජය හෝ සොයා බලා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවයි. ලොකු ලූනු ගබඩා කිරීමේ ක‍්‍රමවේද තිබියදී ඒ පිළිබඳව කිසිදු අවදානමක් නොතකා සතොස ආයතනයේ සේවකයන්ගේ අභිමතය පිළිබඳව කි‍්‍රයා කිරීම නිසා සිදුවූ විනාශයක් බවයි.

 

m



අදහස් (0)

ඡන්ද උණුසුමේ ගොවීන්ගෙන් ගත් ලූනු තොග කුණුවෙලා

අසෝකා Saturday, 24 January 2015 07:45 PM

මේවා කල්තබාගන්න ක්‍රම නැද්ද? එහෙම කල් තබාගත හැකි විවිධ ආකාරයේ ක්‍රම මේ ගොවි මහතුන්ට හඳුන්වා දෙන්න. නැත්නම් මේක මහා අපරාධයක්. (නි)

:       0       0

අශෝක රළපනාව Tuesday, 20 January 2015 10:01 AM

මේවා කරන අයට විතරක් නෙමෙයි බලන අපිටත් එක්කම හෙන ගහයිද දන්නේ නැහැ. ගොවියෙක් වෙලා බලයට ආපු ජනාධිපතිතුමත් මේ වගේ දේවල් වලට පිලියම් කරාවි කියා අපි බලාගෙන ඉන්නවා (නදී)

:       0       0

කාලිංග Tuesday, 20 January 2015 10:22 AM

අනිවාර්යයෙන්ම මෙයට හවුල්වූ සියලු නිලධාරීන්ගෙන් අපතේ ගිය මුදල අයකර ගත යුතුය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 30 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 62 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 59 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 679 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 229 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1097 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 324 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site