එළැඹෙන්නේ උත්සව සමය වේ. වේලක් හැර වේලක් කමින් යාම්තමට ජීවිතය ගැටගසාගෙන සිටින ජනයාට උත්සව සමය යනු දවල්තරු පෙනෙන මාතෘකාවකි. ආර්ථික අර්බුදයට අමතරව සියලු ආකාරයේ ජාවාරම්කරුවන්ගේ, අතරමැදි මාෆියාකරුවන්ගේ, මංපහරන්නන්ගේ නින්දිත සූරා කෑමට ජනයා ලක්වන්නේද උත්සව කාලවලය. ‘‘කල දුටු කල වළ ඉහගන්නා’’ නරුමයන්ගේ නිර්දය ප්‍රහාරයට මෙම උත්සව සමයේදී ද ජනයා ලක්වනු නොඅනුමානය.
අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියැවුණේ වෙළෙඳපොළේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසන බවය. වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 420 දක්වා මිල ඉහළ ගැන ඇති බව ප්‍රවෘත්තියේ සඳහන් වන අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 350ක් පමණ වූ බවද එහි සඳහන්ය.
ලොකු ලූනු යනු එක් ද්‍රව්‍යයක් පමණි. සීනි කිලෝවේ සිට බිත්තරය දක්වා සෑම ආකාරයකම ආහාර ද්‍රව්‍යවල මිල ජනයා දිවන්ගත කරවීමට තරම් ගුවන් ගතය. එළවළු මිල අදහාගත නොහැකි තරමට සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. අමු මිරිස්වල මිල අමු මිරිස් කරලේ තරමට නොවේ. දෙහිද එසේමය. පොල් මිල එලොව පොල් පෙන්වන තරම්ය.
දුරාතීතයේ අල්ලක් තරමට මුදල් රැගෙන කඩ මණ්ඩියට ගිය ජනයාට මල්ලක් නොව මලු දෙක තුනක් පිරෙන්න ද්‍රව්‍ය රැගෙන ආ හැකි විය. එහෙත් වර්තමානයේ මල්ලක් පිරෙන්න මුදල් රැගෙන ගියද අල්ලක් පිරෙන්න බඩු ගෙන ආ නොහැකිය.
ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට පවතින වැස්ස ද හේතු වී තිබේ. එක දිගට ඇද හැලුණ අනෝරා මහ වැසි වගාවට ඉතා බරපතළ ලෙස බලපෑවේය. එමෙන්ම උත්සව සමය නිසා ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. මේවා වෙළඳපොළ තුළ කළමනාකරණය කළ යුතු දේය. එහෙත් අවාසනාවකට එබඳු දියුණු යාන්ත්‍රණයක් අප රට තුළ නැත.
එළවළු, ලූනු ආදියෙහි මිල ඉහළ යාම එක අතකින් ගොවියාට හොඳය. එමෙන්ම සලකා බැලිය යුත්තේ මිල ඉහළ යාමේ වාසිය ගොවියාට ලැබී ඇද්ද යන්නය. විශේෂයෙන්ම හැමදාමත් අධික ලාබ ලැබුවේ අතරමැදියන්ය. ගොවියා මෙන්ම පාරිභෝකයාද නිර්දය ලෙස සූරාකන්නෝ අතරමැදියෝ වෙති.
ගොවියා දෙස මෙන්ම බහුතරයක් වන පාරිභෝගික ජනයා දෙසද බැලිය යුතුය. මෙයින් බහුතරයක් ජනයා ස්ථාවර මාසික ආදායම් ලබන්නෝ වෙති. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ස්ථාවර ආදායම්ලාභීන්ට දරාගත නොහැකිය. ඔවුන්ට අමතර ආදායම් මාර්ග සොයාගත යුතු යැයි ප්‍රකාශ කළ හැකි වුවද ආර්ථික අර්බුදය හමුවේ එබඳු අතිරේක අදායම් මාර්ග සියල්ල හැකිලී ගොස් තිබේ. උත්සව සමය යන දෙවදන දවල් තරු පෙන්වන දෙවදනක් වන්නේ එම ජනයාටය.
අතරමැදියන්ගෙන් අනවරත සූරාකෑමට ලක්වන ගොවියාත් බහුතරයක් වන පාරිභෝගික ජනයාත් ආරක්ෂා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. මේ මොහොතේ ජනයා බලධාරීන්ගෙන් අපේක්ෂා කරනුයේ එබඳු අහිංසක ඉල්ලීමක් පමණි.
(***)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගොවි - පාරිභෝගික දෙපිරිසම රකිමු
AB Saturday, 16 December 2023 08:49 PM
ඉල්ලුම ඉහළයාම නිසා එයට සරිලන සැපයීමක් රටතුළ නොමැති නම් එම අඩුව සපුරාගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ සහ ප්‍රමාණයන් ආනයනය කර ගැනීම තුළ සමබරව පවත්වාගෙන යාමට හැකිවේ. උත්සව සමය නිසා හෝ ස්වභාවික හේතුන් මත (නියඟයන් හෝ ජලගැලීම් හෝ අධික වර්ෂාවන්, කෘමී සතුන්ගෙන් වන හානි) නිසි සැපයුමක් නොමැති නිසා ඉල්ලුමද ඉහළයාම නිසා මිල ඉහළ යාම සිදුවේ. සමහර අවස්ථාවන්හිදී ඉල්ලුමට වඩා සැපයුම තිබෙන්නා වූ අවස්ථවන් ඇත. එවැනි අවස්ථාවන් සීග්‍රයෙන් කෙටිකාලයකට මිල පහළයාම සිදුවේ සහ විශේෂයෙන් එළවලු සහ පලතුරු වගාවන් විකුණාගැනීමට තිබෙන්නාවූ අපහසු තත්වයන් නිසා ගොවින් විසින් ඔවුනගේ ආස්වනු සතුන්ට ආහාර සඳහා ලබාදීම සිදුකරයි. වියදම් දරා කරනලද වගාවන්ගෙන් ලැබෙනා අස්වනු විනාශ කරනා ලෝකයේ එකම රට ලංකාව වේ. වෙනත් රටවල්, සීත රටවල් පවා ඔවුන්ගේ වගාවන් නිසි ආකාරයට කලමනාකරණය කරගැනීම සිදු කරයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් නිසා සියලු පැතිකඩයන් සලකා දේශීය වෙළඳපොළ තුළ කළමනාකරණයට පුළුල් වැඩසටහනක් විධිමත්ව ක්‍රියාත්මක විය යුතුවේ. ඒ සඳහා කෘෂිකර්මාන්තය දේශීය සහ ගෝලීය වෙළඳපොළ තුළ කළමනාකරණය පිළිබඳ අලුතින් සිතා නව නිර්මාණ කළහැකි දක්ෂ කණ්ඩායමක් යටතට පත්කළ යුතුවේ...
pakeer Wednesday, 20 December 2023 12:50 PM
ගොවියට සල්ලි යන්නේ නැහැ. කොහේවත් ඉන්න කාලකණ්ණි අතරමැදියෝ තමයි මේකෙන් සල්ලි ගහන්නේ...