IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ගුවන්තොටුපොළේ ත‍්‍රස්තප‍්‍රහාරයට එකොලොස් වසරයි

ඒ 2001 වසරයි. යුද්ධයේ බිහිසුණුම සිදුවීම්වලින් ගිනියම් වූ ඒ කාල වකවානුව මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීහු ලෙයින් තෙත් කළහ. ඔවුන්ගේ ප‍්‍රධානම ඉලක්කය වූයේ ආර්ථික මර්මස්ථානවලට ප‍්‍රහාර එල්ල කරමින් රට අස්ථායි කිරීමය. ඒ අනුව ඔවුන්ගේ එක් ඉලක්කයක් වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළය. ඒ සමගම ඊට යාබද ගුවන් හමුදා කඳවුර ද ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තයන් ජූලි මස 24 වැනිදා අලූයම 25 වැනිදාට පහන් වන හිමිදිරියේ 3.30ට පමණ කටුනායක ගුවන් හමුදා කඳවුරට මුලින්ම දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළහ. සතුරා ළඟටම එනතුරු කිසිදු හෝඩුවාවක් නොතිබුණු ප‍්‍රහාරයෙන් ගුවන් හමුදා සෙබළු කලබලයට පත් වුවද හැකි වෙර යොදා ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. පළාතම එකම යුද පිටියක් වෙද්දී ගුවන් හමුදා භටයන්ගේ ප‍්‍රධානම අරමුණ වූයේ මිග් යානා ඇතුළු ගුවන් යානා ප‍්‍රහාරයෙන් ආරක්ෂා කර ගැනීමත් ආසන්න ගුවන් තොටුපළ ප‍්‍රහාර වලින් ආරක්ෂා කර ගැනීමත්ය. කෙසේ නමුදු ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් 15-20ක් හා ආරක්ෂක හමුදා අතර ප‍්‍රහාරය පැය පහකට ආසන්න කාලයක් පැවතිණි. ගුවන් හමුදා කඳවුරේ කම්බි වැටවල් කපා කඳවුරට ඇතුළුවූ ත‍්‍රස්තයන් මුලින්ම කටුනායක ගුවන් හමුදා කඳවුරට පහරදී අනතුරුව ගුවන්තොටුපළට කඩාවැදී එහි නවතා තිබූ ගුවන්යානාවලට පහරදීම ඇරඹීය. කොටින්ගේ ප‍්‍රහාරය එල්ල වෙද්දී එම ගුවන්යානා අංගනයේ තිබූ 6 කට ප‍්‍රහාර එල්ල කළ අතර අලූයම 4.30 පමණ වද්දී ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් යානයකට බෝම්බ ගසා එය පුපුරවා හැරියේය. ඉන්පසු උදෑසන 6ට පමණ ඔවුහු තවත් එයාර් බස් ගුවන් යානයකට ආර්.පී.ජී. ප‍්‍රහාරයක් එල්ල කර එය පුපුරුවා හැරියහ. ගුවන්යානය පුපුරුවා හැරීමෙන් පසු තවත් ත‍්‍රස්තවාදීන් සිවුදෙනෙක් ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැගිල්ලට ගොඩවී එහි උඩුමහලේ සඳලූතලයේ සිට ආර්.පී.ජී. ප‍්‍රහාරයක් එල්ල කරමින් උදේ 8.52ට පමණ ශ්‍රී ලන්කන් එයාර් බස් ගුවන් යානයද පුපුරුවා හැරියේය. දිගින් දිගටම ආරක්ෂක හමුදා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ අතර පෙරවරු 11.00 පමණ වන විට හමුදා මෙහෙයුම අවසන් විය. පැය පහකට අධික කාලයක් පැවැති ප‍්‍රහාරයෙන් අනතුරුව කොටි ත‍්‍රස්තවාදීහු 14 දෙනෙක් මිය ගියහ. ගුවන් හමුදාවේ 5 දෙනෙකු හා යුද හමුදා සෙබළෙකුද මෙම ප‍්‍රහාරයෙන් දිවිපිදුවේය. තවත් 12 දෙනෙකු තුවාල ලැබීය. ප‍්‍රහාරය අවසානයේදී ගුවන් හමුදාවේ ගුවන් යානා 8ද, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගුවන් යානා 3 ක්ද සම්පූර්ණයෙන් විනාශ විය. විනාශ වූ ගුවන් හමුදා ගුවන් යානා අතර කෆීර් ගුවන් යානා 2 ක්, මිග් 27 යානයක්, ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා එම්.අයි. 17 හෙලිකොප්ටර් 2ක් සහ නියමුවන් පුහුණු කිරීමට භාවිත කෙරෙන සැහැල්ලූ ගුවන් යානා 3 ක්ද විය. ත‍්‍රස්තවාදීන් මෙම ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා නවීන පන්නයේ අවිආයුධ කිහිපයක්ම යොදාගෙන තිබිණි. ඔවුන් ටී 56 ගිනි අවි 10, පුපුරණ ද්‍රව්‍ය ගෙනැවිත් තිබූ ”චාර්ජර්ස්” 6, ජී.පී.එම්.පී. වර්ගයේ මැෂින් තුවක්කු 3, මිලිමීටර් 40 ග්‍රෙනේඞ් ලෝන්චරයක්, ආර්.පී.ජී. ලෝන්චර් 3, උරහිසේ තබා එල්ල කළ හැකි යුද ටැංකි නාශක පතරොම් 6, අත්බෝම්බ 6, එලිය විහිදුවන දුම්බෝම්බ (පැරා) පසුව ගුවන් තොටුපළේ තිබී අපේ ආරක්ෂක අංශවලට සොයා ගැනීමට හැකිවිය. උදෑසන මෙම ප‍්‍රහාරය එල්ල වන විට යාබද කටුනායක ගුවන් තොටුපළේ දේශීය හා විදේශීය මගීහු රැසක් රැස්ව සිටියහ. රජය වහාම ඉන් සමහරක් කටුනායක අවට සංචාරක හෝටල්වලට රැගෙන ගියේය. එහෙත් ප‍්‍රහාරයට මැදිවූ බි‍්‍රතාන්‍ය ජාතිකයෝ 47 දෙනෙක් පමණ ගුවන් තොටුපලේ විවිධ ස්ථානවල අතරමංව සිටියහ. ගුවන්තොටුපළේ සිටි සාමාන්‍ය පුද්ගලයන් පණ බේරාගන්නට සීසීකඩ දිවයද්දී ශ්‍රී ලන්කන් එයාර් සමාගම ගුවන් තොටුපළේ කටයුතු අත්හිටුවා කටුනායක කරා පැමිණෙමින් තිබූ ගුවන් යානා සියල්ලම හරවා මදුරාසි හා ඩුබායි ගුවන්තොටුපළ වලට යැවීමට පියවර ගත්තේය. ගුවන් යානාවලට සිදුවූ මුළු අලාභය රුපියල් මිලියන 27000 පමණ වූ අතර ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානාවල අලාභය රුපියල් මිලියන 2700 ක් පමණ වූ බව පසුව ගණන් බලා තිබුණි. මියගිය ත‍්‍රස්තවාදීන් 14 දෙනාගෙන් 9 දෙනකු හමුදා ප‍්‍රහාර වලින් මියගිය අතර ඉතිරි 5 දෙනා බෝම්බ පුපුරුවා ගනිමින් මරණයට පත්වූහ. විනාශ වූ ගුවන් යානාවලට අමතරව මගීන් ගුවන් යානා වෙත ගෙන යන බස් රථ දෙකක්ද, එයාර් ලංකා ”කේටරින්” සේවාවේ විශාල ප‍්‍රමාණයේ ලොරියක් ද ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මුළුමනින්ම විනාශවිය. ප‍්‍රහාරය වාර්තාවීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයත්, ඉන්දියාවත් වහාම ප‍්‍රහාරය හෙළා දැක ඒ ගැන කනස්සල්ල පළ කළේය. සාම ප‍්‍රයත්නයත් දියත් කරමින් තිබෙන අවස්ථාවක එවැනි දරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීම නිසා සාමය තවත් දුරස් විය හැකි බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණි. ජූලි මාසය ශ්‍රී ලංකාවට බෙහෙවින් අපල මාසයකි. මේ රටේ ඉතිහාසයේ පෙරළි රාශියකට මුල්වූ ජූලි මාසයේදීම කොටින් කළු ජූලිය නිර්මාණය කළේය.

සටහන - දුෂ්‍යන්ත කුමාර



අදහස් (0)

ගුවන්තොටුපොළේ ත‍්‍රස්තප‍්‍රහාරයට එකොලොස් වසරයි

සමිත Wednesday, 01 August 2012 12:06 AM

අමිහිරි මතකය (දී)

:       0       0

උදය Monday, 30 July 2012 11:11 AM

කට්ටිය හිටියා නම් තව හොද සෙල්ලම් බලා ගන්න තිබුණා අපිට. (නි)

:       0       0

ජගත් Sunday, 29 July 2012 02:44 PM

හරි අපරාධයක්නේ........ (නි)

:       0       0

ලෝපස් Wednesday, 01 August 2012 06:33 AM

ඒවා දැං සමහරුන්ට මතකත් නැහැ...!!(නු)

:       0       0

කෝසල Wednesday, 01 August 2012 06:45 AM

අරයා හිටියා නම් මෙලහකට අපේ වරායටත් ගහලා කොටි. (නි)

:       0       0

රොහාන් Tuesday, 31 July 2012 09:12 AM

තවත් කට්ටියක් ඉන්නවා එයා ගැනත් හිතන්න වෙනවා (දී)

:       0       0

පාලිත Wednesday, 01 August 2012 09:58 PM

මෙන්න මේවා තමයි මානව හිමිකම් එකට වාර්තා කරන්න ඕනේ. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 30 July 2012 09:57 PM

අපේ රට අගාදයට ඈඅද දමපු කොටින්ට නිසි දඬුවම් ලැබුණා , අපි අද සතුටින් . කටුනායක (දී)

:       0       0

බණ්ඩාර Friday, 03 August 2012 06:27 PM

මොනවද මේ කට්ටිය කියන්නේ? මෙච්චර ඉක්මණට සමහරුන්ට හැම දේම අමතක වීම පිළිබදව නම් කණගාටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site