IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුවන් සංදේශයෙන් නික්ම ගිය රාවය - සුමනා

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව මෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨතම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ අවසන් කටයුතු අද (10) පස්වරු 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.

හරියටම අවුරුද්ද මතක නැත. මා ගුවන් විදුලිය දැක්ක මුල්ම දිනයයි. මමත්, අයියාත්, නංගීත් එහි එක්ක ගෙන ගියේ මැදගොඩ ප්‍රසන්න අමරසූරිය අයියාය. දැන් මාකටින් එක තියෙන කොටස තිබුණේ නැත.  ප්‍රසන්න අයියා, වික්ටර් රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස් යන දෙදෙනාගේ ප්‍රේමියෙකි. ඔය දැන් සභාපති වාහනය නවත්වන තැනදී. ප්‍රේමකීර්ති අපටද හඳුන්වාදී ඔහු සමග කතා කළා මතකය. අපි කුමාරතුංග මැදිරියට ගියේ පිබිදෙන ගායක පරපුර නැරඹීමටය.

මාර ස්ටුඩියෝවකි. ගුවන් විදුලි කුලුන, වායු සමනය කළ මැදිරිය අපට මායා මන්දිරයකි. ටිකකින් වැඩ සටහන පටන් ගැණිනි. ඊට කලින් දොරවල් ඇරගෙන වාදක මණ්ඩලය, කරුණාරත්න අබේසේකර මහතා හා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය පැමිණියහ. මේ නම් කියා දුන්නේ ප්‍රසන්න අයියාය. අපට පුදුමයකි. විස්මිත තැනකි. මා සිතුවේ 6 වැනි මැදිරියේ දැවැන්ත මැදිරි දොරවල් ඇතුළේ අරුම පුදුම මිනිසුන් සිටින බවය.

එදා ශිල්පීන් අතර ආරාධිත ගායිකාව වූයේ අමිතා වැදිසිංහය. ගායනා කළේ ‘‘රන්දොරින් එන්න’’ ගීතයයි. ඒ මම සුමනා අක්කා දුටු මුල්ම දිනයයි. 1990 වසරේ හඩ්සන් සමරසිංහ යුගයේ ගුවන් විදුලියේ රස්සාවට ආ පසු. මේ වසර 35 ක මගේ ගුවන් විදුලි ජීවිතයේ මම ඇය ගැන දන්නා තොරතුරු බිඳකි.

අපට සිටි ජ්‍යෙෂ්ඨතම නිවේදිකාව ඇයයි.  මිය යන විට වයස අවු. 80කි. ඇය 1962 ජූලි 01 සහය නිවේදිකාවක් ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වූවාය. කොළඹ ගෝතමී බාලිකාවේ විශිෂ්ට ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ ඉදිරිපත් කළ මුල් පෙළේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී  ප්‍රවෘත්ති නිවේදිකාවයි. ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේත් ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාවද ඇයයි. වෙළෙඳ සේවයේ ඉතාමත් ජනප්‍රිය සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ නිවේදක භූමිකාව පසුව City FM සේවය දක්වාත් විහිදී ගියාය.

මනා පෞරුෂත්වයකට හිමිකම් කී ඇය නිතරම පියකරු සිනහවකින් මුව සරසා ගත්තාය. මුල්ම රැකියාව ගුවන් හමුදාවේ නිලධාරිනියක වීමය. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡා මෙහෙයවීමේ හසල කෞශල්‍යයක් තිබූ ඇයට රටේ ප්‍රබුද්ධ හා ප්‍රභූ සමාජය තුළ විශේෂ පිළිගැනීමක් හිමිව තිබුණි. සම්මානනීය  ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස  ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ශානරයක් වූවා.

‘‘පිබිදෙන ගායක පරපුර,  ෆොරැන්ස්  වාසනා 7, ඕවල්ටීන් පැනපොඩි, සිනමා ප්‍රවර්ධන වැඩ සටහන්, රේඩියෝ සඟරාව, යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකන් එයාර් වැඩසටහන් වගේම, මැදපෙරදිග ට්‍රයිකෝ (Trico) ගුවන් විදුලි නාලිකාවෙත් ඇය සේවය කළාය.

‘‘රටක නිදහස් මාධ්‍යයක් යනු නිදහස් ජනතාවක්, නිදහස් රටක්’’ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇය සිංහ නාදයෙන් ඉදිරිපත් කළේ අපට බොහෝ දේ කියා දෙමිනි. සිංහල කතා කරන්න බැරි කෙනෙක් විදියට සිංහල වචන ඉංග්‍රීසි ආකාරයට ඇය කවදාවත් උච්ඡාරණය කළේ නැහැ. වෘත්තීය ගෞරවය හා සමාජ තත්වය හැමවිට රැකගත්තාය.

ප්‍රවෘත්ති නමැති ගුවන් සංදේශය පැහැදිලිව, නිවැරදිව, නිරවුල්ව අසන්නන්ට අවබෝධ වන ආකාරයට ඇය ඉදිරිපත් කළාය. අප  වැන්නවුන්ට නිසි මඟපෙන්වීමක් මෙන්ම සෙනෙහස, ආදරය පෑ ඇය නිරතුරුවම දක්ෂ නව පරපුර ඇගයීමට ලක් කළාය.

සුමනා නෙල්ලම්පිටිය අපේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාව ඇගේ නික්ම යාම ඇත්තෙන්ම ගුවන් විදුලියෙන් ගෞරවණීය සමුගැන්මකි. ප්‍රභාසම්පන්න ප්‍රතිභාසම්පන්න ලෙස ජනමාධ්‍ය මෙහෙවර ඉටුකළ යුගයක් බිහිකළ යහපත් ගුණගරුක මහත්මා ගති ඇති ඇයගේ නාමය සදාකල් සොඳුරු මතකය තුළ රැඳේවි.

(***)



අදහස් (0)

ගුවන් සංදේශයෙන් නික්ම ගිය රාවය - සුමනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site