IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගැඹුරු හඬින් රසිකයන් සැනසූ අනිල් භාරතී

ජනප්‍රිය ගායක අනිල් භාරතී ටික කලක් රෝගාතුරව සිට පසුගිය 22 වැනිදා පානදුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ දී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අනිල් භාරතී යැයි කී සැණින් අපට සිහිපත් වන්නේ ඔහු ගැයූ ‘බෙත්ලෙහෙම් පුරේ’ යන නත්තල් ගීයයි. 1972 දී ක්ලැරන්ස් විජේවර්ධනගේ තනුවකට කරුණාරත්න අබේසේකරගේ පදමාලාව අනුව ගායනා කළ එම ගීතය දැන් වසර හතළිහකටත් වඩා පැරණිය. ඒ නිසාම අනිල්ට නත්තල් ගීත ගායනා කිරීමට බොහෝ අවස්ථා ලැබුණේය. ඔහු ඒ අනුව නත්තල් ගීත 40ක් පමණ ගායනා කර ඇත.

අනිල් මාධ්‍ය සමග දැඩි හිතවත් බවෙන් කටයුතු කෙළේය. නත්තල් ළං වෙත්ම බොහෝ විටෙක ඔහු තම හිතවත් මාධ්‍යවේදීන්ට කතා කර තම අලුත් නත්තල් නිර්මාණ ගැන කීවේය. නැතිනම් මාධ්‍යකරුවන් හමුවීමට පැමිණියේය. ඔහු දක්ෂකම්වලින් පිරි ගායකයකු මෙන්ම නිහතමානී පුද්ගලයෙක් විය. අනිල් ගායකයකු ලෙස කොතරම් ජනප්‍රියත්වයට පත් වුවද පෞද්ගලික ආයතනයක බොහෝ කාලයක් යන තුරු රැකියාව කෙළේය.

අනිල් භාරතී නමින් ජනප්‍රිය වුවද ඔහුගේ මුල් වාසගම පීරිස්ය. ඔහු වරක් සාකච්ඡාවකදී පැවසුවේ භාරතී යන කොටස ඔහුගේ පවුලේ පෙර පරපුරේ අය විසින් යොදා ගත් බවකි.

‘‘ඒත් අපි හො‌ඳ සිංහලයෝ’’ යි අනිල් පැවසීය.

එක් සහෝදරයකු සහ සහෝදරියක් සිටි අනිල්ගේ පවුලේ පිරිස බටහිර ගීතවලට ඇල්මක් දැක් වූහ. ඔවුන් හැදී වැඩුණේ ද ක්‍රිස්තියානි පරිසරයකය. මේ නිසා බටහිර ගීත ගායනය ඔහුට අමුත්තක් නොවීය.

කුඩා කලදීම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගී ගැයූ අනිල්ට වාද්‍ය භාණ්ඩ වාදනය  කිරීමේ හැකියාව ද තිබිණි. ඔහු පසු කල අධ්‍යාපනය හැදෑරුවේ මොරටුවේ වෙල්ස් කුමාර විද්‍යාලයෙනි. ඔහුට පහළ පන්තිවල රැගෙන ගත් අනෙක් ජනප්‍රිය ගායකයන් දෙදෙනකු වන්නේ පුන්සිරි සොයිසා සහ පෝල් ප්‍රනාන්දුය.

අනිල්ගේ වැඩිමහල් සොහොයුරා නිහාල් භාරතීය. ඔහුද ගුවන් විදුලියේ සේවය කළ දක්ෂතම ඉංග්‍රීසි නිවේදකයෙකි.

අනිල් ඉංග්‍රීසි ගීත ගායනා කරන අයුරු දුටු බොහෝ දෙනා ඔහුට කීවේ එකල එනම් 1965 දී පමණ ජෙට්ලයිනර්ස් සංගීත කණ්ඩායම ආරම්භ කළ ආධුනික බටහිර ගීත ගායනා තරගයට සහභාගි වන ලෙසය.

ඒ අනුව ඔහුට ප්‍රථම වරට තම දක්ෂතා උරගා බලන්නට අවස්ථාව ලැබිණි. එහිදී ඔහුට ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වූයේ ට්‍රිනී ලෝපෙස් ගායනා කළ ‘ලෙමන් ට්‍රී’ ගීතය ගැසීමෙනි. එයින් පානදුර ප්‍රදේශයේ ජනප්‍රියත්වයක් ලද අනිල්ට එකල එහි තිබූ රේන්ජර්ස් නමැති සංගීත කණ්ඩායමට බටහිර ගී ගයන ගායකයකු ලෙස සම්බන්ධ වීමට හැකි විය.

මේ අතරතුර අනිල්ගේ ඥාති  සහෝදරයකු විසින් ක්ලැරන්ස් විජේවර්ධන හඳුන්වා දෙනු ලැබීය. වසර දෙකක් පමණ ක්ලැරන්ස් ඇසුරේ සිටි ඔහුට ‘‘අද වෙයි ඉරු දින’’ නම් ගීතය ගායනා කිරීමට ලැබුණේය. එය ඔහුගේ ප්‍රථම ගීතය විය. එය ඔහු ජනප්‍රිය ගායකයකු බවට පත් කළේය.

‘‘ක්ලැරන්ස් ළඟ හිටියට ඔහු මට මේ ගීතය ගයන්නට අවස්ථාව දුන්නේ වසර දෙකක් විතර ගියාට පස්සෙ.. මේ තමයි සුදුසුම කාලය කියල ක්ලැරන්ස් මට කීවා. ඔහු සම්මුඛ සාකච්ඡාවල දී පැවසීය.

එතැන් පටන් ඔහුගේ ගීත ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. අනිල්ගේ ගැඹුරු හඬ ඉතා ඉක්මනින් රසිකයෝ වැළඳ ගත්හ. එම ගීත සාදවලට විශේෂයෙන්ම ගැලපුණේ ‘‘අද වෙයි ඉරුදින, සීතල සඳ එළියේ, ටිකිරි මලී’’ ආදී ගීත ගණනාවක්ම ඔහු ගායනා කෙළේය. සිය බිරිඳ හා පුතුන් දෙදෙනා සමග ඔහු ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කෙළේය. ඔහු ගැයූ චිත්‍රපට ගී අතර ‘දමයන්ති’ චිත්‍රපටය ඉන්ද්‍රානි පෙරේරා සමග ගායනා කළ ‘මල් මල් හැඟුමින් පැතුම් පිරේ’’ ගීයද බෙහෙවින් ජනප්‍රිය වූවකි.

සංදර්ශන වේදිකාවෙන් සාදයේදීත් නැතිවම බැරි අනිල්ට ‘බෙත්ලෙහෙම් පුරේ’ ගීතය ගායනා කිරීමට ලැබුණෙත් අහම්බෙනි. එය ඔහු ජනප්‍රියත්වයේ ඉහළටම රැගෙන ගියේය. ඔහුගේ ගැඹුරු හඬින් ගායන ලතාවත් තවත් බොහෝ කාලයක් යනතුරු රසිකයන්ගේ දෙසවනින් ඈත්ව නොයනු ඇත. එමෙන්ම ‘බෙත්ලෙහෙම් පුරේ’ ගීතයද සෑම නත්තලකදීම බොහෝ කාලයක් යනතුරු අපට ඇසෙනු ඇත.

(*** රොඩ්නි විදානපතිරණ)



අදහස් (1)

ගැඹුරු හඬින් රසිකයන් සැනසූ අනිල් භාරතී

Senarath Tuesday, 28 January 2025 01:02 PM

එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site