IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඡන්දය කලින් ඉල්ලයි

මහ මැතිවරණය තීන්දු කළ දිනයට කලින් පවත්වන්නැයි ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමෙන් ඉල්ලමින් තිබේ. එලෙස ඉල්ලීම් කරනුයේ ආණ්ඩුවට පක්ෂ දේශපාලනඥයන් වන අතර විපක්ෂයේ දේශපාලනඥයන් ඉල්ලා සිටින්නේ කොරෝනා නිසා මහ මැතිවරණය කල් දමන ලෙසය. එහෙත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් තවමත් ප්‍රකාශයක් කර නැත.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කළද ඒවා ගැසට් පත්‍රයේ පළ නොකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉකුත් දිනවල කනස්සල්ල පළ කළේය. සෞඛ්‍ය උපදෙස් රටේ නීතියක් වීමට නම් ඒවා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ සෞඛ්‍ය උපදෙස් ගැසට් පත්‍රයේ පළ නොකිරීම ගැටලුවක් බවය. එසේ නොකරන්නේ නම් සෞඛ්‍යාරක්ෂිතව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බවද දේශප්‍රිය කීවේය. කෙසේ වෙතත් ඉකුත් බදාදා මහනුවර ප්‍රදේශයේ ජනාධිපතිවරයා කීවේ සෞඛ්‍ය උපදෙස් මාලාව ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන බවය.

සෞඛ්‍ය උපදෙස් කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බලපවත්වන නීතියක් තිබේ. ඒ නිරෝධායන පනතය. නිරෝධායන පනතට වැඩියමක් ලෙස සෞඛ්‍ය නීතිද ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතය. එසේ කළහොත් සෞඛ්‍ය නීති කඩ කරන්නන් නීතිය ඉදිරියේ වරදකරුවෝ වෙති. ඔවුන්ට දඬුවම් දීමට හෝ දඩ නියම කිරීමට හෝ එසේත් නැතිනම් ඒ දෙකම කිරීමට හෝ පොලිසියට බලය හිමිවේ.
කොරෝනා තර්ජනය හමුවේ වුවද දේශපාලන පක්ෂ හා අපේක්ෂකයෝ හැකි අයුරින් ඡන්ද ප්‍රචාරණයේ යෙදෙති. බොහෝ විට දක්නට ලැබෙන්නේ කුඩා රැස්වීම් හා ගෙන්ගෙට යාම වැනි ප්‍රචාරණ කටයුතුය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත්දා ප්‍රකාශ කළේ මහ මැතිවරණ රැස්වීම් දින කිහිපයකට නතර කරන බවය. අනෙක් දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. කොරෝනා තර්ජනය හමුවේ වුවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මහ මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පුන පුනා ප්‍රකාශ කරමින් සිටී.

මනාප පොරය හා එකිනෙකා පරයා මනාප ගොඩ වැඩිකර ගැනීමේ සටන් දැන් දැන් රට පුරාම දක්නට ලැබෙන්නේය. දකුණේ එක්තරා දිස්ත්‍රික්කයක එකම පක්ෂයේ අපේක්ෂකයෝ ඉතා සූක්ෂම ලෙස මනාප පොරයට එක්ව සිටිති. නවක අපේක්ෂකයකු අභිමවා මනාප ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ වචන හුවමාරු වන තත්ත්වයට පවා පත්ව තිබේ. එම මනාප පොරය සම්බන්ධ ගැටලුව ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයන් දක්වාම ගොස් ඇති අතර ඔවුන්ද ඒ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එම පක්ෂයේ අපේක්ෂකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේකෂකයන් වාග්ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ මහ මැතිවරණයට නාමයෝජනා දෙන්නටත් පෙර සිටය. ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් තිබෙනවා. පොහොට්ටුවේ අපේක්ෂකයෝ එම ගිවිසුම කඩ කරමින් සිටිනවා. නායකයන්ට කිව්වත් මේක නතරවී නැහැ. විශේෂයෙන් ප්‍රසන්න රණතුංගට සහ රොෂාන් රණසිංහට එරෙහිව අපි නීති පියවර ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහාස කිරීම. ගිවිසුම් කඩ කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන කරුණු යටතේ අපි එම අපේක්ෂකයන් එරෙහිව නඩු පවරනවා යැයි ශ්‍රීලනිප නායකයෝ පවසති.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාට සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ වර්ණය නිල් බවත් දේශපාලන රැස්වීම්වලදී කොළ වර්ණය ප්‍රචාරය කරන බවටත් එම පක්ෂයට චෝදනා එල්ල වී තිබේ.

සමගි ජන බලවේයෙ පක්ෂයේ සළකුණ දුරකතනය වන නමුත් වර්ණය ගැන තවමත් පැහැදිලි කිරීමක් නැත. එක්සත් ජාතික පක්ෂය ඉකුත්දා ප්‍රකාශ කළේ දුරකතයෙන් තරග කරන අපේක්ෂකයන් කොළ වර්ණය පෙන්වමින් මැතිවරණ නීතිය උල්ලංගනය කරන බවය. ‘සමගි ජන බලවේගයේ පාට කොළපාට නොවෙයි. එක්සත් ජාතික පක්ෂයට අයිති පාට වෙනත් පක්ෂවලට ගන්න බැහැ. අපි ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කළා යැයිද එක්සත් ජාතික පක්ෂ නායකයෝ පවසති. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සමගි ජන බලවේගයට චෝදනා කරන්නේය. ‘‘සමගි ජන බලවේගය පක්ෂයේ පාට නිල් පාටලු. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාට. නිල්පාට ඒ අයට භාවිත කරන්න බැහැ. අපි අපේ පක්ෂයේ පාට කාටවත් දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කළා’’ යැයි ද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් පවසන්නේය.

රෝසි සේනානායක කොළඹ නගරාධිපතිනියගේ පුත්‍රයා මෙවර කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නේය. ඔහු තරග කරන්නේ සජිත්ගේ පක්ෂයෙනි. එහෙත් රෝසි සේනානායක තවමත් එක්සත් ජාතික පක්ෂයේය. ‘‘අපේ අම්මා එක පක්ෂයක. මම තවත් පක්ෂයක. මම තෝරා ගත්තේ නිවැරැදි පක්ෂය’’ යැයි පුත්‍රයා කියන්නේය. ඔහු ඉකුත්දා හිතවතුන් පිරිසක් සමඟ තවත් රහසක් හෙළි කළේය. ‘අපේ අම්මා නගරාධිපති තනතුරේ කාලය නිමවීමත් සමඟ දේශපාලනයෙන් සමු ගන්නවා. එතුමිය දේශපාලනයේ ඉන්නේ තව අවුරුදු දෙකයි’ යැයිද කණිෂ්ක සේනානායක කීවේ ඔහු ඉදිරියේදී ද දේශපාලනය කරන බවද ප්‍රකාශ කරමිනි.

මේ දිනවල මහ මැතිවරණයේ තැපැල් ඡන්දය විමසීමේ කටයුතු ආරම්භ වී තිබේ. ඉකුත් සඳුදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර එදින සෞඛ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කළහ. මෙවර තැපැල් ඡන්ද විමසීම සතියක් පුරාම සිදුවීම විශේෂත්යකි. කොරෝනා හේතුවෙන් තැපැල් ඡන්දදායකයන් පිරිසක්ද මේ වනවිට ස්වයං නිරෝධායනය වෙමින් සිටිති. ඒ නිසා ඔවුන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ. ඒ සඳහා විසඳුමක් සෙවීමට මැතිවරණ කොමිසම ඉකුත් දිනවල වෙහෙස ගත්තේය. කෙසේ වෙතත් අවසානයේ තීන්දු වූයේ ස්වයං නිරෝධායනය වෙන රාජ්‍ය නිලධාරීන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් ලවා ඡන්දය ප්‍රකාශ කරවා ගෙන ඒමටය. ඒ සඳහා ආරක්ෂිතව මැතිවරණ නිලධාරීන්ට නිවෙස්වලට යාමට සිදුව තිබේ. ‘ස්වයං නිරෝධායනය වෙන රාජ්‍ය නිලධාරීන්ගේ ඡන්ද පැකැට්ටු අපි ටික දවසක් යනතුරු වෙනම තියෙනවා. ඊට පස්සෙ තමයි ඒ ඒ දිස්ත්‍රික්කවලට ඒවා යවන්නෙ. අපට වෙන කරන්න දෙයක් නැහැ යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේය.

සමගි ජන බලවේගය පක්ෂයෙන් තරග කරන රිෂාඩ් බදියුදීන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන රවි කරුණානායක ඉකුත්දා මැතිවරණ කොමිසමට පැමිණිලි කළහ. මැතිවරණ සමයේදී විවිධ කොමිෂන් සභාවලට කැඳවමින් තමන්ට අගතියක් කරන බවත් තමන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවත් සහ ඒවා නතර කරන්නැයි ඉල්ලමින් ඔවුහු මැතිවරණ කොමිසමට පැමිණිලි කළහ. මැතිවරණ කොමිසම ඔවුන්ගේ පැමිණිලි සලකා බලා අවශ්‍ය පියවර ගැනීම පිණිස පොලිස්පතිවරයා වෙත යවා තිබෙන බවද වාර්තාවේ.

මේ අතර මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් ඉකුත් බදාදා දිනයේදී ද පැවැත්විණි. මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් එහිදී කොමිසමේ අවධානය යොමුවී තිබිණි. සමගි ජන බලවේගය පක්ෂයේ පාට සම්බන්ධයෙන් කොමිසම තීන්දුවක්ද ගත්තේය. ‘‘මැතිවරණ කොමිසම නිල වශයෙන් පිළිගන්නේ දේශපාලන පක්ෂයේ නම සහ සලකුණ පමණයි. අපි පාට ගැන වගකියන්නේ නැහැ. ඒ නිසා අපි ඒ පැමිණිල්ල අහක දැමුවා. දැන් බලන්න රතුපාට පක්ෂ ගණනාවක් භාවිත කරනවා. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය වගේ පක්ෂ කීපයක් රතුපාට භාවිත කරනවා.’’ ඒ නිසා අපට ඔය පාට ප්‍රශ්නයට මැදිහත් වෙන්න අමාරුයි යැයි මැතිවරණ කොමිෂන් සභාව කියන්නේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර තවත් සාකච්ඡාවක්ද ලබන සතියේ පැවැත්වීමට නියමිතය. එහිදී සෞඛ්‍ය උපදෙස් අනුව මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය නීති පිළිපැදීම වැනි කරුණු කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි පැවසේ.

මහමැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු මස 5 වැනි දින පැවැති වුවද ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු නිමවන විට අගෝස්තු මස 15 වැනි දිනයවත් වනු ඇතැයි පැවසේ. මේ අතර මැතිවරණ කොමිසමේ නිල කාලය නිමවීමට ඇත්තේ මේ වසරේ නොවැම්බර් මාසයේදීය. මහ මැතිවරණයේ කටයුතු නිම වූ පසුව කොමිසමට ඉතිරි වන්නේ තවත් මාස තුනක වැනි කෙටි කාලයකි. එම කාලය තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උනන්දු කිරීමට කොමිසම අපේක්ෂා කරයි. කෙසේ නමුත් ඒ සඳහා කාලය ප්‍රමාණවත් නැති බවට ද දේශපාලන විචාරකයෝ මත පළ කරති.

සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූයේ කොළඹ තරු පංතියේ හෝටලයකදීය. ජනාධිපතිවරණය සමයේදී සජිත්ට මාධ්‍ය ආයතන ප්‍රධානීන් එක තැනකදී හමුවීමට අවස්ථාව නොලැබුණේ මහජන රැස්වීම්වලට වැඩි වේලාවක් වෙන් කර තිබූ නිසා යැයි ඔහු පසුව කීවේය.

‘‘මම මාධ්‍යවේන් සමඟ සමීපව වැඩ කරන කෙනෙක්. මම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සෘජුව කතා කරන කෙනෙක්.’’ සජිත් සංවිධාන කටයුතු අතරවාරයේ කීවේය.

සඳුදා උදෑසන සජිත් එම හෝටලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාව ආරම්භ කළේය. ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය හිටපු ඇමැතිවරයා ද ඊට සම්බන්ධ වූයේය.

‘‘මහ මැතිවරණයෙන් ජය ගෙන ඔබ අගමැතිධුරයට පත්වුවොත් ජනාධිපතිවරයා සමඟ වැඩ කරන්නේ කොහොමද?. මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ඇසුවේය.’’ මට වැඩ කරන්න කිසිම ගැටලුවක් නැහැ. මම පොලිටික්ස් පර්සනලයිස් කරන්නේ නැතිව ප්‍රයිවෙටයිස් කරන්නේ නැතිව වැඩ කරනවා. මැති ඇමැතිවරුන්ගේ රහස් ගනුදෙනු ඩිල් නැතිව ජනතාව වෙනුවෙන් සේවය කරනවා.’’ සජිත් උත්තර දුන්නේය.

එහිදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ද අදහස් කීවේය. ‘‘19 වැනි සංශෝධනය ආරක්ෂා කරනවා. ශක්තිමත් කරනවා. අඩුපාඩු තිබෙනවා නම් ඒවා නිවැරැදි කරනවා. 19 වැනි සංශෝධනයේ යම් යම් දේශපාලනික මතවාද බලපෑම් තුළ දකින අඩුපාඩු තමයි අපි නිවැරැදි කළ යුත්තේ’’ යැයි ද සජිත් කීවේය. ඉන් පසුව මාධ්‍ය ප්‍රධානීන් සමඟ බොහෝ වේලාවක් කතා බස් කරමින් සිටි සජිත් ප්‍රේමදාස වෙනත් කටයුත්තක් සඳහා පිටව ගියේය.

(*** කස්තුරි)



අදහස් (2)

ඡන්දය කලින් ඉල්ලයි

vinivida Saturday, 18 July 2020 02:45 PM

රෝසි සේනානායක සහ ඇයගේ පුත්‍රයා පක්ෂ දෙකකය. සජිත්ගේ සමගි ජනබලවේගය පළමු අරම්භක දිනයේ නව කාර්යාලයට රෝසි ඇයගේ පුත්‍රයා කැටුව එතනට ගොස් සාම දෙනාටම ඔහුව හඳුන්වා දුන්නේය. රෝසිගේ දෙබිඩි පිළිවෙත එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා හොඳින් දනී රෝසි නගරාධිපතිනිය වුයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සහ එම පර්ක්ෂිකයාගේ ඡන්ද වලිනි. රෝසිලගේ මෙම අවස්ථාවාදී දේශපාලනය නිසා අවසානයේ අතරමං වන්නේ පාක්ෂිකයන් වේ. රෝසිලා මෙන් බොහෝ දෙනෙකු දේශපාලනයට පැමිණියේ රටට සේවය කිරීමට හෝ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට හෝ ලබාදීමට නොව ඔවුන්ගේ පුද්ගලික සුඛවිහරණය සඳහාම පමණි. එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් නොමැතිව පක්ෂය ශක්තිමත් වෙමින් පවතී. සිංහල දෙමල මුස්ලිම් වෙන් වෙන් වශයෙන් පක්ෂ සාදාගෙන වෙන්වෙන්ව තරග කරනා ක්‍රමය "ජාතිවාදී ක්‍රමය" වෙනස් කොට පක්ෂය තුළින්ම සැම ජනකොටසක්ම නියෝජනය කරන ක්‍රමවේදයක් එක්සත් ජාතික පක්ෂය අනුගන්මනය කෙරෙනු ඇත. 1946 දී, ඩී එස්‌ සේනානායක අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කලෙත් මෙවැනි අරමුණක් ඇතිවය. ඒ එතුමා එදා වර්තමානය දුටු නායකයකු වූ නිසා වන්නට ඇත.

:       6       38

liyanage Sunday, 19 July 2020 07:28 PM

මෙවර මැතිවරණයෙන් පසු ( මැතිවරණයක් පැවත්වුවහොත් ) ලංකා දේශපාලනයේ ප්‍රබල වෙනසක් සිදුවනු ඇත. එම වෙනසනම් මෙතෙක් පුහු දේශපාලකයා විසින් මුලා කොට සිටි ශ්‍රී ලාංකිකයන්ගේ අවදිවීම වේ. මෙතෙක් රැවටී සිටි ජනතව විශේෂයෙන්ම තරුණ කොටස් නොවැරදීම ප්‍රතිපත්ති දේශපාලනයක් කරා යොමුවනු ඇත. පොරොන්දු දේශපාලනයේ න රටටත් ජනතවට සෙතක් සිදුනොවන බව වර්තමාන පරපුරට මේවන විට තේරුම් ගොස් ඇත. රටට වැඩ කළහැකි, වැඩකර ඇති ප්‍රජතන්ට්‍රවාදී දේශපාලනයේ නියුතු දේශපාලකයා සහ ඉටුකළ නොහැකි පොරොන්දු දෙන දේශපාලකයා මේවන විට හදුනා ගෙන ඇත. පොරොන්දු දුන්නත් එම පොරොන්දු ඉටුකිරීමට හැකියාවක් ඔවුන්හට නොමැතිබව තරුණයන් මේවන විට දැනුවත්ව ඇත. ඔවුනට අවශ්‍යවන්නේ දැනුමය දැනුම ලබාදුන්විට ඔවුන් ඔවුන්ගේ අනාගතය ගොඩනගා ගන්නවා ඇත. එවැනි පසුබිමක් තවම ලංකාවේ ඇතිකළ යුතුවේ පසුගිය මැතිවරණවලදී මාධ්‍ය මගින් ඔවුන්ගේ පුද්ගලික අරමුනුමත දේශපාලන පුස්සන් පිම්බීමේ කලාව නිසා රටේ ජනත්වත් වැරදි තීන්දු ගත්තේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 378 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 221 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 812 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 599 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 175 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 48 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 314 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 83 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site